IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මඟුල්දාට පෙරදා මනාලිය වෙනත් තරුණයකු හා ගිහින්

(පානදුර සමන්ත කාරියවසම්) සිය ඥාතීන්ට සහ මිතුරු මිතුරියන්ට එවන මංගල ආරාධනා පත්‍ර බෙදා මංගල උත්සවයට සූදානම් වෙමින් සිටි උපාධිධාරි තරුණියක් මංගල්‍යයට පෙර දින රාත්‍රියේ මේ මඟුලට මම අකමැතියි” කියා සිය පියාගේ ජංගම දුරකතනයට එස්.එම්.එස්. පණිවුඩයක් යවා පැදුරටත් නොකියා වෙනත් තරුණයෙකු සමග පැන යාමේ සිද්ධියක් බස්නාහිර පළාතේ නගරයකින් වාර්තා විය.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. විවාහ වීමට සිටි තරුණිය උපාධිධාරිනියකි. සිහින් සිරුරක් ඇති ඇය උසින් අඩි හයක් පමණ වන ප්‍රියමනාප තරුණියකි. ඇය සහ විවාහ වීමට සිටි තරුණයා ටෙලි නාට්‍ය නිෂ්පාදන ආයතනයක රැකියාවේ යෙදී සිටි අයෙකි. දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සබඳතාවට දෙපාර්ශවයේ මවුපියන්ගේ ද ආශිර්වාදය ද හිමිවූ අතර ඒ අනුව චාරිත්‍ර වාරිත්‍ර අනුව උත්සවය ගැනීමට දෙපාර්ශවයම එකඟ විය.

විවාහ උත්සවයට දින උදාවෙමින් පැවතිනි. මනාලයා ද මනාලිය ද සිය නෑ හිතවතුන්ට මංගල ආරධනා පත්‍ර බෙදා දෙමින් ලහිලහියේ විවාහ උත්සවය සංවිධානය කළහ. දෙපාර්ශවය මෙසේ සංවිධාන කටයුතුවල යෙදී සිටිද්දී රාත්‍රිය ද උදා වෙමින් තිබිණි. දියණිය පිළිබඳව කිසිදු හැලහොල්මනක් නොමැති වීම හේතුවෙන් ඇය පිළිබඳව සොයා බලන්නට පියා යුහුසුළු වෙද්දී ඇය නිවසේ නොමැති බව ඔහුට වැටහිණි. පැය කිහිපයක් ගත වුණි.

පියාගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබිණි. ඉන් කියවුණේ මේ විවාහයට තමන් කැමැති නැති බවය. පියාට සියලු දේ තේරුම් ගන්නට ගියේ සුළු මොහොතකි. මංගල උත්සවය වෙනුවෙන් ආරාධනා කළ දෙසීයකට ආසන්න පිරිසකට කියන්නේ කුමක්දැයි පියාට ගැටලුවක් විය. “අපට ප්‍රශ්නයක්, අද අක්කගේ වෙඩින් එක නැහැ” යයි නංගිලා ඥාතීන්ට දුරකතන පණිවුඩයකින් දැන්වූහ. ඇති වූ ලැජ්ජාව හේතුවෙන් නිවසේ දුරකතනය ද විසන්ධි කර දැමීය.



අදහස් (0)

මඟුල්දාට පෙරදා මනාලිය වෙනත් තරුණයකු හා ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 122 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 652 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 943 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 962 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1253 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1593 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site