IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කොරෝනාවේ පන්දාහෙන් අරක්කු බිව්වාට බිරියගෙන් ජීවිතේටම අමතක නොවන පාඩමක්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ආධාර රුපියල් පන්දහස සුරාසලට පූජා කළ බේබදු සැමියාට අපූරු පාඩමක් ඉගැන් වූ භාර්යාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


භාර්යාව, දරු තිදෙනා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකුගෙන්  සමන්විත වූ පවුලක ඔහු ගෘහ මූලිකයාය. එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත්වන්නෙකි. කුලියක් ලැබුණත් නැතත් ඔහු බොන එක ශක්‍රයාට තියා වයිමාටවත් නතර කිරීමට නම් නොහැකිය. ඒ තරමටම හේ බීමට ඇබ්බැහි වී සිටියේය.


කොරෝනා වසංගතයෙන් අවතැන් වූ පිරිසට රජයෙන් දෙන රුපියල් පන්දහසේ ආධාර මුදලට ඔහුගේ පවුල ද අසුවුණේය. ගෙදර ගෘහ මූලිකයා වූ බැවින් ආධාර මුදල් පොතේ අත්සන් කර අදාළ මේ මුදල ලබාගැනීමට තිබුණේ ඔහුටය. සැමියාගේ බේබදුකම ගැන හොඳින් දත් භාර්යාව මේ රුපියල් පන්දහසෙන් මත්පැන් නොගන්නා බවට ඔහුගේ අත තමන්ගේ ඔළුවේ තියා දිවුරුමක් ද ගත්තාය.


කොරෝනා වසංගතය නිසා කුලියක් මලියක් නැතිව අඩ කුස ගින්නේ සිටි දරු තිදෙනාගේ ළපටි බඩවල් අමතක කොට සිය සැමියා කෙතරම් බේබද්දකු වූවත් මේ ආධාර මුදලින් මත්පැන් තියා දුම්වැටියක්වත් නොගනු ඇතැයි භාර්යාව විශ්වාස කළාය. ඒ පිළිබඳ ඇයට පුංචි හෝ සැකයක් තිබුණේ නම් මේ ආධාර මුදල් ගැනීමට සිය සැමියා සමග ඇය ද යනු නොඅනුමානය.


පෝලිමේ සිට කොරෝනා ආධාර මුදල් ලබාගත් ඔහු සිය ඇඟේ අමාරුවට එක මත්පැන් බෝතලයක් ගැනීමට සුරා සලට ගොඩවූයේය. මේ මුදලින් එක බෝතලයක් මිලදී ගත්ත ද සිය භාර්යාවගෙන් අවුලක් ඇති නොවනු ඇතැයි ඔහු සිතුවාය. සුරා සලට ගිය සැනින් තවත් ස්වල්ප වේලාවකින් දින නියමයක් නොමැතිව සුරාසල වසන බවට වූ ආරංචිය ඔහුගේ කන වැකුණේය. 


මේ ආරංචියත් සමගම ඔහුට දෙලොව සිහිවිය. රැකියාව නැතිව අඩ කුසගින්නේ සිටින සිය දරුවන් ගැන ද මතකය අමතක වී ගියේය. සුරාසල යළිත් විවෘත කරන දිනයක්වත් සිතා ගන්න බැරිව සිටි ඔහු තමාට ලැබුණු කෙරෝනා ආධාර මුදල් පන්දහසටම සරිලනසේ මත්පැන් මිල දී ගත්තේය.


ආධාර මුදලින් මිලදීගත් මත්පැන් බෝතල් ටිකත් ඉතා පරිස්සමට රැගෙන නිවෙසට ගිය ඔහුගෙන් ආධාර මුදල් භාර්යාව ඉල්ලුවාය. ඔහු තමා ඒ මුදල්වලින්ගත් මත්පැන් බෝතල් ටික භාර්යාවට පෙන්වූවිට ඇයට යක්ෂයා ආරූඪ වූවාය. දරුවන් අඩ කුසගින්නේ සිටිය දී කොරෝනා ආධාර මුදලින් මත්පැන් ගෙනා සැමියාට දෙස් දෙවොල් තැබුවාය. එයින් නොනැවතුණ ඇය තමන්ගේ දරුවන්ට අසල්වාසියකුගෙන් අතමාරුවක් ඉල්ලාගෙන කන්න බොන්න දුන්නත් සැමියාට මේ කළ වැඩේට දින පහක් යනතෙක්ම තමා කෑම තියා වතුර උගුරක්වත් නොදීමට තීරණය කළාය. තීරණය කළා විතරක් නොව එය ක්‍රියාත්මක ද කළාය.


සිය බිරිඳ තමාට කන්න නොදී ඉඳිවිය යයි ඔහු නොසිතුවේය. දහවල කෑම නොදුන්න ද රෑට කෑම දෙතැයි ඔහු සිතුවේය. රෑටත් ඔහුට කෑම තියා වතුරවත් ඇයගෙන් නොලැබුණාය. තමා කළ ක්‍රියාව නිසා තමාට ගෙදරින් කෑම නොදෙන බව කාටවත් කීමට ද බැරිව ඔහු අලි අමාරුවක වැටුණේය. වේල් දෙකක්ම කෑම නැතිව ආධාර මුදලින් ගත් ඇල් කොහොල්වලින් පමණක් බඩගින්න ඔහුට නිවාගත නොහැකි විය. ඒ නිසාම ඔහු බැරිම තැන උදේ ගමේ පන්සලට රිංගුවේය. පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් උදේට කන්න යමක් ඉල්ලුවේය. ලොකු හාමුදුරුවන් සිතුවේ කොරෝනා නිසා කුලී වැඩ කරන මේ මනුෂ්‍යයාට කුලී නැතිව බඩ ගින්නේ සිටින දරුවන්ට කෑම ඉල්ලනවා යයි සිතාය. මගේ හිතේ දන්ගෙයි දැන් ගෙදර කට්ටියටම ගිනියන්න නම් කෑම නැතිව ඇතැයි කියාය. නැහැ ලොකු හාමුදුරුවනේ කෑම මට විතරයි ඕනෑ ඔහු කීවේය.


මොකද මේ තමාගේ බඩ විතරක් පුරවගන්න දඟලන්නේයයි ලොකු හාමුදුරුවෝ විමසිලිමත් වූහ. අවසානයේ දී ඔහුගේ බඩ විතරක් පුරවා ගන්න හදන හේතුව ලොකු හාමුදුරුවෝ දැන ගත්හ. භාර්යාව දුන් දඬුවම වැරදි නැතැයි කී ලොකු හාමුදුරුවෝ භාර්යාවගේ තහනම ඉවත් කරන තෙක් පන්සලෙන් කන ලෙසත් හැකි ඉක්මනින්ම බොන්න වියදම් කළ මුදල භාර්යාවට ලබාදෙන ලෙසත් ඔහුට පැවසූහ.
කොරෝනා ආධාර මුදලින් මත්පැන් ගත් ඔහුට වූ ඇබැද්දිය ලොකු හාමුදුරුවන්ගේ කටින් පිටවූයේ කවදාවත්ම පන්සල පැත්තේ නොඑන මොහු පන්සලේ ගැවසෙනු දුටු දායකයන් කිහිප දෙනකුම ඇසූදේට පිළිතුරු ලෙසය.



අදහස් (1)

කොරෝනාවේ පන්දාහෙන් අරක්කු බිව්වාට බිරියගෙන් ජීවිතේටම අමතක නොවන පාඩමක්

Pradeep Monday, 27 April 2020 07:28 AM

නමට පමණක් සැමියෙකු, පියෙකු වූ මේ මිනිසාට දවස් පහක් නොව ජීවිතාන්තය දක්වාම කන්න දෙන්න තියා ගෙවල් පළාතකට වැද්ද ගන්න හොද නෑ.

:       2       23

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 420 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1081 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1452 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 997 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 834 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


ඇප වෙලා අලි අමාරුවක වැටිලා
2024 අප්‍රේල් මස 05 1239 0

හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය. මෙහිදී මියගිය අයගේ වැඩිමහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site