දුම්රිය මැදිරියකින් ගලා ගිය ඇඟ හිරි වට්ටන විරිඳුවක කතාවකි. කළුතරින් කොළඹ බලා ඇදෙන දුම්රියයි. එය මන්දගාමිය. සෙනඟ පිරී ඇත. එක් එක් මැදිරිවල එක්කාසු වූ කල්ලි වෙන වෙනම මාතෘකාවලින් සාකච්ඡා පවත්වති. ඇතැමෙක් විහිළු තහළු කරති. ඇතැමෙක් ගීත ගයති. ඇතැමෙක් ඔහේ බලා සිටිති. මේ අතර එක් මැදිරියක කොනක තරුණියන් හා තරුණයන් පිරිසකි. එක් තරුණියක් අත විශාල ජංගම දුරකතනයකි. එය කුඩා රේඩියෝවක් තරම්ය. ඒ තුළින් මහා ශබ්දයක් දුම්රිය මැදිරිය පුරා පැතිරිණි. මල්වත්ත පාර වාගේනේ ඕක වහගන්නකෝ තරුණයෝ ඇයට විහිළු කළහ. එය ඇයට ගණනක් වූයේ නැත. ජංගම දුරකතනයේ එක් ගීතයකින් පසුව තවත් ගීතයක් පටන් ගත්තේය. එය විරිදුවකි. දුම්රිය මැදිරියෙහි සිටි අය මුහුණට මුහුණ බලා ගත්හ. අසා සිටින්නට බැරි තරම් තිත්ත කුණුහරුපයෙන් ගෙතූපදවැල් සහිත එම විරිදුව නවතා ගැනීමට ඇයට දුරකතනයේ බැටරිය ගලවා දමනවාට හැර හදිසියේ කිසිවක් කර කියා ගත නොහැකි විය. මොහොතකින් සැර බාල විය.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දුරකතනයේ විරිදුවට කෝච්චියම හොල්මන්
ලහිරු සුපුන් Friday, 02 March 2012 10:22 AM
හොඳටම නෝන්ඩි කරන්න තිබුනේ....ආඩම්බර කම නැති වෙන්නත් එක්ක..........
ප්‍රදීප් Monday, 05 March 2012 10:45 AM
වඳුරට දැලි පිහිය අහුවුනාම ඔහොම තමයි.......
ඉශන්ක Friday, 06 July 2012 04:33 PM
කෙල්ලෙක් උනහම හැදියාවක් තියෙන්න ඕනනේ.....එහෙම නොවුනම තමයි මේ වගේ ලැජ්ජා විදින්න වෙන්නේ...