IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පිම්මේ ගිය ලොරියට වෙඩි තබා නවතා බලද්දී ඇතුළේ මළ මිනියක්

(පුත්තලම - ජූඞ් සමන්ත, හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු සහ පුත්තලම අතිරේක බුද්ධි ලක්ෂාන්)

පොලිස් අණ නොතකා ධාවනය වූ බව කියන කුඩා ලොරියකට වෙඩි තබා එය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී විෂ ඇට ශරීරගත වී මිය ගිය අයකුගේ මළ සිරුරක් හමු වූ බව පල්ලම පොලිසිය කියයි.

පෙරේදා 04 වැනිදා රාත‍්‍රි 10.00ට පමණ මෙම සිද්ධිය වී ඇත. ආඩිගම - කීරියන්කල්ලිය මාර්ගයේ දේවාලහන්දිය ප‍්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කිරීමට පල්ලම පොලිසියේ නිලධාරීන් කටයුතු කර ඇත.

වෙඩි ප‍්‍රහාරයෙන් පසුව නවත්වා ගත් ලොරිය පරීක්ෂා කරන විට ලොරියේ සිටි අය පවසා ඇත්තේ තමන් අසාධ්‍ය තත්ත්වයේ රෝගියකු රෝහල කරා රැුගෙන යමින් සිටින බවයි. ඒ අනුව ලොරියේ පිටුපස කොටස පරීක්ෂා කර බලන විට කොටසේ මිය ගොස් ඇති පුද්ගලයකුගේ සිරුරක් ඇති බවක්ද පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිවී ඇත.

ලොරිය පැදවූ බව කියන ආඩිගම - ගල්කුලිය පදිංචිකරුවකු පොලිස් වෙඩිපහරින් සුළු තුවාල ලබා ඇත. ඔහු මේවන විට හලාවත මහා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. මළ සිරුර මුන්දලම දිසා රෝහලේ තැන්පත් කර ඇත.



අදහස් (0)

පිම්මේ ගිය ලොරියට වෙඩි තබා නවතා බලද්දී ඇතුළේ මළ මිනියක්

චන්ද්‍ර වීරසිංහ Thursday, 08 January 2015 08:34 PM

පොලිසිය දැක්කම බයහිතිලා බ්රේක් කියලා ඇක්සලරේටරය පෑගෙන්න ඉඩ තියෙන හින්දා මේ වෙඩිතියන එක නම් හරි භයානකයි නේද? අපිට කොයි වෙලාවේ වෙඩිවදීද දන්නේ නැහැ. (නි)

:       0       0

සඳුන් Wednesday, 07 January 2015 10:23 AM

වෙඩි වලට බයවෙලාම මියගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 792 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 875 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1097 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1029 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1286 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1628 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site