IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘මත්තල’ තියෙන්නේ දෙසැම්බර් 25 වැනිදා ගුරුවරියකගෙන් අපූරු උත්තරයක්

ටීචර් ”මත්තල” තියෙන්නේ කොහේදැයි සිසුවියක ගුරුවරියකගෙන් ඇසුවාය. දෙසැම්බර් 25 වැනිදා යැයි ඇය උත්තර දුන්නාය. මේ දෙබස් ඇසුණේ සියනෑවට යාබද ගම්මානයක උපකාරක පන්තියකදීය.
ලබන වසරේ පහේ කඩඉමෙන් පන්නන්නට පැවැත්වෙන උපකාරක පන්තියකි. ප‍්‍රසිද්ධ පාසලක සේවයේ නිරත ගුරුවරියක මෙහි උගන්වන්නීය. ඇගේ සේවය ලබා ගන්නට එන්නේ ඇගේ පාසලේ දරුවන් පමණය. ඔවුන් එන්නේද කැමැත්තකින් නොවේ. ඇගෙන් මවුපියන්ට කෙරෙන බල කිරීමට තම දරුවන් එවන්නේ ගුරුවරිය අමනාප කරගන්නට බැරි නිසාය.
රටතොට ගැන හොඳ දැනුම් තේරුම් ඇති දරුවෝද මේ පන්තියේ සිටිති. ගුරුවරිය පන්තියෙන් ඉවතට ගිය විටකදී දරුවෙක් තම දැනුම පෙන්වන්නට වූයේය. ලංකාවේ ගුවන් තොටුපළවල් මොනවාද ඔහු අනෙක් අයට කියා දුන්නේය. දිවයිනේ අලූත්ම ගුවන්තොටුපළ මත්තල ඉදිකෙරෙන බවද ඔහු සගයන්ට කීවේය. මත්තල ඇත්තේ කොහිදැයි ඔහු කියන්නට නොදැන සිටියේය.
ඒ ගැන ටීචර්ගෙන් අහමු  යැයි දැරියක් කීවාය. ඒ අනුව ඇයගේ ප‍්‍රශ්නයට ගුරුවරිය උත්තර දුන්නේ දෙසැම්බර් 25 වැනිදා කියාය. අනේ ටීචර් එදාට නත්තල්නේ. ගුවන් තොටුපළක් හදන මත්තල තියෙන තැන අපි දන්නේ නැහැ. දරුවන් ඇයට කියද්දී මන් දන්න මත්තලක් නැහැ. මේ ළමයින්ටත්  ඕන නැති දෙයක් නැහැ පාඩම බලාගන්නවාලා කී ගුරුතුමිය වේවැල අතට ගත්තාය. දරුවන් එන තුරු එළියට වී සිටි මවුවරුන් දෙදෙනෙකුට මේ කතාව ඇසුණු නිසා දැන් කටින් කට යද්දී මේ ගුරුවරියට ”මත්තල ටීචර්” යැයි නමක් පටබැඳී අවසන්ය.



අදහස් (0)

‘මත්තල’ තියෙන්නේ දෙසැම්බර් 25 වැනිදා ගුරුවරියකගෙන් අපූරු උත්තරයක්

සුදේශ් Saturday, 29 December 2012 11:32 AM

සිල්වාට මොකද වෙලා තියෙන්නේ (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 26 December 2012 01:17 PM

මත්තල ඉන්නේ අපේ ගෙදෙට්ට එහා පැත්තේ. ඒ මහත්තයාගේ නමත් මත්තල තමයි. හැමදාම හවසට ඒ මහත්තයා මත්වෙලා ඉන්නේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 26 December 2012 01:25 PM

ගුරුවරුත් අපි වගේ තමයි. එයාලා ගුරුවරු වුණා කියලා සියල්ල දත් අය නෙමෙයි. (නි)

:       0       0

තාරක Sunday, 30 December 2012 08:28 PM

මෝඩයි නම් ඒ මනුස්සයා ගුරුවරයෙක් වුණේ කොහොමද කියලාවත් හිතන්න සමහර මෝඩයින්ට තේරෙන්නෙ නැති හැටි? (නි)

:       0       0

ජීවා Friday, 28 December 2012 11:42 PM

ටීචර්ට හරියට ඇහිලා නැතුව ඇති නේද? (නි)

:       0       0

සරත් Thursday, 27 December 2012 01:37 AM

ගුරුවරුන් බොහෝ දෙනෙකුට ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් නොව දේශපාලනික සුදුසුකම්ය. (නි)

:       0       0

පද්මි Wednesday, 26 December 2012 02:40 PM

පිපිඤ්ඤා කියලා ලියාගන්න බැරි ටීචර් කෙනෙකුත් කිවුවලුනේ කැකිරි කියලා ලියන්න කියලා. (නි)

:       0       0

පහන් Thursday, 27 December 2012 06:05 AM

අනෙක් අය ගැනත් හරියට හොයලා බැලුවොත් මුකුත්ම දන්නෙ නැහැ. (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Friday, 28 December 2012 08:18 AM

මත්තල තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, උඩ මලල ගමට සහ මොනරාගල දිස්ත්‍රික් මායිමේ. මම හම්බන්තොට උපන් දා සිටම ජීවත් වුණත් මේ ගුවන් තොටුපල හදන්න පටන් ගන්නකම් දැනගෙන හිටියේ නැහැ මත්තල කියලා ගමක් හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළේ තියෙනවා කියලා. පසුව හොයලා බලද්දී හම්බන්තොට නගරයේ ඉන්න 90% දෙනෙක්ම දැනගෙන ඉදල නැහැ මත්තල ගැන. එහෙම එකේ ඈත පළාත්වල ඉන්න අය කොහොම දැනගන්නද ? (නි)

:       0       0

පවන් Thursday, 27 December 2012 06:05 AM

හරියට මහදැන මුත්තෝ වගේනේ කට්ටිය ටීචර්ට බණින්නේ. (නි)

:       0       0

සේනක Wednesday, 26 December 2012 03:21 PM

ළමයින්ටත් ඕන්නැති දෙයක් නැහැ (දී)

:       0       0

සාලිය වික්ස් Wednesday, 26 December 2012 03:23 AM

මත්තල ගුරුතුමියගේ පිත්තල මොලේ..!(නු)

:       0       0

හේමන්ත Wednesday, 26 December 2012 03:40 PM

නොදන්නා දේවාලයට වදින්න ගියේ මොකටද (දී)

:       0       0

රතුගමෙග් Wednesday, 26 December 2012 05:46 AM

නිරය යනු පුවක් කපන උපකරණයයි...තවත් ගුරැවරියක් කිවුවලු..ළමයින්ට දෙයියෝ සාක්කි නෙමෙයි දෙවි පිහිටයි..!(නු)

:       0       0

විතාන Thursday, 27 December 2012 08:52 AM

සුභ අනාගතයක් අපේ දරුවන්ට! (නි)

:       0       0

සිල්වා Saturday, 29 December 2012 04:14 AM

සරත්ට, යන්නේ කොහෙද? ගම ගාල්ලෙ... (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 December 2012 06:59 AM

යන්නෙ කොහේද මල්ලෙ පොල්... (නි)

:       0       0

ජගත් Sunday, 30 December 2012 12:16 PM

කොහොමද ටීචර්ගේ ටිකිරි මොළේ? (නි)

:       0       0

හේරත් Wednesday, 26 December 2012 07:52 AM

කොම්පඤ්ඤවීදිය කියලා ලියන්න බැරි ළමයින්ට මැලේ වීදිය කියලා ලියන්න කියලත් පරණ ගුරුතුමෙක් කිවුවලු. (නි)

:       0       0

අජිත් Thursday, 27 December 2012 10:07 AM

කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා ගුරුතුමා‍ගෙන් අහපු කතාව මතක් වුණා මට. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 29 December 2012 03:28 PM

සරත් කියන දේ ටිකක් හරි (ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 December 2012 08:23 AM

අනේ, ඒ අම්මලත් මත්තල ගැන දන්නෙ කොහොමද දන්නෙ නැහැ? (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Saturday, 29 December 2012 03:48 PM

සිල්වාට මුකුත් කියන්න එපා. එයා දේශපාලන පත්වීම් ලැබූ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් වෙන්න ඇති. (නි)

:       0       0

හේරත් Thursday, 27 December 2012 10:47 AM

ශල්‍යකර්මයක් කියලා ලියන්නේ කොහොමද කියලා ඇහුවහම එක ගුරුවරයෙක් කිවුවලු, "එහෙම කරුමයක් නැහැ ළමයිනේ. ඒක දොස්තරලා හදාගත්ත එකක්. ඒක නිසා සල්ලි කරුමයක් කියලා ලියන්න කියලා" (නි)

:       0       0

සෑම් Wednesday, 26 December 2012 08:43 AM

ළමයා ප්‍රශ්නය අපහදිලිව අහන්න ඇති... අනික එදිනෙද ජීවිතයේදී අපට විවිධ දේවල් වෙනස්ව ඇසෙනවා... ඒක සාමාන්‍ය දෙයක්.... මේක මහ දෙයක් නොවේ.... (ස)

:       0       0

සංජනා Thursday, 27 December 2012 11:25 AM

අපේ රටේ දැන් ඉන්න හුගක් ගුරුවරු මෙහෙම තමයි. (නි)

:       0       0

විජේ Wednesday, 26 December 2012 07:03 PM

හරියටම තැන තියෙන්නේ කොහේද ඇත්තටම? (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 11:44 AM

කාට කාටත් පොඩි පොඩි වැරදීම් සිදු වෙනවා, ගණන්ගන්න එපා (ස)

:       0       0

සුරංග Thursday, 27 December 2012 12:23 PM

මත්තල තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය පැත්තේ. (නි)

:       0       0

සමන්තසිරි Saturday, 29 December 2012 06:43 PM

මත්තල 25 සුනාමිය 26(නු)

:       0       0

ගීත් Saturday, 29 December 2012 09:24 AM

සිල්වා, ඒ ප්‍රශ්නය ඔයාගෙන්ම තමයි අහන්න ඕන (ස)

:       0       0

රංග Sunday, 30 December 2012 03:13 PM

අපේ සර් වගේමයි. (නි)

:       0       0

අජිත් Wednesday, 26 December 2012 10:45 AM

මේක විහිලුවකට ගන්න එපා. ගුරුතුමිය නොදන්නවා වෙන්න පුලුවන්. (නි)

:       0       0

ආනන්ද Wednesday, 26 December 2012 07:55 PM

දන්නවා වැඩි ,වෙලාද මන්දා (දී)

:       0       0

විමුක්ති Wednesday, 26 December 2012 10:47 AM

ගුරුතුමිය කියලා තියෙන්නේ ඇත්ත. දෙසැම්බර් 25 නත්තල නෙමෙයි, මත්තල තමයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 26 December 2012 10:51 AM

ගුරුවරිය ගැන දන්නා දෙමවුපියන් ඇයි නිහඩ? (නි)

:       0       0

ප්‍රමේෂ් Wednesday, 26 December 2012 11:05 AM

සෑම්, ඔයත් මත්තල ගුරුවරයෙක්ද? (නි)

:       0       0

අමිල Wednesday, 26 December 2012 11:25 AM

ගුරුවරියගේ කන් ඇසෙනවා අඩුද දන්නෙ නැහැ. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 26 December 2012 11:22 AM

පොඩි ළමයිනේ සමහර විට කියන දේ හරියට ඇහෙන්නේ නැතිව ඇති. (ස)

:       0       0

අරුණි Wednesday, 26 December 2012 12:01 PM

අපි ඉස්කෝලේ ගිය කාලේ ගුරුවරු දන්නෙ නැති දෙයක් ඇහුවොත් "දන්නෙ නැහැ, හොයලා කියන්නම්" කියලා,පහුවෙනිදා කියල දෙනවා. ගුරුවරයෙක් ඔක්කොම දැනගන්න ඕනෑ නැහැ. දන්නෙ නැහැ කියන්න ලජ්ජා වෙන්න ඕනෑත් නැහැ. (නි)

:       0       0

ලහිරු Wednesday, 16 January 2013 09:17 PM

දේශපාලන පත්වීමක්ද ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 457 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 762 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 627 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1133 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 758 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site