IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පෙම්වතියට එස්.එම්.එස්. යවන්න රු. 15000ක් පුදලා

ත‍්‍රීරෝද රථ රියදුරකු වන ඔහු වෙනත් ත‍්‍රීරෝද නැවතුමක මිතුරෙක් හමුවී ”මචං මට හොඳ ගැහැණු ළමයෙක් සෙට් කරලා දීපන්කෝ” යැයි පැවසීය. ”මම උඹට නොම්මරයක් දෙන්නම්. කෙල්ල සෙට් කර ගන්න එක උඹේ වැඩක්. ඒ ගර්ල් ටැමිල්” මිතුරා කීය. දුරකතන අංකය ලබාගත් තරුණයා පසුව ඇමතුමක් ගත්විට මිහිරි කටහඬකින් දමිළ බසින් යාර් පේසරැදු? (කව්ද කථා කරන්නේ) යනුවෙන් ඇසිණි. මෙය තරුණයාට අණ්ඩර දෙමළයක් විය. ”හූ ඉස් ස්පීකින් ප්ලීස්” ඇය ඉංග‍්‍රීසියෙන්ද විමසුවාය.
දුරකතනය විසන්ධි කර ඔහු  අසල නිවෙසක සේවය කරන මාමා යනුවෙන් හඳුන්වන පුද්ගලයා හමුවූයේ ඔහුට ඉංග‍්‍රීසි දැනුමක් ඇති බැවිනි. ”මාමා මම සිංහලෙන් කියන ඒවා ඉංග‍්‍රීසියෙන් එස්.එම්.එස්. කරලා දෙන්න පුලූවන්ද?” ඔහු විමසීය. සිම්පල්නේ, යැයි පැවසූ මාමා තරුණයා පවසන දේ ඉංග‍්‍රීසියට හරවා කෙටි පණිවිඩ මගින් තරුණියට යැවීය. ඒවාට ලැබෙන පිළිතුරු මාමා විසින් සිංහලට හරවන ලදි. දිනපතා කෙටි පණිවිඩ හතරක් පහක් තරුණියට යැවූ අතර, යවන එක් පණිවිඩයකට රුපියල් විස්සක් අවශ්‍ය බව මාමා පැවැසීය. ඒ අනුව දිනකට රුපියල් අසූවක් පමණ මාමාට ලැබිණි. ඔහු ඒවා මත්පැන් සඳහා වැය කළේය. දිනක් තරුණයා ”මාමා මගේ තාත්තා විදිහට ගර්ල්ට කතා කරලා කියන්න, මගේ ජොබ් එක මෝටර් සයිකල් පාට්ස් කඩවලට දාන එක කියලා”. ඒ අනුව මාමා තරුණයාගේ දුරකතනයෙන් ඇමතුමක් දී ඒ බව පැවැසීය. ඇමතුමකට මාමා රුපියල් සීයක් අය කළේය.
මාස තුනක් ගතවිය. දිනක් දුරකතන අංකය ලබා දුන් මිතුරා මුණගැසුණු තරුණයා, ”මචං එස්.එම්.එස්. වලටයි කෝල්ස්වලටයි දැනට මම රුපියල් පහළොස් දහකට වැඩියෙන් මාමාට දීල තියනවා” යැයි කීය. එවිට මිතුරා ”උඹ ඉංග‍්‍රීසිවලට නයිට් ක්ලාස් එකකට ගියානම් ඔච්චර සල්ලි යන්නෙත් නැහැ, මේ වෙනකොට උඹට හොඳට ඉංග‍්‍රීසි කතා කරන්නත් පුළුවන්” යැයි පැවසීය.



අදහස් (0)

පෙම්වතියට එස්.එම්.එස්. යවන්න රු. 15000ක් පුදලා

චන්දි Tuesday, 06 August 2013 09:51 AM

අනේ ගාමිණී,මම නම් ගත්තේ අලුතෙන්මයි. මගේ යාලුවත් අරන් තියෙන්නේත් යු එස් ඩොලර් 600ක් දීලා. හැබැයි ඉතින් මං මේක කබඩ් එකේ දාලා තියෙනවා නම් කොහොමද මේ ඔයාලට ලියන්නේ. පොඩ්ඩක් මොළය මදි වගේ නේද ඔයාගේ? (නි)

:       0       0

සරත් Monday, 05 August 2013 02:52 PM

ගාමිණී, එහෙම හිතුවොත් ඉතින් බැහැම තමා (නි)

:       0       0

සරත් Monday, 05 August 2013 09:48 AM

පටන්ගන්න කාලේ මමත් යාලුවන්ගෙන් ඔය වගේ උපකාර ගත්තා. අපේ කාලේ ඉතින් ලියුම් ගනුදෙනු විතරනේ තිබුනේ. පස්සේ නම් තනියම කරගෙන ගියා. පස්සේ කාලෙක නෝනා ඇහුවම "කෝ අර ලස්සන අදහස් කියලා" ඒ ඉතින් මමම නෙමෙයිනේ, කියලා අමාරුවෙන් ගොඩගියේ. ඒක නිසා පරෙස්සමට මලයෝ. (නි)

:       0       0

කාන්ති Monday, 05 August 2013 09:48 AM

මෙහෙමත් මෝඩයෙක්.සිංහල රටේ සිංහල කෙල්ලෙක් හොයා ගන්න බැරිද? (නි)

:       0       0

අකිල Monday, 05 August 2013 07:23 PM

"ආරේ ගති නෑරේ."

:       0       0

ශශීමාල් Monday, 05 August 2013 03:10 PM

මෙහෙමත් මෝඩ කොල්ලෙක් (නි)

:       0       0

කිත්සිරි Monday, 05 August 2013 03:15 PM

කොහොම වුණත් එච්චර කල් කෙටි පණිවිඩ යව යවා නොදැක හිටියා නම් එයා මෝඩයෙක්ම තමයි. (නි)

:       0       0

විජේ Monday, 05 August 2013 10:04 AM

මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

චමින්ද Monday, 05 August 2013 03:35 PM

අනේද කියන්නේ........ (නි)

:       0       0

රුපවති රත්නායක Tuesday, 06 August 2013 11:23 AM

උපාලි අයියේ ඇයි දෑවැද්දක් ගැන කතා කරන්නේ

:       0       0

විදුමල් Tuesday, 06 August 2013 06:24 PM

ප්‍රශ්නයක් නැහැ.දෙමළ ගැහැණු ළමයින්ට දෑවැද්ද දෙනවා වැඩියි මල්ලි. (නි)

:       0       0

අනුත්තර Wednesday, 07 August 2013 05:11 PM

මොනවා වුණත් පව් නේද? ආදරේට ජාති ආගම් ප්‍රශ්නයක් නම් නැහැ. එහෙත් පරිස්සමට කල්පනාවෙන්. (නි)

:       0       0

සුරංග Monday, 05 August 2013 03:57 PM

මාමා ඉංග්‍රීසි පන්ති කළා නම් මිටවඩා සල්ලි හොයන්න තිබුනා

:       0       0

අමර Monday, 05 August 2013 04:40 PM

කෙල්ල මාමා එක්ක පැනල නොගියොත් පුදුමයි.

:       0       0

චන්දි Tuesday, 06 August 2013 12:32 AM

මේ සිද්ධිය දැක්කම මට මතක් වුණේ මගේ යෙහෙලියෙක්. ඇය එස්.එම්.එස්. එකක්වත් යවන්න දන්නේ නැහැ. නමුත් මේ ළගදි දවසක් ලැප් ටොප් එකක් ගෙනල්ලා ලංකාවට කෝල් ගන්න කියලා.ගෙනාපු ගමන් ගොඩක් යහළුවන්ට පෙන්නලා, කෙනෙක් කියලා ඕකෙන් ලංකාවට කෝල් ගන්න ගොඩක් දේවල් කරන්න ඕනෑ කියලා. දැන් එයා ඒක කබඩ් එකේ දාගෙන ඉන්නවලු (නි)

:       0       0

හේරත් Tuesday, 06 August 2013 12:37 AM

ප්‍රශ්නයක් නැහැ. දෑවැද්දට ආපහු ලැබේවි. (නි)

:       0       0

උපාලි Tuesday, 06 August 2013 02:25 AM

තවම දෙන්න දැකලවත් නැහැ එතකොට. දැනටම 15000 ක් ගිහින්. තව බොහොම යන බව පේනවා ඉස්සහට. කොල්ලෝ, ගණන් හිලව් ලියාගෙන ඉඳලා දෑවැද්දෙන්වත් කවර් කරගන්න බලපන්. (නි)

:       0       0

පිටිගල Monday, 05 August 2013 05:11 PM

මෙහෙමත් පිස්සු වැඩ? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 06 August 2013 05:33 AM

ආලය අන්ධය (නි)

:       0       0

අවිශ්ක Monday, 05 August 2013 12:51 PM

අන්න වරුණ ඔයත් යන්න. එක එක්කෙනාට වැඳ වැඳ ඉංග්‍රීසි අහගන්න ඕනෑ නැහැනේ. පාසලේදී ඉගෙන ගන්න උනන්දුවක් තිනුනෙත් නැහැනේ. (නි)

:       0       0

සංජීව Monday, 05 August 2013 12:53 PM

දැන් දෙමළ කාටද සිංහල බැරි? අනේ මේවා කාටද කියන්නේ? (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 06 August 2013 09:59 PM

ඔයා...මොබයිල් එකට මොන වියදමක් කලත් ..කබඩ් එකේ නොදා සිටීම නම් වැදගත්, ඇරත් ඒ මල්ලීට ඉන්ග්ලිෂ් නොතේරෙන නිසා සිංග්ලිෂ් වලින් කතා කළා නම් , තමා හොඳ. පව් ඒ කොලුවාගේ 15,000 /= ඉතිරි වෙනවා වගේම වැඩෙත් හරිගිහින් ශුභ අනාගතයකුත් ලැබෙනවා... (දී)

:       0       0

උපාලි Tuesday, 06 August 2013 03:38 PM

රුපවති නංගි, ඔයාට ස්තුතියි දෑවැදි ප්‍රශ්නය ගැන අහපු එක. ද්‍රවිඩ ගැහැණු ළමයින් දීග දෙන්න බැරිවීමේ / ප්‍රමාද වීමේ ප්‍රධාන හේතුව තමයි දෑවැද්දට සල්ලි නැතිකම. මගේ ද්‍රවිඩ යාළුවො කීප දෙනෙක්ම ඔය කතාව තහවුරු කළා. මේ කතාවේ "පෙම්වතිය" ද්‍රවිඩ නේ. ඒ නිසා මං හිතුවා ඒ දරුවන්ට තියෙන සමාජ අසාධාරණය පෙන්විය යුතුයි කියලා. (නි)

:       0       0

උපාලි Tuesday, 06 August 2013 07:46 AM

චන්දි, පාවිච්චි කරන්න දන්නේ නැති කෙනෙකුගෙන් ලාබෙට ගත්තා කියලා ඔයා කිව්වේ ඔය ලැප් ටොප් එක ගැනද? (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 05 August 2013 02:16 PM

" බැරිදේ නොකරන් අබරෝ " යන කියමන තේරුම් ගත්තොත් නම් ටිකක් හොඳා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 885 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 921 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1134 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1050 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1634 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site