(අලව්ව ජයන්ත කුමාර දිසානායක)
තට්ටය වැසී යන ලෙස හිස පැළඳි බොරු කොණ්ඩය ගැලවී මනාලියගේ පියාගේ දෙපතුල ඉදිරිපිට වැටීමෙන් බෑණා වීමට සිටි පුද්ගලයාගේ සැබෑ ස්වරූපය මනාලිය සහ ඇයගේ මව්පිය නෑදෑ පිරිස ඉදිරියේ හෙළිදරව් වූ පුවතක් මාඔය අසබඩ ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
කපුවකු මාර්ගයෙන් ගෙන ආ යෝජනාවකට අනුව රජරටින් පැමිණි මනාලයාගේ මව්පිය දෙදෙනා ඇතුළු නෑදෑ පිරිස දස දෙනෙකි.
මනාලියගේ පාර්ශ්වයේ මව, පියා සහ නෑදෑ හිතවත්හු නිවෙසට පැමිණි මනාලයා ඇතුළු පිරිස සාදරයෙන් පිළිගෙන ඔවුන්ගේ වතගොත විමසීමෙන් පසු කැවිලි පෙවිලිවලින් මෙන්ම බත බුලතින් ද සංග්‍රහ කළහ.
මනාලයා සමඟ පැමිණි පිරිස ද මනාලියගේ වතගොත සොයා බලා ආගිය තොරතුරු කතා කිරීමෙන් පසු මඟුල තීන්දු කර ගනිමුයි කියා, දෙපිරිස අතර ගිවිසගෙන පිටත්ව යාමට පෙර මනාලියගේ පාර්ශ්වයේ සහ මනාලයාගේ පාර්ශ්වයේ පිරිස සම්ප්‍රදායට ගරු කරමින් ආචාර සමාචාරයේ යෙදෙන්නට විය.
මනාලයා ද තම පිරිස අනුව යමින් මනාලියගේ පියාට බිමට නැමී දෙදන නමා නමස්කාර කර යළි නැගී සිටිනවිට ඔහු හිස පැළඳ සිටි බොරු කොණ්ඩය හිසෙන් ගැලවී මනාලියගේ පියාගේ දෙපතුල ඉදිරිපිට වැටිණි. සියල්ලෝම එම සිදුවීමෙන් මවිතයට පත්වූ අතර ලජ්ජාවටත් අපහසුවටත් පත්ව සිටි මනාලයා දෙස බැලූ මනාලියගේ පියා අහුලාගත් බොරු කොණ්ඩය මනාලයා අතට දෙමින් පැවසුවේ “අනේ පුතේ ආයේ නම් මේ පැත්ත පළාතේ නාවට කමක් නෑ.. ආයේ මනාලියක් බලන්න යනකොට ඔය බොරු කොණ්ඬේ හිරට ඔලුවේ ගැටගහගෙන යන්න” ලෙස උපදෙසක් ද දෙමිනි.
එතෙක් නිවසේ රැඳී සිටි මනාලයා ඇතුළු පිරිස පැමිණි රථයෙන් පිටත්ව ගියේ පවනට බඳු වේගයෙනි.
“මේවා කාටත් හොඳ පාඩම්, ඔන්න ඕකයි බොරුවට වැඩි ආයුෂ නැහැයි කියන්නේ” යි පැවැසුවේ එතෙක් එම සිදුවීමෙන් අපහසුවටත්, කෝපයටත් පත්ව සිටි දියණිය, බිරිඳ සහ නෑදෑ හිතවතුන් තවදුරටත් අස්වසාලමිනි.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බොරු කොණ්ඩය වැටිලා මඟුලත් සුන්