IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මගුල් පෝරුව හැදෙද්දී ජෝඩුව පැදුරටත් නොකියා ගිහින්

ටයි කෝට්, මගුල් සාරි වලින් සැරසි මගුල් පෝරුවල නැගී වැඩිහිටියන්ට වඳිමින් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නට අකමැති වූ තරුණ යුවළක් දෙපාර්ශවයේම ආශිර්වාද මධ්‍යයේ සූදානම් කළ මගුල් උත්සවයකට සහභාගි නොවී මගුල් දිනට දින කිහිපයකට පෙර පැදුරටත් හොරා ගමින් පිටව යාමේ පුවතක් ඌව පළාතේ පිටිසර ගමකින් වාර්තාවේ.


ඔවුන්ගේම හිතවතෙකු පැවැසූ අන්දමට සිද්ධිය මෙසේය.


ඔවුන් දෙදෙනාම එකම රජයේ ආයතනයක රැකියාවන්හි නිරත වූවෝය. චාම් සරල දිවි පෙවතකට පුරුදුව සිටි දෙදෙනා අතර තිබූ මිතුදම කෙටි කලකදී පෙම් දමක් බවට පත් වූයේ ද ඒ නිසාමය.


මෙම පෙම් සබඳතාවට නිවෙස්වල වැඩිහිටියෝද අකමැත්තක් නොදැක්වූහ.


චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර මහ උත්සවයක් පවත්වා දෙදෙනා විවාහ කරදීම දෙපාර්ශවයේ වැඩිහිටියන්ගේද එකම අරමුණ විය. මාපියන් එසේ සිතුවත් අනවශ්‍ය වියදම්වලට මෙන්ම පුහු ආටෝපවලට මුල සිටම අකමැති වූ තරුණ යුවළ කීප විටක්ම ඒ ගැන දෙපාර්ශවයේ ඥාතීන් සමග කතා කළද මාපියෝ සිය ස්ථාරවය වෙනස් නොකළහ.


මංගල දිනය ආසන්න වෙද්දී රුපියල් දස දහස් ගණනින් වැය කර මගුල් ඇදුම් පමණක් නොව විවිධ සැරසිලි ද නවීණ පන්නයට ඉවුම් පිහුම් කරන්නෝද සුදානම් කරන්නට දෙපාර්ශවයේම ඥාතීහු උපරිමයෙන් වෙහෙස වී කටයුතු කළේ එය ඉතා ඉහළින් සමරන්නට ඇති ආසාවටත් වඩා එහි රඟ ගමට පෙන්වන්නට අවශ්‍යය නිසාමය. කෙසේ වෙතත් තම ස්ථාවරයේම රැඳී සිටි තරුණ යුවළ අවසානයේ තීරණයක් ගත්හ.


ආයතනයෙන් නීත්‍යානුකූලව දින කීපයක නිවාඩුවක් ලබා ගත් ඔවුහු ඇඳුම් පැළඳුම් කීපයක්ද බෑගයක දමාගෙන මගුල් දිනට දින කීපයක් තිබියදී සිය නිවෙස්වලින් අතුරුදන්ව ඇත්තේ උත්සව වලට තමුන්ගේ ඇති අකමැත්ත කොළ කෑල්ලක ලියා තබමිනි.

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

මගුල් පෝරුව හැදෙද්දී ජෝඩුව පැදුරටත් නොකියා ගිහින්

පද්මසිරි Saturday, 07 January 2017 05:23 AM

අන්න බුද්ධිමත් ජෝඩුවක්. (නි)

:       0       2

ජනහිත Saturday, 07 January 2017 06:18 AM

ඇත්තමයි. අපරාදේ සල්ලි වියදම් කරන්නේ මොන එකකටද? (නි)

:       0       0

අරුණ Saturday, 07 January 2017 06:57 AM

බොහොම හොඳ තීරණයක්. ලංකාවේ තියෙන්නේ බොහොම නාස්තිකාර මාෆියාවක්. ලොකු තරඟයක්. (නි)

:       0       0

අබේරත්න Sunday, 08 January 2017 07:25 AM

වැඩේ හොඳයි.. නැත්නම් මනමාලයයි , මනමාලියි දෙන්නම අන්දනවා කට්ටිය එකතුවෙලා.....(බ)

:       0       0

ශාන්ත Saturday, 07 January 2017 09:10 AM

මේ අය බුද්ධිමත් අය වෙන්න ඕනෑ. අනවශ්‍ය වියදම් නොකරන එක ගොඩක් ලොකු දෙයක් (නි)

:       0       0

සරත් Sunday, 08 January 2017 08:50 AM

හඳ පානේ ....හඳ පානේ (රේ)

:       0       0

ලලිත් Monday, 09 January 2017 07:10 PM

පැරණි චාරිත්‍ර අනුව පෝරුවේ චාරිත්‍ර මඟින් විවාහය සනිටුහන් කරනවා වගේම පෝරුවේ නඟින කාන්තාව පිරිසිදු චරිතයක් ඇත්තියක් බවත් පැරණි මතයක් තිබෙනවා. එසේ නොවන්නේ නම් වස්වදින බවත් සමහර ගම්බද කාන්තාවත් විශ්වාස කරනවා. අද බොහෝ දෙනා මේවා විශ්වාස නොකළත් සමහරු තවමත් විශ්වාස කරනවා. (නි)

:       0       0

මනෝජ් Monday, 09 January 2017 06:16 AM

දැන් ගොඩක් විවාහ මංගල සිද්ද වෙන්නේ සැලුන් එකට , පොටෝ ස්ටුඩියෝ එකට හෝටලයට අවශ්‍ය විදියට. (අ)

:       0       0

සෑම් Friday, 06 January 2017 08:01 PM

රටට පේන්න මඟුල් කාලා ඒ ණය ගෙවන්න දහදුක් විඳින සියලු දෙනාටම මේ සිද්ධිය ආදර්ශයක් වේවා (නි)

:       0       0

ඉමේශ් Sunday, 08 January 2017 02:12 AM

කාගේ පැත්ත ගන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 442 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 753 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 618 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1132 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 755 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site