IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රූපවාහිනියක් හදන්න ඇවිත් පරිගණකයක කෑලිත් ගලවාගෙන

වෙළෙඳ ආයතනයක ගෙවීමේ ක්‍රමයට අලුත්ම පරිගණක යන්ත්‍ර අලෙවියට තබා තිබිණි. රජයේ සේවිකාවක් වූ මවක් සිය දියණියට එම ආයතනයෙන් පරිගණකයක් මිලට ගෙන දුන්නාය. මාස කිහිපයක් හොඳින් ක්‍රියා කළ පරිගණකය ක්‍රියාවිරහිත විය. දියණිය විභාගයකට සූදානම් වූ නිසා මව එය අලුත්වැඩියා කිරීමට කටයුතු නොකළාය.


 දිනක් ඔවුන්ගේ රූපවාහිනිය ද ක්‍රියා විරහිත වූයෙන් මව එය මිලදීගත් ආයතනයට ඒ බව දැන්වූවාය. කාර්මිකයෝ දෙදෙනෙක් පැයක් තුළදී පැමිණියහ. රූපවාහිනිය යථා තත්ත්වයට පත්කළ පසු දියණිය මව අමතා “අම්මේ අපේ කොම්පියුටර් එකත් හදන්න පුළුවන්ද කියලා අහනවාදැයි” විමසුවාය. මව ක්‍රියාවිරහිත වූ පරිගණකය ඔවුන්ට පෙන්වා දියණිය සමඟ තේ පිළියෙළ කිරීම සඳහා මුළුතැන්ගෙට පිවිසියාය. බන්දේසියක තැබූ තේ කෝප්ප දෙකක්, කේක් සහ කෙසෙල් ද රැගෙන පැමිණි දියණිය ඒවා කාර්මිකයින්ට පිළිගැන්වූවාය. 


මිස් කොම්පියුටර් එක පාවිච්චියට ගන්න බැහැ. සේරම පිච්චිලා. අලුත් එකක් ගන්නැයි පැවැසූ ඔවුහු පිටව ගියහ.


දිනක් එම නිවසට පැමිණි පරිගණක අලෙවි කරන ආයතනයක නෑදෑයෙක් ක්‍රියාවිරහිත වූ පරිගණකය ගැන විමසූ අතර ඔවුන් පැවසුවේ එය පිළිස්සී ඇති බවය. පරිගණකය ගලවා පරීක්ෂා කළ ඥාතියා “කව්රුවත් මේක ගැලෙව්වාදැයි” විමසීය. “ඔව් ඔව් ටෙක්නීසියන්ලා ඇවිල්ලා බැලුවා. එයාලා කිව්වා මේක පිච්චිලා කියලා.  දියණිය කීවාය. එවිට ඥාතියා පැවසුවේ පරිගණකයේ වටිනා උපාංග කිහිපයක් දක්නට නොමැති බවය.      

 (ක්‍රිස්ටෝපර් සීපියන්)



අදහස් (0)

රූපවාහිනියක් හදන්න ඇවිත් පරිගණකයක කෑලිත් ගලවාගෙන

සුකුමලී Thursday, 08 December 2016 11:09 AM

මේක කියවන කොට මතක් වුනේ .දවසක් යකඩ බඩු එකතු කරන මනුස්සයෙක් අවා අපේ ගෙදරට ඉතින් දර මඩුව ඇතුලේ තිබුණු පරණ යකඩ කෑලි ටිකක් එකතු කරලා දුන්නා ගෝනියට දාගන්න .මනුස්සයා ගියාට පස්සේ හවස ලෑන්ඩ්මස්ටරය ස්ටාර්ට් කරන්න හදන කොට එකේ යතුර නෑ . එකත් අර මනුස්සයා අපේ ඇස් වහල අරගෙන ගිහින් .බොහොම අමාරුවෙන් මෑන්ව හොයාගෙන බලෙන්ම වගේ යතුර ඉල්ලා ගත්තේ (හේ)

:       0       0

අනිල් Thursday, 08 December 2016 01:29 PM

ඔය වගේ දේවල් වෙනවා.(හේ)

:       0       0

දිලාන් Monday, 05 December 2016 06:05 AM

පරිගනකයක් භාවිතා කරන විට එහි දෘඩාංග පිළිබඳව මූලක දැනුමක් තිබිය යුතුයි. එසේම පරිගණකයක් අලුත්වැඩියාවට ලබා දෙන විට එහි අඩංගු පුද්ගලික දත්ත පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. (ම)

:       0       0

බමුණුසිංහ Thursday, 08 December 2016 05:39 AM

සුලෝචන, තව පොඩ්ඩෙන් මෑණියන්දෑවත් රවටා ගන්නවා. (නි)

:       0       0

චමිත් - ඕමානය Monday, 05 December 2016 08:48 AM

නන්නාදුනන කෙනෙක් ගෙදරට ආවම ගෙදර කව්රුහරි ලග ඉන්න ඕන. ඔය එක එක ටෙක්නිෂන්ලා ඇවිත් කරන්නේ අපිට තට්ටු වන දෙයක්ම තමයි. අනේ මන්ද දැන් කාලේ කාව විශ්වාස කරන්නද කියල. (ර)

:       0       0

අශිකා Sunday, 18 December 2016 04:39 PM

ඇති ඔයින් බේරුනා! (නි)

:       0       0

සුලෝචන Tuesday, 06 December 2016 04:55 AM

ගෙදර හිටපු දියණියව රටවා නොගත් එක ගැන සතුටු වෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 867 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 913 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1129 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1047 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1634 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site