IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බල්ලන්ට ගෙනගිය මස්වල රහ කියන්න ගිහින් අමාරුවේ

ගෙදර ඇති කරන බලූ රංචුවට කියා ගෙන ගිය මස්වල අමුතු රහක් ඇති බව පැවසීමෙන් ප‍්‍රදේශයේ ධනවතකුට වු අකරතැබ්බයක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේ විය.


වෙන්නප්පුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ මස් වෙළෙඳසැලකි. මෙම වෙළෙඳසැල සති අන්තයේ මෙන්ම සතියේ දිනවලද පාරිභෝගිකයන්ගෙන් පිරී යන්නේ එම වෙළෙඳසැලේ අයිතිකරු පාරිභෝගිකයන්ගේ උවමනා එපාකම් අනුව සාධාරණව තම වෙළෙඳාම කරන බැවිනි.


කාලයක සිටම තමන්ගේ හොඳ පාරිභෝගිකයකු වූ ප‍්‍රදේශයේ හොඳ ධනවතකු තම පවුලේ පරිභෝජනයට මෙන්ම තම නිවසේ ඇති දැඩි කරන බලූ රංචුවකටත් මස් රැගෙන යාම පුරුද්දක් කරගෙන සිටියාලූ බොහෝ මස් වෙළෙඳසැල්වල බල්ලන් වෙනුවෙන් ඉවත දමන මස් ලබා දෙන අතර ඒ සඳහා ඉතා අඩු මුදලක් අය කරයි.


එලෙස දිනක් මස් රැගෙන ගිය ඉහත ධනවතා පසු දින පැමිණ මස් වෙළෙඳසැල් හිමියාගෙන් විමසා ඇත්තේ දීපු මස්වල අමුතු රහක් තිබුණනේ මුදලාලි අපිට පරණ මස් දීලා වගේ කියලා.


මෙයට උත්තර දුන් මුදලාලි පවසා ඇත්තේ මහත්තයා ඊයේ මස් අරන් ගියේ බල්ලන්ට මස් කියලා නේද? ඉතින් ඒවයෙ රහ කොහොමද මහත්තයා දන්නේ.
තමන්ට වුන වැරදීම අවබෝධ කරගත් පාරිභෝගිකයා එදයින් පස්සේ මස් කඬේ පැත්තෙවත් ආවේ නැහැල්ලූ. මුදලාලි ළඟ හිටපු අයට පවසා ඇත්තේ හැමදාම බල්ලන්ට මස් කියලා අරන් ගිහිං ගෙදර අයගේ කෑමට අරන් වගේ කියලා.



අදහස් (0)

බල්ලන්ට ගෙනගිය මස්වල රහ කියන්න ගිහින් අමාරුවේ

ආලෝකා Sunday, 07 June 2015 02:12 PM

අනේ දෙවියනේ කාගේවත් මළකඳන් නේද මේ කන්නේ (නදී)

:       0       0

පුජා Sunday, 07 June 2015 02:41 PM

දනවතාට කියන්න තිබුනේ මෙහෙමයි." බල්ලෝ තමයි කීවේ අමුතු රහයි කියලා."මම බලු බාෂාව ටිකක් විතර දන්නවා.කියලා. මොකද බල්ලන්ට උනත් කුණු මස් දෙන්න ඕනේ නැහැනේ. බල්ලාත් ගෙදර සමාජීකයෙක්. (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 07 June 2015 06:41 AM

එහෙම නොකර කොහොමෙයි ධනවත්තු වෙන්නේ? (නදී)

:       0       0

සුජී Friday, 05 June 2015 07:51 PM

ඔය මහා දනවතුන් කියා ගන්න අය තමයි අන්තිම කුණු ලෝබකම් කරන්නේ. දුප්පතා අතේ තියන මුදල් වියදම් කරලා එදා වේල පිරිමසාගෙන සතුටින් ජීවත් වෙනවා. (නදී)

:       0       0

කැළුම් Monday, 08 June 2015 06:03 AM

කව්රුත් කලබල වෙන්න එපා,මෙයා බල්ලන්ට වුණත් යමක් දෙන්නේ ඒවායේ රහ ගුණ බලල වෙන්න ඇති.(ම)

:       0       0

ප්‍රේමසිරි ප්‍රනාන්දු Sunday, 07 June 2015 10:24 AM

තණ්හාය ජායතී ශෝකෝ (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 06 June 2015 02:28 PM

මැරිච්ච සත්ව මළකුණු කන්නේ ඇයි(නදී)

:       0       0

තිලක් Saturday, 06 June 2015 01:02 AM

මස් කඩ වල කොහොමද සාධාරණයක් තියෙන්නේ? සතෙක්ගේ ජීවිතයකට කොහොමද මිලක් නියම කරන්නේ? (නදී)

:       0       0

සමන්ති Saturday, 06 June 2015 04:05 PM

මම දන්නා ප්‍රසිද්ධ පුද්ගලයෙක් හිටියා.ගෙදර වාහන දෙකක්. රියදුරු පඩිය දෙන්න වෙන නිසා ත්‍රීරෝද වලින් ගමන් ගියා. ගෙදර කෑමට කරවල ගණන් කරලා දුන්නේ. පැවිදි ජීවිතයෙන් ගිහි ජිවිතයට ආ කෙනෙක්.විවාහ වුණේ තමාට වඩා වයස 25 අවුරුද්දක් අඩු කෙනෙක් සමඟ. නැන්දම්මා මොහුට වඩා බාලයි.අන්තිමට නොකා දුක්විඳලා දෙවසකට පෙර මියගියා. අපි එයාට කිව්වේ පෙර ආත්මයේ අදින්න පුබ්බක කියලා. (නි)

:       0       0

නන්දන Monday, 08 June 2015 03:55 PM

මෙතන කට්ටිය මස් කන එකට අනුන්ගේ මල කඳන් කනවා කියල මෙතන මොර දෙනවා. එතකොට මාළු කුණු වෙනකම් වේලලා කරවල කියල සප්පායම් වෙන කොට ඒ කුණු රසේත් අමුතු රහක් තියනවා කියල තලු මරමින් කන්නේ නැද්ද? එතකොට මාළු කියන්නේ සත්ව කොට්ටාසයක් නෙමේද? (ර)

:       0       0

දුමින්ද Saturday, 06 June 2015 02:58 AM

අනුන්ගේ මස් කුණු රසය! (නි)

:       0       0

සමන්ති Sunday, 07 June 2015 12:00 AM

චන්න බුවනක,මියගිය සත්ව මළකුණු මිසක් පණ ඇති මළකුණු තිබෙනවද? (නි)

:       0       0

නිලාන්- කටාර් සිට Saturday, 06 June 2015 05:06 AM

"කට බොරු කිවත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඔය දේට තමයි". මහා දානපතියෝ වෙන්නේ මේ විදිහට මුදල් ඉතුරු කරලා. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු "අදින්න පුබ්බක" සිටුවරයාගේ කතාව මෙනෙහි කරන්න. එවිට මසුරුකමේ තරම වැටහේවි. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 06 June 2015 05:07 AM

"බල්ලන්ට ගෙනිච්ච මස්ටික වැරදීමකින් ගෙදර අයට උයලා වගේ".අපි එහෙම හිතමු. (නි)

:       0       0

රංජිත් Sunday, 07 June 2015 02:38 AM

තිලක්, ඔයාගේ අදහසමයි මටත් හිතට ආවේ. සමහරුන්ට ඒකත් තේරිලා නේ වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 809 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 893 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1108 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1032 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1288 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1631 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site