IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බාප්පලා කැලණියේ: ටිකට් අරන් එන්න පුතාට ආව එස්.එම්.එස්. එකට මව අන්ද මන්ද වෙලා

උදෑසනම අවදි වූ මව රැකියාවට යන තම පුතු වෙනුවෙන් ආහාර පිළියෙළ කළාය. පුතා අවදිවී ”අම්මේ මම වොෂ් එකක් දාගෙන එන්නම්” යැයි පවසා නාන කාමරයට ඇතුළු විය. සුළු වේලාවකින් පුතාගේ ජංගම දුරකතනයෙන් නාදයක් නිකුත් වූයෙන් මව එය පරීක්ෂා කිරීමේදී කෙටි පණිවිඩයක් ලැබී ඇති බව දැනගත හැකිවිය. ”බාප්පලා කැලණියේ. ටිකට් අරන් එන්නැයි” එහි සඳහන් විය.


තම සැමියාගේ බාල සොහොයුරා ඇතුළු පවුලේ උදවිය අනුරාධපුරයේ සිට නොදන්වා කැලණි වැඳීමට පැමිණියේ කුමකටදැයි ඇයට ප‍්‍රහේළිකාවකි. මල්ලිගේ වයිෆ් ඊයෙත් මට කතා කළා. කැලණි එන බවක් කීවෙත් නැහැ. තමාටම කියාගත් ඇය අසළට පුතා පැමිණියේය.


”පුතා බාප්පලා කැලණි ඇවිල්ලලූ. මෙන්න එස්.එම්.එස් එකක් ආවා” කියමින් මව ජංගම දුරකතනය පුතාට දිගු කළාය. පණිවිඩය දුටු පුතා ”මේක මගේ යාළුවෙක් එවපු මෙසේජ් එකක්. ”ටිකට් චෙකර්ලා කැලණියේ රේල්වේ ස්ටේෂමේලූ. ඒ නිසා ටිකට් ගන්න කියලයි යාළුවා කියන්නේ.” පුතා සිනාසෙමින් පැවැසීය.


”පුතා මොකටද ටිකට් නැතිව යන්නේ ඒක වැරැුදි වැඩක් නේද?” මව විමසුවාය. ”සමහර වෙලාවට ටිකට් කවුන්ටරේ පෝලිම දිග නම්, ටේ‍්‍රන් එකක් ඇවිල්ලා නම් ටිකට් නැතිවම එල්ලෙනවා, පුතා පැවැසීය. ”ඒ අයට මොකට ද බාප්පලා කියන්නේ” මව විමසුවාය.


”ටිකට් නැතිව අහු උණාම දඩය ගෙවනකන්ම අප බාප්පා කෙනෙක් වගේ බලාගන්න නිසා වෙන්නැති.” යනුවෙන් පුතා පැවැසූ විට මව තුෂ්ණිම්භූතව බලා සිටියාය.


කි‍්‍රස්ටෝපර් සිපියන්
අනුරාධපුරය



අදහස් (0)

බාප්පලා කැලණියේ: ටිකට් අරන් එන්න පුතාට ආව එස්.එම්.එස්. එකට මව අන්ද මන්ද වෙලා

කේ එස් Sunday, 02 August 2015 03:19 AM

මෙය ඇත්තටම රසවත්. අපිට හැමදාමත් දකින නොවටිනා ඒවගෙන් මිදුන රසබර ආස්වදාත්මක අගනා කතාවක්. ස්තුතියි ක්‍රිස්ටෝපර්. (ම)

:       0       0

සුබෝදිනී Monday, 03 August 2015 09:11 AM

නිම්මී,රූපවතී කියන ඒවා ගණන් ගන්න එපා.එයාගේ වැඩේ කවුරුහරි නිදහස් ප්‍රතිචාරයක් දාපු ගමන් කටුස්සි වාගේ ඇඟට ගොඩවෙන එකයි. (නි)

:       0       0

ශාන්ත - කටාර් Sunday, 02 August 2015 04:33 PM

අපේ අයගේ අදහස් නම් මරේ මරු. (නි)

:       0       0

ධම්ම Saturday, 01 August 2015 11:08 AM

පුතාගේ එස්එම්එස් එක අම්මා බලපු එක නම් හොඳ වැඩක් නොවෙයි.(නදී)

:       0       0

කුමුදිනි වත්සලා Sunday, 02 August 2015 06:28 AM

ටිකට් නැතිව ගිහින් බාප්පාලාට අහු වෙලා තියෙනවා, හැබැයි මනුස්සකම තියන මිනිස්සු (ම)

:       0       0

අබේ Friday, 07 August 2015 05:12 AM

ශෝක් කතාව මරේ මරු (නදී)

:       0       0

රූපවතී Saturday, 01 August 2015 12:41 PM

අපේ ගෙදර කොම්පියුටර් , ටෙලිපොන් , ලිපියක්වත් අයිතිකරුවා හැර, තමන්ට අයිති නැතිනම් කවදාවත් හොරෙන් බලන්න කියවන්න යන්නේ නැහැ. මෝටම හැමෝම ඉතාමත් විශ්වාසයි. දරුවන්ගේ දේවල් අපි හොරෙන් බලන විට දරුවන් දෙමාපියන්ට ඇති ගරුත්වය අඩුවෙනවා. විශ්වාසය ඇති තරමින් ලගින් දරුවන්ව ආශ්‍රය කලාම රහස් නැති පවුල් සාමාජිකයෝ පවුල තුලින් ඉබේම බිහිවෙනවා (නදී)

:       0       0

රූපවතී Sunday, 02 August 2015 07:40 AM

ටෙනිසන් මාමට ඉතින් මාව හැමදාම පෙනෙන්නේ තිත්තම තිත්ත කරවිල ගෙඩියක් වගේ. ඒ අම්මා ගැන කිසිවක් ලියා නොමැත අප තුලින් මා දුටු දේ විග්‍රහ කලෙමි (නදී)

:       0       0

බුද්ධික Tuesday, 04 August 2015 08:26 AM

රුපවතී ගේ අදහස්වලට මමත් එකගවෙනවා. (බ)

:       0       0

සරත් Sunday, 02 August 2015 10:51 PM

ඉස්සර කිව්වේ "ටික්කො" කියලා. දැන් බාප්පල වෙලා. ඒක ලස්සනයි. (නි)

:       0       0

සිසිර Monday, 03 August 2015 10:11 AM

අපෝ,රූපවති දෙයියෝ සාක්කි තීරයට ආවොත් ඉතින් ගමේ ගැහැණු නාන ළිඳ වගෙයි.හැමකෙනාම තමාගේ නම කියනකොට රූපවතී හිතනවා ඇත්තේ මාත් දැන් ජනප්‍රිය චරිතයක් කියලා.ආරාධනාවක් කරනවා ළඟදි ලංකාවේ එළබෙන ඡන්දයට ඉදිරිපත වෙන්න කියලා.මගේ ඡන්දය රූපවතීට තමයි. (නි)

:       0       0

රූපවතී Tuesday, 04 August 2015 02:54 PM

නිම්මි සුජා කෙල්ලේ? දැන් පෝරුවට ගොඩවෙන්න අතින් අල්ලාගෙන යන්න කෙනෙක් හොයනවා කිව්වා නේද ? ඊට කලින් ඉවසීම කියන එක ටිකක් ප්‍රගුණ කරගන්න වෙයි. නැතිනම් නැන්දම්මා කෑල්ල බුවල්ලක් සුද්දකරලා දොර මුල්ලෙන් තියාගන ඉදියි. ඔය තරමට කේන්ති ගත්තොත් හැම එක්කෙනාම එක්ක පැටලෙන්න ගියොත් (නදී)

:       0       0

නිම්මී Sunday, 02 August 2015 12:49 PM

රූපවතී,හැමෝටම හැමෝම ඉතාමත් විශ්වාසයි කියලා ඔබ කියන්නේ අද සමාජයේ විෂඝෝර සර්පයන් ගැන ඔබ තුළ ඇති අල්ප දැනුම නිසා බව පෙනීයයි.ළමයින්ගේ ක්‍රියාකාරකම් විශ්වාසය තුළ හිඳිමින් මනින සමාජයක නොවෙයි අප සැම ජීවත්වන්නේ.අද සමාජයේ ළමයින්ව ඕනෑවටත් වඩා විශ්වාස කර, විපතේ වැටුන දෙමාපියන් කෝපමන සෝ දුක් තැවුල් මැද ජීවත්වෙනවාද?ඔබගේ පටු දැනුම ගැන (අද සමාජයේ) කණගාටු වෙනවා හැර වෙන කුමක් කරන්නද? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 03 August 2015 12:55 AM

දුම්රිය දෙපාර්මේන්තුව පාඩුවෙනවා කියන එක අහන්න දෙයක්ද මේ වගේ අය අපේ රටේ ඉන්නකොට. (නි)

:       0       0

අබරන් Saturday, 01 August 2015 05:00 AM

ක්‍රිස්ටෝපර් ගේ ජෝක් එකක් කාලෙකින් දැක්කේ....(නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 01 August 2015 04:17 PM

ධම්ම ,රූපවතී, ඔබ දෙදෙනාගේම අදහස් වලට මමත් එකඟ වෙනවා.ඒත්මෙතන සිදුවීමෙන් පේනවා නේද ආදරණීය,බුද්ධිමත් මෑණියන් කෙනෙකුගෙත් කීකරු පුතෙකුගේත් සංවාදයක් කියලා. (නි)

:       0       0

ඉල්බා Saturday, 01 August 2015 06:21 AM

මේක නම් මාර හිනායන කතාවක්. (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 01 August 2015 05:58 PM

රූපවතී, අර අහිංසක අම්මාව මැන්න මිම්ම දේශීය මිම්මක් නම් නොවෙයි. (නි)

:       0       0

නිම්මි Saturday, 01 August 2015 06:56 PM

මේක නම් නියම කතාවක් (නි)

:       0       0

රූපවතී Monday, 03 August 2015 03:40 AM

නිම්මි ඔයාගේ දරුවෝ සහ ස්වාමියව ඔයාට විශ්වාස වන්ත තැනකට ක්‍රියාවෙන් හා හදවතේ ඔව් නොවුන්ට සමීප විශ්වාසනීය ආදරණීය පවුල් සාමාජිකයින් පිරිසක් කරගන්න බැරිවීම ගැන ඔබේ අතපසු වීම සහ ඔබේ දුර්වල කමක් යැයි මා සිතමි. මගේ පුංචි පව්ලේ සාමාජිකයින් හා මගේ සහෝදර සහෝදරියන් මට ඉතාම විශ්වාෂයි. අද ලංකාවේ නැතිවෙලා තියෙන දේත් මේ මා කීව වටිනාම දේයි. ඒ දේවල් නැතිකරගන්න ඉතාම ලෙහෙසියි. කැපකිරීම් නොකර පරිත්‍යාග කිරීම් නොකර ආත්මාර්ථ කාමී උනාම ඔහොම වෙනවා (නදී)

:       0       0

භාතිය Saturday, 01 August 2015 08:13 PM

යහපත් පුතෙක්. එස්.එම්.එස්. බැලුවා කියලා අහිංසක අම්මාට කඩාපැන්නෙ නැහැ. (නි)

:       0       0

නිලාන් - කටාර් සිට Monday, 03 August 2015 04:12 AM

කලකට පස්සේ ලස්සන කතාවක් දෙයියෝ සාක්කි පාටක තීරයෙන් කියෙව්වා. හිත පිරෙන්න හිනාවෙන්න පුළුවන්. මේ හාස්‍ය ජනක වුවත්,මේකෙත් හොඳ අදහසක් ඉදිරිපත් කරලා අපි හැමෝටම හිතන්න. (නදී)

:       0       0

සෝමේ Monday, 03 August 2015 08:28 AM

රූපවතී පණ්ඩිතයි. පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්න බැලු. (ම)

:       0       0

නිම්මී සුජා Monday, 03 August 2015 12:23 PM

2015-08-01--18.56:36 දාතමින් නිම්මී නමින් අදහස් පළකළ සොයුරියගේ නමින් මාගේ අදහස් පළකළේ නොදැනුවත්වයි.ඒ ගැන සමාව අයදිමි. (නි)

:       0       0

මංගල Tuesday, 04 August 2015 11:55 AM

මේක නම් නියම කතාව! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 02 August 2015 01:39 AM

පවුලක දරුවන් සහ දෙමවුපියන් අතර පුළුල් සම්බන්ධයක් තිබීම එම පවුලේ දියුණුවට තදින්ම බලපානවා. දරුවන් තුළ දෙමාපියන්ට සඟවන තරමේ රහස් තිබෙන්න බැහැ. එහෙම තිබෙනවා නම් ඒවා දෙමාපියන් අනුමත නොකරන ඒවා වියයුතුයි. දෙමාපියන් අනුමත නොකරන ක්‍රියාවලින් වැළකී සිටීම බුද්ධිමත් සහ දෙමාපියන්ට ආදරේ ඇති දරුවන්ගේ යුතුකම සහ වගකීමක් වෙනවා. මෙතනදී මවත් නිවැරදියි. පුතුත් නිවැරදියි. ආදර්ශමත් පවුලක ඇතිවූ සිද්ධියක්. (නි)

:       0       0

රූපවතී Monday, 03 August 2015 07:28 PM

නිම්මි,පොදු ප්‍රශ්නයක් කියලා ඔයා මට දොස්කියලා ඇයි ලියලා තියෙන්නේ..? මම ලිවුවේ මගේ නිදහස් අදහස. ඒක අපේ කතෘතුමා කාරුණිකව ඔයාලට කියවන්න මෙහි පළකළා.ඔයාට හොඳ ස්වාමියෙකු මුණගැසේවා කියා ප්‍රාර්ථනා කරමි..! (නි)

:       0       0

පිටිගල Sunday, 02 August 2015 01:57 AM

ලස්සන කතාවක්. (නදී)

:       0       0

රූපවතී Monday, 03 August 2015 07:32 PM

ඔන්න බලන්නකෝ අමම මෙපමණ ජනප්‍රිය තැනක ඉන්නවා කියලා මෙයාලම කෑගසද්දී මම තවත් බීරි අලියට වීණාවක් ගානටවත් නැතුව ඉන්නවා. අදම එනවා ලංකාවට නාම යෝජනාව කෙසේවෙතත් එක ඡන්දයක් මට තියනවා. ඒක හරි අරගෙන යන්න එනවා (නි)

:       0       0

රූපවතී Monday, 03 August 2015 07:42 PM

ඇත්තටම මම කුඩාකාලේ අපේ ගමේ ඉඳලා බස් පාරට යන්න ඔයෙන් එගොඩ වෙන්න ඒදණ්ඩක් දාලා තිබුනා.මම කවදාවත් ඕකේ ගියේ නැහැ.ඒ බයට. ඒ කාලේ පණ්ඩිතකම් කරන්න දන්නේ නැහැ.මම කුඩයි. ඒත් අපි තරුණ වයසට ආවට පසුව ගමේ හිටිය කෙල්ලෝ කොල්ලෝ රැලක් සමඟ හද ඇති රෑක ගිහින් ඒ ඒදණ්ඩේ කෙළවරෙන් උස්සලා අපි ඔයට දැම්මා. ඒ ගමේ නැන්දලා කට්ටියක් අපේ ගොයම් හදන්න නෑවිත් දුර පළාත්වලට ගොයම් හදන්න කුලියට ගියේ, ඒ ඒදණ්ඩෙන් එගොඩ වෙලා නිසා. (නි)

:       0       0

රූපවතී Monday, 03 August 2015 07:46 PM

අනේ සුබෝදිනි,මට හිතෙනවා මම ටික කාලෙකට හරි කිඹුලෙක් වුණා නම් කියලා. එහෙමනම් මුලින්ම එන්නේ සුබෝදිනිලගේ ගෙදරට යන අඩිපාරේ. (නි)

:       0       0

නිම්මී සුජා Tuesday, 04 August 2015 07:24 AM

රූපවතී,ඔයාට ඔයාගේ නිදහස් අදහස් ලීවීමට සම්පුර්ණ නිදහසක් සහ අයිතියක් තිබෙනවා.ඒක නැහැ කියන්නට කාටවත් බැහැ. ප්‍රශ්නය තියෙන්නේ ඔයා ස්වාමියා,දරුවන් කියා ඔයාගේ පවුලේ අයව උස්සා තබමින් අනෙකුත් අයගේ පෞද්ගලික දේවල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විවේචනයට ලක්කිරීමයි.මම ඔයාට දොස් කිවුවා නොව, නැති දේවල් ඇතිකර අදහස් දැක්වීම ගැන මගේ අප්‍රසාදය පළකිරීම පමණි කළේ. (නි)

:       0       0

නිම්මී Monday, 03 August 2015 12:48 PM

රුපවතී, මට නැති ස්වාමියෙක් ගැන හෝ දරුවෙක් ගැන ඔයා වද වෙන්න එපා.අම්මලා දැන් තමයි මට සහකරුවෙක් හොයන්නේ.ඔයාගේ පව්ලේ පැටිකිරිය ගැන මට වැඩක් නැත.මා ලීවේ අපට අද සමාජයේ සිදුවෙන පොදු කරුණක් ගැන පමණි.පෞද්ගලික දේවල් හොයන පහත් ගතියෙන් මිදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. (බ) .

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 499 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 335 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1053 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 824 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 702 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 433 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site