මාතර නගරයේ නව මාර්ග සංඥා පද්ධතිය ක‍්‍රියාත්මක වෙද්දී කොළඹ දෙසට යන වාහන නතර වූයේ රතු එළිය වැටීම සමඟය. ඉදිරියෙන්ම වූයේ පෞද්ගලික බස් රථයකි. යළිත් කහ එළිය දැල්වී ක්ෂණයකින් කොළ එළිය ද වැටුණි. එහෙත් ඉදිරිපස වූ බස් රථය ධාවනය නොවූයෙන් ඊට පිටුපසින් ඇති වාහනවල රියැදුරන් කලබල වී නළා හඬ නඟන්නට වූයේ මහත් කරච්චලයක් ඇති කරමිනි. යතුරුපැදිකරුවන් බසයට එහා පැත්තේ ඉඩ ඇති තැනින් ඉදිරියට ගියත් වෙන කිසිම වාහනයකට යාමට බැරි වූයේ පාර මැද නතර කර තිබූ බසය හෙල්ලූනේවත් නැති බැවිනි. බැරිම තැන තම රියෙන් බැස්ස වාහන රියැදුරෙක් ඉදිරියට ආවේ බස් රථයේ රියැදුරුට හොඳවැයින් දෙකක් කතා කිරීමේ අදහසිනි. එහෙත් ඔහු දුටුවේ බස් රියැදුරු සුක්කානමට ඔළුව ගසාගෙන නිදා සිටින අයුරුයි. බස් රියැදුරු අවදි කර පෙර කී රියැදුරා තම වාහනය කරා යන විට ආයිත් වැටි තිබුණේ රතු එළියකි.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාර්ග සංඥා රතු එළියට බසය නතර කර රියැදුරු නිදාගෙන
මහින්ද Monday, 01 October 2012 07:58 PM
මටත් ඔය දේ වෙලා තියෙනවා. (නි)
ප්‍රියලත් Wednesday, 03 October 2012 08:57 AM
මේක බොරුවක් (ස)
ප්‍රභාත් Wednesday, 03 October 2012 02:03 PM
පිස්සු කතා... (නි)
ක්‍රිෂාන් Tuesday, 02 October 2012 11:06 AM
නිදිමතේ රිය පදවලා අනතුරක් නොවීම ගැන සතුටු වෙමු. (නි)
වරුණ Monday, 01 October 2012 09:27 AM
ෂුවර් එකටම තිතට මතේ ප්‍රතිඵලක්ද දන්නේ නෑ (ස)
නිරාන් Monday, 01 October 2012 09:38 AM
මේවනම් බොරු කතා (ස)
නිලූක Monday, 01 October 2012 09:47 AM
මේ වගේ ඩ්‍රයිවර්ල ලංකාවේ නෑ (ස)
පනාගොඩ Monday, 01 October 2012 09:53 AM
කෙටි නින්දක් හරි අරගෙන ජීවිත බේරගත්ත එක ලොකු දෙයක් , ඕස්ට්‍රේලියාවෙනම් දුර ගමන් සේවා යද්දි කෙටි නින්දකට ස්ථාන නම් කරලා තියෙනවා (power nap) රියදුරු මහත්තයා මාර්ගයෙන් ඉවතට ගෙන නිදාගත්තනම් තමයි වැඩියම හොඳ ? (ස)
සරත් Tuesday, 02 October 2012 12:37 AM
මේක පිළිගන්න පුලුවන් රියදුරා විතරක් ඇතුළේ හිටියා නම්. (නි)
ලලිත් Monday, 01 October 2012 10:06 AM
රුපියල පස්සේ දුවන අය නිසා නිදා ගන්නවත් වෙලාවක් නෑ ....හොඳ වෙලාවට ඔහොම උනේ...යන ගමන් නින්ද යනවනම් (ස)
සමන් කොළඹ සිට Tuesday, 02 October 2012 11:50 PM
හපොයි.. එයා කලින් දවසේ කසාද බැන්දේ. නිදිමත ඇති. (නි)
සරත් Monday, 01 October 2012 04:26 PM
මෙහෙම දේවල් වෙන්න පුලුවන්. පුද්ගලික අංශයේ රියදුරන් කොහොමත් අවිවේකිනේ. (නි)
හසිත් Monday, 01 October 2012 12:04 PM
මගීන් හා කොන්දොස්තර වරයෙක් නැති බස් එකක් වෙන්න ඇති නේද ??? නැත්නම් කතාව අතේ මාට්ටු (ස)
මායා Monday, 01 October 2012 05:18 PM
බොරුද කොහෙද? (නි)
මධුශංඛ Thursday, 04 October 2012 01:17 AM
අනේ කියන බොරු. (නි)
යොහාන් Monday, 01 October 2012 12:48 PM
අපේ රියදුරන් රතු එලියට නිදාගන්නේ නෑ .පුළුවන්නම් රතු සිග්නල් එකත් කඩාගෙන යයි..(ස)
පේමන්ත Monday, 01 October 2012 06:01 PM
හසිත් කිවුව එක නම් ඇත්ත. (නි)
ලහිරු Tuesday, 02 October 2012 09:27 AM
බොරු බයිලා.මේ වගේ මට්ටු වෙන දේවල් කරන ඔය වගේ මෝඩයෝ ලංකාවේ නැහැ දැන්.(ස)
චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:45 PM
මේ වගේ අවස්ථා මම දැකලා තියෙනවා (ස)
මනම්පේරි Wednesday, 03 October 2012 05:17 PM
ජපානයේ මෙහෙම වුණා නම් ජීවිත කාලයටම රියදුරු අසුනක හිදගැනීම තහනම්. (නි)
අමිල කටුනායක Monday, 01 October 2012 07:18 PM
බස් එකේ හිටියේ රියදුරා විතරමද? (නි)