IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දඬුලේනාට ගිනිපෙනෙල්ල දමා ගසද්දී රතිඤ්ඤා කරල අතේ පත්තුවෙලා

ගෙවත්තේ පොල් ගස්වල කුරුම්බා ඇට්ටි කෑමට පැමිණෙන දඬු ලේනුන් පන්නා දැමීම සඳහා රතිඤ්ඤා දල්වා පොල් ගස් මතට විසි කරමින් සිටි පුද්ගලයෙකු දල්වන ලද රතිඤ්ඤා කරලක් අතේ තබාගෙන අතේ වූ ගිනිපෙනෙල්ල ගස දෙසට විසි කිරීමත් සමඟම අතේ තිබූ රතිඤ්ඤා කරල පිපිරී යාමෙන් අතට හා ඉඟ ප්‍රදේශයට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් රෝහල් ගත කිරීමේ පුවතක් වියලුවේ ගමකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ගම්බද ප්‍රදේශයකි. තම ගෙවත්තේ පොල් ගස්වල ඇට්ටි කා දැමීමට පැමිණෙන දඬු ලේනුන් පන්නා දමන්නට මේ ගමේ පුද්ගලයෙකු රතිඤ්ඤා දල්වා පොල් ගස් මතට විසි කරන්නට පුරුදු වී සිටියේ රතිඤ්ඤා හඬට බිය වී දඬු ලේනුන් පැන යන නිසාය. 


එදිනද ගිනිපෙනෙල්ලක් රැගෙන ගිය හෙතෙම පොල් ගසක ඇට්ටි කමින් සිටි දඬු ලේනෙකු දැක රතිඤ්ඤා කරලක් දැල්වූයේ ගස මතට විසිකරන්නටය. 
ඔහු කොතෙක් කලබල වූවේද යත් දල්වන ලද රතිඤ්ඤා කරල යැයි සිතා අතේ වූ ගිනිපෙනෙල්ල හැකි වෙර යොදමින් දඬු ලේනා දෙසට විසිකළේ අනෙක් අතෙන් දල්වන ලද රතිඤ්ඤා කරල තරයේ අල්ලාගනිමිනි.


ගිනිපෙනෙල්ල විසිකිරීමෙන් බියපත්වූ දඬු ලේනා පලා යන දෙස බලා සිටි ඔහු යළි පියවි සිහියට ආවේ කන් බිහිරි කරමින් අතේ වූ රතිඤ්ඤා කරල පිපිරී යාමෙනි. 

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

දඬුලේනාට ගිනිපෙනෙල්ල දමා ගසද්දී රතිඤ්ඤා කරල අතේ පත්තුවෙලා

ජනහිත Wednesday, 11 January 2017 05:46 AM

මේ වගේ දේවල් වෙන්නේ තමන් කරන්නේ මොකක්ද කියලා සිහියේ තබානොගෙන වැඩ කරනකොට තමයි. හැබැයි මේදේම නොවුණත් සමාන දේවල් කාටත් ජීවිතේදී එක සැරයක් හරි වෙනවාමයි. හුඟක් වෙලාවට බස් එකෙන් කෝච්චියෙන් බහින තැන අමතකවෙලා ඊළඟ එකෙන් බහිනවනේ. (නි)

:       0       0

නුවන් Wednesday, 11 January 2017 06:24 AM

දිට්ට ධම්ම වේදනීය කර්මය නේද පළදීලා තියෙන්නේ (නි)

:       0       0

පිටිගල Friday, 13 January 2017 08:03 AM

1960 ගණන් වල අපේ ගමෙහිටියා පොඩිනේරිස් කියල මිනිහෙක්. ඒ මිනිහා කළේ කොස්ගුලන ගඟේ මාළු අල්ලන එක තමයි.ඩයින මයිට් කියලා වෙඩි වර්ගයක් පත්තු කරලා ගඟට දාල ඒ කම්පනයෙන් මැරෙන මාළු අරන් කන්නයි විකුනන්න්නයි පුරුදු වෙලා හිටිය මේ මිනිහා ගමේ මිනිසුන්ගේ අප්‍රසාදයට පත් වෙලා හිටියේ. දවසක් අර වෙඩි කරලකුත් අරන් ගඟේ මාළු වැඩියෙන් හිටි වලකට මේ ක පත්තු කරලා දාන්න ගිහින් ඔය වගේම වෙඩි කරල පත්තු කරලා ගිනි පෙනෙල්ල ගඟට දාල . අන්තිමට වෙඩිකරල අතේ පත්තුවෙලා අතත් කැඩිලා ඇහැකුත් කන වෙලා බොහොම අසාධ්‍ය වෙලා ගොඩාක් දුරින් තිබුන රෝහලකට ගෙනත්. අන්තිමට ගමට අාවේ එක ඇහැක් සහ අතක් නැති මිනිහෙක්. අපේ ගමේ හිටි පොඩිනේරිස්ලා ගෙන් මේ මිනිහා හඳුන්වන්න කන පොඩිනේරිස් කියලා නමට විශේෂණ පදයක් එකතුවෙලා. මිනිහා හුඟක් දුක් විඳලා මරුනේ.අන්තිමට. (අ)

:       0       0

ලංකාසිරි Friday, 13 January 2017 10:25 AM

අපි තව කෙනෙකුට වින කටිනකොට ඒක කැරකිලා අපිටම වදිනවා ඒක ස්වාභාවධර්මයයි.සතෙක් සිව්පාවෙක්ටවත් අහිතක් නොකරන්න, අහිතක් නොසිතන්න.(අ)

:       0       0

ගුණවර්ධන Thursday, 12 January 2017 07:15 PM

මේ පුද්ගලයාගේ නම අතපත්තු වෙන්න ඇති. ඉතින් අතේ පත්තු නේද? (නි)

:       0       0

මහේෂ් ඩුබායි Tuesday, 10 January 2017 12:18 PM

අභය කියපු විදිහට රතිඤ්ඤා කරල පත්තු වුනානම් ඉතින් අබ සරණයි නේද? (බ)

:       0       0

අබය Tuesday, 10 January 2017 07:00 AM

මම අහලා තියෙනවා සිගරැට් එකෙන් රතිඤ්ඤා කරලා පත්තු කරලා එ්ක කටේ ගහගෙන සිගරට් එක විසිකරපු කතාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 806 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 891 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1106 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1031 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1287 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1630 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1547 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site