IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තාත්තාගෙන් බේරෙන්න පෙම්වතා සමග හෝටලයට රිංගූ තරුණිය අයියාට අසුවේ

තරුණ යුවළක් දෑත් පටලවාගෙන පෙම්බස් දොඩමින් නුගේගොඩ නගරයේ පදික වේදිකාව දිගේ ඉදිරියට එමින් සිටියහ. ‘‘හර්ෂ... අපේ තාත්තා අයියෝ...’’ තරුණිය භිරාන්තවී හැඬුම් බර ස්වරයෙන් කීවාය. ‘‘කෝ... කෝ?’’ තරුණයා කලබල වෙමින් ඇසීය. ‘‘අර ඈත... මේ පැත්තෙට එනවා.’’ ඇය පෙන්වූවාය. තරුණයාට ගණ දෙවි නුවණ පහළ විය. හේ ඇගේ අතින් අල්ලාගෙන එම සුවිසල් ගොඩනැගිල්ලේ පිය ගැට පෙළ නැංගේය. උඩු මහලේ තිබූ අවන් හලට ඇතුළු වූ ඔවුහු එහි අසුන්ගෙන සිසිල් බීමක් ඇණවුම් කළහ. තරුණිය තවමත් බයෙන් ගැහෙයි. වේටර් සිසිල් බීම වීදුරු දෙකක් ගේනාවේය. දෙදෙනා ඒවා තොල ගාන්නට වූහ. ‘‘හත් දෙයියනේ හර්ෂ අපේ ලොකු අයියා’’ ඊළඟ මොහොතේ තරුණිය බයේ ගැහෙමින් තෙපළාය. ‘‘කෝ... කෝ...’’ තරුණයා ඇය බලා සිටි දෙස බලමින් ඇසීය. ‘‘අර කොනේ මේසෙ වාඩි වෙලා මෙහාට පිටුපාලා ඉන්නේ අපේ ලොකු අයියා.’’ ඇය හැඬුම්බර ස්වරයෙන් කීවාය. එකනෙහිම එම තරුණයා පිටුපස හැරී බැලීය. තම නැගණිය හඳුනාගත් හේ කෝපයෙන් නැගිට එතැනට දිව ආවේය. ‘‘චූටි නංගි... උඹ අද පන්ති යනවා කියලා නේද ආවේ?’’ එසේ අසමින් ඔහු ඇයට කනේ පාරක් ගැසීය. ඇය මහ හඬින් හඬා වැටෙද්දී ඔහු සමග එකට බීර බොමින් සිටි මිතුරා වහා දිව විත් ඔහු වළකා ගත්තේය. කෝපවී සිටි ඔහු තම නැගණියගේ පෙම්වතාට පහර පිට පහර දෙන්නට විය. මිතුරා ඔහු පාලනය කර ගැනීමට සමත් විය. ‘‘තෝ මට මීට පස්සෙ අහු වුණොත් මම තෝ මකනවා පල යන්න මෙතැනින් ‘‘කෝපයෙන් ගිගිරූ හේ ඔහුට පා පහරක් ද ගැසීය. ඔහු යන්නට ගියේය. ඔහුට සුළු තුවාල ද සිදුව තිබිණි. ‘‘තෝ හිටපිය මාත් එක්ක යන්න කියමින් හේ තම නැගණිය නවතා ගත්තේය.



අදහස් (0)

තාත්තාගෙන් බේරෙන්න පෙම්වතා සමග හෝටලයට රිංගූ තරුණිය අයියාට අසුවේ

හේමන්ත Thursday, 10 May 2012 12:55 PM

නොම්මර එකේ මෝඩයෙක් වෙන්න ඇති

:       0       0

මාතර මල්ලි Friday, 11 May 2012 02:32 AM

හොද වෙලාවට තාත්තා බියර් බොන්න ආවේ නැත්තේ

:       0       0

කුමාර Thursday, 10 May 2012 01:37 PM

කතාවක් නෑ ආයි. ශිෂ්ඨත්වයක් නැති කම

:       0       0

ෂෙරීෆ් Friday, 11 May 2012 02:56 AM

මම අද තමයි දන්නේ බේබද්දොත් නංගිලාට ආදරෙයි කියලා.කොහෙද දන්නේ නෑ මේ අයගේ ගම?

:       0       0

alto Saturday, 12 May 2012 11:35 PM

අයියට පොඩ්ඩක් හිතන්න තිබුණා

:       0       0

සුජීව Thursday, 10 May 2012 02:25 PM

ඉතිං අයියා බියර් බොනවා නංගිට අහු වුණානේ

:       0       0

සීජේපී Thursday, 10 May 2012 02:32 PM

ආදරේ කරනවා කියන්නේ පන්ති යනගමන් අතන මෙතන රවුම් ගහන එක නෙමේ. පන්ති යන්න ආවානම් පන්තිය යන්න තිබුණා. අයියා නංගිව තමන්ගාව තියාගත්තේ නංගිට තියන ආදරේ නිසා. නියම නංගි අයියා කෙනෙක්.

:       0       0

නසාර් Sunday, 13 May 2012 09:03 AM

ආදරේ නිසා කොල්ලන් හට දුක් දෙන්න එපා

:       0       0

වෙදගෙදර Tuesday, 15 May 2012 09:59 AM

ගෙදෙට්ට බොරු කියපු එක කැතයි නේද නංගියා

:       0       0

චතුර Thursday, 10 May 2012 03:27 PM

පිස්සු නේ???

:       0       0

පාලිත Thursday, 10 May 2012 03:26 PM

අයියාට බීර බොන්න හොද නම්, නංගි ආදරේ කරන්න එක වරදක් ද? නංගිට වඩා හොර වැඩක් නේ අයිය කරලා තියෙන්නේ

:       0       0

චානක Sunday, 13 May 2012 10:17 AM

ජගත් 2012-05-10 18:43:15 බීර වීදුරුවේ රස දන්න ආදරයේ රස නොදන්න මෝඩ අයියා කෙනෙක්............. ඒ කතාවට මමත් එකගයි

:       0       0

ධම්මික Sunday, 13 May 2012 10:18 AM

ඕකනේ කියන්නේ.දෙන්නත් එක්ක ගෙදර ගියානම් ඔය කාටවත් අහු වෙන්නේ නෑනේ

:       0       0

කාෂ්‍යප Sunday, 13 May 2012 10:54 AM

මම නම් දන්න තරමින් බියර් බොන්න තියෙන්නේ බාර් වල මිසක් ස්නැක්බාර් වල නෙවෙයි. මේ කොල්ලා කෙල්ලවත් අරගෙන ගිහිල්ලා තියෙන්නේ බාර් එකකට නේ. තමන් ආදරය කරන කෙල්ලවත් අරගෙන බාර් එකකට යන කොල්ලා කවුද.

:       0       0

අසංග ප්‍රභාත් කුමාර ගමෙග් Monday, 14 May 2012 08:38 AM

අද බොහොමයක් ළමයින් පන්ති යන මුවාවෙන් සිදුවෙන්නේ මෙයයි. මෙම ප්‍රථිපල හෙට දවසට දැඩි ලෙස බලපානු ඇත. එවිට එය නිවැරදි කිරිමට නොහැකි තැනකට පැමිණෙනු ඇත. දරුවන්ගේ භාර කරුවන් හැටියට මව් පියන් හා වැඩිහිටි අය අධ්‍යාපනය ලබන බාල වයෙස් සෙහෝදර සෙහාදරින් ගැන මීට වාඩා සෙවිල්ලෙන් හා සමීපව කටයුතු කළ යුතුය. අද කාලේ සමාජය නොමග යන දේ බෝහෝ ඇත.

:       0       0

දර්ශන Thursday, 10 May 2012 04:18 PM

හැම දේටම කාලයක් වෙලාවක් තියෙනවනේ.එතකල් ඉන්න

:       0       0

චමී Monday, 14 May 2012 09:29 AM

ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න ඕන. දෙමාපියන් මහන්සියෙන් හම්බකරන සල්ලි වලට වටිනාකමක් දෙන්න දරුවො දැනගන්න ඕන.

:       0       0

sltk2004 Thursday, 10 May 2012 05:18 PM

ඔය වගේ පවුල් වලට සම්බන්ද නොවන එක තමි හොඳමදි

:       0       0

රොෂාන් Friday, 11 May 2012 11:24 AM

මේක මොකක් හරි චන්ඩි අයියා කෙනෙක් ඉන්න ටෙලිනාට්‍යයක කෑල්ලක්ද?

:       0       0

නිම්මි Thursday, 10 May 2012 05:22 PM

කොහොම උණත් ඒ අයියගේ ආදරේ නිසා වෙන්න ඇති මෙහෙම කරන්න ඇත්තේ

:       0       0

ලොකී Saturday, 12 May 2012 03:53 AM

කට ඇරලා මානව හිමිකම් ගැන කතා කරන අයට මේවා පේන්නේ නැද්ද

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 14 May 2012 09:17 PM

ගෙදරට පන්ති යනවා කියලා ගිය තමන්ගේ නංගී කොල්ලෙක් එක්ක ඉද්දී දකින ඕන අයියා කෙනෙකුට මේ වගේ තරහ එන එක පුදුමයක් නෙවෙයි.

:       0       0

හොඳ අයියා Wednesday, 16 May 2012 11:13 AM

මේ රටට පිස්සුද මන්දා....

:       0       0

රත්නා Tuesday, 15 May 2012 12:27 PM

මටත් ඔය වැඩේම උනා. තාත්තටයි අහුවුනේ.තාත්ත යකා නැටුවෙ නැහැ. අපි දෙන්නම කාර් එකේ දාගෙන, එයාවත් ගෙදරින් බස්සලා, ගෙදර ගියා. ගෙදර ආවට පස්සේ මට හොඳ ලෙක්චර් එකක් දුන්න, ලුණු ඇඹුල් ඇතිව.එතකොට මම ඇඩ්වාන්ස් ලෙවෙල්. ඊට අවරුදු හයකට පස්සේ අපි විවාහ වුණා.

:       0       0

ජගත් Thursday, 10 May 2012 06:43 PM

බීර වීදුරුවේ රස දන්න ආදරයේ රස නොදන්න මෝඩ අයියා කෙනෙක්

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 08:25 AM

තරුණ දරුවෝ අද මේ රටේ වල්මත් වෙලා වගෙයි හැසිරෙන්නේ. තමන් වැරදි කරන ගමන් තවත් කෙනෙකුගේ වැරැද්ද හොයන්න තමයි කවුරුත් කටයුතු කරන්නේ. මේ ගති ලක්ෂණය මේ කතාවේ අයියට පමණක් නෙවෙයි. හැම තැතකදීම දකින්න තිබෙන ලක්ෂණයක්. මෙයින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නිතරම තමන්ගේ වැරැද්ද අනුන්ගේ වැරැද්ද මඟින් වසා ගැනීමට වෑයම් කිරීම. ආදරය කිරීම වරදක් නෙවෙයි. ඒත් නොදන්නා කමින් වුනත් තරුණියක් තරුණයෙකු සමඟ හෝටල් ගානේ රිංගීම නම් වරදක්. මෙහිදී ඒ දෙදෙනා වරදක් කරලා නොමැති වුනත් දකින අය නංගී ගැන හිතන්නේ වැරදි අදහසක්.මම හිතන්නේ අයියට කේන්ති යන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. මම එහෙම කියන්නේ මටත් ඉන්නේ නංගි කෙනෙක් හින්දා වෙන්න ඇති. නමුත් මගේ නංගී වෛද්‍යවරියක්. එයා එහෙම කෙනෙක් නෙවෙයි. මමත් අයියා කෙනෙක් නිසා ඒ පුද්ගලයගේ හැඟීම මටත් දැනෙනවා කියලා කියන්නයි මම එහෙම ලියුවේ. අනික පවුලක වැඩිමලා විදිහට තාත්තා කෙනෙක් වගේ පවුලේ බාල සහෝදර සහෝදරියන්ගේ වගකීම තියෙන්නේ අයියට.ඒ නිසා අයියා ඒ විදිහට හැසිරීමත් එක්තරා දෘෂ්ටි කෝෂණයකින් බැලුවම සාධාරණයි.ඒත් තවත් පුද්ගලයෙකුට තදබල විදිහට පහරදීම නම් මට අනුමත කරන්න බැහැ.පොලිසියට ගිහින් පැමිණිලි කිරීම වෙනම දෙයක්. තමන් නීතිය අතට අරගෙන සිවිල් මිනිස්සුන්ට පහරදීම වරදක්.වරදක් කළ අයෙකුට වුවත් අප කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කර අදාළ වරදකට දඬුවම් ලබාදීම මිසක් අප නීතිය අතට අරගෙන අපට අවශ්‍ය විදිහට කටයුතු කිරීම නෙවෙයි.අද අපේ රටේ තීතිය ක්‍රියාත්මක වෙන්නේ පාලක පිරිසට එක විදිහකටත් සාමාන්‍ය ජනතාවට තවත් විදිහකටත් බව මේ රටේ සාමාන්‍ය ජනතාව දන්නා නිසා සුළු සිදුවීමදී වුවත් මිනිස්සු නීතිය අතට අරගෙන ලොකු විනාශකාරී දේවල්වල නිරතවන බව අපට පුවත්පත්වලින් වාර්තාවන සිදුවීම් අනුව අහන්න දකින්න ලැබෙනවා.මේකත් ඒ වගේ එක්තරා සිදුවීමක් බවයි මගේ පුද්ගලික අදහස නම්

:       0       0

සුන්දර නිහතමානී ද පොල් Monday, 14 May 2012 11:24 AM

අයියාට තරහා යන්න ඇත්තේ නංගීව බාර් එකේදී දැකපු නිසා වෙන්න ඇති

:       0       0

අමා Saturday, 12 May 2012 08:57 AM

බුද්ධිමත්ව සිතුවොත් මේ කාගේවත් ක්‍රියාකලාපය අනුමක කරන්න බෑ.සියල්ලන්ම වැරදියි

:       0       0

එච්.කේ. Thursday, 10 May 2012 07:03 PM

මේකේ ඇති වැරැද්ද මොකක්ද? අන්තිමට කොහොමත් වෙන්නේ ඔය ටිකමනේ

:       0       0

සත්‍ය ප්‍රේම බ්‍රංගරාජ Tuesday, 22 May 2012 02:57 PM

මමත් ආදරය කරන කෙනෙක්, නමුත් මම කැමති නැහැ ගැහැණු ළමයි, පිරිමි ළමුන් සමග හෝටල් ගානේ රස්තියාදු වෙනවාට

:       0       0

බෝධිපාල Saturday, 12 May 2012 09:26 AM

දුර දිග නොහිතා අයියා කළ වැඩෙන් වෙන්නේ තවත් ප්‍රශ්නය අවුල් වෙන එකයි

:       0       0

කැකුලී Monday, 14 May 2012 12:23 PM

අයියා මෛත්‍රී භාවනාව වැඩුවනම් හොඳයි නේද අනාගතය ගැන හිතල.මේව ඔඵව පාවිච්චි කරල විසඳ ගන්න ඔනි දේවල්

:       0       0

අකිල Thursday, 10 May 2012 07:24 PM

ආදරේ කරනවා කියන්නේ පන්ති යනගමන් අතන මෙතන රවුම් ගහන එක නෙමේ තමයි. පන්ති යන්න ආවානම් පන්තිය යන්න තිබුණා. අයියා නංගිව තමන්ගාව තියාගත්තේ නංගිට තියන ආදරේ නිසාමයි. නියම අයියා කෙනෙක්ම තමයි.

:       0       0

සුභාෂිණි Friday, 11 May 2012 01:17 PM

මේ අයියට නම් පිස්සු.තරුණ වයසට එන ආදර හැගීම් තේරුම් නොගෙන තමන්ගේ නංගිට ලැජ්ජා කළ එක වැරදියි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 10:38 AM

දවසක අයියත් මේ වගේම පෙම්වතියක් එක්ක යනවා නංගිට අහුවුන දවසක නංගිගෙන් අයියගේ පෙම්වතියට හොඳ කම්මුල් පාරක් තමයි කන්න වෙන්නේ මේ විදිහට අයියා කරන්න ගියොතින් නම් ඊට නරකද දෙන්නම එක්කහු වෙලා මේ වගේ ප්‍රශ්න ගොඩින් බේරගන්න බැලුවා නම් මේ විදිහට ඇගේ හයියෙන් විසඳන්න යන්නේ නැතිව

:       0       0

මහින්ද Tuesday, 15 May 2012 11:09 PM

අනේ මෙයාටත් බීර විදුරුවක් දුන්නනම් ඉවරනේ. අයියගේ වැඩෙ කැතයි

:       0       0

ඇල්ෆා Thursday, 17 May 2012 03:39 PM

චතුගේ අදහස හරියටම හරි....

:       0       0

අමිල Monday, 14 May 2012 01:17 PM

මම හිතන්නේ අද ගෑණු ළමයි මීට වැඩිය බුද්ධිමත් වෙන්න ඕනේ. අයියත් දැන ගන්න ඕනේ ප්‍රශ්නයක් බුද්ධිමත්ව විසඳන්න.

:       0       0

chamara Friday, 11 May 2012 02:28 PM

ආදරේ කරාට කමක් නෑ...පන්ති යනවා කියලා බොරු කියලා ඇවිදින එකනම් හොඳ නෑ.....

:       0       0

දමිත් Friday, 11 May 2012 03:17 PM

අයියෙක් නොවෙයි හරකෙක්

:       0       0

පීටර් Thursday, 10 May 2012 10:38 PM

නියම අයියෙක්.ඒත් කොල්ලට ගහපු එක නම් එච්චර හොද මදි

:       0       0

නුවන් රංග Thursday, 10 May 2012 09:50 AM

මේ වගේ පොඩි දේවල් වලට ගහමරාගන්න යන්නෙ නූගත් මෝඩයො. අයියගෙ නම්බර් එක හිතාගන්න පුලුවන්.

:       0       0

චතු Thursday, 10 May 2012 10:22 AM

තමන්ටම කෙනෙක් හොයා ගන්න නොදී පස්සේ මනමාලයො හොය හොය ඉදලා ගෙදරටම නාකි වුණාම හරි ඇති

:       0       0

තිළිණ Monday, 14 May 2012 03:12 PM

සා ...පයක් අප්පා .................???~~

:       0       0

තිළිණ Monday, 14 May 2012 03:13 PM

සා ...පයක් අප්පා .................???~~

:       0       0

අසන්ක Thursday, 10 May 2012 11:24 PM

අයියා නංගී වාගේ-නංගී අයියා වාගේ

:       0       0

මංඡල බිරුට් Thursday, 10 May 2012 11:05 AM

ගහෙන් වැටුන මිණිහට ගොනා ඇන්නා වාගෙයි කියනනේ මෙකටතමා.

:       0       0

උපුල් Friday, 11 May 2012 04:46 PM

අයියා 'පොරක්ද' කොහෙද මම හිතන්නේ

:       0       0

ආර්.එම්.එස්.කේ. Thursday, 10 May 2012 11:11 AM

ඔයවගේ පිස්සු කට්ටිය තමයි අද රටේ වෙන ළද බොළද වැඩ කරන්නේ

:       0       0

සී.ජේ.පී. Friday, 11 May 2012 04:52 PM

ලංකාවේ මිනිස්සු බොනවා තමයි.ඒත් ආදරේ අදුරන්නේ නැති පඹයෝ නෙමෙයි

:       0       0

සන්ජීව Thursday, 10 May 2012 11:16 AM

නුවන්, සමහර විට ඔයාට මේ අත්දැකීම ලැබුණා නම් තේරෙයි

:       0       0

මලී Thursday, 10 May 2012 11:18 AM

ඇයි මේ විදියට නංගිට අවනම්බු කරන්නේ? තරුණ වයසට ආදරේ කරන එක වැරැද්දක්ද?

:       0       0

ෆාරු Thursday, 10 May 2012 11:25 AM

මේක සුළු සිදුවීමක්.අපි නුවණ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනි

:       0       0

හර්ෂි Monday, 14 May 2012 03:36 PM

ඇත්තටඅයියගේ වැඩෙ කැතයි.අයියාට තව ඉවසන්න තිබුනා.

:       0       0

නන්ගී Thursday, 10 May 2012 11:29 AM

අයියන්ඩිය මට සමාව දුන මෑන ආදරයේ සුව දෑනුනු දිනේ

:       0       0

සමන්- melbourne Thursday, 10 May 2012 11:34 AM

ආදරේ කරන එක වැරැද්දක්ද?

:       0       0

ගැමුණු Friday, 11 May 2012 12:36 AM

ඒ අයියා නම් වෘෂභ රාජයෙක්.

:       0       0

හසාන් Sunday, 13 May 2012 11:41 PM

නංගිටත් තිබුණේ බීර විදුරුවක් බොන්නනේ

:       0       0

අසංක Saturday, 12 May 2012 08:20 PM

මරු අයියලා නංගිලා. කවුරු කවුරුත් ගැලපෙන තොප්පි දා ගන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 367 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 713 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 584 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1123 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 872 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 750 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site