IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පෙම්වතියගේ අලූත් පෙම්වතාට ගහන්න ගිහින් හොඳටෝම ගුටි කාලා

(මහියංගන රංජිත් කරුණාවීර)
කාර්යාල පුහුණුව සඳහා ගිය තම පේ‍්‍රමවන්තිය කාර්යාලයේ තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් පටන්ගැනීම හේතුවෙන් උරණ වූ මුල් පේ‍්‍රමවන්තයා කාර්යාලය තුළටගොස් නව පෙම්වතාට පහරදීමේ සිද්ධියක් මහියංගන ප‍්‍රදේශයේ රජයේ කාර්යාලයකදී පසුගියදා වාර්තා වූ අතර, ගුටි බැට හුවමාරුවෙන් නව පෙම්වතාට රෝහල් ගතවන්නට සිදුවී ඇති අතර, මේ වන විටත් ඔහු මහියංගන මූලික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටී.


සිද්ධිය සැකෙවින් මෙසේය.
මහියංගන රජයේ කාර්යාලයේ පුහුණුව සඳහා තරුණියක් පැමිණ ඇති අතර, එසේ පැමිණෙන විටත් මිනිපේ ප‍්‍රදේශයේ තරුණයෙකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් තිබී ඇත. ටික කලකින් ඇය කාර්යාලයේ තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් ආරම්භ කර ඇති අතර, මේ සම්බන්ධය ගැන පැරැුණි පේ‍්‍රමවන්තයාට වටින් ගොඩින් ආරංචි ලැබී ඇත.


මේ ආරංචිවලින් කෝපයට පත් පැරැුණි පේ‍්‍රමවන්තයා පසුගිය දින මහියංගන රජයේ කාර්යාලයට කාර්යාල වේලාව තුළදී කඩාවැදී තම පෙම්වතියගේ නව පේ‍්‍රමවන්තයාට යතුරුපැදි හෙල්මටයෙන් පහර කිහිපයක් ගසා ඇත. රණ්ඩුව බේරීමට ගිය කාර්යාලයේ අනෙකුත් කාර්යාල නිලධාරීන්ට ද ඔහු පහර දෙන්නට පටන් ගැනීම හේතුවෙන් කාර්යාල සේවකයින් එක්වී මුල් පෙම්වතාට හොඳටම පහරදී ඇත.


මෙම ආරවුල සම්බන්ධයෙන් මුල් පෙම්වතාගේ නිවසට ආරංචිවී ඇති අතර, පොලිස් නිලධාරියෙකු වූ ඔහුගේ පියා පැමිණ තම දරුවා රැගෙනගොස් ඇත.
එම කාර්යාලයේ නිලධාරීන් මහියංගන පොලිසිය වෙත සිද්ධිය පැමිණිලි කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විටත් සිදුකෙරේ.
එම කාර්යාලයේ ප‍්‍රහාරයට ලක්වූ තරුණ නිලධාරියා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මහියංගන මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර, පහරදීම සිදු කළ පෙම්වතා ද කාර්යාලයේ නිලධාරීන් තමාට පහර දුන් බව පවසමින් රෝහල්ගතවී සිටියේය.



අදහස් (0)

පෙම්වතියගේ අලූත් පෙම්වතාට ගහන්න ගිහින් හොඳටෝම ගුටි කාලා

ශාන් Thursday, 09 July 2015 07:14 AM

පිටබැද්දර ජයා, ඔයා බැදලද? (බ)

:       0       0

සුනිල් Friday, 10 July 2015 05:40 PM

බොරුවට මරාගන්නේ නැතුව ෂෝක් එකට බේරාගන්න තිබුන ප්‍රශ්නයක්නේ (නි)

:       0       0

හැරිසන් Sunday, 12 July 2015 10:43 AM

යන එකාට යන්න දීල වෙන කෙනෙක් හොයාගන්න (බ)

:       0       0

නාලක Friday, 10 July 2015 06:14 PM

හිත ගිය තැන මාළිඟාව (නි)

:       0       0

ඉන්දික Thursday, 09 July 2015 08:31 AM

අධික තණ්හාව නිසා මෝඩකම, මුලාව ඇතිවේ. මෙහි ඇත්තේ ප්‍රේමය නොව අධික තණ්හාවයි. මෙවැනි අය‍ට ප්‍රේමවන්තයන් කීම වැරදිය.(ම)

:       0       0

පීරිස් Thursday, 09 July 2015 02:24 AM

දකින දකින කොල්ලෝ එක්ක යාලුවෙන අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. අනික ඒ අලුත් කොල්ලත් දැන ගන්න එපැයි වෙන එකෙක් දලා තමන් එක්ක ආව ගෑනි තව එකෙක් එක්ක නොයා ඉඳීයිද? (නදී)

:       0       0

සෙලනිකස් Thursday, 09 July 2015 04:08 PM

පීරිස්, ගැළපෙන්නේ නැත්නම් සාමකාමීව වෙන්වෙන එක නේද හොඳ? (නි)

:       0       0

සම්පත් Friday, 10 July 2015 05:41 AM

ප්‍රේමති ජායති සෝකෝ මේක සාධාරණ හැගීමක් එත් යථාර්තය තේරුම් ගත යුතුයි. ඇබිලිපිටිය සිදුවීම වලට මුල මේ මෝඩ කෙල්ලෝ අපරාදේ අහිංසක කොල්ලෝ මරාගන්නවා (ම)

:       0       0

කුමාර පැරිස් Monday, 13 July 2015 09:39 PM

මේ දන්නවද ? මේ දෙදෙනා ගහගන්න අතරේ පෙම්වතිය කැන්ටිමේ අලුත් "ලව් " එකක්ලු. (නදී)

:       0       0

රුෂාන් ප්‍රනාන්දු Thursday, 09 July 2015 03:36 AM

මෝඩ යක්කු... අද කාලේ කෙල්ලොන්ගේ හැටි දැනගෙන ආදරය කරාම ප්‍රශ්න නෑ.. කෙල්ලෝ නිසා ගහගන්නවා තරම් මෝඩ වැඩක් තවත් නෑ.. (ස)

:       0       0

ඩෑම් Thursday, 09 July 2015 08:37 PM

මෝඩ කොල්ලා...! (නි)

:       0       0

සිදත් Thursday, 09 July 2015 04:29 AM

ඔය කියන පළමු පෙම්වතා දාමරික කෙනෙක් බව පේනවා නේද. එහෙම කෙනෙක් ගෙන් වෙන්වීම නේද හොඳ. ආදරය හිතේ පිරුන අය කාටත් කරුණාවන්තයි. හතුරෙක්ට වත් නපුරක් කරන්නේ නැහැ. රාගයෙන් අන්ධ වුන මෝඩයන්ව අතහරින්න හැම කෙල්ලටම ධෛර්යය ලැබේවා. (බ)

:       0       0

ඇසිලින් Thursday, 09 July 2015 10:10 PM

කොහොමද වැඩ? (නි)

:       0       0

වන්නිලා Monday, 13 July 2015 04:12 AM

කැකුලි පොජ්ජ මන්ද වෙන්න කියල කොලු පොජ්ජ මන්ගච්චනෝ නම් කොදුඉ. (ස)

:       0       0

චන්න බුවනක Wednesday, 08 July 2015 07:57 PM

"ඒක් පූල් දෝ මාලි " කියන්නේ ඕකට තමයි. එක මලයි බමරු දෙන්නයි.(නදී)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 09 July 2015 05:26 AM

මේවගේ සිදුවීමක් නිසා තමයි මේ ළඟදි උඩවලව ප්‍රදේශයේ මිනි මැරුමක් සිද්ද වුනේ (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 08 July 2015 09:36 PM

මෝඩ මිනිහා, ගැහැණු හතර දෙනෙකුට එක කොල්ලයි කියල වාර්තාවක් දැක්කා. එහෙමත් එකේ යන එකාට යන්න දීල වෙන අතක් බැලුවනම් කොල්ලෝ උඹ ගොඩ ! (නදී)

:       0       0

ලලිත් Thursday, 09 July 2015 01:40 PM

මම හිතන්නේ ශාන් මේ පුවත් දකිනකොට පිටබැද්දර ජයාට නැවුම් අදහස් ජයට පහළ වෙනවා වගේ. බවලතුන්ගේ සංඛ්‍යාත දත්තත් සොයාගෙන තියෙන්නේ. (නි)

:       0       0

සරත් Wednesday, 08 July 2015 11:01 PM

"නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන" (නි)

:       0       0

සුබාෂ් වික්‍රමසිංහ -ඩුබායි Thursday, 09 July 2015 06:31 AM

" ප්‍රේමයෙන් මන රන්ජිත වේ.... නන්දිත වේ...... " කිව්වට ගුටි කන්නත් වේ.......... අහෝ ප්‍රේමය...... (ම)

:       0       0

රාධා Thursday, 09 July 2015 12:12 AM

මගේ පුංචි රෝසමලේ මමයි ඔබේ පළමු පෙම්වතා - ඔබ හීනෙන්වත් නොදකින සැබෑ පෙම්වතා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 433 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 746 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 614 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1132 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 876 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 755 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site