IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මීටරේ මිලි මීටරේ කරන්න ගිහින් කතුන්ගෙන් බඩකටපුරා කාලා

(වියලුව වාර්තාකරු) 
කොරෝනා උවදුරින් ආරක්ෂාවීම සඳහා මීටරයක පරතරයක් පවත්වා ගෙන යෑමට උපදෙස් ලබා දී තිබියදී එය මිලි මීටරයක් දක්වා අඩු කරන්නට ගිය සල්ලාලයකුට ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකදී කාන්තාවකගෙන් බඩ කට පුරා ගුටි බැට කන්නට සිදුවූ පුවතක් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය.


එදින සති පොළ පැවැත්වෙන දිනයක් වූයෙන් නගරයට පැමිණි විශාල පිරිසක් නගරයේ මූල්‍ය ආයතනවලට එක්රොක් වී සිටියේ තම මූල්‍ය කටයුතු ද එදිනම සිදුකර ගැනීමට පහසුවක් වූ බැවිනි.


ඒ නිසාම කොරෝනා රෝගය පාලනය කිරීම සඳහා පනවා ඇති මීටරේ පරතරය ඉක්මවූ පිරිස පොදිගැසෙන්නට වූයේ සිය කාර්යයන් ඉක්මනින් නිමා කරගෙන ගමට යන එකම බස් රථයෙන් නිවෙස් බලා පිටත්වීමේ අදිටනිනි.


හිටිවනම පිරිස් අතර සිටි කාන්තාවක් මහ හඬින් පරුෂ වචන කියමින් එහි සිටි මැදිවියේ පුද්ගලයකුට අතින් පයින් පහර දෙන්නට පටන් ගත්තේ මූල්‍ය ආයතනය තුළ එතෙක් පැවැති නිහැඬියාව බිඳ දමමිනි.


කාන්තාව එහි තමන් පසුපසින් සිටි පුද්ගලයාට පහර දෙන්නට පටන් ගත්තේ ඔහුගේ බිරිය නිවසේ නැති දැයි ඔහුගෙන් ප්‍රශ්න කරමිනි.


ඇයට ශක්තියක් වීමට එහි සිටි තවත් කාන්තාවන් පිරිසක් ද පෙර කී පුද්ගලයාට බැනවදින්නට පටන් ගත් අතර, තමුන් පැමිණි කටයුත්ත ද අතහැර දැමූ හෙතෙම හෙමින් සීරුවේ මූල්‍ය ආයතනයෙන් පිටව ගියේ එහි සිටි සෙසු පිරිසගේ ද උසුළු විසිළු මැද්දේය.

 



අදහස් (6)

මීටරේ මිලි මීටරේ කරන්න ගිහින් කතුන්ගෙන් බඩකටපුරා කාලා

රිතික් Monday, 22 June 2020 12:23 PM

මම නම් කිහිපවතාවක්ම නැනෝමීටර් කරලත් කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ.

:       0       31

KamalMonday, 22 June 2020 01:01 PM

ඔයා නලුවෙක්නේ ඒකයි...

:       1       16

රිතික්Wednesday, 24 June 2020 01:10 PM

ඔව්... ඔය වගේ වැඩවලදී පෙනුමේ ලොකු වාසියක් තියෙනවා..

:       0       16

PradeepTuesday, 23 June 2020 02:37 PM

බලන්න රිතික් කිසිම හිරිකිතක් නැතුව මේවා කියන හැටි..

:       4       12

රිතික්Wednesday, 24 June 2020 01:11 PM

දෙපාර්ශවයම එකඟනම්, සතුටුනම් අනිත් අයට ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ නේද?

:       2       31

binkunndaa Wednesday, 24 June 2020 08:07 PM

පාදඩ, සිංහල බෞද්ධ සංස්කෘතිය....

:       27       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 812 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 893 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1110 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1032 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1288 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1631 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site