IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දෙයියන්ට දෙස් තියා යළි කැන්සල් කරන්නැයි කන්නලව් කරලා

(කරන්දෙනිය - එම්. සුසිල් ප‍්‍රියන්ත)
දඬුවම් දෙන්න යයි පවසමින් දෙවියන්ට කියූ දෙස් යළි කැන්සල් කළ කපුවකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ කුරුඳුවලට ප‍්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ.
හේ දේවාලයක කපු මහතෙකි. ඔහුගේ දේවාලයට තැබීමට පිරිසක් ගෙනා පූජා වට්ටියක තිබූ අන්නාසි ඇපල් වැනි පලතුරු කිහිපයක් කවුරුන් හෝ සොරකම් කොට තිබුණි.


පූජා වට්ටිය තැබීමට ගෙනා පිරිස තමන් තැබීමට ගෙනාපූජා වට්ටියේ පලතුරු සොරකම් කර ඇතිබව කපුමහතාට කීහ. එවිට ඔහුගේ යක්‍ෂයා ඇවිස්සුනේය.
පලතුරු හොරෙන් කාපු අයට හොඳ පාඩමක් උගන්වන්නම් පවසා තමන්ගේ දේවාලයේ දෙවියන් ඉදිරිපිට දණින් වැටී පලතුරු හොරා කෑ අයට දෙස් තබමින් සිටියේය.


අනේ දෙවියනේ මේ නරයන්ගේ පලතුරු ගෙනත් තිබුණේ ඔබ වහන්සේට පූජා කරන්නයි. පූජා කරන්නත් ඉස්සර වෙලා මේ පූජා වට්ටියෙන් පලතුරු හොරකම් කළ අයට දඬුවම් දෙන්න. ඒ වැඬේ කළේ කවුදැයි යන්න මට පෙන්වන්න. ඔවුන්ට ලේ බඩ යන්න. මේ ආකාරයට ඔහු දෙවියන් ඉදිරියේ දෙස් තිබ්බේය.


මේ දෙස් තබමින් සිටි කපු මහත්තයා ළඟට පැමිණි අයකු ඔහුගේ කනට කර යමක් කීවේය.


ඒ සැණින්ම මේ කපු මහතා අනේ දෙවියනේ පලතුරු හොරකම්කළ අය මේ දැන් මට සැලවුණා. අනේ ඔවුන්ට දඬුවම් නම් දෙන්න එපා. මම තියපු දෙස් කැන්සල් කැන්සල් යයි කියමින් ඔහු කියූ දෙස් නැවතත් කැන්සල් කර දෙන ලෙස ඉල්ලමින් දෙවියන් ඉදිරියේ වැඳ වැටුණේය.


දෙවියන් ඉදිරියේ තැබූ දෙස් මේ කපු මහතා යළි කැන්සල් කරන්නේ මොකද යැයි බැලූවිට දැන ගන්නට ලැබුණේ පූජා වට්ටියෙන් පලතුරු සොරකම් කොට ඇත්තේ කපු මහතාගේ පුතා ඇතුළු ඔහුගේ යහළුවන් පිරිසක් බවයි.



අදහස් (0)

දෙයියන්ට දෙස් තියා යළි කැන්සල් කරන්නැයි කන්නලව් කරලා

පිටබැද්දර ජයා Wednesday, 01 July 2015 10:30 AM

ඇත්තටම දෙවියෝ වැඩ හිටියත් දෙවොලේ ... කපුවන්ගේ මේ පිස්සු කෙලිල්ල නිසා, දොවොල අතහැර යනවා දෙවියොත් (නි)

:       0       0

යසින්ත Friday, 03 July 2015 04:21 PM

මොන විකාරයක්ද මේ (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 01 July 2015 05:15 PM

කපුවටද අපිටද වැරදුනේ? සමදරා නෝනේ, කපුවාගේ දෙවියෝ තමා පළතුරු ටික කාලා තියෙන්නේ යාලුවොත් එක්ක.අනේ කාලේ වනේ වාසේ......! (නි)

:       0       0

සමදරා ආරියදාස Wednesday, 01 July 2015 03:01 AM

මෙහමයි - කපු මහතාගේ ක්‍රියා වෙන් ඔප්පුවෙනවා ඔහු ඔහුගේ දෙවියන් ඉන්න බවට විශ්වාස කරන බව (නදී)

:       0       0

පුජා Wednesday, 01 July 2015 06:15 PM

එතකොට කපුවාගේ කෙනෙක් මොන හත් ඉලව්වක් කලත් කමක් නැහැ. අනිත් අයට තමයි හෙන වදින්නට ඕනේ කියා දෙවියන්ට යාතිකා කරන්නේ. කපුවෝ පසුපස යන මෝඩයෝ එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳියි. අනේ කවදා මේ වනචාරි යුගයෙන් මිදී අපේ මිනිසුන් දියුණු ලෝකයත් සමග අත් වැල් බැඳ ගනු ඇත්ද? (නදී)

:       0       0

සමදරා ආරියදාස Thursday, 02 July 2015 09:05 AM

පාරිස් ඔයා කතෝලිකයෙක් නේද? නිකන් ඕගොල්ල එහෙනම් පල්ලි ගිහින් ඉටිපන්දම් පත්තු කරන්න ඇයි, සෙනග මැදට යාඥා වතුර විසිකරන්නේ ඇයි (බ)

:       0       0

පියලාල් Wednesday, 01 July 2015 06:30 PM

කපුවා බයවෙන්න ඇති දෙවියන් ඇපයට තියලා හොයාගන්න දේත් ඉවරවෙයි කොලුවා ලෙඩ වුණොත් කියලා. (නි)

:       0       0

අශෝක Thursday, 02 July 2015 03:26 PM

කපුවා කපෝති... (ර)

:       0       0

වජිර Wednesday, 01 July 2015 04:42 AM

කපුවොත් දැන් මොඩ් වෙලා වගෙයි (නි)

:       0       0

සඳුන් Wednesday, 01 July 2015 04:48 AM

දෙවියෝ ඕනෑම භාෂාවක් දන්නා නිසාම හොඳයි.(නදී)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 01 July 2015 11:50 PM

කපුවාට යක්ෂයා ඇවිස්සුනා නම් යන්න තිබුනේ යක්ෂයා ලඟට. මොකද දෙයියෝ ලඟට යන්නේ පිහිට ලබන්න මිසක් අනිත් අයට ශාප කරන්න නොවෙයිනේ. මේවට රැවටෙන මිනිස්සු තවමත් ඉන්නවනේ. (නදී)

:       0       0

චාමර Wednesday, 01 July 2015 04:55 AM

දෙවියොත් දැන් ඉංග්‍රීසි පන්ති යනවලු (නදී)

:       0       0

චතු Thursday, 02 July 2015 11:52 AM

කතෝලිකයෝ කවදාවත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැහැ කාටවත් දඩුවම් කරන්න කියල . එයාලගේ වතුරත් හරියට බෞද්ධයන්ගේ පිරිත් පැන් වලට සමානයි .(ම)

:       0       0

පිටබැද්දර ජයා Friday, 03 July 2015 04:42 AM

පාරිස් කතෝලිකයෙක්නම් කියන්න තියෙන්නේ දැන් දැන් ඔයාලගේ පල්ලිවලත් අපි පිරිත් නුල් බඳිනවා වගේම එයාලත් සුදු නුලක් බඳින්න පටන් අරන් කියලයි (බ)

:       0       0

පාරිස් Thursday, 02 July 2015 01:26 AM

ලංකාවේ මිනිසුන්ගේ මිත්‍යා විස්වාස වල තරම ඔවුන්ගේ අතේ බැඳලා තියෙන නූල් දුටු විට පේනවා. අපේ මිනිස්සුන්ගේ මෝඩ කම දැන් මුළු ලෝකෙම මිනිස්සුන්ට පෙනී ගෙන යනවා. මිත්‍යාව දුරු කල බෞද්ධයන්ට වෙච්ච දෙයක්.(නදී)

:       0       0

සන්ධ්‍යා කුමාරි Wednesday, 01 July 2015 09:02 AM

ප්‍රතිචාර දාන්නවත් දන්නේ නැති මෝඩ මිනිස්සු (නදී)

:       0       0

සඳුන් Thursday, 02 July 2015 10:49 PM

සමදරා, මටනම් පෙනෙන්නේ පාරිස් බෞද්ධයෙක් හෝ බෞද්ධයන් අගය කරන අයෙක් බවයි. එකයි ඔහු කණගාටු වෙන්නේ. (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 01 July 2015 01:05 AM

ලංකාවේ මේවා විශ්වාස කරන අය තවම ඉන්න නිසා කපුවන්ට වාසියි (නි)

:       0       0

සමන්ති Wednesday, 01 July 2015 01:13 AM

දෙවියන්ට අලුත් භාෂාවක් ඉගෙනගන්න වෙයි. මොකද කපුමහතාත් දැන් කතාකරන්නේ එෆ් එම් ගිරවියන්ගේ සින්ගිලිස් භාෂාවෙන්නේ. (නි)

:       0       0

දුමින්ද Friday, 03 July 2015 08:56 AM

දෙවියන් සමග ගනුදෙනු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 592 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 752 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1198 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1531 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1013 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 854 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site