IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප‍්‍ර‍්‍රා: සභා මන්තී‍්‍රට දුරකථනයෙන් පොල් කඩන්න කතා කරලා

වත්තල පැත්තේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුගේ ජංගම දුරකථනය හිමිදිරි පාන්දර නාදවන්නට විය. ඒ වනවිට ඔහු සිටියේ  නාන කාමරයේය. නාදවන දුරකථනය රැුගෙන ඒ අසලට ආ බිරිය මෙන්න ඔයාට කෝල් එකක් යැයි කීවාය.
දෙවරක් කල්පනා කර බැලූ ඔහු කෝල් එක ගන්නේ නැතිව  ඉන්න යැයි කීවේ පසුව දුරකථනය අංකය බලා නැවත ඇමතීමට සිතාගනිමිනි.
විනාඩි කිහිපයකින් දුරකථනය ගෙන බැලූවිට ඇමතුම දුන් අයගේ අංකය එහි  සඳහන්ව තිබිණි. පෙරළා එම අංකයට ඇමැතුමක් ගත්තේය. පසුව ලැබුණු ඇමැතුමට  පිළිතුරු දුන් අය සඳහන් කළේ තමන් වැරදීමකින් මෙම අංකය ගෙන තිබුූ බවත් තමන්ට කතා කිරීමට අවශ්‍ය වුයේ වත්තේ පොල් කඩා ගැනීම සඳහා පොල් කඩන්නකුට බවත්ය.



අදහස් (0)

ප‍්‍ර‍්‍රා: සභා මන්තී‍්‍රට දුරකථනයෙන් පොල් කඩන්න කතා කරලා

ලලිත් Friday, 01 February 2013 04:16 PM

මම හිතන්නේ හරි නොම්මරේට තමයි කතා කරලා තියෙන්නේ. (නි)

:       0       0

ඩෑම් Friday, 01 February 2013 04:16 PM

පිස්සු නැත්නම් ෂෝක්... (නි)

:       0       0

සෑම් Saturday, 02 February 2013 04:04 AM

මේක ලොකු දෙයක් නෙමෙයි. මින් කියැවෙන දේයි අපි තේරුම් ගත යුත්තේ. (නි)

:       0       0

සංජීව Saturday, 02 February 2013 05:17 AM

මේක මේ සාමාන්‍ය දෙයක්නේ. අපේ මන්ත්‍රීලා කොයි වැඩේටත් දක්ෂයි. (නි)

:       0       0

ජයමහ Saturday, 02 February 2013 05:23 AM

පොල් කඩන්න කියලා කියන්න කිවුවේ අරයගේ බිරියද දන්නෙ නැහැ. (නි)

:       0       0

ජයා Tuesday, 05 February 2013 10:36 PM

පත්තරේට දාන්න වටිනවද මේක? (නි)

:       0       0

ක්‍රිෂ් Saturday, 02 February 2013 03:09 PM

ඡන්දෙට කලින් මේ වගේ සේවාවක් කරලා දුන්නානම් මනාප වැඩියෙන් ගන්න තිබුණා (ස)

:       0       0

දිමුතු Friday, 01 February 2013 11:04 AM

අයියෝ සල්ලී...මොකද්ද මේ විකාරේ (ස)

:       0       0

ප්‍රසන්න Saturday, 02 February 2013 07:25 AM

පත්තරේ දාන්නම වැඩේ. (නි)

:       0       0

ලලිත් Saturday, 02 February 2013 03:15 PM

කලින් රැකියාව මොකද්ද දන්නේ නෑ මෙයාගේ (ස)

:       0       0

ලලිත් Saturday, 02 February 2013 03:17 PM

මමනම් ගල් කඩන්නෙක්. මගෙත් ඉදිරි බලාපොරොත්තුව ජනතාව අතරට යන්නයි (ස)

:       0       0

දිසානායක Tuesday, 05 February 2013 05:06 PM

මන්ත්‍රී වැටුප මදි නිසානේ.(නදී)

:       0       0

රූපා Friday, 01 February 2013 11:38 AM

ප්‍රාදේශීය සභා වල ඉන්න බහුතරය රෑට පොල් කඩපු අය කියලා මහජනතාව දන්නවා ඇති. (නි)

:       0       0

තිලකගේ Wednesday, 06 February 2013 12:38 AM

සමහර ප්‍රාදේශීය මන්ත්‍රීලා කරන වැඩ දැක්කහම පොල් කඩන එක නම්බුයි. (නි)

:       0       0

රවී Thursday, 07 February 2013 09:07 AM

කෝල් එක ගත්ත කෙනා හරි, හැබැයි වෙලාව තමයි වැරදි (ස)

:       0       0

පාලිත-ඩුබායි Sunday, 03 February 2013 01:30 PM

දැන් මෙයා මන්ත්‍රී කෙනෙක් වුනාට කලින් මොනවාද කළේ.(නදී)

:       0       0

ෂෙරීෆ් Wednesday, 06 February 2013 12:45 AM

අනේ කරුණාකරලා අපිට එම ජංගම දුරකතන අංකය ලබාදෙන්න. (නි)

:       0       0

දෝහා Friday, 01 February 2013 11:50 AM

ඒකත් පොල් කේස් එකක්... (නි)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 04:14 PM

තාක්ෂණයක තරම (දී)

:       0       0

දෝහා Friday, 01 February 2013 11:53 AM

කවුද දන්නෙ පොල් කඩන්නා මන්ත්‍රීතුමාත් එක්ක හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවද කියලා? (නි)

:       0       0

දෝහා Friday, 01 February 2013 11:54 AM

පොල් කඩන්නා මන්ත්‍රීතුමා‍ගේ නොම්මරේ දෙන්න ඇති. (නි)

:       0       0

සරත් Friday, 01 February 2013 11:55 AM

පොල් ටිකක් කැඩුවනම් ගාණක් හොයා ගන්න තිබුණා (ස)

:       0       0

ප්‍රශාන්ත Saturday, 02 February 2013 09:38 AM

පොල් කැඩීම කියන්නේ සාධාරණ රැකියාවක් (ස)

:       0       0

අජිත් Saturday, 02 February 2013 09:41 AM

එයාට වැරදිලා නේද ? (ස)

:       0       0

කාංචනා Saturday, 02 February 2013 09:43 AM

මේක කියවලා හිනා වෙලා මගේ ඇඟත් රිදෙනවා (ස)

:       0       0

උපාලි Sunday, 03 February 2013 01:57 PM

පොල් කඩන එක ඊට වඩා නම්බුකාරයි. (නි)

:       0       0

කවීන් Sunday, 03 February 2013 09:30 PM

ඒ ඇමතුම නිවැරදියි. (නි)

:       0       0

දිසානායක Sunday, 03 February 2013 09:30 PM

දුරකතන ඇමතුම වැරදි නැහැ මම හිතන්නේ. (නි)

:       0       0

ඩේවිඩ් Tuesday, 05 February 2013 11:46 AM

ඔය එකපාරටම උඩ ගිය සභාපතිලා නිසා තමයි ලංකාවේ අපරාධ වැඩි. (නි)

:       0       0

ෂෙල්ටන් Friday, 01 February 2013 12:35 PM

උදෑසනට ගැළපෙනම දුරකතන ඇමතුමක්. (නි)

:       0       0

ගාමිණී Friday, 01 February 2013 12:36 PM

පොල් කැඩීම හෑල්ලුවට ලක්කළ යුතු නැහැ. (නි)

:       0       0

ලලිත් Saturday, 02 February 2013 05:48 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය පොල් කඩන්න හැරෙන්න වෙන මොනවද දන්නේ? (නි)

:       0       0

රත්නායක Saturday, 02 February 2013 11:32 AM

මේක වැරදීමක් නෙමෙයි (ස)

:       0       0

සුදේෂ් Friday, 01 February 2013 01:36 PM

ලංකාවේ පොල් කඩනවා කියන එකට හිනාවෙනවා. හීනමාන‍යනේ... (නි)

:       0       0

සිසිර Wednesday, 06 February 2013 08:23 AM

පොල් කඩන අය තව ‍හොඳයි (ස)

:       0       0

ලියනගේ Tuesday, 05 February 2013 01:04 AM

ඒක එචිචර ලොකු දෙයක් නෙමෙයි.(නදී)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Friday, 01 February 2013 01:51 PM

ප්‍රාදේශීය සභාවල කට්ටිය ඉස්සර කරපු දේවල් නවත්තලා දැන් පොල් කඩනවාද දන්නෙ නැහැ. (නි)

:       0       0

දයානන්ද Thursday, 07 February 2013 12:40 PM

ආ........... මේ "රෝන් නම්බර්" කේස් එකක්නේ.. ඕක ඔච්චර ලොකු දෙයක් නෙමෙයි. (නි)

:       0       0

ඩයස් Friday, 01 February 2013 10:22 PM

සමහරවිට මන්ත්‍රීකම ලැබෙන්න කලින් එයා ඒවා කරන්න ඇති. (නි)

:       0       0

බන්දුල, කටාර් Friday, 01 February 2013 02:41 PM

කලින් පොල් කඩපු කෙනෙක් නෙමෙයි නේද? විහිලුවට වගේ ඇහුවේ (ස)

:       0       0

ඩේවිඩ් Tuesday, 05 February 2013 02:36 PM

ලලිත් කියලා තියෙන්නේ තිත්ත ඇත්ත. (නි)

:       0       0

සිසිර Friday, 01 February 2013 10:59 PM

ඡන්දයක් ළං කරලා කතා කළා නම් හා, මම එන්නම් කියයි. (නි)

:       0       0

ක්‍රීමතී Tuesday, 05 February 2013 06:17 AM

දම්මිට මොකද ලලික් කරන දේට ඔච්චර කේන්ති ගියේ.(නදී)

:       0       0

දම්මි Monday, 04 February 2013 07:04 AM

මොකද ලලිත් ඔයාට මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

පෙරේරා Friday, 01 February 2013 10:23 AM

මම නම් හිතන්නේ ඔහු නිවැරදි පුද්ගලයාට තමයි කතා කරලා තියෙන්නේ. (නි)

:       0       0

වරුණ Friday, 01 February 2013 10:23 AM

මටත් මේ ළගදී නෝනා කෙනෙක් කතාකරලා එන ගමන් පාන් ගෙඩියක් ගේන්න කිවුවා. මම හා කියලා තිබ්බා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 498 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 761 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1019 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 991 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1268 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1612 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site