IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තෙල් ගහද්දී 5000 කට විද්ද සේවක සීසීටීවී කැමරාවේ

තී‍්‍රරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා තරුණයකු සිය මිතුරකු සමඟ වැලිවේරිය ප‍්‍රදේශයේ ඉන්ධන හලක් වෙත පිවිසියේය. රුපියල් 130ක ඉන්ධන රථයට ලබාගත් තරුණයා සිය මිතුරා ලබාදුන් රුපියල් 5000ක මුදල් නෝට්ටුව ඉන්ධන හලේ සේවකයාගේ අතේ තැබුවේය. 

ඉතිරි මුදල් ලබාගැනීමට අමතක විය. සිය නිවෙස ආසන්නයේදී මිතුරා, රුපියල් 5000යේ ඉතිරි මුදල තරුණ තී‍්‍රරෝද රථ රියැදුරුගෙන් ඉල්ලා සිටියේ ගමනේ ගාස්තුව ලබාදීමේ අදිටනෙනි. තරුණයාට දෙවියන් සිහිවිය. ඉතිරි මුදල් ලබානොගත් බව පවසා ඔහු මිතුරාද කැටුව යළිත් ඉන්ධන හළ වෙත රථය පැදවුයේ දෙවියන් අයදමිනි. ඉන්ධන ගැසූ සේවකයා ඉතිරි මුදල දුන් බව පවසා රුපියල් 4870ක මුදල සඟවා ගැනීමට උත්සාහ කළේය.

‘‘හරි ඔයා කියනවානේ අපි 5000 නෝට්ටුවක් දුන් නෑ කියලා. හරි වැරදි කවුද කියලා බලා ගන්නා ඔයාලගේ මැනේජර්ට මම කතා කරන්නම් යැයි’’ පැවසූ තරුණයා දුරකතන ඇමතුමක්දී ඉන්ධන හලේ කළමනාකරුට මේ බව පැවසීය. දෙවරක් සිතා නොබැලූ කළමනාකරු මේ පිළිබඳව සොයා බැලීමට එවලේම ඉන්ධනහලට පැමිණියේය. කළමනාකරු සී.සී.ටී.වී. රූප රාමු ඔස්සේ සිද්ධිය නිරීක්‍ෂණය කළේය.

සේවකයා ඉතිරි මුදල නොදී සඟවා ගන්නා අයුරු පැහැදිලිවම රූප රාමුවල සටහන්ව තිබිණ. නැවත වරක් මෙවැනි වංචාවක් සිදු නොකරන ලෙසට අවවාද දී සේවකයාගේ පඩියෙන් මුදල් කපා ගන්නා බව පවසමින් කළමනාකරු ඉතිරි මුදල තරුණයාට ලබාදුන්නේය.



අදහස් (0)

තෙල් ගහද්දී 5000 කට විද්ද සේවක සීසීටීවී කැමරාවේ

විකි Wednesday, 25 November 2015 03:44 PM

සීසීටීවී තවත් ඇසක්. (බ)

:       0       0

රන්ජිත් Tuesday, 24 November 2015 08:57 PM

මම ගාල්ලේ සිට කොළඹ පැමිණ බැස්සට පස්සේ මතක්වුණා ඉතුරු සල්ලි නොගත් බව. ටිකට්පතේ දුරකතන අංකයට කතාකළවිට අයිතිකරු ගාල්ලේ සිට කිවුවා බසය එවිට නවතා තිබු තැන. එතනට ගොස් ඉතුරු සල්ලි ඉල්ලුවහම කොන්දොස්තර අකමැත්තෙන් මෙන් ඉතුරු සල්ලි මට දුන්නා. (නි)

:       0       0

දුල්මි Wednesday, 25 November 2015 08:26 PM

දැන් ඉතින් ජීවත්වෙන්න වංචා කිරීම විලාසිතාවක් වෙලානේ. සමහරුන්ට එහෙම නොකළොත් තත්වයට හරි මදි වගේ. (නි)

:       0       0

පිටිගල Wednesday, 25 November 2015 03:44 AM

අර අකමැත්තෙන් වගේ කියන කෑල්ල නොතිබුනා නම් රංජිත්ගේ කතාවත් ලස්සනයි,.(රේ)

:       0       0

උපාලි Thursday, 26 November 2015 11:11 AM

බජට් එකෙන් සීසීටීවී වලට බදු අඩු කරානම් කොච්චර වැදගත්ද? (ස)

:       0       0

චමින්ද Tuesday, 24 November 2015 06:04 AM

හොඳ මැනේජර් කෙනෙක්. ඔහුව අගය කළ යුතුයි (ම)

:       0       0

අජිත් Thursday, 26 November 2015 01:17 PM

ඔව් සුදත්, මම දැක්කා. මම දැනුත් බලලා තමයි මෙතනට ආවේ. ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. (නි)

:       0       0

ලතා Wednesday, 25 November 2015 11:33 AM

ඔය වගේ වැඩ කොතෙක් නම් වෙනවද, (අ)

:       0       0

රිචි බාලසුරිය Thursday, 26 November 2015 02:14 PM

අපරාදේ! සති අන්තය හොඳ අවන්හලකින් මුළු පවුලම කන්න කියා සේවකයා කළ වැඩේ වැරදුණා. (නි)

:       0       0

පන්නිපිටියගේ Tuesday, 24 November 2015 07:40 AM

සී.සී.ටී.වී.කැමරා හරිම වටිනවා. ගේ වටේටම සී.සී.ටී.වී.කැමරා සවිකරගෙන වැරදි වැඩ කරපු කෙනෙක් පොලිසියෙන් අල්ලාගෙන ගිය අයුරු තමන්ටම පසුව බලාගන්න පුළුවන් වුනා අපේ ගෙවල් පැත්තේ (බ)

:       0       0

අජිත් Wednesday, 25 November 2015 01:19 PM

කෝ මේ කට්ටිය, මට පෙන්නේ නිවාඩු ගිහින් වගේ අවුරුද්ද අන්තිමෙනේ. (ර)

:       0       0

සමන් Wednesday, 25 November 2015 01:38 PM

අන්න,අජිත්ට ලොකු දොස් මුරයක් වැටිලා චන්දිගේ නමින් ලියනවා කියලා පල්ලෙහා කෑල්ලේ.අම්මප,මගේ නමත් ඈදාගෙන.ඔයා මේ අවරුදු ගැන කතා කරනවා. (අ)

:       0       0

චන්න බුවනක Thursday, 26 November 2015 04:21 PM

සිසිටිවී කැමරාව සහ වාහනයේ ඉදිරිපස සවිකරන කැමරාව දැන් හරිම වැදගත් වෙලා තියෙන්නේ. ඒ වුණාට කියන්න කණගාටුයි සමහර මිනිස්සු දැන් ජීවත්වෙන්න හිතන්නේ වංචාකාරී විදියට. එම නිසා තමයි කැමරා අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සුදත් Wednesday, 25 November 2015 02:55 PM

කට්ටිය පැත්තකින් තියලා,අල්ලපු වත්තට ගිහින් බැලුවොත් නරකද අජිත් මහත්තයෝ.....? බවලතියකගෙන් පැමිණිල්ලක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 700 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 836 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1072 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1017 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1280 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1623 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site