IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගවයකු විසින් හරක් හොරා පොලිසියට අල්ලා දීලා

ගවයකු සොරකම් කරගෙන ගිය පුද්ගලයකු එම ‘ගවයා විසින්ම පොලිසියට අල්ලාදීමට’ ක‍්‍රියාකිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ රසවත් පිළතුරක අත්තක් පිළිබඳව කියැවෙන ප‍්‍රදේශයකිනි. 

මේ ගවයා හිමිකරුවාට කීකරු වුවත් අන් අයට පන්න පන්නා පහරදෙන ගණයේ එළ ගවයෙකි. පසුගියදා ගවයා බැඳි ලණුවත් සමගම ඌ අතුරුදන්ව තිබුණි. වටපිටාවේ හැම තැනම සෙව්වත් ගවයා හමුවී නැත. මේ අතරතුර අසල්වැසි ඥාති නිවෙසක හෙදියක කීවේ පෙර දින එළ ගවයකු පහරදීම නිසා තුවාල ලද අයකු තමා සේවය කරන රෝහලට ගෙනා බවකි.

ඔත්තුව ඔස්සේ ගිය ගව හිමියාට මේ තම ගවයා සොරකම් කළ පුද්ගලයා බව දැනගත හැකිවිය. ඔහුගේ නිවෙස සොයා රහසේම ගියවිට ගවයාට ද හොඳටම පහර දී මස් කඩයට දැක්කීමට සූදානම්ව තිබූ බව දැනගත් ගව හිමියා දැන් නීතියේ පිළිසරණ සොයමින් සිටිනවාලූ.



අදහස් (0)

ගවයකු විසින් හරක් හොරා පොලිසියට අල්ලා දීලා

රන්ජිත් Thursday, 07 January 2016 06:29 AM

අපරාදේ! තව දෙපාරක් ඇන්නා නම් ආයෙත් මේ ලෝකේ බත් නොකන්න තිබුණා (නි)

:       0       0

දසත් රණසිංහ Friday, 08 January 2016 09:40 AM

පොලීසිය, හරක් හොරාව අත් අඩංගුවට ගන්න නීතිපති උපදෙස් එනකම් බලං ඉන්නව ඇති (බ)

:       0       0

කිත්සිරි Friday, 08 January 2016 02:14 AM

පොලිසිය අල්ලන්නේ හොයාගන්න අමාරු අපරාධ විතරද මන්දා. (නි)

:       0       0

සෑම් Friday, 08 January 2016 02:14 AM

හැටේ දශකයේ මත්තේගොඩ/ සියඹලාගොඩ ප්‍රදේශයේ වයසක ගුරු මාතාවක් තම දරුවෙකු සේ ආදරයෙන් ඇතිදැඩි කළ හරකා සොරාගෙන මරා කෑ දෙදෙනෙකුට අත්වූ ඉරණම ඒ පළාතේම ප්‍රසිද්ධයි. පිහියකින් බෙල්ල කැපීමට යාමේදී මේ සුරතලයට හැදුනු සතා පිහිය සහිත අත ආදරයෙන් ලෙව කෑ බවත් කියවෙනවා. දක්ෂ රා මදින්නෙකු වූ එම තැනැත්තා අතුරේ යාමේදී අත් ලනුව කැඩී බිම වැටීමට යනවිට කකුලේ මහපට ඇඟිල්ලෙන් පහළ ලණුවේ එල්ලී නොවැටී සිටීමට උත්සාහ කිරීමේදී ඉනේ තිබුන මල් කපන පිහිය බෙල්ලට වැටී බෙල්ල කැපී මියගියා. අනික් පුද්ගලයා වෙලක් මැදදී (කිසිම වැස්සක් නැති වෙලාවක) අකුණක් වැදී මිනියවත් හඳුනාගන්න බැරි තරමට පිච්චී මියගියා (නි)

:       0       0

නිහාල් Saturday, 09 January 2016 06:42 AM

මෙන්න නියම ගවයෙක්! (නි)

:       0       0

යසපාල Thursday, 07 January 2016 06:55 AM

පොලිසිය සමඟ ගිහින් අල්ලාගන්නනේ තියෙන්නේ (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Friday, 08 January 2016 02:37 AM

කළ කළ දේ පළ පළ දේ. සෑම්, ඔබගේ අදහස් වටිනවා. (නි)

:       0       0

සාගර Friday, 08 January 2016 04:45 PM

ඉතින් සමාව දුන්නා නම් ඉවරනේ (අ)

:       0       0

අබරන් Thursday, 07 January 2016 11:11 AM

ඔය වෙලාවට තමයි කැලේ නීතිය අවශ්‍ය වෙන්නේ !!!!!(ම)

:       0       0

ලක්සිරි Friday, 08 January 2016 11:46 AM

අපේ ගෙදර සුරතලයට හදපු පෝනියෙකුත් රෑ හොරු අරගෙන ගිහින් තිබුන. පිටස්තරයෙකුට තියා අපිටවත් පිටේ නගින්න බැහැ කකුල් දෙකෙන් ගහනවා. හොරු කඹ මිලදී අරගත් කඩ වල හෝඩුවාවෙන් අපි හොයාගත්ත. ගගකිනුත් එගොඩ කරලා පල්ලියවත්තක බැඳලා හිටිය. ඒ වෙනකොට හොරු ඇතිවෙන්න උගෙන් ගුටි කාල තිබ්බා.අපි හොරුන්ට අනුකම්පා කර සතා ගෙදර ගෙනාවා. පැමිණිල්ලත් පොලිසියෙන් අස් කරගත්තා. (කෞ)

:       0       0

චතුර Thursday, 07 January 2016 04:30 PM

හරකනේ බලනකොට නියම වැඩකාරයා! (නි)

:       0       0

නන්දසේන Sunday, 10 January 2016 11:01 AM

මේවා දිට්ඨ ධම්මවේදනීය කර්ම (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 07 January 2016 01:35 PM

ෂා අපරාදේ හරකා හරියටම හරක් හොරාට ඇනලා නැහැ (හේ)

:       0       0

ජි නන්දන Thursday, 07 January 2016 01:55 PM

බෙලිඅත්ත පැත්තේ ගවයෝ තාමත් උත්සහා කරන්නේ පන්න පන්නා පහරදෙන්න (හේ)

:       0       0

අජන්ත Thursday, 07 January 2016 08:28 PM

නියමයිනේ! (නි)

:       0       0

හේවා Thursday, 07 January 2016 02:10 PM

නුවණක්කාර හරකෙක් (නි)

:       0       0

රණවන Friday, 08 January 2016 11:22 PM

හරකා වුණත් ඌ කරලා තියෙන්නේ නුවණක්කාර වැඩක් (නි)

:       0       0

අබය Thursday, 07 January 2016 10:53 PM

ලෙහෙසි නැහැ, ඔය හරකා දකුණේ එකෙක්! (නි)

:       0       0

සාමා Friday, 08 January 2016 01:27 AM

අභය, දකුණේ හරක් ඔක්කොම ඔය වගේද? (නි)

:       0       0

චරිත් Thursday, 07 January 2016 06:01 AM

සොයමින් ඉන්නේ මොකටද? පොලිසියට ගිහින් රාළහාමි කෙනෙක් එක්ක හොරාගේ ගෙදරට ගියා නම් ඉවරනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 91 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 912 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 730 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 626 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 363 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 384 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site