IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පොස්ටර් අලවන්න ගිහින් කිතුල් ගහ පාමුල නිදාගෙන


ගමේ තරුණ පිරිසක් සමග ඡන්ද පෝස්ටර් අලවන්නට ගිය ප‍්‍රධාන පක්‍ෂයක ආධාරකරුවකු පෝස්ටර් මිටිය හිසට තබාගෙන කිතුල් ගසක් පාමුල මරනිින්දේ පසුවූ බව කියන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.

මේ  වන විට ඌව පළාත් සභා මැතිවරණය සඳහා දින නියම කොට ඇති අතර මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයෝ ගම් නියම්ගම් පීරමින් මනාප සටනේ නිරතවී සිටිති.

ඇතැමෙක් සිය ආධාරකරුවන් ලවා තම ඡායාරූපය, අංකය හා පක්‍ෂ ලාංඡුනය රැුගත් පෝස්ටර් ගහක් ගලක් ගානේ අලවති. මෙවර ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක එක්තරා අපේක්‍ෂකයකුගේ ආධාරකරුවෝ පිරිසක්ද පසුගියදා තම හිතවතාගේ ඡන්ද පෝස්ටර් ඇලවීම සඳහා ඉදිරිපත් වූයේ ඔහුට උදවු කිරීමෙන් අනාගතයේදී යම් සේවාවක් කර ගැනීමේ අටියෙනි. පාප්ප බාල්දියත් පෝස්ටර් මිටි කිහිපයකුත් රැගෙන මහ මග දිගේ යන තරුණ පිරිස දුටු ප‍්‍රදේශයේ වයස්ගත පුද්ගලයකුද මෙම තරුණ පිරිසට එක්වූයේ තමා කලෙක සිටම අදාළ පක්‍ෂයට මෙන්ම එම ඡුන්ද අපේක්‍ෂකයාට ද තමා තුළ ඇති ලෙන්ගතුකම ගැන තරුණ පිරිසට පවසමිනි.

තරුණයන්ගෙන් පෝස්ටර් මිටියක් උදුරාගත් ඔහුද තරුණ පිරිස හා කරට කර සිටිමින් ඔවුන්ට උදවු උපකාර කළේ අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණයෙන් පසු තමාට ද උදව්වක් ලබා දෙන්නැයි තරුණ පිරිසගෙන් ඉල්ලීමක් ද කරමිනි.

ගතවූයේ සුළු මොහොතකි. පෝස්්ටර් මිටියක් රැුගෙන පිටුපසින් ආ මේ වැඩි මහල් පුද්ගලයා අතුරුදන්ව ඇති බව තරුණ පිරිසට දැක ගන්නට ලැබිණි. ඒ වන විටත් හතර වටින්ම අඳුර වැටෙමින් තිබූ නිසා ඔහු එනතුරු නොසිටි තරුණ පිරිස තවත් පැය කීපයක් සිය කටයුත්ත සඳහා වැයකොට එකිනෙකාගෙන් සමුගත්තේ නිවෙස්වලට යාමේ අටියෙනි.

මේ කණ්ඩායමේ එක් තරුණයකුගෙන් නිවෙසට යන මාර්ගය වැටී තිබුණේ දිය කඳුරක් ඔස්සේය. හුදෙකලාව යමින් සිටි ඔහුට එක්වරම සිහින් කෙඳිරිලි හඬක් ඇසිණි. විපරම් කර බලත්ම ඔහුට දැන ගන්නට ලැබුණේ පැය කීපයකට පෙර තමන් සමග එක්ව පෝස්ටර් ඇලවූ වැඩිහිටියා පෝස්ටර් මිටියත් හිසට තබා මර නින්දේ පසුවන ආකාරයයි.



අදහස් (0)

පොස්ටර් අලවන්න ගිහින් කිතුල් ගහ පාමුල නිදාගෙන

හේසා Friday, 22 August 2014 01:21 PM

දැන් අලුත්ම ලෙඩේ තමයි හොර කමේ ගියාම "ගස් යට නින්ද යෑම "මහා පරිමාණයෙන් හොර කම් කරන හොරුන්ටත් නින්ද යනවා නම්, පොලිසියට කොයි තරම් පහසුද. (නදී)

:       0       0

වරුණ Friday, 22 August 2014 03:50 AM

පවු. නිදිමතක් එන්න ඇති (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 August 2014 12:36 PM

ලොක්කට බත් පාර්සලයක් එක්ක බෝතලයක් ලැබුනාවද්ද? (නි)

:       0       0

අජිත් Thursday, 21 August 2014 12:37 PM

ආයේ දෙකක් නැහැ, කිතුලකට නගින්න ඇති තණකොළ ටිකක් කපාගන්න. (නි)

:       0       0

සිසිර Monday, 25 August 2014 10:44 AM

දැන් මෙයාට නමක් එහෙම දාලත් ඇති නේද? මොකක්ද දන්නවා නම් කියන්න (නි)

:       0       0

සිසිර Monday, 25 August 2014 10:42 AM

දැන් මෙයාට නමක් එහෙම දාලත් ඇති නේද මොකක්ද දන්නවා නම් කියන්න (නදී)

:       0       0

ශාන්ති Thursday, 21 August 2014 01:42 PM

තන කොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න // තන කොළ නැහැ ගහ මුදුනේ // එ්කයි මෙතන ඇල උනේ (නදී)

:       0       0

කුමාරි Thursday, 21 August 2014 06:55 AM

දැන් ඒ පුද්ගලයාට කියන්න නම් ගොඩක් හේතු ඇති (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 23 August 2014 10:43 AM

ලොක්කා කොහෙන්හරි හොදට පදම්වෙන්න ඇති ඔච්චර මර නින්දක් යන්න තරම්.(අ)

:       0       0

සුමින්ද Friday, 22 August 2014 06:01 AM

ඔය නින්ද හොදයි. දින්නට පස්සේ මුකුත්ම හබ්බෙවෙන්නේ නැහැනේ. (නදී)

:       0       0

හේවාවිතාරණ Friday, 22 August 2014 07:30 PM

කිතුල් ගහ මුල නිදා ගත්තු මිනිසාටද කියන්න පිළිතුරක් ඇත (නදී)

:       0       0

අසෝකා Thursday, 21 August 2014 09:21 AM

නුඹ ඇමතියෙක් වී ලැබගෙන මුල් පුටුව. සීහිනෙන් දුටුවාද ඉන්නා ගරු සරුව. පෝස්ටරය හිස යට කොට්ටය කෙරුවා. නුඹ නම් අගෙයි රටකරවන්නට මැලිවා (නදී)

:       0       0

පහන්දී Thursday, 21 August 2014 07:04 PM

නින්ද ගිය එකම හොදයි .., මොකද මම අකමැතිම මාතෘකාවක් තමයි ''ඡන්දය '' (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 798 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 622 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 538 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 329 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 342 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා
2024 අප්‍රේල් මස 20 563 0

අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1514 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site