(බළන්ගොඩ විශේෂ - වයි.ඒ.එස්. වීරවංශ සහ රාස්සගල - සම්පත් ප්‍රියනන්දන)
මෙය බළන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ අපූරු සිදුවීමකි. කිසියම් පුද්ගලයකු හදිසියේම බළන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති දමිත් ජයකොඩි මහතා හමුවීමට පැමිණියේය.
“සර් මගේ ලොරිය ඉන්ධන පිරවුම්හල අසල නතර කරලා තේ බොන්න ගියා එනකොට ලොරිය නැහැ.” ඔහු කීවේය.
“යමු බලන්න.” පොලිස් පරීක්ෂකවරයා පැමිණිලිකරු සමඟ ඉන්ධන පිරවුම්හල දෙසට ගියේය. පැමිණිලිකරු පොලිස් පරීක්ෂකවරයාගේ පිටුපසින් පැමිණියේය. පොලිස් පරීක්ෂකවරයා පසුපස හැරී බලනවිට පැමිණිලිකරු ගීතයක කොටසක් මුමුණමින් සිනාසෙමින් එන අයුරු පොලිස් පරීක්ෂකවරයාට දක්නට ලැබිණි. ඔහු එය ගණන් නොගෙන ඉන්ධන පිරවුම්හලේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කළේය. ඔහු කී කතාව සැබෑවකි.
ලොරියට වෙනත් පුද්ගලයෙකු නැග එය රැගෙන යන අයුරු සී.සී.ටී.වී කැමරා පද්ධතියේ පෙන්නුම් කරයි. එහෙත් පැමිණිලිකරු ලොරිය නතර කර එයින් බැස යන ආකාරයක් කැමරා පද්ධතියේ සටහන් වී නොමැත. එය පොලිස් පරීක්ෂකවරයාට ගැටලුවකි. පැමිණිලිකරු සමඟ නැවත පොලිස් ස්ථානයට පැමිණ ඔහුගෙන් ප්‍රශ්න කළේය. තමුන් ඇත්ත නොකිව්වොත් වැඩ වරදියි.
“අනේ සර් ඇත්තටම මම ලොරිය ඊයේ සවස ෂෙඞ් එක ළඟ නතර කළා. මම ලොරියෙන් බැස්සේ නැහැ. අනෙක් පැත්තට මාරු වුණා. යාළුවෙක් ඇවිත් අනිත් පැත්තෙන් රියදුරු අසුනේ වාඩිවෙලා ලොරිය බලපත්‍ර නැති ලී ටිකක් ගේන්න වැලිගෙපොළ පැත්තට ගියා. එහිදී රාත්‍රියේ ලී තොගයත් එක්ක වැලිගෙපොළ පොලිසියට අසුවුණා. ඒ වෙලාවෙ මම ලොරියේ හිටියේ නැහැ. දැන් ලොරිය වැලිගෙපොළ පොලිසිය භාරයේ තිබෙන්නේ. මම වැඩිය කල්පනා කරන්නේ නැතිව තමයි ලොරිය නැති වුණා කියලා බොරු පැමිණිල්ලක් කළේ.”
“තමුන් කරලා තියෙන්නේ බරපතළ වරදක්. බොරු පැමිණිල්ලක් දැමීම යටතේ නඩු පවරනවා” යැයි පොලිස් පරීක්ෂකවරයා කීවේය. ඊට අමතරව ලොරිය උපයෝගී කරගෙන බලපත්‍ර නොමැතිව ලී ප්‍රවාහනය කිරීමේ වරදට ද වැලිගෙපොළ පොලිසියෙන් ඔහුට විරුද්ධව නඩු පැවරීමට ද කටයුතු කර තිබිණි.
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොලිසිය අන්දන්න හදලා උසාවි යන්න වෙලා