IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බසයේ සීනුව නාදකරන්න ගිය තරුණියගේ හිරිඔතප් බිඳිලා

අගනුවරින් පිම්මේ ඇවිත් උපනගරයක මඳක් ගිමන් හැර නැවතත් ගම්බිම් බලා යන බස් රථයකි. 
කටකපා එල්ලාගත් මගීන්ගෙන් බසය පිරී තිබේ. කොන්දොස්තරට සතුටුය. රියැදුරුටත් එසේමය.
බහිනවා....! අයෙක් කියයි. කොන්දොස්තර එය දෙගුණ වන සේ හඬ වැඩිකර රියැදුරුට කියයි. බසය නවතයි නැවතත් ඉදිරියට යයි.
ඉස්සරහ බහිනවා... පස්සෙනුත් බහිනවා... ඔය ඉස්සරහ කඬේ ළඟ දාලා යන්න. ඔය ආදී වදන් රැසක් කොන්දොස්තරගේ කටින් පිටවෙයි.
කෙමෙන් කෙමෙන් බසයේ මගීන් බසයේ ආසන ගණනට අඩු විය. පසුපස අසුනක වාඩි වූ කොන්දොස්තර මුදල් ගනින්නට විය. බැසීමට අවශ්‍ය අය සීනුව නාදකොට බැස ගියේය. 
එක් ප‍්‍රසිද්ධ නැවතුමකට බසය ළඟාවෙද්දී උරහිසක එල්ලාගත් බෑගයක් ද සමග තරුණියක් අසුනින් නැගිට්ටාය. සීනුව නාද කිරීමට අත ඉහළට එසවීය.
නැවතත් අත පහතට ගත්තේය. නැවතත් අත එසවීය. නැවතත් පහතට ගත්තේය. ඇයට සීනුව නාද කිරීමට යම් කිසි අපහසු බවක් තිබිණි.
ඇය සෙමින් සෙමින් බසයේ ආසනවල ඇඳි අල්ලමින් රියැදුරු අසුන ළඟට ළං වූවාය. මුදු මොළොක් අන්දමින් රියැදුරුගේ පිටට තට්ටු කළාය.
රියැදුරුට එය ගණනක් වූයේ නැත. බසය වේගයෙන් ඉදිරියට යයි. ඒත් සමගම යාබද අසුනේ මගියෙක් නැගිට වේගයෙන් සීනුව නාද කළේය. තරුණිය බැස ගියාය.
පිටට තට්ටු කරලත් ඇයි ඔයා බස් එක නතර කළේ නැත්තේ... ඒ ළමයා බෙල් එක ගහන්න උත්සාහ කළා... හුඟ සැරයක්. ඒත් එයා ඉහළට අත උස්සද්දී එයාගේ ඇගේ වැඩි කොටසක් අනෙක් අයට පේන්න ගත්තා. හිරිඔතප් බිඳගන්න බයට තමයි ඔයාගේ පිටට තට්ටු කළේ. මගියා එසේ කියද්දී වේගයෙන් ගමන් කරමින් තිබූ බස් රථයේ තවත් වේගය වැඩිකිරීම සඳහා ගියරයක් මාරු කරමින් මගියාට මෙසේ කීවේය.
හිරි ඔතප්! එයාගේ හිරිඔතප් එයා තට්ටු කරන කොට මම පස්ස බැලූවා නම් බස් එකේ අනෙක් මගීන්ගේ හිරි ඔතප් විතරක් නොවෙයි බිඳෙන්න  ඕන සේරම බිඳෙන්න තිබ්බා...
පොදු ප‍්‍රවාහනයක යනකොට ගැළපෙන ඇඳුමක් ඇන්ද නම් ඔය හැම දෙයක්ම පරිස්සම් කරගන්න පුළුවන්.



අදහස් (0)

බසයේ සීනුව නාදකරන්න ගිය තරුණියගේ හිරිඔතප් බිඳිලා

චතුරිකා Monday, 25 February 2013 12:19 AM

මේ ඔය ගොල්ලෝ ඔය ගොල්ලන්ගේ වැඩක් බලා ගන්නවද? අපි ඇඳුම් අඳින්නේ අපි සල්ලි දීලා අරගෙන. මෙතන ඉන්න කිසිම කෙනෙක් ඒවාට අපිට සල්ලි ගෙවනවද? නැහැනේ. ඉතින් බොරුවට කුහක විදිහට කතා කරන්න එපා. පිරිමි කියන්නේ හරිම අවස්ථාවාදී ජාතියක් තමයි. (නි)

:       0       0

සිරා Monday, 18 February 2013 03:48 PM

රියදුරු මහත්තයට පිටට තට්ටු කළේ අතින්ද...??? ඒකනේ නවත්වලා නැත්තේ.... (ස)

:       0       0

තරංග Monday, 18 February 2013 11:01 PM

ඒ ඇදුම් ඇදගෙන බස් එකේ එද්දී ලැජ්ජා හිතුණේ නැද්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

තරංග Monday, 18 February 2013 11:11 PM

සීනුව ගහන්න විතරද එයාට ලැජ්ජා හිතිලා තියෙන්නේ? (නි)

:       0       0

දනුෂ්ක Monday, 18 February 2013 03:53 PM

වෙලාවට රියදුරු වයසක කෙනෙක්ද දන්නෙ නැහැ. . (ස)

:       0       0

අචිර Monday, 25 February 2013 01:03 AM

මේවට තමයි ලිංගික ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. (නි)

:       0       0

නුවන් Wednesday, 27 February 2013 06:45 PM

රියැදුරා හරි. (නි)

:       0       0

යොහාන් Tuesday, 19 February 2013 06:22 PM

ඉදිරිපස කණ්ණාඩියෙන් බලා කෙල්ලන්ට මුකුළු කරන රියදුරන් සිටින මේ ලෝකයේ මේ රියදුරු මහතා හොද ආදර්ශයක් දුන්නේ. (නි)

:       0       0

ආකර්ෂා Saturday, 23 February 2013 02:52 PM

මෙකේ ඉන්න පිරිමි අපේ වැරදි ඇයි හොයන්නේ. එහෙමනම් අපි දිහාබලන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 12:41 PM

ඉසුරන්දි, ඔවැනි විලාසිතා වලින් තමයි පිරිමි තිරිසන්නු, එහෙම නැත්නම් නොමිනිස්සු වෙන්නේ කියලා ටිකක් තදින් දාන්න. (නි)

:       0       0

අනූෂි පැල්පළ Tuesday, 19 February 2013 07:34 PM

මේ ඔයගොල්ලෝ ඇයි හැම වෙලාවේදීම ගෑනුන්ගේම වැරදි දකින්නේ ඇයි පිරිමි කරන වැරදි පේන්නේ නැද්ද?(නදී)

:       0       0

තුසිත් Thursday, 21 February 2013 12:21 PM

කෝ කාන්තා සංවිධාන (දී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 10:30 PM

දම්මි කියනවා හැතැප්ම ගණනක් ඈතින් බස්සවන්නයි තිබුණේ කියලා. ඒත් පවු දම්මි. ඒ ළමයා ඇඟ පෙනෙන ඇදුමක් ඇඳලා හිටියා කියලා ඇයි එතරම් දරුණු දඬුවමක් ඒ නොදරුවට දෙන්නේ. බලන්නේ නැතුව හිටියා නම් ඉවරයිනේ. (නි)

:       0       0

සමන් Monday, 18 February 2013 05:34 PM

හු කියන්න තිබ්බේ, පාරේ යනකොට පිරිමි අපිට ලැජ්ජයි ගැහැණු ඇදන් යන ඒවා දැක්කාම (දී)

:       0       0

සරෝජ් Sunday, 24 February 2013 08:04 AM

ලංකාවේ රියදුරු මහත්තයෙක් හින්දා ඔයින් ගියා. වෙන රටක වුණා නම්.... ඔන්න ඕකයි කියන්නේ ලංකාවේ බස් වල යන්න කියලා. 60ට ගියත් සිහියෙන්. කියන්නම ඕනෑ, අර කෙල්ල නම් පව්. (නි)

:       0       0

විපුල Tuesday, 19 February 2013 01:25 PM

ආසියාවේ ආස්චර්ය.(නදී)

:       0       0

චමින්ද Monday, 18 February 2013 09:48 AM

නියමයි . (ස)

:       0       0

දිලුම් Sunday, 24 February 2013 09:12 AM

සෑම එකකටම මුල සිතයි. (නි)

:       0       0

සුමිත් Tuesday, 19 February 2013 09:33 PM

මොනවා කරන්නද? ඒ අය තමන්ට තියෙන දේවල් පෙන්නන්න කරන උත්සාහයක්නේ. (නි)

:       0       0

රමිසි Thursday, 21 February 2013 11:09 PM

සියල්ල රදා පවතින්නේ ඇදගෙන යන කෙනාගේ ඇදුම තුල නොව බලන කෙනාගේ චේතනාව තුලයි.(නදී)

:       0       0

අසේල Monday, 25 February 2013 08:32 AM

තැනට ඔබින ඇදුම් අදින්න පුරුදු වෙන්න (දී)

:       0       0

වරුණ Monday, 18 February 2013 10:26 AM

රියදුරු මල්ලි හරි. සමහර ගෑණු ළමයි ඉඳගත්තම වහගන්න බැරි දේවල් එමටයි. හෑන්ඩ් බෑග් එකේ පිහිට තමයි ගොඩන් අයට . (ස)

:       0       0

සමන් Sunday, 24 February 2013 06:08 PM

බලාගෙන යනකොට ලංකාවේ වැඩිපුරම ඉන්නේ වදුරෝ. (නි)

:       0       0

පෙරේරා Monday, 25 February 2013 07:34 PM

කවුරුත් ඉතින් මනුස්සයෝනේ... (නි)

:       0       0

පයිසාර් Wednesday, 20 February 2013 12:15 PM

මරු චාන්ස් එකක් වැරදිලා.(නදී)

:       0       0

අචිනි වීරසිංහ Thursday, 21 February 2013 01:20 PM

මේකේ දෙපැත්තක් තියෙනවා. මට මතක් වෙන්නේ දොස්තර හොදහිතගේ 'දේසේ හැටියට වාසේ' සින්දුව (දී)

:       0       0

සකු Monday, 18 February 2013 10:40 AM

මට කියන්න තියෙන්නේ ඉතින් පව් කියල තමයි (දී)

:       0       0

රංජිත් Monday, 25 February 2013 09:09 AM

හැමෝම රෙදි අදිද්දි එක්කෙනෙක් විතරක් බාගෙට ඇදලා ඉන්නව නම් ඒ දෙස බලන විදිහ වැරදියි නේද?(නදී)

:       0       0

දිසානායක Monday, 18 February 2013 10:51 AM

රියදුරු මහත්තයා හරි.. . (ස)

:       0       0

ශානිකා Monday, 18 February 2013 06:24 PM

නරකද ඔය සිදුවීම ලස්සන වැකියකට නගලා බස් එකේ ඇලෙව්වා නම්.(නදී)

:       0       0

රකිත් Monday, 25 February 2013 09:29 AM

චතුරිකා නංගි, හැම පිරිමියෙක්ම අවස්ථාවාදී කියල නෙමෙයි නේද අදහස් කලේ? සමහරෙක් අවස්ථාවාදී බව මම පිලිගනිමි.(නදී)

:       0       0

හේරත් Monday, 18 February 2013 06:39 PM

ඇත්ත කියලා හිතන්න පුලුවන් කතාවක්(නදී)

:       0       0

සත්‍යා කාවින්දි Monday, 25 February 2013 10:09 AM

මම නම් ඇඳුම් පැළඳුම් අඳින්නේ මට ඕනෑ විදිහට. මමත් ටිකක් කොටට හිරට අඳිනවා තමයි හැබැයි ඒ මම කැමති නිසා. මම සාරි ඇඳලා යද්දී වුණත් අසංවර අය එහෙම හැසිරෙනවා මම බස් රථවලදී හොඳටම අත්විඳලා තියෙනවා. ඒත් මේකේ පිරිමි බලන්න එපායෑ උපාසක මහත්තුරු ටික වගේ කතා කරලා තියෙන ලස්සන. මේවා බොරුවට කියන කතානේ. බලන්න මෙකේ අදහස් දක්වලා තියෙන අයට අවස්ථාවක් ලබාදීලා. එතකොට කවුද වැඩිපුරම වැරදි කරන්නේ කියලා ඔයාලටම බලාගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

චින්තක Monday, 18 February 2013 11:44 AM

කලාතුරකින් හරි මෙහෙමත් හොඳ රියදුරු මහත්වරු ගැන අහන්න ලැබෙනවා... (ස)

:       0       0

නිම්මි Monday, 25 February 2013 10:13 AM

මෙතැන ඉන්න පිරිමි වැඩි හරියක් ආත්මාර්ථකාමී කුහක පිරිමි. බොරුවට කාන්තාවන් වන අපිට බැනලා කතා කරලා හරියට ලොකුවට සුද්දවන්තයෝ විදිහට පෙන්නුවට කරන තරමක් වැරදි වැඩ ස්ත්‍රී දුෂණ කරන්නේම මේ වගේ අය කියලා මම දැකලා තියෙනවා. මේ අයගේ පාපී චේතනා කාන්තාවන්ව ගෝනිවලින් වහලා නතර කර ගන්නයි මෙයාලා මේ හදන්නේ කියලා අපි නම් හොඳටම දන්නවා. චතුරිකා කියන දේ මමත් 100% ක්ම අනුමත කරනවා. (නි)

:       0       0

විජය Monday, 18 February 2013 11:59 AM

තැනට ඔබින ලෙස අදින්න කියන්නේ ඕක තමයි (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 February 2013 10:03 AM

ඔවැනි විලාසිතා තුලින් තමයි මිනිසුන්ගේ සිත් නොමගට ඇදිලා යන්නේ.(නදී)

:       0       0

ශානිකා Monday, 25 February 2013 02:24 PM

අචිර, ඔව් ඔයා හරි තමයි. ඔයා විතරයි මෙතන අවංක පිරිමියෙකුට ඉන්නේ. ඒත් රංජිත් කුහකයි. රකිත් අයියා නම් මධ්‍යස්ථයි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

දමිමි Monday, 18 February 2013 08:27 PM

හැතැප්ම ගනනක් ඈතින් බස්සවන්නයි තිබුනෙ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 18 February 2013 01:35 PM

අනිත් අයට පෙන්නන්න ඕන අය තමයි ඔය විදියට අදින්නේ.(නදී)

:       0       0

සරත් Monday, 18 February 2013 01:34 PM

මගේ අදහස් දැම්මොත් නංගිලාට, අක්කලාට, අම්මලාට තරහා යයිනේ. (නි)

:       0       0

upul meegamuwa Monday, 18 February 2013 01:50 PM

වටින කියමනක් රියදුරු මහත්තය කියල තියෙන්නේ . දැන් ගැහැණු ළමයි ඇදුම් අදින්නේ විලි වහ ගන්න නෙවෙයි පේන්න. ඇත්තටම ඔහොම ගියොත් නම් බිදෙන්නේ නැතුව බෙර ගන්න අමාරු වෙයි තමා.. (ස)

:       0       0

තාරුකා Monday, 25 February 2013 02:52 PM

මම හිතනවා කාන්තාවක් වුණහම ටිකක් විතර මෝස්තර කළ යුතුමයි කියලා. ඒක යුවයතිකට උරුම ස්වභාවික ලක්ෂණයක්. පිරිමි කාන්තාවන් වන අපිව ඒ නිසා අවතක්සේරු කළ යුතු නැහැ කියන මතයේ මම ඉන්නවා. (නි)

:       0       0

ශ්‍රීනාත් Tuesday, 19 February 2013 11:11 AM

අයියෝ..!ඕක ඔයතරම් දෙයක්යෑ? මටත් කියන්න තියෙන්නේ ඩ්‍රයිවර් තැන හරි.......! (නි)

:       0       0

සිරිපාල Monday, 18 February 2013 02:39 PM

නාභිය පේන්න සාරිය ඇදගෙන අපි බලනකොට වහ ගන්න අක්කලා තමා පෙන්නන්න බැරි. පේන්න ඇදගෙන ආවා නම් බැලුවහම මොකෝ? (නි)

:       0       0

ප්‍රියා Friday, 22 February 2013 09:14 AM

ඔවු ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. (නි)

:       0       0

බණ්ඩාර Monday, 18 February 2013 02:43 PM

ගැණු ළමය ඇදන් හිටිය ඇදුම ගැන මොකුත් නැති නිසා වැඩි විස්තරයක් කිව නොහැක. සමහර විට ටී ෂර්ට් එකක් ඇන්දනම් බඩ පෙනෙන නිසා විය හැක. ගැහැණු නෙවි පිරිමි ඇන්දත් ටී ෂර්ට් එකක් ඇන්දත් උඩට අත උස්සද්දී බඩ පෙනෙන එක පුදුම විය යුතු නැත. දැන් කියන්න එපා, ඇයි ටී ෂර්ට් අදින්නේ කියල, ගොඩක් තලතුනා උදවිය කියන්නේ අද කලේ ඇදුම් බලන්නත් ලැජ්ජයි කියල, මිනි ස්කර්ට් අවේ කොයි කලේද කියල දන්නෝ දනිති.. මෙතැනදී රියැදුර හා ගැහැණු ළමයා දෙදනාගේම වැරද්දක් මන් දකින්නේ නැත, හැබැයි ඔය දුරගමන් සේවා වල සීනුව ඉහලින් සවි කිරීමනම් සමහර අයට අපහසු විය හැක. ඒ නිසා ඒවා පිලිබඳ අවදානය යොමු කිරීම වටි .(නදී)

:       0       0

සිරිවර්ධන Sunday, 24 February 2013 01:20 PM

නොබලා හිටියත් ආකර්ෂා, තියෙන ආකර්ෂමත්බව නිසා ඇස ඉබේ ඇදී යනවා? මොනවා කරන්නද අනේ?(ස)

:       0       0

ෂෙරිෆ් Monday, 18 February 2013 09:54 PM

මේ වගේ අවස්ථා මම ගොඩාක් දැකලා තියෙනවා. සමහර තරුණියෝ අත්නැති ටීෂර්ට් ඇඳගෙන බස් රථයේ සීනුව නාද කරන්න ළඟ ඉන්න කෙනාට තමයි කියන්නෙ. (නි)

:       0       0

ගාමිණී Monday, 18 February 2013 10:09 PM

ඒ නංගී රියැදුරාට නොබැණ පිටට තට්ටු කළ එක ගැන සතුටු වියයුතුයි. (නි)

:       0       0

අජිත් Tuesday, 19 February 2013 04:58 PM

ඇයි ඕකටත් විවෘත ආර්තිකයට බනින්නේ නැත්තේ.(නදී)

:       0       0

හේරත් Monday, 18 February 2013 10:16 PM

පවු වැඩ එපා මලේ. හැතැප්ම ගණනක් ඈතින් බස්සවන්නයි තිබුනෙ. (නි)

:       0       0

නිම්මි Wednesday, 20 February 2013 11:32 PM

මෙයාලා හරියට කතා කරන්නේ 100%ක් නිවැරදි මිනිස්සු වගේනේ. (නි)

:       0       0

තුෂාන්ත Tuesday, 19 February 2013 05:09 PM

ගැළපෙන ඇදුමක් ඇදගෙන එන්න බැරි එකේ නැවැත්තුවේ අපරාදේ. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 07:26 PM

අචිනි වීරසිංහ ගේ අදහසම මමත් අනුමත කරනවා. මගේ වයස අවුරුදු 44 යි. ඒත් දැන් කාලේ වයස අවුරුදු 16-24 අතර පොඩි දැරිවියන් ඇඳුම් අඳින හැටි දැක්කම ඕනෑම වයසක පිරිමියෙකුගේ රාගික ආශාවන් ඇවිස්සෙන පිළිවෙළට ඒවා තියෙන බව පෙනෙන්න තියෙනවා. චේතනාව තමයි ක්‍රියාවක ප්‍රධාන වෙන්නේ. නිරුවතින් ගියත් අනික් අයට මක් වෙනවද කියලා කෙනෙකුට අහන්න පුලුවන්. බලන කෙනාට හැඟීම් අවුස්සා නොගෙන ඉන්න නම් ඒ තැනැත්තා එක්කෝ අනාගාමී හෝ අරහත් මාර්ග ඵලයකට පත් වූ කෙනෙකු වෙන්න ඕනෑ. ඒත් ඉතින් සාමාන්‍යයෙන් බස්වල ගමන් බිමන් කරන්නේ සාමාන්‍ය පුහුදුන් මිනිසුමනේ. පිරිමින්ටම හැම දේකටම ඇඟිල්ල දික් කරන එක වැරදියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 143 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 626 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 471 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1090 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 842 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 718 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site