IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දත ගලවන්න කලින් හිරිවැටෙන බේත් විදගෙන ගෙදර ඇවිත්

උඩු ඇන්දේ වේදනාව දැඩිය. එනිසාම යටි ඇන්දේ වේදනාව ඊට වැඩිය. මේ සියල්ලටම හේතුව දතකි. කුරුඳු තෙල් වේදනා නාශක සහ කෙම් ක‍්‍රම රැසකින් පසුව ද සහනයක් නොමැති තැන දත ගැලවීමට ඔහු තීරණය කළේය.
ආණ්ඩුවේ ඉස්පිරිතාලවලින් දත් ගලවන්න එපා...! කෑලි හිටිනවා. අයෙක් ඔහු නොමඟ යවා තිබිණි.
දත් ගලවලා දත් කෑලි හිටියාම පිළිකා හැදෙනවාලූ. තවකෙක් කී කතාවකින් ඔහුගේ භීතිය තවත් වැඩිවිය. කීයක් ගියත් කමක් නෑ. ප‍්‍රයිවෙට් තැනකින් දත ගලවා ගන්නවා.
එසේ සිතූ ඔහු ගෙවන තැනකට ගොස් විශේෂ දන්ත වෛද්‍යවරයකු වෙනුවෙන් රුපියල් 800 ක් ගෙවා රිසිට් පතක් ලබාගත්තේය.
අංක අට. එන්න  ඔහුගේ වාරය පැමිණියේය. අංක නවය එන්න. දොරටුව අසල සිටි තරුණිය එසේ කියද්දී ඔහු එළියට ගියේය. අප්පේ මෙච්චර කල් විඳෙව්වේ අපරාදේ මෙයට කලින්ම මේක කළා නම් ඉවරයිනේ. සතුටු සිතින් සිතමින් ඔහු නිවස බලා ගියේය.
දහවල් වෙනවිට මුව තුළ වෙනසක් දැනෙන්ට විය. කැඩපත අසලට ගියේය. කට ඇරියේය ගැලවූ දත කට ඇතුළේ නැවතත් තිබිණි.
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ දත් ගැලව්වාම ඉතිරිකරනවා කිව්වේ දත් කෑලි. ඒත් මෙතන මුළු දතම ගලවල නෑනේ. මදැයි. කෝපයෙන් ඔහු නැවතත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ගියේය.
එසේ ගොස් දොරටුවෙන් ඇතුළු වෙද්දීම ආ ඩොක්ටර් මේ එන්නේ අංක අට... කොහෙද ගියේ හිරිවැටෙන්න බේත විදගෙන දත ගලවන්නෙත් නැතිව? ආයෙත් සල්ලි ගෙවන්න  ඕන නෑ හෙට එන්න. දත ගලවගෙන යන්න. බාගයට හිරි වැටී ඇති කම්මුලේ අත තබාගෙන ඔහු යාබද කඩයකින් කුරුඳු තෙල් කුප්පියක්ද රැගෙන පිටවී ගියේය.



අදහස් (29)

දත ගලවන්න කලින් හිරිවැටෙන බේත් විදගෙන ගෙදර ඇවිත්

රන්දුනු Sunday, 27 January 2013 01:26 AM

අයියෝ සල්ලි(නු)

:       0       0

ඩයස් Thursday, 24 January 2013 01:07 PM

ඔය මොක්කුත්ම නෙමේ කරන්නතිබුනේ,දතට එකකුයි,තව කකුලට එකකුයි එන්නතක් දුන්නනම් ලෙඩා ඉන්නවා.දොස්තර දැන් කොහොමත් එන්නත් දෙකක් දෙන්න එපැයි. (ස)

:       0       0

ගාල්ලගේ Thursday, 24 January 2013 01:10 PM

හිරිවට්ටන බේත එතනින් ගහගෙන වෙන තැනකින් දත ගළවාගත්තා නම් හරිනේ. (නි)

:       0       0

අනෝමා Thursday, 24 January 2013 01:11 PM

එයා මීට කලින් කවදාවත් දත් ගලවලා නැතිව ඇති අනේ පවු..! (නු)

:       0       0

සිසිර Friday, 25 January 2013 11:54 PM

ඔයා හරි ජෝෂ් කොහේ ගියත් අහන්න දකින්න කවුරුහරි ඉන්නවා..!(නු)

:       0       0

සුනෙත් Thursday, 24 January 2013 01:41 PM

පව් අනේ මිනිහා .......එහෙම අයට හිනා වෙන්න හොඳ නෑ... අපිටත් ඔහොම දේ වෙනවනේ (ස)

:       0       0

සෑම් Friday, 25 January 2013 04:11 PM

නියමයි.... එහෙම රිද්දන්නේ නැතිව දත් ගලවනවානම්.. පළමුවැනි පාර වගේ.. දෙවැනි පාර නම් හොදට රිදෙන්න ඇති එයාට..!(නු)

:       0       0

ඩග්ලස් Thursday, 24 January 2013 08:21 PM

විභූති හරියටම හරි. (නි)

:       0       0

ලලිත් Thursday, 24 January 2013 03:15 PM

කතාව පැහැදිලියි. හොඳයි‍‍...ඔහොම යන් (ස)

:       0       0

ලලිත් කටාර් Thursday, 24 January 2013 03:17 PM

අනේ සුනෙත් අපිට කියලා බහුවචන එපා. ඔයාට උනා නම් කියන්න ලැජ්ජා වෙන්න එපා.! (නු)

:       0       0

දෝහා Thursday, 24 January 2013 03:47 PM

සාමාන්‍යෙයන් එන්නත දුන්නට පස්සේ ලෙඩාව දැණුවත් කරනවානේ.. එතන ඉන්න අය මට පේන්නේ මෙයාගේ මොලේ හිරිවැටෙන්න බෙහෙත් විදලා වගේ..! (නු)

:       0       0

උපුල් Friday, 25 January 2013 10:13 AM

අනේ අපි දන්නෙ නැහැ ඕවා. (නි)

:       0       0

ලීල් Sunday, 27 January 2013 07:02 PM

අපි නම් මෙහෙම දොස්තරලාට කියන්නේ දත් ගළවන්නෝ කියලයි. (නි)

:       0       0

ජෝස් Thursday, 24 January 2013 04:30 PM

ෂුවර් එකටම දකුණේ කෙනෙක් තමයි. (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 24 January 2013 10:05 AM

අහන්න දෙයක් නැහැ මිනිහ වෙරි මරගාතෙ ඉන්න ඇති, (ස)

:       0       0

හේමන්ත Thursday, 24 January 2013 10:07 AM

මොලේ කලඳක්වත් තිබුණානම් ඔහොම වෙන්නේ නෑ (ස)

:       0       0

ගාමිණී Thursday, 24 January 2013 10:14 AM

අපරාදෙ රුපියල් 800.. දත් ගලවන්නෝ ඕනතරම් ගමේ ඉන්නවානේ..!(නු)

:       0       0

විභූති Thursday, 24 January 2013 05:13 PM

විශ්ව ගැමුණු ප්‍රියංකර, මෙය ලියා ඇති ආකාරය ඉතා ආකර්ශනීයයි. කතාව ගලා යෑම ඉතා රසවත්. (නි)

:       0       0

සරත් Thursday, 24 January 2013 10:40 AM

දත් ගැන නම් කියලම වැඩක් නෑ (ස)

:       0       0

රවිනාත් Thursday, 24 January 2013 10:41 AM

හේමන්ත, නොදැනුවත් අයට සිනාවීම නොවෙයි කළ යුත්තේ. අදාල වෛද්‍ය මධ්‍යස්ථානය තම සේවය නිසියාකාරව කර නැති බවයි විශ්වාසය. වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය ලබා ගන්නා සියලු දෙනා අදාල කාර්යය පිළිබඳ දැනුවත් කිරීම ඹවුන්ගේ යුතුකමයි. එය පැහැර හැර සමච්චලයට ලක්කිරීමෙන් පෙනෙන්නේ එම සේවා ස්ථානයේ තත්වය කොතරම් පහත්ද යන්නයි. (නි)

:       0       0

ඊසාම් Thursday, 24 January 2013 11:01 AM

අයියෝ පිස්සුනේ! (නි)

:       0       0

වරුණ Thursday, 24 January 2013 11:45 AM

මිස්ටර් බීන්ගේ යාලුවෙක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

චින්තක Thursday, 24 January 2013 11:50 AM

රවීනාත් ඔබ නිවැරදියි (ස)

:       0       0

ඩේවිඩ් Friday, 25 January 2013 01:11 AM

අපි හැමෝම මිනිස්සු. කාගෙද අඩුපාඩු නැත්තේ? ඒවාට හිනාවෙන එක වැරදියි. (නි)

:       0       0

හර්ෂනී Thursday, 24 January 2013 12:09 PM

මමත් ඔය වගේ මෝඩ වැඩක් කරා ...නොදන්නා කමට සමාවුණ මැනවි..... අපි ගම්බද මිනිස්සුනේ ........ (ස)

:       0       0

ලලිත් Friday, 25 January 2013 02:29 PM

දත ගළවන්න ඔච්චර දුර ගියේ ඇයි? කැළණියට ගියා නම් විනාඩියයිනේ. (නි)

:       0       0

ජගත් Saturday, 02 May 2015 05:20 AM

දත ගැළෙවුවට පස්සේ දත තියෙනවද කියලා ඕනෑ කෙනෙක් බලනවනේ. මෙයා මහා මෝඩනේ (නි)

:       0       0

නිලන්ක Saturday, 26 January 2013 12:19 PM

නියමයි තමයි. (නි)

:       0       0

Tharidu Wednesday, 30 March 2022 04:07 AM

හිරි වට්ටන බෙහෙත් අපිට ගන්න තියෙනවද

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 17 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 582 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 418 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1074 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 832 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 708 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site