IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දරුවාට බොරු කියලා දුරකථනයත් අහිමිවෙලා

කුඩා දරුවකුට බොරු කීම හේතුවෙන් රුපියල් තිස් දහසක් පමණ වටිනා ජංගම දුරකථනයක් අහිමි කරගත් පියකු පිළිබඳ කතාවකි. ”අනේ පුතේ  ඕක අල්ලන්න එපා.  ඕකේ සත්තු කක්කි දාල තියෙන්නේ. පුතාගේ අතේ ගෑවෙයි” රුපියල් තිස් දහසක් පමණ වටිනා සිය ජංගම දුරකථනය කුඩා පුතු අතේ තබාගෙන සෙල්ලම් කරනු දැක රත්වූ ඔහු පුතුට එසේ බොරුවක් කියා රවටා ජංගම දුරකථනය උසින් ඇති පොත් රාක්කයේ තබා වෙනත් කටයුත්තක නිරත විය. මද වේලාවක් ගත විය. නිවසේ පිටතින් සිය වැඩි මහල් දියණිය කෑගසනු ඇසුණි. තාත්තේ... තාත්තේ... ඉවරායි. මෙන්න ඔයාගේ පෝන් එක ඉවරායි. ඔහු වහා එතැනට දිව ගියේය. කුඩා පුතු ජලය පිරුණු බඳුනකට සිය ජංගම දුරකථනය ඔබාගෙන පොල් මුඩුවකින් අතුල්ලමින් සිටියේය. අනේ පුතේ ඔයා මොකද කළේ ඔහු ඇඬුම්බරව කීවේය. ”මේකේ සත්තු කක්කි දාලනේ තාත්තේ මම හේදුවා නැත්තං තාත්තගේ අතෙත් ගෑවෙයි” ”ආ මෙන්න දැන් කක්කි නෑ” අතරින් පතර ගැලවුණ දත් අතරින් සිනා පිරි මුවින් පුතුගේ මුහුණ දෙසා බලා ඔහු දිගු සුසුමක් හෙළීය.



අදහස් (0)

දරුවාට බොරු කියලා දුරකථනයත් අහිමිවෙලා

තුසිත Tuesday, 27 November 2012 01:56 PM

නියම කොල්ලෙක්..!(නු)

:       0       0

චමින්ද Monday, 22 October 2012 09:33 AM

එල කොල්ලෙක් (ස)

:       0       0

විමුක්ති Monday, 22 October 2012 04:51 PM

සේනානායක, වියහැකි සහ විය නොහැකි.... (නි)

:       0       0

දයානන්ද Monday, 22 October 2012 10:14 AM

පොඩි අයට බොරු කියන්න එපා... ඇත්ත කියලා දෙන්න. අපි හැමදාම කලේ බොරු කියලා.ඒ නිසා තමයි අද අපේ රට වැනසිලා තියෙන්නේ (ස)

:       0       0

තුෂාර Tuesday, 23 October 2012 07:51 AM

හරි ෂෝක්. ඔහොම තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

වසන්ත Monday, 22 October 2012 10:51 AM

දරුවන් බුද්ධිමත් දෙමාපියන්ට වඩා, බොරු කියනවා කියලා හිතුනහම ඇත්ත සොයන්න උත්සාහ කරනවා (ස)

:       0       0

පාලිත Monday, 22 October 2012 11:53 AM

මෙන්න අද නං දෙයියෝ සාක්කිම තමයි.(ස)

:       0       0

නිරාන් Monday, 22 October 2012 12:14 PM

වැඩිහිටියෝ වශයෙන් අපි හැමවිටම සත්‍ය අවබෝධ කරදීමට වගබලා ගතයුතුයි. (නි)

:       0       0

දිනේෂ් Monday, 22 October 2012 12:10 PM

බොරු නොකිය පුතේ මේක ගොඩක් වටිනවා කියලා කිව්වනස් සමහරවිට දරුවා ඒක අල්ලන්නැතුව ඉන්නත් ඉඩ තිබුණා (ස)

:       0       0

නිශාඩ් Tuesday, 23 October 2012 09:27 AM

පොඩි දරුවා රවට්ටන්න ගිහින් තමාම ගොනාට ඇදගත් මෝඩ පියෙක් (ස)

:       0       0

අමිල Wednesday, 24 October 2012 10:29 PM

බොරුමයි කියන්නේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 22 October 2012 12:43 PM

මගේ පුතාත් පොඩි කාලේ ඔය වගේ බලු පැටියෙක් හැදුවා. ඊළග දවසේ ඌ මැරුණා (නි)

:       0       0

හසිත් Monday, 22 October 2012 12:43 PM

හොඳ කතාවක් (ස)

:       0       0

ශශිකා Tuesday, 23 October 2012 09:05 PM

රටක් වටින පුතෙක්. (නි)

:       0       0

රාජා Wednesday, 24 October 2012 04:14 PM

මේක බොරු කතාවක්. දැන් ළමයි ඔය තරම් මෝඩ වැඩ කරන්නේ නැහැ. (ස)

:       0       0

පද්මි Tuesday, 23 October 2012 10:06 AM

ලේසියට බොරු කියනවට වඩා ඇත්ත පහදා දීමයි වැදගත් (ස)

:       0       0

හර්මන් Monday, 22 October 2012 07:56 PM

මේකනම් වෙන්න බැහැ. (නි)

:       0       0

රළපනාව Monday, 22 October 2012 12:52 PM

බොරැ කියන්න ළමයින්ට පුරුදු කරන්නේ වැඩිහිටියෝ තමයි (ස)

:       0       0

ශාමා Wednesday, 24 October 2012 11:32 PM

අයියෝ සල්ලි

:       0       0

රංජිත් Monday, 22 October 2012 01:22 PM

දෙයියෝ සාක්කි !. ඔන්න හොද කථාවක්?(ස)

:       0       0

චන්දිම Thursday, 25 October 2012 01:25 AM

නියම කොලු පැටියෙක්. (නි)

:       0       0

ගාල්ලේ කෙනෙක් Monday, 22 October 2012 02:06 PM

අතරින් පතර ගැළවුණු දත් අතරින් සිනාසෙන්න පුළුවන් කියන්නේ අවුරුදු 6ට වැඩි දරුවෙක් වෙන්න ඕනෑ (නි)

:       0       0

චමුදිත Friday, 26 October 2012 02:17 PM

සුපිරි කොල්ලෙක්. (ස)

:       0       0

තුවාන් Monday, 22 October 2012 10:05 PM

අදට කමක් නෑ මීට පස්සේ බොරු කියන්න එපා (ස)

:       0       0

චන්ද්‍රසෝම Monday, 29 October 2012 12:35 PM

විශ්වාස කරන්නත් අමාරුයි. (නි)

:       0       0

වෙනුර Monday, 29 October 2012 10:54 PM

තවත් දරු සුරතලයක්. (නි)

:       0       0

යොහාන් Monday, 22 October 2012 02:26 PM

අනේ පුතේ ඔයා දැක්කේ නැද්ද සත්තුන්ගේ කක්කි ඒකේ නොතිබ්බ බව (ස)

:       0       0

නිමාලි Tuesday, 23 October 2012 12:25 PM

හොද වැඩේ. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 22 October 2012 02:48 PM

ඔන්න බබෝ බිල්ලා එනවා කියලා නලවන්න හැදුවම බිල්ලා බලලම නිදාගන්නම් කියන ළමයි තමයි දැන් ඉන්නේ..දැන් දැරුවෝ බුද්ධිමත් (ස)

:       0       0

බණ්ඩාර Monday, 22 October 2012 11:52 PM

පුතේ, ඔයාට බුදු සරණයි! (නි)

:       0       0

නිලන්ත Monday, 22 October 2012 03:02 PM

දරුවට ඇත්ත කියලා තේරුම් කරලා දුන්නානම් මෙහෙම වෙන්නේ නෑනේ (ස)

:       0       0

මැක්ස් Wednesday, 06 February 2013 10:15 AM

එල කොල්ලෙක් (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 22 October 2012 03:18 PM

ඇත්ත වගේ ලියා තිබෙනවා. (ස)

:       0       0

සේනානායක Monday, 22 October 2012 03:25 PM

විය හැකිද ?? නොහැකිද ??????? (ස)

:       0       0

චමින්ද Monday, 22 October 2012 03:33 PM

සේනානායක... විය හැකියි . ළමයින්ට බොරු කිව්වමයි ඔහොම වෙන්නේ (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 22 October 2012 03:51 PM

සේනානායක. විය නොහැකිය. දැන් අපට වඩා පොඩි ළමයන්ට මොලේ තිබෙනවා. මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ.(ස)

:       0       0

නිමල් Tuesday, 23 October 2012 02:23 AM

මගේ අත්දැකීම අනුව දැන් ඉන්න පොඩි ළමයි එක්ක බොහොම පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනෑ. හරිම වසවර්තියෝ ටිකක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 452 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 759 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 624 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1133 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 757 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site