IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


චීන කම්කරුවා සිංහල කම්කරුවාගේ කනෙන් රිංගලා

(වියලුව වාර්තාකරු)

ඉදිකිරීම් සමාගමක සේවය කරන චීන කම්කරුවකුට බුලත් විට කන හැටි උගන්වා ඔහුට හුණු තැවැරූ බුලත් කොළයක් දුන් සිංහල කම්කරුවෙකුට සිය සාක්කුවට අත දමා දුංකොළ කෑල්ලක්, පුවක් කැබැල්ලක් හා කරාබු නැටි කීපයක් දිගු කළ චීන කම්කරුවෙකු පිළිබද පුවතක් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

එය චීන සමාගමක් යටතේ සිදු කෙරෙන මාර්ග ව්‍යාපෘතියකි. චීන ජාතික කම්කරුවෝ මෙන්ම සිංහල ජාතික කම්කරුවෝ ද එහි ඉදිකිරීම්වල නිරත වුහ.

භාෂාව බාධකයක් වුවද හස්ත සංඥා යොදා ගනිමින් සිදුකරගත් අදහස් හුවමාරුව නිසාම දෙපාර්ශ්වයේ පිරිස ටික කලකදීම කුලුපග මිතුරන් විය.

 සිංහල කම්කරුවෝ චීන ජාතිකයන්ට  තම ආහාර පානවලින් සංග්‍රහ කළ අතර  සිංහල  භාෂාවේ ඇතැම් වචන ද කියා දුන්හ.

චීන ජාතිකයෝ ද ඔවුන් සතු දුම්වැටිවලින් මෙන්ම විවිධ ආහාරවලින්ද සිංහල කම්කරුවන්ට සැලකීමට අමතක  නොකළහ.

සිංහල කම්කරුවෙකු දිනක්  ආහාර විවේකයේ දී බුලත් විට කන හැටි චීන ජාතිකයෙකුට කියාදී හුණු ටිකක් තැවැරූ බුලත් කොළයක්ද ඔහු අත තැබුවේ ඒ සඳහා ඇවැසි සෙසු කළමනා තමා අත නැති බව හස්ත සංඥාවෙන් කියා පාමිණී.

ඒ මොහොතේ චීන ජාතිකයා සිය පසුම්බියට අත දමා පුවක් කැබැල්ලක්, කරාබු නැටි කීපයක් මෙන්ම දුංකොළ කැබැල්ලක් ද සිය සිංහල ජාතික මිතුරා අත  තැබුවේ  විට කෑමට බුලත් හා හුණූ පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා දුංකොළ හා පුවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවත් පැහැදිලි සිංහලයෙන්ම සිය සිංහල මිතුරාට කියා දෙමිනි.   

 



අදහස් (4)

චීන කම්කරුවා සිංහල කම්කරුවාගේ කනෙන් රිංගලා

himal Monday, 27 November 2017 06:15 AM

කවුරුවත් කාගෙවත් කනෙන් රිංගලා නෑ. දෙන්නම හොඳ යාළුවො බවයි ප්‍රවෘත්තියෙන් පේන්නේ.

:       0       77

BamunuarachchiThursday, 30 November 2017 06:12 AM

හරියට හරි කවුරුත් කාගෙවත් කනින් රිංගන්න හදලා නැත....... තමාට තිබෙන විදිහට ළඟ සිටි කෙනාට සංග්‍රහ කර සිංහල කම පෙන්වා ඇත. දැන් නායකයින් කියන්න දැන් ඒගොල්ලන්ගේ කන් ඉස්සරට වඩා හිඳින් ඇහෙන බවයි.

:       0       4

sam Monday, 27 November 2017 06:56 AM

අද මෙන් විශාල ශ්‍රී ලාංකික පිරිසක් මෙල්බර්න් වල නොසිටි, මීට වසර විසිපහකට පමණ පෙර කාලයක, අපේ මිතුරෙකුගේ මගුල් ගෙදරකදී විවාහ රෙජිස්ට්‍රාර්වරිය (ඕස්ට්‍රේලියානු කාන්තාවක්) කිරිබත් සමග හරි හරියට ලුණු මිරිස් බෙදා ගන්නවා දුටු අයෙක් ඇයට ලුණු මිරිසේ "සැර" ගැන කියා දෙන්න ගියා. ඇය ගත් කටටම මේවා කට්ට සම්බල් බවත් අපට වඩා හොඳට ඇයට මිරිස් කන්න පුළුවන් බවත් කිව්වා පමණක් නොවෙයි ඒක ඔප්පු කරලාත් පෙන්නුවා.

:       0       62

NIMAL Friday, 01 December 2017 06:03 AM

බුලත්විට උපත ගැන මම අහල තියෙන්නේ චීන ජන කතාවක්. මම හිතන්නේ චීන්නු ඒ ගැන දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 456 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1087 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1462 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 997 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 834 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


ඇප වෙලා අලි අමාරුවක වැටිලා
2024 අප්‍රේල් මස 05 1241 0

හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය. මෙහිදී මියගිය අයගේ වැඩිමහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site