IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජංගම දුරකථනය පොළොවේ ගසා කෑලිත් අරගෙන උසාවිය ඇතුළට ගිහින්

අධිකරණය තුළට යාම සඳහා කඩිනමින් පැමිණි පුද්ගලයකු උසාවි දොරටුව ළඟදී පරීක්‍ෂාවට ලක් කෙරිණි.
ඔහු ළඟ ජංගම දුරකථනයක් තිබූ හෙයින් අධිකරණය තුළට දුරකථන රැගෙන ඒමට අවසර නැති බැවින් ඇතුළුවීමේ දොරටුව අසල සිටි පොලිස් නිලධාරියා ඔහුව දැනුම්වත් කළේ නීතිය ගැනද පවසමිනි.
එහෙත් එම පුද්ගලයා ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීය. ජංගම දුරකථනය ක‍්‍රියාවිරහිත කර අධිකරණය තුළට රැගෙන යාමට උත්සාහ දරමින් පොලිස් නිලධාරියාට නොයෙක් තර්ක ඉදිරිපත් කළේය.
පොලිස් නිලධාරීන්ගෙන් කිසිම සහයක් ලැබෙන පාටක් නැත. ඔහුට අධිකරණය තුළට යෑමේ අවශ්‍යතාව දැඩිව දැනේ.
කරන්න කිසිම දෙයක් නැත. පොලිස් නිලධාරීන්ගෙන් සහනයක් ලැබෙන පාටක් ද නැත. අධිකරණ භූමියට ඇතුළුවන දොරටුව අසලට එක්වරම පැමිණි මෙම පුද්ගලයා අත තිබූ ජංගම දුරකථනය පොලොවේ ගසා දැමුවේ කෝපයෙනි.
දුරකථනයේ කෑලී සීසීකඩ විසිර ඇත. පසුව ඔහු දුරකථන කෑලි අහුලා ගෙන අධිකරණය තුළට  කඩිනමින් දුව ගියේ තවත් ප‍්‍රමාද වුවහොත් අධිකරණයෙන්ද දඩුවම් ලැබෙතැයි පවසමිනි.
මේ ගල්කිස්ස අධිකරණය අසලදී වූ සිදුවීමකි.
 



අදහස් (0)

ජංගම දුරකථනය පොළොවේ ගසා කෑලිත් අරගෙන උසාවිය ඇතුළට ගිහින්

හේරත් Wednesday, 29 May 2013 11:15 PM

කොහිල කැඳ කටුත් එක්ක දෙන දන්සැලට එන්න මහත්තයෝ. අපි සෙල් පරීක්ෂා කොරන්නේ නැහැ. (නි)

:       0       0

රුවන් Thursday, 30 May 2013 09:22 AM

මේ දුරකතනයේ අන්තර්ගතය ගැන සැකයි?(අ)

:       0       0

අමිල Friday, 31 May 2013 11:13 PM

දකුණ ගැන මහා ඉහලින් කතා කරන්නේ දකුණ ගැන නොදන්නා අය වෙන්න ඕනෑ (නි)

:       0       0

ෂිහාන් Wednesday, 29 May 2013 10:37 AM

ඇයි ඕයි, බැටරිය ගලවලා එතන එන්න ආරක්ෂක නිලධාරියාට දීලා යන්න තිබුනානේ. (ස)

:       0       0

කාලිංග Monday, 03 June 2013 02:16 AM

ලොකු වීර වැඩක් කරලා (දී )

:       0       0

ශාන්ති Monday, 03 June 2013 02:16 AM

මොකද්ද ඒ වැඩේ තේරුම

:       0       0

අපොන්සු Wednesday, 29 May 2013 04:55 PM

ඔය "කෙලින්" වැඩ කරන අය තදයෙක් ආවා නම් කොහොමද නැමෙන්නේ. ගල්කිස්සේ මුහුදු හුළඟට නැවෙන පොල්ගස් පරාදයි. (නි)

:       0       0

රදික Wednesday, 29 May 2013 01:51 PM

අනුකම්පා හිතෙන කතාවක්. නඩු කොච්චර කල් යනවද. නඩු කියන අය තමා ඒකේ රගේ දන්නේ. (නි)

:       0       0

ජයා Thursday, 30 May 2013 10:10 AM

පොළොවේ ගැහුවට දුරකතන ලේසියෙන් කැඩෙන්නේ නැහැ. මොලේ තියෙන වැඩක් කරලා තියෙන්නේ (නි)

:       0       0

රොෂාන් Thursday, 30 May 2013 08:18 PM

මාටින්ගෙ ජාතියෙ කෙනෙක්. දකුණෙ කෙනෙක්ගෙන් හොඳට කාලා දැන් තරහ පිටකරගන්න විදියක් නැතුවද කොහෙද? (නි)

:       0       0

වික්‍රම Thursday, 30 May 2013 02:08 AM

හරි චන්ඩියෙක්නේ

:       0       0

පරාක්‍රම Sunday, 02 June 2013 08:16 AM

එතන ඉන්න රාළහාමිලා පෝන් භාරගන්නේ නැහැ. සමහර උසාවි ළඟ නම් පෙට්ටි කඩ තියනවා සල්ලි ගෙවලා පරිස්සම් කරන. ඔය උසාවිය ළඟ එහෙම තැනකුත් නැතුව ඇති. උසාවි යන්නත් ඕන නම් පෝන් එක තියල යන්න තැනකුත් නැත්නම් වෙන මොනව කරන්නද?(නදී)

:       0       0

මධුක Saturday, 01 June 2013 04:32 AM

අර මාටියා(මාටින්) නමින් පෙනී ඉන්න මනුස්සයා පුත්තලමේ වෙන්න ඇති (නි)

:       0       0

Wednesday, 29 May 2013 06:07 PM

ඔතනට හිරුනිකා එහෙම ගියානම් දුරකතනය උස්සගෙනම පස්සෙන්ම දුවයි.(නදී)

:       0       0

සරත් Wednesday, 29 May 2013 11:29 AM

රාළහාමිට දීල යන්න තිබුනේ. අරන් ගිය කියල නඩුකර තුමාට කතාකරන්නද.(ස)

:       0       0

උපුලි Wednesday, 29 May 2013 11:35 AM

මෙයාගෙයි ගෙදර වලන් පිඟන් පොළොවේ ගහන මොඩයෙකුගෙයි අතර වෙනසක් තියෙනවා. මෙතන මෙයාටම කැලි අහුලන්න වුනා. ගෙදර නම් බිරිඳ අහුලනවා. (දී)

:       0       0

ගාමිණී Wednesday, 29 May 2013 11:39 AM

මෝඩ කම තමයි ප්‍රදර්ශනය කරන්නේ (දී)

:       0       0

නිමන්ත Saturday, 01 June 2013 07:54 AM

ෂුවර් එකටම මාටින්ගෙ ජාතියෙ කෙනෙක් (නි)

:       0       0

වරුණ Wednesday, 29 May 2013 11:47 AM

ඕවිටිගල පැත්තේ එක්කෙනෙක් වගේ (නි)

:       0       0

සුජීව Wednesday, 29 May 2013 02:48 PM

දුරකතනයේ සද්දේ නැති කර ගත්තානම් මොකද වෙන්නේ (දී)

:       0       0

ජීව malli Sunday, 02 June 2013 10:18 AM

මාටින් ඓය ගොන් වැඩ කරන අය ඉන්න බලන් යනකොට ගාල්ල නේද ඔයත් එහද

:       0       0

ලලිත් Thursday, 30 May 2013 03:43 PM

මගේ ජාතියේ කෙනෙක්.... (දී)

:       0       0

ලන්කා Wednesday, 29 May 2013 11:52 AM

ඕෆ් කරගෙන යන්ද දුන්නම ඉවරනේ, පාවිච්චි කළොත් බර දඩ ගහන්න තියෙන්නේ (නි)

:       0       0

අසේල Wednesday, 29 May 2013 02:52 PM

මෝඩ කමට බෙහෙත් නැහැ (දී)

:       0       0

සෙනෙවි Wednesday, 05 June 2013 02:29 PM

එයාට අං තටිටුවත් පමනයි නැත්තේ. (නි)

:       0       0

රන්ජනී Wednesday, 29 May 2013 12:02 PM

මහා මෝඩ මිනිහෙක් තවත් දඩුවමක් දුන්නනම් තමා හොද.පොලිස් නිලධාරියා අකුරටම නීතිය ඉටු කරා වෙනවා. (දී)

:       0       0

කාංචන Wednesday, 29 May 2013 03:07 PM

නියම කොල්ලෙක්. මාත් කරන්නෙ ඕකම තමා. (නි)

:       0       0

රුවන්008 Saturday, 01 June 2013 06:11 PM

අහො! මාටින් නොදිටි මොක් පුර!  කරයි ගොන්කං වෙන්ඩ පොර! දකුනට....!!! (නි)

:       0       0

කාංචන Wednesday, 29 May 2013 03:10 PM

මොකද්ද ඒ මනුස්සයාට වෙලා තියෙන්නේ (දී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 29 May 2013 07:50 PM

ඉක්මන් කේන්ති කාරයෝ නිතරම පාඩුකරගන්නවා.(නදී)

:       0       0

නිහාල් Wednesday, 29 May 2013 03:21 PM

ලංකාවේ හා ලෝකයේ අත්‍යාවශ්‍ය උපකරණයක් වන ජංගම දුරකථන හා ඒ හා සමාන වටිනා උපකරණ භාවිතය ශීඝ්‍රයෙන් ඉහල යන යුගයක එය ජංගමව සෑම තැනකටම ගෙන යාමට ඉතා හොද ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අධිකරණයට ජංගම දුරකථනය බාධාවක් බැවින් එය ක්‍රියා විරහිත කිරීම උපදෙස් දීම මැනවි. හදිසියේ හෝ ක්‍රියාත්මක වුවහොත් ඊට අදාල දඩ නියම කල හැකියි. බලය නොව මොලය පාවිච්චි කර ක්‍රමවේදයක් සකසමු (නි)

:       0       0

වෝල්ටර් ජයසිංහ Wednesday, 29 May 2013 08:40 PM

ඇයි අපිට උසාවි අවශ්‍ය? එක එක උසාවි අලුතින් අරිනවා කියන්නේ ධර්මද්දීපයේ සංවර්දනයද ? නීතිඥයෝ අමුලික බොරු කාරයෝ වෙති. ගොයම් ගසත් කමත් භාසාවත් අලියා ගිනි පෙට්ටියත් දන්නේ නැති අය මොනවද දන්නේ ? (නදී)

:       0       0

සංජීව Wednesday, 29 May 2013 03:33 PM

ටිකක් අමුතු කට්ටිය තමයි කැලණියේ ඉන්නේ

:       0       0

කුමාර Wednesday, 29 May 2013 03:33 PM

පළාතේ වරද තියෙන්නේ

:       0       0

තිලක් Friday, 31 May 2013 03:35 AM

නීතියට ගරු කළා නම් වැඩේ ඉවරයිනේ.රාලහාමි හරි (නි)

:       0       0

විජේසිංහ Wednesday, 29 May 2013 03:40 PM

ඔව් ඉතින් නඩු වැටෙන්නෙත් ඔහොම අයට තමයි (නි)

:       0       0

ජෝයි Wednesday, 29 May 2013 09:32 PM

වෝල්ටර්, ඔයා ගොයම් ගස් කතාව, අලියා ගිනිපෙට්ටියේ හිටිය කතාව දන්නවා වුණාට අළුත් අය දන්නෙ නැහැ (නි)

:       0       0

නාලක Wednesday, 29 May 2013 12:49 PM

දැන් කාටද පාඩුව.. නඩු වලට ගෙවන්නයි ෆෝන් ගන්නයි වැඩ දෙකක් නොවැ පුතේ. (ස)

:       0       0

බර්නාර්ඩ් Sunday, 02 June 2013 01:59 PM

මාටින් ඔබ කියන්නේ දකුණේ මෝඩයෝ ඉන්නවා කියලද ?(නදී)

:       0       0

සරත් Friday, 31 May 2013 09:36 PM

උසාවියක් වගේ තැනකට තනියම ගියාම හදිසි උදව්වක් ඉල්ලන්න ජංගම දුරකතනය අත්‍යවශ්‍යයි. ඒත් උසාවි තුළට ජංගම දුරකතන ගෙන යාම තහනම් කරලා. උසාවි ඇතුලෙ දුරකතන පාවිච්චි කරන එක වැඩ කටයුතුවලට බාධාවක් තමයි. හැබැයි දැන හඳුනන කවුරුවත් නැති පළාතක උසාවියකට දුරකතනයක් රැගෙන ගියාම ඒවා ආරක්ෂාවට තියන්න තැනක් නැති නිසා මිනිස්සු හරි අසරණ වෙනවා. වටිනා උපකරණයක් ආවට ගියාට තියලා යන්නත් බැහැනේ. (අපිට එහෙම වුනාට නීතීඥයො නම් ඒව ගෙනිහින් උසාවි ඇතුළෙ කතා කරනවා පේනවා.) දුරකතනවලින් මිනී මරන්න බැහැනේ. ඒ නිසා දැන්වත් කරන්න තියෙන්නේ "උසාවියක් තුළ දුරකතන පාවිච්චි කළොත් බරපතල දඩයක් හෝ උපකරණය රාජසන්තක කරන බවට නියෝගයක් නිකුත් කිරීම"යි. එතකොට කාටවත් කරදරයක් නැතිව ප්‍රශ්නය විසඳෙයි. (නි)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 29 May 2013 10:33 PM

කුකුල් කේන්ති කාරයෙක්ද කොහෙද? දැන් රාළහාමිට පාඩමක් ඉගැන්නුවා කියලා හිතන්න ඇති. මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)

:       0       0

මාටින් Wednesday, 29 May 2013 01:11 PM

අනිවාර්යයෙන්ම දකුණේ කොල්ලෙක් වෙන්න ඇති (නි)

:       0       0

සංජීව Thursday, 30 May 2013 05:53 PM

මොලේ තියෙන වැඩක්ද එයා කළේ? (නි)

:       0       0

මායා Wednesday, 29 May 2013 01:20 PM

කෙනෙක් නඩුවකට යන්නේ මානසික පීඩාවෙන්. ප්‍රශ්න වලට මැදි වුන වෙලාවක්. අනික, පුංචි මිනිසාට තමා හැම දේම. (ස)

:       0       0

සංඛ Thursday, 30 May 2013 06:12 PM

එයාට හොඳ නම් අපිට මොකෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 622 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 810 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1059 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1013 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1278 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1622 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site