IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කළ හොඳ පස්සෙන් එළවන් ඇවිදින්

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මරණය පෙනි පෙනී  ඉතා අසාධ්‍ය තත්ත්වයේම සිටි සිය පුතු වාහනයක දමාගෙන ගොස් මිල මුදල්ද වියදම් කොට බෙහෙත් හේත් මිලදී ගෙන පුතුගේ ජීවිතය යළි ලබා දුන් තැනැත්තාගේ නිවස ඊළඟ දිනයේදී බිඳ ඔහු සතු වටිනා කැසට් රෙකෝඩරය සොරකම් කළ කම්බ හොරකු පිළිබඳව පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


 ඔහු රැකියාවක් නොකර කාගේ හෝ දෙයක් කඩා වඩාගෙන ජීවත්වන්නෙකි. සිය දරු පවුලද නඩත්තු කරන්නේ එසේය. ඔහුගේ යාබද නිවසේ සිටියේ යමක් කමක් ඇති අයෙකි. ඔහුට යාන වාහන මෙන්ම වතුපිටිද තිබේ. ඒ නිසා ඔහු කාටවත් අතනොපා නැති බැරි අයටද උදව් උපකාර කරගෙන ජීවත් වූවේය. යමක් කමක් ඇති ඔහු යාබදව වෙසෙන මේ අයටද නිතර නිතර උදව්පදව් කළේය. ඔහුගේ දරුවන්ට කෑම බීමද දුන්නේය. පාසල් යාමට අවශ්‍ය අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණද දරුවන්ට රැගෙන දුන්නේ වරක් දෙවරක් නොව කිහිප වරක්මය.


එදා නැති බැරි ඔහුගේ එක පුතෙකුට හොඳටම අසනීප වී සිහිසුන්ව සිටියේය. ඔහු කෑගැසුවේ ආධාර උපකාර ඉල්ලා සිය පුතා බේරදෙන ලෙසය. මේ ශබ්දය ඇසුණු අසල්වාසී යමක් කමක් ඇති තැනැත්තා සිය වාහනය රැගෙන විත් දරුවා එයට දමාගෙන විත් නගරයේ පෞද්ගලික රෝහලකට පෙන්නුවේ රජයේ රෝහලට යාමට තව බොහෝ දුරක් යාමට ඇති නිසාත් දරුවාගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබූ නිසාත්ය.


 එම පෞද්ගලික රෝහලෙන් ලැබුණු ප්‍රතිකාර හා බෙහෙත්හේත් වලින් ඔහුගේ පුතාට පැය කිහිපයක් යන්නට මත්තෙන් සිහියවිත් යළි යථා තත්ත්වයට පත්වූවේය. රෝහල් බිල ගෙවා ගැනීමට අසල්වැසියාට වත්කමක් නැති බව දැනගත් ඔහු රුපියල් දහස් ගණනක බිලක් ගෙවා සිය වාහනයෙන් දරුවා යළි නිවසට ඇරලවා අසල්වාසියට ලොකු උපකාරයක් කළා යැයි කියන පින් සිතුවිල්ලෙන්ය.


 සිය දරුවා වාහනයෙන් නැති බැරි කෙනා බස්සාගෙන ගියේ ඇති හැකි අසල්වැසියාට මුව නොසෑහෙන සේ ස්තූති කරමින්ය. ඔහු බොහෝ පින්පත් දෙමින්ය.


 මේ සිදුවීමට පසුදා ඇති හැකි අසල්වැසියා නිවසේ දොරගුළු දමා නිවසින් එළියට ගියේ අවශ්‍යතාවකටය. ඔහු යළි නිවසට එන විට නිවසේ සාලයේ තිබූ වටිනා කැසට් රෙකෝඩරය අතුරුදන් වී තිබිණ. නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුලු වූ සොරකු මේ කැසට් රොකෝඩරය රැගෙන ගොස් තිබුණි. සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිළි කළේය.


 පොලිසිය අසල්වාසී කම්බ හොරා මේ සොරකම කරන්නට ඇතැයි එම නිවැසියාට කී විට  ඔහු එය කොහෙත්ම පිළිගත්තේ නැහැ. පිස්සුද මම නිතරම මිනිහට උදව් කරනවානේ. ඊයේත් මිනිහගේ පුතාගේ ජීවිතය ගොඩ දැම්මේ මමනේ. කීයටවත් මිනිහ නම් මේ හොරකම කරන්නේ නැහැ යැයි ඔහු පොලිසියට කීවේය.


 පොලිසිය ඔහුගේ නිවසට සොරා ඇතුළු වූ ජනේලය වෙතට පිය නැගුවේය. ඒ අවට පොලිසියට හුරුපුරුදු අඩි පහරවල් බිම දක්නට ලැබුණේය. ඒ ඔහුගේ යාබද නිවසේ වෙසෙන කම්බ හොරාගේය. ඔහු ගෙනවිත් අඩි පහරවල් සැසඳුවේ එය සැකහැර දැනගන්නටය. පොලිසියේ සැකය හරි ගියේ කම්බ හොරාට වැදුණු  කණේ පාරවල් දෙක තුනක් සමගම ඔහු ඇත්ත ඇති සැටියෙන් වැමෑරු නිසාය.


 අනේ අනේ මමත් මෙතෙක් කලක් උදව් කරලා තියෙන්නේ අවජාතකයෙකුටනේ. ඔහු මුමුණන විට කම්බ හොරා බිම බලාගෙන සිටියේ ඔහු පොලිසිය කුදලාගෙන යන තෙක්ය.



අදහස් (0)

කළ හොඳ පස්සෙන් එළවන් ඇවිදින්

භද්‍රානි Saturday, 11 June 2016 05:18 PM

ඔබ නිවැරදියි පිටබැද්දර ජයා. ඕක ජාන වලින්ම එන දෙයක් තමයි. "අනුකම්පාව, භූමිකම්පාවට හැරෙන්නේ" ඔය වගේ අමනුස්සයින්ට උදව් කරන්න ගියාම තමයි. මම නම් "අහක යන නයි ඔඩොක්කුවේ දා ගන්නේ" නැහැ කවදාවත්. (නි)

:       0       0

චන්දා Saturday, 11 June 2016 08:18 PM

මේවා මොනවද? රටේම ලක්ෂ 62 ටක් පසුගිය රජය කළේ ඔයටික තමයි. (නි)

:       0       0

රොෂාන් Saturday, 11 June 2016 08:47 PM

මේ කතාවත් දකුණු පළාතේම නේද? හුරතලයට නැටුවාට මොවුන් කොයි මොහොතක හරි දෂ්ඨ කරනවා. (නි)

:       0       0

මැගී Saturday, 11 June 2016 10:34 PM

තමන් කරන හොඳ දේවල් වල හරි නරක දේවල් වල හරි ප්‍රතිඵල තමන්ටම තමා. (නි)

:       0       0

විජයසිරි සෞදි Tuesday, 14 June 2016 07:10 AM

මමත් ඔය වගේම දෙකට මුහුණ දුන්නා මෙහෙ හිටියා රියදුරු මහතෙක් පිළියන්දල පැත්තේ ඔහුට විසා ඉවර වෙලා මෙහෙ ඉන්න බැරුව ලංකාවට යවන්න ඉන්න වෙලාවේ ලිපි ලේඛන හදාගන්න ආ කාලය තුල ඉන්න මුදලින් එහෙම උදව්කලා අපරාදේ කියන්න බෑ එය ලංකාවට ගිහින් ආපසු මට කතා කරලා ස්තුති කලා ටික දවසකට පස්සේ අයෙත් රට යන්න කියා මගෙන් මුදල් ඉල්ලුවා ආපසු දෙන පොරොන්දුව පිට මම ඒ උදව්වත් කලා දැන් ඉන්නවද දන්නෙවත් නෑ නිහඬයි. (ර)

:       0       0

තුෂාරි Monday, 13 June 2016 09:03 AM

මෙහෙත් ඉන්නවා ඔය වගේ කට්ටියක්. (ර)

:       0       0

භද්‍රානි Sunday, 12 June 2016 07:39 PM

අනුන්ගේ ජාන ගැන ලතැවෙමින් ලියා තිබෙන අශෝකා, තමන්ගේ ජාන කොයිවගේද කියලා ඔය යසඅගේට පැහැදිලි කරලා තියෙන්නේ (නි)

:       0       0

රොෂාන් Tuesday, 14 June 2016 08:05 PM

අජිත්ට ඇත්ත ඇහෙද්දී ලැජ්ජයි නේද? ලැජ්ජා බය වැඩිකමටම කරන්නෙම ඔය වගේ වැඩ කියලා මුළු රටම දන්නවා. (නි)

:       0       0

නලීන් Thursday, 16 June 2016 01:14 AM

මිනිස් ලොව සිටින්නේ සත්පුරුෂ හා අසත්පුරුෂ නමින් මිනිස් කොටස් දෙකකි. උතුරේද දකුණේද කියා හෝ දේශීයද විදේශීයද කියා නොවේ. (නි)

:       0       0

සරත් Thursday, 16 June 2016 02:18 AM

ඔය පැත්තේ අයගේ හැටි ඔහොම තමයි (නි)

:       0       0

ටිකිරි Monday, 13 June 2016 01:39 AM

ඇත්තෙන්ම මම දකුණේ. මිනිස්සු ඔහොම තමයි. හරිම පුදුම මිනිස්සු, මම ජපානේ ඉන්න කාලේ දකුණේ කියන පුද්ගලයෝ ගණනාවකට ගොඩක් උදවු කළා. අවසානෙදි ඔවුන් මට කළේ ඔය ටිකමයි. (නි)

:       0       0

අරුණ Saturday, 11 June 2016 04:56 AM

අපේ හිටපු ජනාධිපතිටත් වුණේ මේ වගේ දෙයක් තමයි. විපතින් ගළවා, රටත් සංවර්ධනය කළපසු ඒ මිනිස්සුම ඔහුව පන්නා දමා වෙන අය වැළඳ ගත්තා. (නි)

:       0       0

අසෝකා Sunday, 12 June 2016 06:31 AM

මෙතන බොහොම දෙනෙකුට නම් තමන්ගේ ජාන ප්‍රශ්නය සාධාරණීකරනය කරගන්න පුළුවන්වෙලා තියෙනවා. එතකොට උදව් කරපු මහත්තයට අැයි ඔය ජානම නැත්තේ? මේකට කියන්නේ ජාන නෙමෙයි මොළේ නැතිකම. භද්‍රානි නම් ජිවිතේට මිනිසෙකුට උදව්වක් කරන කෙනෙක් නොවන බව පේනවා. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 11 June 2016 08:16 AM

සිංහල ජාතියේම හැටි ඔහොම තමයි. කන්න දීපු අත හපාකනවා (නි)

:       0       0

අජිත් Tuesday, 14 June 2016 10:09 AM

රෝහිනී, ගාල්ලේද කොළොඹද උතුරේද කියන එක නෙමේ ප්‍රස්නේ. මොකද කොහෙත් ඉන්නවා හොද නරක මිනිස්සු. අන්න එක තේරුම් ගන්න ඔයා පළමුව ඔය වගේ අදහස් දමන්නේ නැතිව. (ර)

:       0       0

ජසන්ත Saturday, 11 June 2016 09:14 AM

මේ වගේ මිනිස්සු ඉන්නවා දැන් හැම තැනම.(හේ)

:       0       0

ලසිත Monday, 13 June 2016 05:14 AM

දැන් මේ වගේ දේවල් වෙද්දි කොහොමද කාට හරි උදව් කරන්නේ.(හේ)

:       0       0

ඉන්දු Saturday, 11 June 2016 10:56 AM

මිනිස්සුන්ට උදව් කරන්න බැරි ඔය වගේ දේවල් කරන නිසයි.(හේ)

:       0       0

බණ්ඩාර Saturday, 11 June 2016 11:46 AM

කාටත් මේ වගේ දේවල් හොද පාඩම්.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 June 2016 11:48 PM

මෙහෙමත් මිනිස්සු නේද? මුලින්ම කරන්නේ කන්න දීපු අත හපාකන එකනේ. මම හිතන්නේ අපේ ජාන වලම තියෙන දෝෂයක් මේක (නි)

:       0       0

රෝහිණී Monday, 13 June 2016 06:52 AM

ඔය ගාල්ල පැත්තේ හිටපු අධ්‍යාපන ඇමතිතුමාගේ ගෙදරට යනපාරේ (රිචඩ් පතිරණ​) ඉන්නවා ඉතාලියේ ඉඳන් ආපු කෙනෙක්.ඔහුට ඉතාලියේම ඉන්න කෙනෙක් විශාල උපකාරයක් කළා මුදලින් ඔහුගේ බෝට්ටුවට දැල් ගන්න​. ඒක ඒ මනුස්සයා දුන්නේ ඉතාලි බැංකුවකින් ණයක් අරන්.අද ඒ උපකාරයට ඒ මනුස්සයා ණය ටික ගෙවන්නේ නැහැ. එය හුඟල් කාලයකට කලින් අනතුරක් වුනා කතරගම ගිහින් එන විට​.ඒ ගැන සලකලාත් තමයි මේ මනුස්සයාට උපකාර කළේ. ඔය පැතිවල අයට කිසි උපකාරයක් නොකළ යුතුයි. (බ)

:       0       0

රෝහිණී Wednesday, 15 June 2016 06:23 AM

රොෂාන්, ඔබට වැටහුනා කාරණය. සමහරවිට "අජිත්" කියා ලිවුවේ මගෙන් සල්ලි ගත් කෙනා වෙන්නත් පුලුවන්. මම ඒක පෙන්වා දුන්නේ අපේ අනික් අයට බේරෙන්න ඕනෑ නිසා. මට වුණ දේ වුණා. නමුත් තව කෙනෙක් ආරක්‍ෂා වෙනවා නම් මා සතුටු වෙනවා. (නි)

:       0       0

රූපවතී Saturday, 11 June 2016 04:53 PM

ලංකාවේ මිනිසුන්ගේ ක්‍රියාවන් දැන් නම් බින්දුවෙනුත් පහළට වැටිලා තියෙන්නේ. සෝමාලියාවේ මිනිසුන් වගේ. හොඳ මිනිසුනුත් නරක ගොඩට බලෙන්ම තල්ලු කරන සුළු පහත් මානසිකත්වයකින්, අද ගැන පමණක්ම සිතා බඩ ගැන පමණක් වෙහෙන මිනිසුන් වෙසෙනවා යැයි සිතෙනකොට මගේ මවුබිමේ මිනිසුන් ගැන හරිම කළකිරීමක් ඇතිවෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 205 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 12 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 942 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 775 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 646 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 383 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site