IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බයනැති මාමා කනත්ත ළඟදී පණ එපා කියා දුවලා

බය නැතිකම අනුන්ට පෙන්වා දීමට ගොස් අමාරුවේ වැටුණ පුද්ගලයකු ගැන පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
 තරුණ පිරිස සමග පොදුවැඩවලදී හරි හරියට වැඩ කරන මාමා හිටපු ගමන් හිමිහිට එතැනින් මාරු වී ගමේ හොර පොට් එකෙන් හොඳටම පදම් වී එයි. එසේ පැමිණෙන ඔහු තමන් නැති වෙලේ කිසිදු වැඩක් සිදු වී නැති බව පවසමින් එතැන වැඩ අවුල්කර කොල්ලන් සමග රණ්ඩුවට  පැටලෙයි. හොඳට කරපු දේවල් කඩාකප්පල් කර ඒවා විනාශයට පත්කරන මාමා  දැන් ගමේ කොල්ලන් හඳුන්වන්නේ දළඹුවා මාමා යනුවෙනි. කොල්ලන් බලාගෙන සිටින්නේ ඔහුගේ බීමත් කමටයි බොරු කයිවාරුවටයි පාඩමක් උගන්වන්නටය.
 
 පසුගිය දිනෙක අල්ලපු ගමේ මළ ගෙයක් සිදුවිය. මාමා අහළ පහළ මළගෙවල් දාන පිරිත් පිංකම් අතහරින්නේම නැතිව ඒවාට සහභාගි වන නිසා එම මළ ගෙදරට ද එදින රාත්‍රී සහභාගි විය. එදින ඔහු තම ගමේ කොල්ලන් ටික මළ ගෙදර අසල පාරේ එකතු වී සිටින තැනට හිමින් සීරුවේ ගියේය. පසුව කොල්ලෙකු අසා තිබුණේ අද සීතලයි වැස්සයි නිසා මාමා හීනියට පොඞ්ඩක් ගමුද? කියලයි “පිස්සුද කොල්ලනේ අද නම් බීලා ගෙදර ගියොත් දරමඩුවේ තමයි නිදන්න වෙන්නේ කියලා නැන්දා ගෙදරින් එනකොටම කිව්වා.”
 
කොහොම හරි කොල්ලෝ එක්ව මාමාට එදා මත් පැන් පොවති. මාමා කාටවත් බය නැතිනම් බව දොඩවන අතර තුර අසල සිටි තරුණයකු ඔහු ගේ විදුලි පන්දම සඟවා ඇත. පසුව තරුණයන් පිරිස පවසා තිබුණේ මාමා ඔච්චර චණ්ඩියෙක් නම් අද රෑ දොළහට කනත්ත ළඟ පාරෙන් ගෙදර යන්ඩ පුළුවන් ද? යනුවෙනි.
 
 “අනේ කොල්ලනේ ඕකත් වැඩක් ද?” මම ගිය සතියෙත් පිරිත් ගෙදරක ගිහින් රෑ දොළහයි කනත්ත ළඟින් ගෙදර යන කොට” යි කීය. මධ්‍යම රාත්‍රියේ ගෙදර යාමට මාමා විදුලි පන්දම සොයා එය නැති නිසා “මම කළුවරට බය කෙනෙක් නොවෙයි. ඒත් දැන් මගේ ඇස් පේනවා ටිකක් හොරයි. කොල්ලනේ. “අපෝ එහෙනම් මාමා මේ හුළුඑළිය අරගෙන යන්න නැතිනම් හෙට අපිට තව මළගෙදරක යන්න වෙයි.” යනුවෙන් කී කතාවටද බැන වදිමින් දැන් රෑ දොළහයි මම යනවායි. පවසමින් මාමා පිටත් වූයේය.
 
 බය නැති බවට කොතරම් පුරසාරකම් දෙඩෙව්වත් මාමා කනත්ත ආසන්නයට එන විට ඉබේම “ඉතිපිසෝ භගවා අරහං ගාථාව කියැවිණි. කනත්ත දෙසින් එන සීතන සුළඟ පරයා නරි හූ හඬ ද ඇසුණි. මත්පැන්වල බලය සිදී ගොස් හීන් දාඩිය දමා තිබුණි.
 
 මෙසේ ටික දුරක් යන විට එකවරම මහ හඬක් නගමින් අතේ තිබුණ හුළුඑළිය විසිරී ගොස් ඔහු ද බිම ඇද වැටුණේය. අන්දුන්කුන් වී සිටි මාමා හිතා ඇත්තේ කවුරුන් හෝ වෙඩි තිබූ බවයි.
එසැනින් නැගිට “බුදුඅම්මේා මෙන්න මට වෙඩි තියනවෝ යයි කෑ ගසමින් නැවත මළ ගෙදර දෙසට වැටි වැටී දුව ආවේ ගැලවී ඇති සරම ද පැත්තකින් උස්සාගෙනය. 
 
මේ හඬ ඇසී මළ ගෙදර සිටි සියලු දෙනාම දිව ආහ. මේ අතරින් මාමාගේ ගමේ කොල්ලෝ දෙදෙනෙකු මෙතැනින් හිමිහිට  මගහැර ගොස් තිබුණි. වෙලා තියෙන සිද්ධිය වටහාගත් වැඩිහිටියකු පැවසුවේ හුලු එළියට රතිඤ්ඤා කරලක් තබා බැඳ ඇති බවය.මේ කතාව අසා ලැජ්ජාවටත් තරහටත් පත් මාමා තැන අමතක වී අවට සිටි කොල්ලන්ට පරුෂ වචනයෙන් බණින්නට පටන් ගත්තේය. 
(බන්දුල පී. පතිරණ)



අදහස් (0)

බයනැති මාමා කනත්ත ළඟදී පණ එපා කියා දුවලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 348 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 714 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 991 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 982 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1263 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1606 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site