IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කරවල ඔතාගෙන ආ කඩදාසියෙන් පෙත්සම්කාරයා කොටු

කඩෙන් ගෙනා කරවල කෑල්ලක් නිසා පරණ කෝන්තරයක් ඉස්මතු වීමෙන් පවුල් දෙකක් අතර මහා ගැටුමක් නිර්මාණය වීමේ අපූරු පුවතක් පසුගිය දා අනාවරණය වූයේ දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න උප නගරයකිනි. ඔහු නිවෙසට අවශ්‍ය සිල්ලර බඩු සමග කරවල කෑල්ලක් ද ගත්තේ නිවෙසට ආසන්න උපනගරයකිනි. ගෙදරට ගෙනා පසු පරණ පුල්ස්කැප් කොළයක ඔතා තිබූ කරවල කෑල්ල බාස්කට් එකකට දැමුවේ කඩදාසිය ඉවත්කොටය. අසලට ආ පොඩි දුව කරවල කෑල්ල ඔතා තිබූ කඩදාසියේ වූ සටහන් කීපයක් නිකමට කියවූ අතර එහි තිබූ දෙයින් ඇයට තරු පෙනිණ. මීට වසර කීපයකට පෙර තම ලොකු අයියා විදේශීය රැකියාවකට යාමට කටයුතු සූදානම් කරන අවදියේ කිසිවකු ඔහුට එරෙහිව නිර්නාමික පෙත්සමක් යැවීම නිසා රැකියාවට යාම ප‍්‍රමාද වි තිබිණ. කරවල කෑල්ල ඔතා තිබුණේ ඒ පෙත්සම ලියූ කටුසටහනේය. දැන් පෙත්සම්කරු හඳුනාගෙන ඔහු සමග මහා ගැටුමකට පවුලේ අය සූදානම් වෙනවාලූ.



අදහස් (0)

කරවල ඔතාගෙන ආ කඩදාසියෙන් පෙත්සම්කාරයා කොටු

‍ගයි Sunday, 29 April 2012 03:37 PM

අ‍‍‍‍හඹු සිදුවීමක්

:       0       0

හසරැල් Friday, 27 April 2012 10:10 AM

පොඩි දුවලත් ඕන්නැති වැඩක්නේ කරන්නේ. :D

:       0       0

ප්‍රදීප් Friday, 27 April 2012 10:12 AM

අර කෙල්ලට වෙන කරන්න දෙයක් තිබුණෙම නැති හටි නේද ?

:       0       0

මංඡුල බිරැටි Friday, 27 April 2012 11:43 AM

ගැටුම් ඇතිකරගන්න එකනමි අනුමත කරන්ඩ බැ. ඒත් විමසිලි මත් භාවයකින් තොරව ඉවත දමන සැමදයකම වටිනාකමක් ඇතිබව ඒ කුඩා දරුවාගෙන් උගතහැකි පාඩමක්.

:       0       0

ආලෝක Wednesday, 02 May 2012 07:52 PM

අපූරු පුවතක් ? මේක කොහොමද අපූරු පුවතක් වෙන්නේ....???

:       0       0

රියාද් ෂෙරීෆ් Friday, 27 April 2012 03:15 PM

අනේ දරුවනේ පරණ කෝන්තර අමතක කරමු.

:       0       0

අකිල Thursday, 03 May 2012 08:03 PM

ගැටුම් ඇතිකරගන්න එකනමි අනුමත කරන්ඩ බැ. ඒත් විමසිලි මත් භාවයකින් තොරව ඉවත දමන සැමදයකම වටිනාකමක් ඇතිබව ඒ කුඩා දරුවාගෙන් උගතහැකි පාඩමක්.

:       0       0

බී.හේරත්, නිව්යෝක් සිට Friday, 27 April 2012 04:09 PM

.. සැබැවින් ම ශ‍්‍රී ලාංකික යි. කාටද ආඩම්බර...????

:       0       0

ටී.එස්. Wednesday, 02 May 2012 07:33 AM

දෙන්න තියෙන්නෙ හොඳ සබ්බුවක් දැන්...

:       0       0

පියල් Monday, 30 April 2012 06:50 AM

පරණ පුල්ස්කැප් කොළයක ඔතා තිබූ කරවල කෑල්ල ......

:       0       0

සත්සරණි Monday, 30 April 2012 09:02 AM

මනුස්ස ලෝකේ දැන් හැටි ඔහොම තමයි. ඔන්න ඕවා අමතක කරලා දාන්න දැන්

:       0       0

sbs Saturday, 28 April 2012 05:44 PM

අනේ දරුවනේ පරණ කොන්තර අමතක කරමු

:       0       0

සමන් Monday, 30 April 2012 11:18 AM

ඔක්කොම කියයි අමතක කරන්න කියල.. එත් ඉරිසියා කමට කරපු වැඩේ හොඳද?? එකෙන් අර කොල්ල කොච්චර කරදර වෙන්න ඇතිද? රට යන්න කලින්.. ගහගන්න එකනම් වැරදි තමා.. ඒත් අඩුගානේ මෙහෙම වැඩ කරන ඉරිසියා කාරයන් ගැන ලෝකෙටම කියල තියන්න ඕනා.. අනෙක් යටත් දැනගන්න..

:       0       0

xs Monday, 30 April 2012 11:26 AM

ෂර්ලොක් හෝම්ස් වැඩක්...

:       0       0

සුදර්ශනී Saturday, 05 May 2012 01:32 AM

මොනව කරන්නද මන්දා

:       0       0

පැතුම් Friday, 11 May 2012 12:39 AM

ඕන ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් විසද ගන්න පුළුවන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 333 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 782 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 869 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1235 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1567 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1021 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1482 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site