IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මුදලාලි අන්දවා කනෙනුත් රිංගලා

මාවතගම නගරය මධ්‍යයේ පිහිටි ජනප‍්‍රිය වෙළඳසැලකට ගොඩවූ පුද්ගලයකු මුදලාලි රවටා රුපියල් දහදාහක බඩු මල්ලක් රැගෙන යාමේ පුවතක් මෙසේ හෙළිදරව් විය.

නගරය එදා ජනාකීර්ණව පැවැතුණි. හදිසියේ වෙළඳසලට ගොඩවූයේ වයස අවුරුදු 50x55 අතර තැනැත්තෙකි. මුදලාලි හාමුදුරුවෝ කීව මේ බඩු ලැයිස්තුව ගෙනියන්න කියල ඔහු කීය.

කඬේ මුදලාලි තුණ්ඩුව පරීක්‍ෂාකර බලා තම සහායිකාව වූ බිරියට එය දිගුකලේ බඩුටික සූදානම් කරන්නට කියාය. බඩු ලැයිස්තුවට අනුව එකින් එක ගෝනියක තැම්පත්විය. කිරි පැකට් 10 ක් ලියල තියනවා. අපි ළඟ 8 යි තියෙන්නේ. මම අල්ලපු කඩෙන් ගේන්නම් බිරිඳ අසළ කඩයකට ගියේ සැමියාගේ අවසරය ඇතිවය. මුදලාලි මේ බඩුවල මිල ගණන් ටික ලොකු අකුරින් ලස්සනට ලියන්න.

මොකද හාමුදුරුවන්ගේ ඇස් පෙනීම අඩුයි. බඩු මිල ගණන් ලියූ බිල දෙස බලා මිලදී ගැනීමට පැමිණි තැනැත්තාගේ ඉල්ලීම මත වෙළෙඳසැල් හිමිකරු බිල නැවතත් පැහැදිලි රවුම් අකුරින් ලස්සනට ලීවේය. බඩු ලැයිස්තුවේ එකතුව රු. 10,000 කට ආසන්නය. මෙන්න අල්ලපු කඩෙන් ගෙනාව කිරි පැකට්. බිරිය දුන් කිරිපැකට් 2 මෙතෙක් වේලා බඩු ඇසුරූ ගෝනියට දැමීමට මුදලාලි සූදානම් වූයේ වටපිට බලමින්ය.

කෝ කෝ බඩු ගෝනිය. බිරිය කෑගැසීය. බඩු මල්ලත්, මිලදී ගැනීමට පැමිණි තැනැත්තාත් අතුරුදන් වී තිබිණි. මාවතගම නගරයේ කඩ දෙක තුනකටම එකම දිනයේ මේ පුද්ගලයා ගොඩවී මෙලෙසම වංචා කර ඇති බව පසුව හෙළිවිය. මගේ බඩුටිකේ වටිනාකම රුපියල් 10,000 ක්.

මුදලාලි සුසුමක් හෙළීය.



අදහස් (0)

මුදලාලි අන්දවා කනෙනුත් රිංගලා

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Monday, 16 November 2015 07:46 PM

අකලංක, ඇත්තටම දකුණේදී මොනවාහරි ඇබැද්දියක් වුණාද? ගින්නක් නැතුව නම් දුමක් නගින්නේ නැහැ කිව්වලු. ඒත් ඒ ඉස්සර... (නි)

:       0       0

ජයනාත් Tuesday, 17 November 2015 02:46 AM

වෙළඳාම් කරනවා නම් ඌරු හොටයි, බූරු පිටයි, වඳුරු ඇහැයි තියෙන්න ඕනෑ කියලා තියෙන්නේ කටකහනවට නෙමෙයි. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 17 November 2015 07:53 AM

මේ සියලු අකරතැබ්බයන් වන්නේ එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත්වන කෙනාට. සොබාදහම හරස්වන්නෙත් ඔහුට. එදාට මුදලාලිත් ගොරවනවා, දානපතියාත් දොරවල් වහගන්නවා. සරණක් නැති මිනිසාටමයි ප්‍රශ්න වැඩි. (නි)

:       0       0

රංග Tuesday, 17 November 2015 07:58 AM

ටෙනිසන් කරුණාකර දරු පවුල් මතක් කර වංචාව හොරකම සාධාරණීකරණය කරන්න එපා. ඔන්න පිටකොටුවේදී ආයතනයේ සල්ලි බැංකුවට දමන්න ගිය කෙනාට පිහියෙන් ඇනලා සල්ලි අරන්ලු. පුළුවන් නං ඒකටත් අනේ කමක් නැහැ කියන්න. (බ)

:       0       0

චන්දික Monday, 16 November 2015 08:47 AM

මේවා මහා කතා වැඩ. (හේ)

:       0       0

වගගේ Monday, 16 November 2015 01:57 PM

හොරකම් නොකර අනුන්ගේ දේ කඩා වඩා ගන්නේ නැතුව හොදට තියෙන අත පය වෙහෙසවල යමක් හම්බ කරන් කන්න බැරි මොකද මන්දා. (ර)

:       0       0

චාන්දනී Tuesday, 17 November 2015 08:25 AM

අපි දුප්පත් කියලා නිකම් අනුන්ගෙන් ලැබෙනකන් හෝ සොරකමෙන් හම්බ කරගන්න හිතා ගෙන හරි යන්නේ නැහැ. (ම)

:       0       0

කාශ්‍යප Monday, 16 November 2015 09:02 AM

මා කරන රැකියාවේදී, දරන තනතුර අනුව, මුදල් රිසිට්පත් ඉදිරිපත් නොකරත් වියදම් වූ මුදල් නැවත රුපියල් දහස් ගණනින් අයකරගත හැකි වුවත්, මා කිසිදිනක එලෙස නොකරමි. මා ජීවත් වන්නේ සම්මා ආජීවයෙන්, වංචාවෙන් විඳින සැපත මට එපා. (හේ)

:       0       0

රෝහණ Monday, 16 November 2015 02:31 PM

පව් අහිංසක මුදලාලි.(හේ)

:       0       0

රොහාන් Monday, 16 November 2015 02:31 PM

මුදලාලිත් කොහොම කෙනෙක්ද දන්නේ නෑනේ. ඔය සිද්ධියේ දෙපැත්තක් තියෙනවා.(හේ)

:       0       0

තෙෂාන් Monday, 16 November 2015 05:31 AM

මේ මන්නුස්යට මේ කරපු පවට මේ ලෝකෙදීම පඩිසන් දෙනවා. (ම)

:       0       0

අකලංක Monday, 16 November 2015 05:48 AM

ෂුවර් එකටම දකුණේ මිනිහෙක් (බ)

:       0       0

ඉනෝකා-එංගලන්තය Monday, 16 November 2015 09:27 AM

මේ වාගේ පහත් වැඩ කොහොමද නැති බැරි කමට කළා කියලා කියන්නේ...?මේවාට තමයි කියන්නේ අනුන්ගේ ගින්දර කියලා.ඔව්වා ගෙනිච්චාට වැඩක් නැහැ අර මිනිසුන්ගේ හිතේ අවිලිච්ච ගින්දරටත් වැඩියෙන් පිච්චිලා දැවී යනවා.කාශ්‍යප ඔබේ අවංක කම අගයමි.(අ)

:       0       0

ටෙනිසන් Tuesday, 17 November 2015 09:05 AM

රංග මම හොරකම සාදාරනීකරනය කලේ නැහැ.ඔබ අදහස් කරන්නේ කොයි හොරාද?.නීත්‍යානු කූල හොරාද ,නැතිබැරි හොරාද. මා අැසු ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න? (ස)

:       0       0

චාරු Tuesday, 17 November 2015 09:40 AM

මේ හොරාට ලැජ්ජාවක් නැහැ. උදේ ඉඳලා වැඩ කරලා ගෙදර යන ගමන් කඩෙන් කන්නබොන්න දේවල් ගත්ත බවලතෙකුගේ මල්ලක් වුනත් මේ ලජ්ජා නැති පිරිමියා උස්සාගෙන යාවි. මොකද බැරි, කම්කරු රැකියාවක් හරි කරලා ජිවත් වෙන්න. මේ මිනිස්සුන්ගේ හාමිනේලා ඊටත් හපන් ඇති. ගෙදර පලා ටිකක් එළවළුවක් වවා ගන්න කම්මැලි ගෑනු. අපි කොළඹ පොඩි ඉඩකත් පුළුවන් තරම් වවනවා. (ස)

:       0       0

සරසි Tuesday, 17 November 2015 09:57 AM

නැති බැරි කියලා සාධාරණව හරි හම්බ කර ගන්න කිසිම උත්සාහයක් නැති හොරු තමයි මේ. මේ ගොල්ලන්ගේ හාමිනේලාත් සැමියා කාගෙන් හරි කඩා ගෙන එනකන් බලන් ඇති. සැමියාට ආදායමක් නැතිව මෙහෙම බදු මුට්ටු තොග පිටින් ගෙදර ගෙනාවේ කොහොමද කියලා අහන්නේ නැද්ද ? මේවා මුලින් කරපු කෙනා තමයි ඊළඟට ගෙවල් බැංකු බිඳින්න හිතන්නේ. (ර)

:       0       0

ජයන්ත Monday, 16 November 2015 10:27 AM

අට පහ නොදන්න මිනිහා පවට බය නැත !(හේ)

:       0       0

ඉනෝකා-එංගලන්තය Monday, 16 November 2015 10:32 AM

කාශ්‍යප,ඔබ වැනි අයත් අප අතර සිටින බව දැනුනාම සතුටක් දැනුනා.හැම කෙනාම මෙසේ සිතනවානම් අප ජීවත් වෙන ලොව කෙතරම් ලස්සන තැනක් වේද..? (හේ)

:       0       0

කාන්ති Monday, 16 November 2015 06:34 AM

ගෙනිහින් කන්න දුන්න අඹු දරුවන්ට යා දුන්නේ නැහැ. දැන් ඉතින් මෙතන කට්ටියක් කියාවි අනේ නැති බැරි කමටනේ ඔහොම කලේ කියලා. අපි නම් මේවා නැතිබැරි කමට කරන වැඩ ගණයට දමන්නේ නැහැ, (ස)

:       0       0

අබය Tuesday, 17 November 2015 03:57 AM

අනේ අපේ මුදලාලි තමයි දකුණේ ..... (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 17 November 2015 04:07 AM

කාන්තිගේ අදහසට සමගාමීව අදහස් දැමු බොහෝ දෙනෙක් ඉන්නවා.හොරා හොරාමයි ඒකට අපි දෙස් දෙවොල් තියනවා. නමුත් නීත්‍යනුකූලව සොරකම් කරන මුදල් (රේස් බුකි,කැසිනෝ) වලින් පන්සලේ,පල්ලියේ,කෝවිලේ,පාසලේ මහා උත්සව පවත්වල පරිත්‍යාග කරද්දී, ඒක මහා දානපතිය.ගෑනි දරුවෝ කුසගින්නේ ඉන්නවා බලා සිටිය නොහැකි වේදනාව් නිසා සොරකම් කර වේලක් හෝ කන්න දුන්නනම්, ඒ බව ගෑනි දරුවෝ නොදන්නවානම් යා නොදෙන්නේ කොහොමද?.කෙසේ හෝ දරුපවුලට කන්නනොදී මැරෙන ඇරියොත් මේ අදහස් දමන අය කදුලුසලමින් අර මිනිහට අර විදිහටම දෙස්දෙවොල් තියනවා.දැන් අපි නැවතිය යුත්තේ කොතනද? (බ)

:       0       0

ඉනෝකා-එංගලන්තය Tuesday, 17 November 2015 10:44 AM

සරසි, දැන් කාලේ හාමිනේලා අහන්නේ නැහැ, කොහෙන්ද මේ මුදල් ආවේ කියලා. (ර)

:       0       0

මෙලනි Tuesday, 17 November 2015 10:45 AM

මේ වගේ කට්ටිය ගෙදර වත්තේ ඉඩ තිබේ නම් වවා කියාගෙන ස්වයං රැකියාවක් කරගෙන ඉන්න උත්සහයක් නැහැ. එකම තර්කය අපිට ජිවත් වෙන්න අමාරුයි ඒ නිසා අනෙක් කට්ටිය තමන් බඩට නොකා හරි අපිට දෙන්න ඕන. දැන් මේ මුදලාලි එයාගේ නෝනාව පවා එකතු කරගෙන හරි හම්බ කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසානේ. ඒ බවලති කඩේ වැඩට මහන්සි වෙනවා. හොරාගේ නෝනාට නිකන් ඉඳලා අනුන්ගේ මහන්සියේ ප්‍රතිපල ලැබෙනවා . මොන තරම් අසාධාරණද ? (ර)

:       0       0

දුල්මි Monday, 16 November 2015 11:38 AM

දැන් දැන් වංචාවෙන් මැරකමෙන් ජිවත් වීම වැඩි වෙලා. මේ මෑතකදී, අවස්ථා දෙකකදී විදේශික සංචාරකයන්ගේ අත්බෑග් පැහැරගෙන දුවලා. අනුන්ගේ දේවල් කඩා වඩා ගැනීම ආදායම් මාර්ගය වන දවස වැඩි ඈතක නැහැ. (ර)

:       0       0

කුෂි Tuesday, 17 November 2015 11:03 AM

නැතිබැරිකම නිසා හොරකම් කරලා හරියන්නේ නෑනේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 213 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 654 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 509 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1096 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 851 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 727 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site