(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
විවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ.
තරුණයා වෘත්තියෙන් රියැදුරෙකි. දැනට වසර කිහිපයකට පෙර ඔහුගේ ගමට පවුලක් පදිංචියට පැමිණියේය. දරුවන් තිදෙනකු සිටි එම පවුලේ සැමියා කෙසඟ සිරුරක් ඇති පුද්ගලයෙකි. බිරිඳ හැඩරුව ඇති තැනැත්තියකි. නව යුවළ පැමිණීමෙන් පසු බොහෝ තරුණයෝ එම නිවස අසල ගැවැසීම ද පුරුද්දක් කර ගත්හ.
කලක් ගත වනවිට තරුණ රියැදුරා හා එම කාන්තාව අතර ඇසුරක් පටන් ගැනුණි. සැමියා කාර්මිකයකු වූ අතර ඔහු වැඩිපුරම සේවය කළේ නගරයේ වීම නිසා නිවසට පැමිණෙන්නේ ද දින සති ගණනකට පසුවය. සැමියා නොමැති එවැනි දිනවලදී මෙම තරුණ පෙම්වතා නිවසට ගෙන්වා ගැනීම කාන්තාව පුරුද්දක් කරගත්තාය. තරුණයා එම නිවසට දිනක් රාත්‍රී කාලයේ යනු දුටු අසල්වැසි කාන්තාවක් සැමියාට දුරකතන ඇමතුමක් දී සිද්ධිය පැවැසුවාය.
සැමියා හදිසියේ නිවසට පැමිණෙන විට මැදියම් රැය ද පසුවී තිබුණි. හදිසියේ සැමියා ගෙදර පැමිණීම නිසා බිරිඳගේ දෙලොව රත්වූයේ තරුණයා නිවසින් පිට කළ යුතු ආකාරය සිතා ගැනීමට අපහසු වූ නිසාය. බිරිඳ ඉදිරිපස දොර විවෘත කරන අතරේ තරුණයා පිටුපස දොරින් පැන ගියේය. සැමියාට මේ බැව් දැනුන ද ඒ වගක් නොමැතිව ඔහු නිවස තුළට විත් පුරුදු පරිදි නින්දට යෑමට සූදානම් විය. ඒ අවස්ථාවේ ඔහුගේ ඇස ගැටුනේ රියැදුරු බලපත්‍ර හා හැඳුනුම්පතක් සහිත ලියුම් කවරයක් තමන්ගේ ඇඳ මත කොට්ටය යට තිබෙන ආකාරයයි.
පසු දින සැමියා සිද්ධිය ආරක්ෂක අංශයට සැළකර නිවසට පැමිණ සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන මෙන් අයැද සිටියේය. තරුණයා එම නිවසට පැමිණි සෑම දිනකම එම කාන්තාවට මුදල් බහාලූ ලියුම් කවරයක් ලබාදීම සිදුකර ඇති අතර එදින කලබලයට පත්ව තබා ඇත්තේ මුදල් බහාලූ ලියුම් කවරය වෙනුවට තම රියැදුරු බලපත්‍ර හා හැඳුනුම්පත සහිත ලියුම් කවරය බව විමර්ශනයේදී හෙළි විය.
සිද්ධිය වසන් කිරීමට සියලුදෙනා කටයුතු කළ ද එය ගම ගම පුරා පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොට්ටෙ යට ලයිසන් එකෙන් හොර මඟුල මාට්ටු