ඔහු අනුරාධපුර නගරයේ පදිංචි මැදිවියේ අයෙකි. රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට රෝහල් ගතවීමට සිදුවිය. ආවතේව කිරීමට පවුලේ කිසිවකු නොවූ හෙයින් ඥාතීන් විසින් පෞද්ගලික උපස්ථායක සේවාවක නියුතු සාත්තු සේවකයෙක් ඊට යොදවනු ලැබීය. මේ සඳහා දින පහක කාල සීමාවට ඔහුට පවුලේ ඥාතීන් විසින් රුපියල් හයදහසක් ද ගෙවා දමනු ලැබීය. සාත්තු සේවකයා රෝගියාට ඉතා ලෙන්ගතුකමින් යුතුව සැළකුවේය. ආහාර පානද වෙනත් අවශ්‍යතාද ලබාදී යුතුකම් ඉට කළේය. ඔහු ගැන රෝගියාට විශ්වාසයක් ගොඩනැඟිණි. දිනයක් ගතවනවිට රෝගියා දෙස ඉතා විමසිල්ලෙන් සිටි සේවකයා ඔහු ඇමතුවේය. ලොකුමහත්තයා, ඔය අතේ තියෙන රන් මුද්ද ළඟ තියාගන්න එපා. නින්ද ගිය වෙලාවක කවුරු හරි ගනීවි. ඕක වටිනා එකක් නේ?. ඒක නම් ඇත්ත. ඒත් මේක ගලවලා කොහේ තියන්නද?”රෝගියා සාත්තු සේවකයා ගෙන් විමසුවේය. කොහේවත් තියන්න එපා. ඕක ගලවලා මට දෙන්න. මං පරෙස්සම් කර දෙන්නම්” යැයි සාත්තු සේවකයා කීය. රෝගියා ඔහුගේ වචනය පිළිගත්තේය. කිසිදු සැකයකින් තොරව මුද්ද ගලවා සාත්තු සේවකයාට දුන්නේය. තුන්වැනි දිනය අවසානයේ ඔහු රෝගියා අමතා කීවේ තන්තිරිමලේ පදිංචි තමාට හදිසි අවශ්‍යතාවක් යෙදී ඇති නිසා ගෙදර යාමට සිදුව ඇති බවයි. තමන් වෙනුවට වෙනත් අයකුව නවතා ගොස් පසුදින පැමිණෙන බව කී මේ සාත්තු සේවකයා රෝහලෙන් නික්ම ගියේය. එහෙත් ඔහු ආපසු ආවේ නැත. රුපියල් 75,000ක් වටිනා රත්රන් මුදුව කෛරාටික ලෙස මේ උපස්ථායකයා රැගෙන ගොස් ඇතැයි රෝගියාට වැටහිණ. ඔහු පොලිසියට මේ ගැන පැමිණිලි කළේය.පොලීසිය පරීක්‍ෂණ පවත්වා සැකකරු (14) අත්අඩංගුවට ගත්තේය. රත්රන් මුද්ද ගැන සෙවීමට අනුරාධපුර පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රෝගියාට සාත්තු කරන්න ඇවිත් රුපියල් 75000 ක මුද්දට විදලා