(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
කුකුළු හොරකමේ පැමිණි කුකුළු හොරෙකුට සිය දෙනෙකුගෙන් පමණ එල්ලවූ හදිසි ප්‍රහාරයක් හේතුවෙන් කරතියාගෙන පැමිණි කුකුළන් පමණක් නොව තම ඇඳිවත ද දමා පළා යෑමට සිදුවීමේ පුවතක් දුම්බර වතු ආශ්රිත ගම්මානයකින් වාර්තා විය.
සිදුවී ඇති සිද්ධිය සැකෙවින් මෙසේය. එම නිවැසියන් ඇති කරන කුකුළන්ගේ කූඩුව පිහිටා ඇත්තේ නිවස ආසන්නයේ පිළිකන්නයේය. දිවා කාලයේ කෑම සොයා ඔබමොබ යන කුකුළන් සවසට කූඩුවට ඒම සාමාන්‍ය සිරිතකි. එදින රාත්‍රියේ එහි පැමිණි කුකුළු හොරෙකු එහි දොර කඩා ඇතුළුවී හොඳ පෙනුමැති කුකුළු නාම්බන් හත් අට දෙනෙකුම ගෝනියක දමා කිසිදු බාධාවකින් තොරව පළා යෑමට සැරසී ඇත්තේ එදින ප්‍රදේශය පුරා පැවති මොර සූරන වර්ෂාව නිසාය.කෙසේ නමුත් සිත් සතුටින් එසේ යන කුකුළු සොරා එක්වරම පෙට්ටියක වැනි දෙයක වැදීමක් සමඟම ක්ෂණයකින් ඔහුට දැවැන්ත මී මැසි ප්‍රහාරයක් එල්ලවී තිබේ.
කරකියාගත නොහැකි වූ කුකුළු හොරා තමා ගෝනියක දමා කරතියාගෙන රැුගෙන යමින් සිටි කුකුළන් පමණක් නොව ඇඳ සිටි ඇඳිවත ද දමා පළා යෑමට සිදුවූයේ එල්ලවූ මී මැසි ප්‍රහාරයේ දරුණුකම නිසාය.පසුදා අලූයම නිවැසියන් තම කුකුළු කූඩුව සොරකු බිඳ දමා ඇති බව දුටුවද ඔහුට ගෙවත්තේ ඇති කරන මී මැස්සන්ගෙ න් අමතක නොවන පාඩමක් ලැබී ඇති බව ද ඔවුනට වැඩිදුරටත් දැකගැනීමට හැකිවී ඇත.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මී මැස්සන් ඇනලා කුකුළු හොරා ඇඳුමත් නැතුව දුවලා
Aluthgama A. Samathasena. Wednesday, 21 March 2018 11:12 AM
බොහොම රසවත් ප්‍රියජනක සහ සිනහ උපදවන පුවතක්. අලංකාර ලෙස ඉදිරිපත් කොට තිබෙනවා. පුවත්පත් කලාව නැමති අංශයෙන් මිනිසුන් සිනහ ගැස්සවීම බොහොමත්ම අමාරු ක්‍රියාවක්. එය අපූරුවට ඉටුකොට තිබෙනවා. කාටූන් චිත්‍රයත්, පසුබිමත් අගෙයි.
රවින් Wednesday, 21 March 2018 12:58 PM
සියලු කුකුලන් ඇතිකරන්නන් වෙතයි !! ඔබගේ කුකුලන් ආරක්ෂාකිරීම සඳහා මීමැස්සන් ඒ අවට ඇතිකිරීමෙන් අදායම දෙගුණ තෙගුණ කර ගත හැකිය.
ranjith Thursday, 22 March 2018 04:30 PM
පට්ටපල් බොරුවක්. මී මැස්සෝ රෑට ක්‍රියා ශීලි නැහැ.
chamil Saturday, 24 March 2018 02:09 PM
මී මැස්සෝ ක්‍රියාශීලී නැත්නම් කව්ද කළුවරට ක්‍රියාශීලි?
pathi Monday, 26 March 2018 04:41 PM
මී මැස්සෝ රෑට ක්‍රියාශීලි නැහැ.කියල තමයි මාත් අහලා තියෙන්නේ