IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මියගිය මව විකුණා සම්මාදමේ ගිය පුතා අතේ මාට්ටු

සිය මවගේ සැත්කමකට කියමින් බස් රථයක ගීත ගායනා කර සම්මාදමේ යෙදී සිටි තරුණයකුට කාන්තාවකගේ කතාවෙන් දවල් තරු පෙනීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. 


සිද්ධිය සැකෙවින් මෙසේය.


කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන නගර දෙකක් අතර ධාවනය වන බස් රථයකි. බස් රථය එක් ප්‍රධාන නගරයකින් පිටත් වනවිටම බස් රථයේ සෙනග පිරී සිටියහ. 


බස් රිය ටික දුරක් ගමන් ගන්නා විට එක් තරුණයකු ගිටාරයක් ද රැගෙන බස් රථයට ගොඩවිය. බස් රථයට ගොඩ වූ ඔහු කිසිදු කතාවක් නැතිවම ජනප්‍රිය ගීතයක් ගායනා කළේය. ඒ ආකාරයට ගීත කීපයක්ම ගායනා කළ ඔහුගේ ගී හඬට බස් රියේ බොහෝ දෙනෙක් වශී වී සිටියහ. 


ටික වේලාවකින් ගී ගැයීම අවසන් කළ ඔහු  කතා කරන්නට පටන් ගත්තේය. නෝනාවරුනි, මහත්වරුනි, මා මේ ගී කියන්නේ බොරු කියලා මුදල් හම්බ කරන්න නෙවෙයි. මගේ අම්මාට ඉතා ඉක්මනින් සැත්කමක් කරන්න ඕන. ඒකට අවශ්‍ය මුදල් හොයා ගන්නයි මේ විදිහට ගීත ගායනා කරන්නේ. පුළුවන් නම් කීයක් හරි දෙන්න පින්සිද්ධ වෙයි. ආදී වශයෙන් කියන්නට පටන් ගත්තේය. ඒත් සමඟ බස් රථයේ සිටි ඇතැමෙක් තමන්ට හැකි පමණින් ඔහුට ආධාර කළහ. 


මෙම තරුණයා බස් රථයේ මැද කොටසට යන විටම එක් මැදිවියේ කාන්තාවක් නැගී සිට ඇයි ළමයෝ ඔය ළමයට ලැජ්ජාවක් නැද්ද මැරුණ අම්මා විකුණගෙන කන්න. ඔය ළමයගේ අම්ම මමත් හොඳින් අඳුනනවා. එයා මැරිලා දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලනේ කියනවාත් සමඟම තරුණයා අන්දමන්ද විය. ‘නෝනට වැරදිලා ඒ මම නෙවෙයි’ ආදී තවත් බොහෝ දෑ ඔහු කීය. මේ සද්දෙට බස් රථයේ වේගය අඩු කර රියැදුරු මහතා ද ඒ මොකක් දැයි බැලීමට උත්සාහ කිරීමේදී ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔහු එක්වරම බස් රථයෙන් බැස නොපෙනී ගියේය. 



අදහස් (0)

මියගිය මව විකුණා සම්මාදමේ ගිය පුතා අතේ මාට්ටු

වික්‍රම Monday, 29 February 2016 03:34 AM

මේ නොනිමෙන දිවි ගමනේ... නිවනේ මඟ පෙනෙන තුරා... (නි)

:       0       0

සෑම් Friday, 26 February 2016 04:50 AM

මීට වසර තිහකට පමණ පෙර මා සේවය කල ආයතනයේ සේවකයෙකුගේ මවගේ මල ගෙදරට මම සහභාගී වුුනා . මල ගෙදරට කොළඹ වරායෙන් විශාල සහයෝගයක් , සහභාගිත්වයක් තියන බව පෙනුනා .අවමංගල්‍ය උත්සවයේදී වරායේ සේවය කරන මියගිය කාන්තාවගේ පුතා වෙනුවෙන් කතාවක් පවා පැවැත්වුවා . පසුව ආරංචි වුනේ මියගිය තැනැත්තියේගේ වැඩිමල් සොහොයුරියගේ (ඇය මියගොස් වසර ගණනාවක් වෙනවා ) පුතා වරායේ සේවය කරන බවත් , තම පුංචි අම්මාගේ මරණය ඔහු තම මවගේ මරණය ලෙස දක්වා ආධාර උපකාර ලබා ගෙන ඇති බවයි (අ)

:       0       0

ගුණවර්ධන Friday, 26 February 2016 02:33 PM

අම්ම ජිවත් වෙලා ඉන්න කාලේ හැඩි , දැඩි කළා මදිවාටද ? මියගිය මවට මෙහෙම කරන්නේ අසංවර පුතෙක්. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 25 February 2016 10:50 PM

අනේ මෙහෙමත් මෘග පුත්තු! (නි)

:       0       0

වින්සන්ට් Saturday, 27 February 2016 09:53 AM

හිටපු රාජකීයන් මේ දිනවල විකුණන බව කියන කිසිවක් නිතර අසන්නට ඇත. ඒ වගේම මහා පරිමාණ රාජ්‍ය දේපළ වංචාවන් ගැනද අසන්නට ඇත.මේවා සිදුවන්නේ ඔවුන්ට සමාජය විසින් උරුම කළ දුප්පත් කම නිසාවත් නුගත් කම නිසාවත් නොවේ.මේ පුද්ගලයා වැන්නෙක් මුදල් පසුම්බියක් සොරකම් කළොත්, නැති නම් ආහාර වේලක් සඳහා මව විකිණීමක් කළොත් සමාජයට ඔහු නරුමයකි. මේ පුද්ගලයා පිළිකුල් කිරීමටත්, ඉහත ඇත්තන් මේ යුගයේ දෙවිවරු වශයෙන් සැළකීමත් කරන අපේ සමාජය ගැන තේරුම් ගත නොහැකිය. (බ)

:       0       0

අතුල Monday, 29 February 2016 12:28 AM

ලංකාවේ ගොඩක් මිනිසුන්ට පෙනෙන්නේ හාල්මැස්සෝ කූනිස්සෝ විතරයි. තෝරු මෝරු පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 29 February 2016 02:04 AM

බස්රියේ සින්දුවක් කියලා මගීන්ගෙන් කීයක්හරි ඉල්ලගන්න තිබුනනේ. එය ලැජ්ජාවෙන්න දෙයක් නොවෙයි. මොකද බොරු කියලා, හොරකම් කරලා බඩවියත රැකගන්නවාට වඩා ඒ දෙය කොතරම් හොඳද? (නි)

:       0       0

මංජුල Friday, 26 February 2016 07:40 PM

පිට මිනිසුන්ට එහෙම හිතුනට පුතාට අම්මා මැරුනේ නැහැ කියලා හිතෙනවා ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 308 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 707 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 980 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 977 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1263 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1603 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site