IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කට සැර අම්මණ්ඩි මට්ටු කරන්න උපන් ඇඳුමෙන් ඉඳලා

උදේ පාන්දරම උපන් ඇඳුමින් ඉඩමට ගොස් මායිම් වැටට කම්බි ගැසූ අයකු පිළිබඳ වයඹ දැදුරුඔය අසබට ගමකින් වාර්තා වෙයි. පුවත සැකවින්  මෙසේය. අපේ කතානායකයා ප‍්‍රදේශයේ වෙන්දේසියේ විකුණු ඉඩමකින් බිම් කොටසක් මිලට ගත්තේය. එම ඉඩමේ හතරමායිමේ එක් වැටක් පිහිටියේ බිම් කොටසක් මිලට ගෙන නිවසේ අඩක් නිමකොට පදිංචිව සිටින මවක සහ දුවක් සතු ඉඩමට යාබදවයි. දුව තවමත් පාසල් සිසුවියක මව කට සැර කාන්තාවකි. කීප අවස්ථාවක මෙම වැටට කම්බි ගැසීමට ගිය විට ඇය ඇඟට කඩාගෙන පැන්නාය. ”වැට මායිම මෙතන නොවේ අතන  මෙතනින් වැට ගැහුවොත් මං පොලිසි යනවා. වැටත් ගලවලා වීසි කරනවා., ඉඩම හිමියා වැට අසලින් ගියත් ඇය මෙසේ බැණ වදින්නීය. හිමිකරු ඉදිරියේම ගලවා විසි කරන්නීය. ගැහැනියක සමග රණ්ඩු කිරීමට අකමැති ඉඩමේ හිමිකරු කිසිත් නොකියා පසු බසී. කාන්තාව සිතා සිටියේ ඔහු කටින් බයකරගත හැකි පිරිමියකු ලෙසිනි. ගෙවී ගිය සතියේ දිනක උදේ පාන්දර අඳුර ඇරීගෙන එද්දී ඔහු වත්තට ගියේය. සරම කමිසය දෙකම ගලවා පසෙක තබා ඇඟේ නූල්පොටක්වත් නැතුව වැට ළඟට ගියේය. වහා වහා කම්බි ගසන්න පටන් ගත්තේය. ටක් ටොක් ශබ්දය ඇසී කත, කට මුහමත් කරගනම එළියට බැස්සාය. වැට දෙස බැලූ සැණින් යළි පස්සා දොරෙන් ගෙට ගොස් දොර වසා ගත්තාය. යළි එළියට ආවේ  ඉඩමේ හිමිකරු කම්බි හතර පොටක් ගසා වැඩ නිමකර ආපසු ගිය පසුය. එදා දුවගේ පාසල් ගමනද නැවතුනාලූ. කාන්තාවද මේ වනතෙක් වැටට අරියාදුවක්ද කළේ නැතිලූ. එයඉඩම හිමියා හිතවතුන් සමඟ පවසනවාලූ.



අදහස් (0)

කට සැර අම්මණ්ඩි මට්ටු කරන්න උපන් ඇඳුමෙන් ඉඳලා

නසීර් Tuesday, 24 April 2012 09:38 PM

අපිට හරි හිනා.. හී.. හී.. හී..

:       0       0

මාලක Thursday, 26 April 2012 03:54 AM

තවත් නව නිපැයුම් කරුවෙක්..

:       0       0

සුමිත් Tuesday, 24 April 2012 10:51 PM

නියමයි

:       0       0

දයා Wednesday, 25 April 2012 06:11 AM

මේක තමයි පොලිසි නොයා උසාවි නොයා වැටවල් ගැසීමේ අලුත් කලාව

:       0       0

තොම්සන් Wednesday, 25 April 2012 07:50 AM

උපන් ඇදුම ඵලදායි ලෙස භාවිතා කළ අවස්ථාවකි

:       0       0

රුවන්ත Wednesday, 25 April 2012 09:22 AM

ෂා නියමයි... කටින් බය කරන්න හිතා ගෙන ඉන්න ගෑණු අයට ඔහොම තමයි කරන්න ඕනි.

:       0       0

කුමාරි Wednesday, 25 April 2012 09:33 AM

විලි ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි කීවලු

:       0       0

දයා(සවුදි) Wednesday, 25 April 2012 10:23 AM

මිහිරැති වසන්ත කාලේ...

:       0       0

සකු Sunday, 29 April 2012 06:11 PM

දෙන්නම වැරදියි

:       0       0

දෙයියා Wednesday, 25 April 2012 10:40 AM

පණ්ඩිත ගෑණු අයට ඔහොම තමයි කරන්න ඕනි

:       0       0

ශාන්ත Monday, 23 April 2012 10:06 AM

මරු

:       0       0

ජායි Monday, 23 April 2012 10:56 AM

නියම වැඩක් ඔය වගේ ගෑනුන්ට ඔහෝම තමයි කරන්න ඕනේ

:       0       0

චමී Wednesday, 25 April 2012 01:17 PM

ගෑනු කෙනා නපුරු කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.නමුත් මේ කෙනා කරපු වැඩේ හරි කියලා කියන්න ම බැහැ මොකද අහල පහල ගැහැණු දරුවන් හිටියනම්.හොදනැහැ නේද......නිතිය පාවිච්චි කලා නම් හරිනේ ...............

:       0       0

harshana Monday, 23 April 2012 11:30 AM

මාර කතාවක්නේ....!!!!!!!!

:       0       0

ප්‍රසාද් Thursday, 26 April 2012 12:21 PM

හොද වෙලාවට අම්මයි දුවයි විතරක් ඉඩම ළග හිටියේ.වෙන තැනක ඔය වැඩේ කරන්න ගියානම් උපන් ඇදුමත් ගලවයි

:       0       0

දිනේෂ් Tuesday, 24 April 2012 03:02 PM

නියමයි.ඔය වගේ පණ්ඩිත කාන්තාවන්ට ඔහොම තමයි කරන්න ඕනි.

:       0       0

ජයා Tuesday, 24 April 2012 04:26 PM

නීතීයෙන් නමි මෙ පුද්ගලයා වැරදිකාරයෙක් මොකද රහස්දේවල් ප්‍රදර්ශනය කිරිම වරදක්.

:       0       0

ශානක Wednesday, 25 April 2012 08:32 PM

නියමයි අයියා...

:       0       0

වජිර Monday, 30 April 2012 11:54 AM

පිරිමිකම කියන්නේ නිරුවත පෙන්වීම නොවෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 556 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 897 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 942 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1247 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1582 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site