IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මූණු මාරුවී වේටර්ගේ පඩියටත් තට්ටු වෙලා

රාත්‍රී ආහාරය ලබාගැනීම සඳහා තරුණයෙකු හෝටලයකට ගොඩවිය. “මොනාද ඕනේ” වේටර් විමසීය. “මට චිකන් කොත්තු එකක්” තරුණයා පැවැසීය.


වේටර් චිකන් කොත්තුව ඕඩර් කර තවත් මේසයක සිටි අයෙකුගේ අවශ්‍යතාව සොයා බැලීය. චිකන් කොත්තුව අනුභව කළ තරුණයා, “මට ටී එකක් දෙන්නැයි” පැවැසීය.


තේ බොන අතරතුර රුපියල් දෙසිය පනහක බිලක් ඔහුට ලැබිණි. තරුණයා වේටර්ට රුපියල් දහසක නෝට්ටුවක් දුන් අතර අනෙක් මේසයේ සිටි තැනැත්තා තම බිලට රුපියල් පන්සීයක නෝට්ටුවක් ලබා දී කැෂියර් කූඩුව අසලට පැමිණියේය.


ඉතිරි මුදල් ලබාගත් ඔහු එතැනින් පිටව ගියේය. තරුණයාට ඉතිරි මුදල වශයෙන් රුපියල් දෙසිය පනහක් ලැබිණි. “මම දුන්නේ රුපියල් දාහක් නේ. මොකද මේ රුපියල් පන්සීයක ඉතිරි දෙන්නේ” හෙතෙම විමසීය. මහත්තයා දුන්නේ රුපියල් පන්සීයනේ වේටර් කීය.


මුදලාලි ඇමතු තරුණයා, “මම දුන්නේ රුපියල් දාහක්. බොරුනම් සීසීටීවී එකෙන් බලන්න” ඔහු පැවැසීය. සීසීටීවී දර්ශන පරීක්‍ෂා කිරීමේදී තරුණයා රුපියල් දහසක් ලබාදී ඇති බව තහවුරු විය.

“තමුසේ රුපියල් පන්සීය දුන්න මනුස්සයාට දාහක ඉතිරි සල්ලි දීලා. තමුසෙගෙ පඩියෙන් පන්සීයක් කපනවා” මුදලාලි පැවැසීය. ඉතිරි රුපියල් පන්සීය තරුණයාට ලබාදීමට ඔහු කටයුතු කළේය. බොරැල්ල නගරයේදී සිදු වූවකි.


ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර

 



අදහස් (1)

මූණු මාරුවී වේටර්ගේ පඩියටත් තට්ටු වෙලා

himal Friday, 12 October 2018 06:12 AM

මොකක්ද මේ පටලැවිල්ල? 500 දුන්න කෙනා සල්ලි දුන්නේ කැෂියර්ට. 1000 දුන්නේ වේටර්ට. බිල බලලා ඉතුරු සල්ලි දෙන්නේ කැෂියර්නේ. වේටර් කරන්නේ ඒ දෙන සල්ලි ගෙනෙල්ලා දෙන එක. එතකොට කවුද වැ‍රැද්ද කරේ?

:       0       370

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 453 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 760 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 625 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1133 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 757 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site