නවීන පන්නයේ ජංගම දුරකථනයේ ගබඩාකර ගෙන තිබූ සිය ජාතික හැඳුනුම්පතේ දෙපස ඡායාරූප පෙන්වා තම ඡන්දය දැමීමට අවසර පැතූ තරුණියකට ඒ සඳහා ඡන්ද පොළ නිලධාරීන්ගෙන් අවසර නොලැබීම නිසා බලාපොරොත්තු සුන්කරගෙන ඡන්දපොළෙන් පිටව යාමට සිදුවීමේ පුවතක් කොළඹ දිසාවේ ඡන්ද පොළකින් අසන්නට ලැබිණ.
නවීන පන්නයේ විලාසිතාවන්ගෙන් සැරැුසී ඡුන්ද පොළ වෙත කඩිමුඩියේ පැමිණි තරුණිය සිය නිල ඡුන්ද දැන්වීම්පත නිලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.
එවිට ඔවුන් ඇයගෙන් හැඳුනුම්පත ඉල්ලූ විට හැඳුනුම්පත නැතිවී ඇති බැව් පවසා නැතිවීමට පෙර තම ජංගම දුරකථනයේ ගබඩා කරගත් එහි දෙපස ඡායාරූප පෙන්වා ඡන්දය දැමීමට අවසර පතා ඇත.
නීතිය අනුව එයට අවසර දිය නොහැකි බව නිලධාරීන් පැවසීමෙන් පසු තරුණිය ඡන්ද පොළෙන් පිටව ගොස් ඇත.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුරකථනයේ දමා තිබු හැඳුනුම්පත පෙන්වා ඡන්දය දාන්න ගිහින්
ආනන්ද ආර් Friday, 21 August 2015 03:40 AM
දුරකථනය අරන් ජන්දෙ දාන්න ගිය තරුණිය ගැනත් මනෝරි ගැනත් කනගාටු වෙනවා ඇරෙන්න මොනවා කරන්නද? (ම)
අජිත් Thursday, 20 August 2015 03:46 PM
ගොඩක් අය හිතාගෙන ඉන්නේ දුරකථනයෙන් හැමදේම කරන්න පුලුවන් කියලා (නි)
කමල් Monday, 24 August 2015 03:19 AM
හැඳුනුම් පත මොකටද ඡන්දෙට?(නදී)
ජගත් දේ සිල්වා Friday, 21 August 2015 09:15 AM
ඡන්දෙට හැඳුනුම්පතක් අනිවාර්යයි (ම)
නුවන් Friday, 21 August 2015 05:20 AM
මනෝරි, ඔබ මනෝ වෛද්‍යවරයෙකු හමුවන්න (නි)
මනෝරි Thursday, 20 August 2015 10:44 AM
ඡන්දෙ දාන්න හැඳුනුම්පත අනිවාර්යයි කියලා නැහැනේ. මට පෙනෙන්නේ නවීන විලාසිතාවලට ඉරිසියා කරන රජයේ සේවකයෝ ටිකට පොඩි අමාරුවක් ඇවිල්ල වගේ.(නදී)
මහසෙන් Thursday, 20 August 2015 08:06 PM
නියම දෙයියෝ සාක්කි කතාවක්! (නි)
ලලිත් Friday, 21 August 2015 10:13 PM
අපේ රටේ තිබෙන පසුගාමී තත්වය මේ පෙන්වන්නේ.මුළු ලෝකෙම දැන් විද්‍යුත් හැඳුනුම්පත් පිළිගන්නවා. අපිට ලොකු දේවල් කරන්න ඕනෑ නම් මීට වඩා වෙනස් වෙන්න වෙනවා. (නි)
මොහොමඩ් Thursday, 20 August 2015 11:13 AM
මනෝ ඔයා කොමද එහෙම කියන්නේ අනිවාර්යෙන් හැදුනුම්පත අවශ්‍යයි නැත්නම් හොර ඡන්ද දාවි (බ)
ප්‍රියන්ත හේරත් Sunday, 23 August 2015 01:54 PM
මේ වගේ මෝඩ රැලක් සිටින රටක මීට වඩා ලොකු ඡන්ද ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නදී)
චතුර Thursday, 20 August 2015 11:59 AM
මනෝරි ඔබේ නොදැනුවත්කම හා මෝඩකම පිළීබඳව මම කණගාටු වෙනවා. රජයේ සේවකයෝ හරියට මෙතනදි රාජකාරිය කරල තියෙනවා. ජන්දය දාන්න අනිවාර්යෙන්අවශ්ය හැඳුනුම්පත් වර්ග මොනවද කියලා ජන්ද කාඩ්පතේ පිටුපස පැහැදිලිව සඳහන් කරල තියෙනවා. ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගුවන් ගමන් බලපත්‍රය, විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, මැතිවරණ දිනයට පමණක් වලංගු වන පරිදි නිකුත් කෙරෙන තාවකාලික හැඳුනුම්පත යන ඒවායින් එකක් අනිවාර්යෙන්ම ජන්ද දායකයා ඉදිරිපත් කළ යුතුමයි. ජන්ද කාඩ්පත නොමැති වුවත් වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කරන ජන්ද නාම ලේඛණයේ ලියාපදිංචි අයෙකුට ජන්දය භාවිතා කිරීම සඳහා නිලධාරින්ට ඉඩ ලබාදිය හැකියි. නමුත් වලංගු හැඳුනුම්පතක් නැතිව ජන්දය දීමට ඉඩදීමට කිසිම නිලධාරියෙකුට බලයක් නැහැ. ජන්දය දීමට සුදුසුද නුසුදුසුද යන්න තීරණය කරන්නේ පවත්නා නීති රාමුවට අනුව මිසක් කාගේවත් පෙනුම හෝ කරන විලාසිතා අනුව නොවේ. මේ සඳහා රජයේ සේවකයන්ම යොදා ගැනෙන්නේ ඔවුන් වගකීම් සහගතව මේ රාජකාරිය ඉටු කිරීමට සියලු නීති රීතිවලින් බැඳී සිටින නිසාවෙනි. (අ)
නලීන් Friday, 21 August 2015 12:10 PM
මනෝරි දඹානේද? ඔච්චර තරහ ගන්නේ ඇයි? මෝඩකම ගැන දුකයි (නි)
අනුර Saturday, 22 August 2015 05:05 PM
පාස්පෝර්ට් එකෙන් ඡන්දේ දාන්න පුළුවන් නේද? (නි)
ඉමේෂ් Friday, 21 August 2015 06:41 AM
යල් පැනගිය නීති අද කාලයට ගැලපෙන ලෙස අලුත් කල යුතුයි. හැඳුනුම් පත ඉල්ලුවේ ස්කෑන් කරන්න නෙමෙයි නම් පින්තුරේ හොඳට තියෙනවා නම් අැයි පිළිගන්න බැරි? (නදී)
සමන්ති Thursday, 20 August 2015 12:58 PM
මනෝරි, ඡන්දෙට හැඳුනුම්පතක් අනිවාර්යයි.නමුත් ඇඳුම් නම් අනිවාර්ය නැහැ. (අ)
ගීතලතා Saturday, 22 August 2015 04:11 AM
මනෝරි නංගි, ගම ගාල්ලේ ද?? (නි)
සොනාලි Sunday, 23 August 2015 03:26 AM
ගාල්ලේ නෙමෙයි බෙලිඅත්තේ (ම)
ඉනෝකා Friday, 21 August 2015 07:30 AM
දැන් නවීන තාක්ෂණයෙන්, ඉලෙක්ට්‍රොනික් බෝඩින් පාස් දුරකථනයෙන් පෙන්වා ගුවන් යානාවල ගමන් කරන්නට මගීන්ට හැකියාව තිබේ. (අ)