IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පියා පන්දාහේ නෝට්ටුව දුවගේ අභ්‍යාස පොතේ හංගලා

පාසල් සිසුවියකගේ අභ්‍යාස පොතක් ඇතුළේ රුපියල් පන්දහසේ නෝට්ටුවක් තිබීම නිසා මහත් ආන්දෝලනයක් ඇතිවීමේ පුවතක් අසන්නට ලැබුණේ කළුතර ප‍්‍රදේශයේ ග‍්‍රාමීය පාසලකිනි. දහය වසරේ සිටි මේ ශිෂ්‍යාව ගණිත විෂය පිළිබඳව ගුරුවරයා දුන් අභ්‍යාසය නිමකොට අනෙක් සිසුවන්ගේ පොත් සමග තම පොත ද ගුරුවරයාගේ මේසය මත තැබුවාය. පොත් පෙරැළමින් අභ්‍යාසය බැලූ ගුරුවරයා මෙම පොත පෙරළන විට එහි තිබී මේසය මතට වැටුණේ රුපියල් පන්දහසේ නෝට්ටුවකි. ගුරුවරයා ඒ පිළිබඳව ඇගෙන් විමසූ විට ඇය කීවේ තමා කිසිවක් නොදන්නා බවකි. මේ ආරංචිය පන්තිය හරහා විදුහල්පතිගේ කනටද ගියේය. ශිෂ්‍යාව කිසියම් සොරකමකට සම්බන්ධ දැයි පරීක්‍ෂණයක් කිරීමට සූදානම් වන විටම කාර්යාලයට දුවගෙන ආවේ මැදිවියේ පුද්ගලයෙකි. ”මම දීපු රුපියල් පන්දහසක ණයක් ආපසු හම්බවෙලා ගෙදර මනුස්සයට හොරෙන් පොතක් අස්සෙ හැංගුවා. ගෙදර හැම තැනම බලල මේ දුවගෙන ආවෙ දුවගෙ පොතකවත් දාලද බලන්න.’’ ඔහු කීමෙන් විදුහල්පති සැනසුම් සුසුමක් හෙළුවාලූ.



අදහස් (0)

පියා පන්දාහේ නෝට්ටුව දුවගේ අභ්‍යාස පොතේ හංගලා

සජී Monday, 19 November 2012 09:36 AM

ඇති ඔයින් බේරුනා (ස)

:       0       0

නාලක Monday, 19 November 2012 10:12 PM

චන්ද්‍රසිරි, බොරු කියන්න එපා. ඔයා ඉස්කෝලෙ යන කාලේ කොහේද 5000 කොළ තිබුණේ? (නි)

:       0       0

සංජු Monday, 19 November 2012 04:15 PM

චන්ද්‍රසිරි හොඳ වැඩේ ඔයා‍ට (ස)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 19 November 2012 09:53 AM

යමක් කමක් දන්න දෙමව්පියෝ ටිකක් කල්පනාවෙන් වැඩකරනවානම් නේද හොඳ. තව ටිකෙන් අර දරුවා ලැජ්ජාවට පත් වෙනවා (ස)

:       0       0

වරුණ Monday, 19 November 2012 10:33 AM

බලන්න කොච්චර මෝඩද කියලා?මේ ළමයා මේ ලැජ්ජාවට ‍මොනවාහරි කරගත්තා නම්? (නි)

:       0       0

නසාර් Monday, 19 November 2012 04:47 PM

ජීවිතේම මල්....සල්ලි තියෙනකම් (ස)

:       0       0

තුෂාර Monday, 19 November 2012 10:26 AM

මේ වගේ එවුවා දෙයියෝ සාක්කි එකට වටින්නේ නෑ නේද? (අ)

:       0       0

මනුජ Monday, 19 November 2012 11:07 AM

තව ටිකෙන් ළමයට දෙයියෝ සාක්කි තමයි...... (නි)

:       0       0

සරත් Monday, 19 November 2012 11:09 AM

හදිස්සිය නිසා කාට කාටත් ඔය වගේ දේවල් වෙනවා (ස)

:       0       0

දමිත් Thursday, 22 November 2012 09:32 AM

මම දකින විදියට ඉතාමත් අනර්ගයි (ස)

:       0       0

සිල්වා Monday, 19 November 2012 11:51 AM

අනේ අනේ තාත්තගේ මොලේ (ස)

:       0       0

රුමේන් Monday, 19 November 2012 11:57 AM

පන්දාහේ නෝට්ටුව අතුරුදහන් වුණානම් දෙයියෝ සාක්කිම තමයි (ස)

:       0       0

චානක Monday, 19 November 2012 06:28 PM

නසාර්, ඕකම කිය කියා මනුස්සයෙක් වරකාපොල බස් ස්ටෑන්ඩ් එකේ ස්විප් ටිකට් විකුණුවා. දැන් එයා එතනම හිඟමන් ඉල්ලනවා. (නි)

:       0       0

හේරත් Wednesday, 21 November 2012 12:42 AM

අපි පොතක් පෙරලුවෙමු. ආශ්චර්යයකි. (නි)

:       0       0

ෆිරෝ Monday, 19 November 2012 12:21 PM

මෙවන් කතා වලට ප්‍රතිචාර දැක්වීමට මට නොසිතේ. (නි)

:       0       0

අජිත් Tuesday, 20 November 2012 08:02 AM

5000 කොළයක් දැකපු දවසක් මතක නැහැ. මොකද මම ඉන්නේ ලංකාවෙනේ. (නි)

:       0       0

ලලිත් Monday, 19 November 2012 12:49 PM

හොඳ සිද්ධියක් . මේ වගේ දේවල් හදිස්සියට සිද්ධවෙනවා (ස)

:       0       0

අරුන් Tuesday, 20 November 2012 08:28 AM

ඔයා ගණන් ගුරුවරයානම් මොකද කරන්න (ස)

:       0       0

හර්ෂ Tuesday, 20 November 2012 08:33 AM

දෙයියෝ සාක්කි කියන්න වටින්නේ නෑ(ස)

:       0       0

ගිරිගෝරිස් Monday, 19 November 2012 07:11 PM

එයා කොහොමද එකපාරටම දුවගෙන ආවේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 19 November 2012 12:53 PM

නොකළ වැරදි වලට මමත් ගුරුවරුන්ගෙන් ගුටිකාලා තියෙනවා. (නි)

:       0       0

ජෝස් Monday, 19 November 2012 07:39 PM

අද ඉදලා මමත් මගේ පොත් පෙරළලා බලනවා සල්ලි තියෙනවද කියලා. (නි)

:       0       0

දයාරත්න Tuesday, 20 November 2012 02:25 PM

කතාවනම් තුට්ටු දෙකක් වටින්නෑ (ස)

:       0       0

පාලින්ද Tuesday, 20 November 2012 10:25 AM

අන්න මාරු

:       0       0

සහන Monday, 19 November 2012 02:36 PM

හොද වෙලාවට තාත්ත ඉස්කෝලෙට අවේ. නැත්නම් දුව හොරෙක් වෙනවා (දී)

:       0       0

සංකා Monday, 19 November 2012 08:21 PM

අයි මේ වගේ පහත වැඩ කරන්නේ? (දී)

:       0       0

රානි Monday, 19 November 2012 08:25 PM

මෙහෙමත් තාත්තල (දී)

:       0       0

මුතුකුඩ Monday, 19 November 2012 09:25 PM

ඔතන වැඩේ ගෙදර මනුෂ්‍යයාට හොරෙන් හංගපු එකනේ. ගෙදර මනුෂ්‍යයාට කියලා හැංගුවා නම් හරිනේ. (නි)

:       0       0

සුනිල් Thursday, 22 November 2012 06:57 AM

පුදුම වෙන්න දෙයක් නෑ ...ලංකාවේ ඒකපුත්ගල ආධායම ඩොලර් 2800 බව අමතක වුණාද ?? (ස)

:       0       0

නදීෂ් Wednesday, 21 November 2012 09:28 AM

අනේ මන්දා මෙහෙමත් වැඩ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 566 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 903 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 944 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1248 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1583 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site