IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාරේ නීති කැඩූ ව්‍යාපාරිකයා නමේ මුල් අකුරුවලින් දඩයෙන් බේරිලා

අධික වේගයෙන් වාහනය පදවමින් සිටියදී පොලීසියට කොටුවූ ව්‍යාපාරිකයකු තම නමේ මුල අකුරු දෙකේ අනුහසින් දඩයකින් ගැලවී යහතින් ගිය පුවතක් 6දා වාර්තා වූයේ අනුරාධපුර පොලිස් බල ප‍්‍රදේශයෙනි.
 ඔහු  දඹුල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.  පෞද්ගලික  වැඩකට අනුරාධපුරයට ගොස් තම වාහනයෙන් අධික වේගයෙන් දඹුල්ල දෙසට එද්දී අනුරාධපුරයත් මරදන්කඩවලත් අතරදී රිය නතර කිරීමට අණ ලැබුණේ මාර්ගයේ රාජකාරියේ සිටි රථවාහන පොලිස්  නිලධාරින්ගෙනි.
වේග මාපකයේ වේගය සටහන් වී ඇත්තේ 112කි. එය පෙන්වූ පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයා  පැමිණි සැප වාහනයට එබී ”ඔබතුමාගේ වේගය වැඩියි. පේනවා නේද” යැයි පවසා ඔබ කවුදැයි ඊළඟට විමසා ඇත.
මද සිනාවක් පෑ ව්‍යාපාරිකයා ”මම එස්.පී. දයානන්ද”යැයි ක්‍ෂණයකින් පැවසීය. එකවරම සීරුවෙන් සිටි පොලිස් නිලධාරියා ”සොරි සර්... මම ළඟදී මාරුවීම් ලබලා ආවේ”යැයි  පවසමින් ව්‍යාපාරිකයාට යන්නට ඉඩහැරියේ ගරු සරු සහිතවය.
ව්‍යාපාරිකයාගේ නම මුලකරුත් සමග එස්.පී. දයානන්දයි. 



අදහස් (0)

පාරේ නීති කැඩූ ව්‍යාපාරිකයා නමේ මුල් අකුරුවලින් දඩයෙන් බේරිලා

සාගර Thursday, 14 February 2013 04:39 PM

අයි නිතිය ක්‍රියාත්මක කලේ නැත්තේ

:       0       1

සේනානායක Thursday, 14 February 2013 04:41 PM

ඒ කියන්නේ ලොක්කන්ට නිතිය නැද්ද (දී)

:       0       0

පද්මසිරි Friday, 15 February 2013 12:25 AM

නම අහන්නේ මොනවටද? "ගන්නවා ලයිසන් එක" කිවුවා නම් ඉවරයිනේ. (නි)

:       0       4

චමින්ද Thursday, 14 February 2013 04:43 PM

මරු වැඩේ තමයි වෙලා තියෙන්නේ (දී)

:       0       0

සේකර Thursday, 14 February 2013 04:43 PM

දුරදිග බලලා දාපු නමක් (දී)

:       0       0

ඩේවිඩි Monday, 18 February 2013 02:30 AM

ශත පහ දැන් ගනන් ගන්නේ නැහැ නේද?(නදී)

:       0       0

දිසානායක-කැනඩා Monday, 18 February 2013 02:56 AM

සුවර් එකටම මෙයා දකුනේ කෙනෙක්.(නදී)

:       0       0

සරත් Friday, 15 February 2013 12:12 PM

ඔය සිද්ධියට මුහුණ දෙන රාළහාමි කවුරු වුණත් කාටත් කරන්න වෙන්නේ ඔය දේම තමයි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 14 February 2013 01:22 PM

මෙහෙම වැඩත් වෙනවද? (නි)

:       0       0

තරංග Friday, 15 February 2013 12:23 PM

අනිවාර්යෙන් ම එස්. පී. දයානන්ද දකුණේ කෙනෙක් (ස)

:       0       0

මුතුකුඩ Thursday, 14 February 2013 05:35 AM

දිනක් මිතුරෙක් බයිකලයේ ලයිට් නැතුව ගිහින් පොලිසියට අහුවෙලා. බලනකොට ලයිසනුත් නැහැ. දැන් රාලහාමි ඇහුවාලු, කියනවා නම. ඥානපාල කිවුවාලු. ඊලගට ටිකක් සැරෙන් මෙහෙම ඇහුවාලු. ගම කොහෙද? කොම්පඤ්ඤවීදිය. දැන් මේ දෙකම රාලහමිට ලියා ගන්න බැහැල්ලු. පස්සේ මෙහෙම කිවුවාලු. යනවා යනවා තමුසෙලා එනවා මෙතන පවු දෙන්න අපිට තියෙන කරදර මදිවාට. (නි)

:       0       0

හසීත් Friday, 15 February 2013 12:30 PM

මම දවසක් නොම්මර තහඩු නැති වෑන් එකක් වත්තල හන්දියේ හිටපු ට්‍රැෆික්ට පෙන්නුවා. හරි සතුටුයි කියන්න. මට යන්න කිව්වා. එච්චරයි! නොදන්නාකමටයි අහන්නේ, එහෙම පුලුවන්ද? හික් හික් හී.. ඉතින් අපි ආයෙ පොලීසියට මුකුත් කියයි ද? (නි)

:       0       0

පෙරේරා Thursday, 14 February 2013 07:19 AM

මුතුකුඩ, ඊට පස්සෙ ඇහුවලු රැකියාව මොකක්ද කියලා? මිනිහා කිව්වලු, ස්පාඤ්ඤයට පිපිඤ්ඤා පටවනවා කියලා. පලයන් ආයෙ අහුවෙන්න එපා කිව්වලු. (නි)

:       0       0

ලාල් Wednesday, 13 February 2013 03:16 PM

පොලිසියේ පොඩි අය ලොකු අයට ඒ තරම් ගරු කරනවා (දී)

:       0       0

බර්නාඩ් Monday, 18 February 2013 08:23 AM

ඔය වගේ පොලිස් නිළධාරීන් ඉන්නවා හලාවත මාදම්පෙ සුදු ඉරේ ඉස්සර කෙරුව කියලා බොරුවට ගැහැණු රියදුරන් අල්ලන . (ස)

:       0       0

චමින්ද Wednesday, 20 February 2013 10:42 AM

මේක විහිලුවක්ද? අපේ වැදගත් පොලිසියට මඩගහන්න එපා. මට තරහා යනවා.(නදී)

:       0       0

ලසන්ත Tuesday, 19 February 2013 06:56 AM

වෙන්නත් පුළුවන් (දී)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 10:14 AM

ඔය වගේ රාලහාමිලත් ඉන්නවද කවුද දන්නේ නෑ පොලීසියට ගත්තේ (ස)

:       0       0

නන්ද Wednesday, 13 February 2013 10:14 AM

අපි ඔක්කොම අපේ නම් වලටත් එස්.පී, ඒ.එස්.පී., ඩී.අයි.ජී. කියලා වෙනස් කර ගමු. (ස)

:       0       0

නිශාන්ත Wednesday, 13 February 2013 04:05 PM

මේවා ගොතපු කථා (ස)

:       0       0

දිමුතු Thursday, 14 February 2013 09:00 AM

ඇයි මේ ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ කළේ මේ පිහිටෙන් ආයේ බේරෙන්න අමාරු වෙයි. (ස)

:       0       0

දයාරත්න Wednesday, 13 February 2013 04:06 PM

මමත් නිකමට කරලා බලන්න ඕනේ ඔය වැඩේ (දී)

:       0       0

ද සිල්වා Friday, 15 February 2013 01:42 PM

අඩුම තරමේ රාජකාරි හැඳුනුම්පත කාරුණිකව ඉල්ලා පරීක්ෂා කර බැලුවා නම් වැඩේ ඉවරයි...(ස)

:       0       0

යොහාන් Wednesday, 13 February 2013 10:42 AM

එස්.පී. බැරි නම් ඩී.අයි.ජී. වුණත් නීතිය කාටත් පොදුයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 04:41 PM

මගෙත් මුල අකුරැ එස්. පී. සිල්වා (ස)

:       0       0

හේරත් Wednesday, 13 February 2013 10:53 AM

මේකෙන්ම පේනවා නේද රටේ නීතියේ තත්ත්වය? (නි)

:       0       0

පහන් Thursday, 14 February 2013 10:00 AM

කොම්පඤ්ඤවීදියේ මිනිමරුමක් උනාලු කොම්පඤ්ඤවීදිය කියල ලියන්න දන්නේ නැතිනිසා මිනිය ආමර් වීදියට දාලා ආමර් වීදියේ මලා කියල ලියුවලු . .(ස)

:       0       0

ශාන්ති Wednesday, 13 February 2013 10:57 AM

මෙහෙම මෝඩ පොලිසියේ අය ඕනෑතරම් ඉන්නවා. (නි)

:       0       0

චතුරංග Sunday, 17 February 2013 07:38 AM

පොලිසියෙන් පොඩි වැරැද්දක් වුණත් මහ ලොකුවට පෙන්නලා බණින මිනිස්සුනේ අද ඉන්නෙ. (නි)

:       0       0

රේණු Monday, 18 February 2013 11:12 AM

නීතිය කාටත් එක වෙන්න ඕන... . (ස)

:       0       0

සරත් Wednesday, 13 February 2013 11:40 AM

මමත් දන්න කෙනෙක් හිටියා මෙහෙම මුල අකුරු වලින් මිනිසුන් මුලාකරපු. (නි)

:       0       0

චමින්ද Wednesday, 13 February 2013 05:50 PM

පොලිස් රාළහාමි දකුණේ කොල්ලෙක් වෙන්න ඇති. (නි)

:       0       0

රුමී Wednesday, 13 February 2013 11:45 AM

කවුද අනේ එස්.පී. දයානන්ද කියන්නේ? (නි)

:       0       0

පහන් Wednesday, 13 February 2013 06:05 PM

එක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ගම්පෙරලිය පොත තබාගැනීමේ වරදට(ගම්පෙරලන අය තමා ඊළගට රට පෙරලන්නේ කියල ) පොලිසියට ගෙනිච්චලු .ගෙනිහින් ඇහුවලු තමා මොන විශ්වවිද්යලේද කියල ? ශිෂ්‍යයා කිව්වලු මම කැලණියේ විශ්වවිද්‍යාලෙ කියල .ඒපාර රාළහාමි කිව්වලු මට තමුසෙගෙන් වැඩක් නැහැ මට ඕනේ අන්තර් විශ්වවිද්‍යාලෙ එවුන්වයි කියල .උන් තමයි පෝස්ටර් ගහල මේ රට පෙරලන්න හදන්නේ කියල අර ලමයව නිදහස් කරලා එව්වලු .(නදී)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 10:46 AM

මම ඔය ගැන පොලීසියේ ඉන්න මගේ මිතුරකුගෙන් ඇහුවා. මේ එස්.පී. දයානන්ද කියන්නේ කවුද කියලා. තවත් එක හොරෙක් තමයි කීවා. .(ස)

:       0       0

පහන් Wednesday, 13 February 2013 06:12 PM

ඔන්න තව දවසක් ලොරියක් හයි ස්පීඩ් ආවලු .නිලධාරී මහත්තයා නතර කරන්ඩ අන දුන්නලු ඒත් නතර කලේ නැහැල්ලු . කඩාගෙන ගියාලු . ඒපාර නිලධාරී මහත්තයා එතන හිටපු රාළහාමිලා දෙන්නට කිව්වලු පන්නල ගිහින් වාහනේ නොම්මරේ ලියාගෙන එන්න කියල . රාළහාමිලා දෙන්න ට්‍රැපික් බයික් එකේ ගිහින් ලියාගෙන ආවලු ඇවිත් කිව්වලු එහෙම කොහොමද අපෙන් බේරිලා යන්නේ අපි ලියාගෙන ආව මෙන්න නොම්මරේ KMPH32 කියල .(නදී)

:       0       0

මිගාර Thursday, 14 February 2013 10:50 AM

චමින්දට දකුණ ගැන ඉරිසියා හිතිල වගේ. මතක තියාගන්න ඉරිසියා කරන මිනිස්සු කවදාවත් සතුටෙන් ඉන්නෙ නෑ .(ස)

:       0       0

දම්මි Wednesday, 13 February 2013 07:13 PM

යොහාන්ට පිස්සුද කොස් නඩු, පොල් නඩු තීන්දු දැක්කෙ නැද්ද? (නදී)

:       0       0

අමිල Wednesday, 13 February 2013 12:29 PM

ඉතින් මේ කතාව අර ව්‍යාපාරිකයා අපේ කතෘ තුමාට කියලද? (ස)

:       0       0

තිලක් Wednesday, 13 February 2013 07:40 PM

88/89 කාලෙ අපේ ගම වටකරල ගෙවල් පරීක්ෂා කරනව මගෙ පොත් මේසෙ ඇදල බලනකොට දැක්ක විවෘත විශ්වවිද්යාලය කියල පොතක්. හුහ් මෙ‍ ඉන්නෙ විශ්ව විද්යාල කාරයො කියල මට හොදටම ගහල මහ ෙලාකු ජේ.වී.පී නායකයෙක් අල්ල ගත්ත වගේ පොතත් එක්ක අරන් ගියා. පොලිසියෙ ලොක්කා ආවෙ පසුවදා. ලොක්ක මගෙන් පූශ්ණ ටිකක් අහල යන්න කිව්ව. (නදී)

:       0       0

සරසි Wednesday, 13 February 2013 12:40 PM

එතකොට එස්.පී.ගේ අතින් කැඩුණහම ඒක මාර්ග නීතිය නෙමෙයිද? (නි)

:       0       0

ආනන්ද Wednesday, 13 February 2013 12:50 PM

පොලිසියට මඩ ගහන්නෙ ඇයි අනේ. ඒ අය කොච්චර බුද්ධිමත්ද? දැක්කද කටුගෙයි හොරුයි බඩුයි හොයාගත් හැටි? (නි)

:       0       0

අර්ජුන Friday, 15 February 2013 09:51 AM

එම්.සිල්වා කියලා බේරෙන්න බැරිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රොෂාන් Wednesday, 13 February 2013 08:40 PM

පහන්, ඕවා පරණ කතා. කමක් නැහැ. වෙලාව යන්නත් එක්ක හොදයි. (නි)

:       0       0

අචිනි Tuesday, 19 February 2013 04:11 PM

වාහනේ වටිනාකම අනුව සැළකිල්ල, කතාකරන විදිය වෙනස් වෙනවා. (නි)

:       0       0

විහඟ Monday, 18 February 2013 02:22 PM

ශ්‍රී ලංකා පොලීසිය නම් මෙලෝ රහක් නැහැ. (නි)

:       0       0

අබේ Monday, 18 February 2013 02:36 PM

කමක් නැහැ වැරදීමක් නම්. ඒ උනාට හොදම උගත් අය ඉන්නේ දකුනේ. වද කහ සුදිය බිවිව කට්ටියට අමාරු ඇති.(නදී)

:       0       0

ප්‍රෑන්ක් Sunday, 17 February 2013 11:05 AM

පොඩියට ඉන්න ට්‍රැපික් පී.සී කෙනෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

ඩයස් Saturday, 16 February 2013 06:35 AM

මේ ප්‍රතිචාර හරිම රසවත්. නමුත් ඒවයේ රසවත් ඇත්තක් තිබෙනවා. මේ අනුව බලන කොට ඉතාමත් වැදගත් වෙනවා ලැබෙන දරුවගේ අනාගතය ගැන හිතලා එස්.පී., ඩී.අයි.ජී. වගේ අකුරු මුලට එන නම් දාන එක. බඩදරු අම්මලා මේක මතක ඇතුව හිතට ගන්න. (නි)

:       0       0

දිසානායක Monday, 18 February 2013 09:53 PM

ආණ්ඩුවේ ලයිසන් එකෙන් අපරාධ කරන ආයතනයක් බවට දැන් පොලිසිය පත්වෙලා. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 February 2013 09:48 PM

යුෂ්මතා බොනවද? කියලා අහද්දී "බොනවා නම් බොමු " කිවුවලු. (නි)

:       0       0

රාජු Thursday, 14 February 2013 04:27 PM

අසරණ පොලිස් මහතා (දී)

:       0       0

පුරවැසියා Monday, 18 February 2013 03:14 PM

ඒ. එස්. පී ලියනගේ කියලත් කෙනෙක් ඉන්නේ.. (ස)

:       0       0

අමිල Friday, 15 February 2013 10:46 AM

වැරැද්දක් කරලා අහුඋනාම නම ඇහුවලු. අඥාන පඤ්ඥාරත්නලාගේ ඥානපාල කියලා කිව්වලු. ගම කොම්පඥ්ඥ වීදිය කිව්වලු.(ස)

:       0       0

ලංකාසිරි Saturday, 16 February 2013 07:55 PM

මමත පුංචි දවස් වල පාරේ වාහන එළවද්දී පොලිසියෙන් ඇල්ලුවහම අහන්නේ තාත්ත‍ගේ නම. එයාගේ නමටත් මුලින් ඔය අකුරු දෙක තියෙන නිසා මට යන්න දෙනවා. (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 13 February 2013 10:07 PM

අනේ අනේ! අ‍පේ පොලිසියට ගිය කලක්! (නි)

:       0       0

වරුණ Thursday, 14 February 2013 12:14 PM

අර කොම්පඤ්ඤවීදිය කියලා ලියාගන්න බැරි වුණ රාළහාමිට වුණ දේ වගේම එකක්. (නි)

:       0       0

චන්දික Saturday, 16 February 2013 07:57 PM

අපේ ඉස්කෝලේ මන් දන්න යාළුවෝ ඉන්නවා සාමාන්‍ය පෙළ පළමු වර විෂයන් 10ම අසමත්. ඒ අය සාමාන්‍ය පෙළ දෙවැනි වර හොරට වෙන අය දම්මලා ලියලා ඒ 5ක් 6ක් අරන් එස්.අයි. වෙලා ඉන්නවා දැන්. (නි)

:       0       0

සේන Thursday, 14 February 2013 04:38 PM

නියම සිද්දියක් නේ (දී)

:       0       0

සේනානායක Thursday, 14 February 2013 04:38 PM

ඔය තරම් බයක් මොකටද, එයා වරදක්නේ කලේ (දී)

:       0       0

දිසා Thursday, 14 February 2013 04:38 PM

හිනා යනවා මේ ගැන (දී)

:       0       0

ගමගේ Thursday, 14 February 2013 04:38 PM

ලොක්කන්ට වෙනම නීතියක් (දී)

:       0       0

සේකර Thursday, 14 February 2013 04:36 PM

මේක බලලා හිනාවෙනවා මිසක ඇත හදා බලන්න යන්න එපා (දී)

:       0       0

දයාරත්න Thursday, 14 February 2013 04:36 PM

මටත් ඔය වගේ සිද්දියක් වෙලා තියෙනවා (දී)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 04:36 PM

ඔන්න නියම දෙයියෝ සාක්කි (දී)

:       0       0

නායක Thursday, 14 February 2013 04:36 PM

මමත් කරලා බලන්න ඕනේ දවසක (දී)

:       0       0

තුෂාන් Thursday, 14 February 2013 04:38 PM

අන්න දෙයියෝ සාක්කි (දී)

:       0       0

පහන් Thursday, 14 February 2013 04:39 PM

සාගර, ලොක්කාට නිතිය ක්‍රියාත්මක කලානම් ඒ පොඩ්ඩා හෙට ගෙදර (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 612 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 806 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1055 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1011 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1276 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1621 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site