IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


එක මලකින් රොන් ගන්න ගිහින් බඹරු දෙදෙනෙක් ඇනගෙන

එක පෙම්වතියකට එකවර ආදරය කළ පෙම්වතුන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ඇය මුණ ගැසීමට ගියහ. එහිදී සිදුවූ බහින්බස් වීමකින් පසුව දෙදෙනාම ගුටි කෙළගෙන ඇත. මෙහිදී එක් පෙම්වතෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

මෙම සිද්ධියට සම්බන්ධ පෙම්වතුන් දෙදෙනා හා පෙම්වතිය පාසල් සිසූහු වෙති. සිසුවිය පෙම්වතුන් දෙදෙනාට හසු නොවන පරිදි එකිනෙකාට හොර රහසේ දෙදෙනා සමඟම පේ‍්‍රම සම්බන්ධතාවයන් පවත්වාගෙන ගොස් ඇත.

පසුගිය දිනක එක් පෙම්වතකු පෙම්බස් දොඩමින් සිටින විට අනෙක් පෙම්වතාද පෙම්වතිය සොයා පැමිණ තිබේ. එහිදී තම පෙම්වතිය තවත් අයකු සමඟ පේ‍්‍රමයෙන් ඇලීගැලී සිටින අයුරු දැක ඔහුට පහර දී ඇත.

පහර කෑ පෙම්වතකු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පහර දුන් අනෙක් පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

එක මලකින් රොන් ගන්න ගිහින් බඹරු දෙදෙනෙක් ඇනගෙන

යමින්ත Monday, 11 January 2016 08:49 AM

අනේ අම්මපා අද කාලේ අහන්න ලැබෙන දේවල්? (නි)

:       0       0

අනුර පනාගොඩ Friday, 08 January 2016 09:34 AM

අල්ලපු වත්තෙන් කාමරයක් කුලියට ගත්තනම් හොඳයි (බ)

:       0       0

ඉනෝකා Friday, 08 January 2016 09:46 AM

තවත් ප්‍රේම ත්‍රිකෝණයක්.ආදරය සමඟ සෙල්ලම් කරන්න හොඳ නැහැ.පාසල් කාලයේ බොළඳ ආදර පටලැවිල්ලක් නිසා ඉගෙන ගන්න තිබෙන වටිනා කාලය නාස්ති කරගෙන.අපි පාසල් යන කාලයේත් ඔවැනි සිදුවීම් ඕනෑතරම් දැක තිබෙනවා. (බ)

:       0       0

සෆ්රාස් Monday, 11 January 2016 03:30 PM

දෙන්නා දෙපැත්තෙන් ලව් කරලා කෙල්ලගෙන් හොදට කන්න බොන්න තිබුණා .(කෞ)

:       0       0

කේ Friday, 08 January 2016 03:17 PM

එක මලකින් රොන් උරා බොන බමරුන් සමනලයන් කවදාකවත් ඇනගන්න යන්නේ නැහැ. සමාදානයෙන් පැණි බීලා ඉගිල්ලිලා යනවා. අපිත් එහෙම කලොත් මොකද? (ස)

:       0       0

තරුෂි Friday, 08 January 2016 03:53 PM

ඔය කියන විදිහට ඔය සත්වයා කොහොමත්, බඹරෙක් නම් වෙන්න බැහැ. බොහෝ දුරට නිල මැස්සෙක් වෙන්න පුළුවන්. ඒකයි බේරෙන්නම බැරි.(හේ)

:       0       0

ජෙහාන් Friday, 08 January 2016 10:23 AM

සමහර අම්මලාත් මේවාට උල්පන්දම් දෙන බව කනගාටුවෙන් වුනත් කියන්න ඕන. අපේ අසල්වැසි නිවසක නේවාසික තරුණියක් ඒ ගෙදර පුතාගෙන් මෙන්ම ගමේ ගෙදරින් ජෝඩු කළ තරුණනයාගෙනුත් සල්ලි කඩා ගත්තා කියලා ආරංචි වුණේ. අන්තිමට දැන ගන්න ලැබුනේ මේවා තරුණියගේ මව් පාර්ශවය දැනුවත්ව සිදු වුන බව (බ)

:       0       0

ජයා Monday, 11 January 2016 10:15 AM

මේ ළමයා මෙහෙම නම් මේ ළමයාගේ දෙමවුපායොත් එහෙමද දන් නෑ (කෞ)

:       0       0

සරත් Sunday, 10 January 2016 10:36 AM

"ගහ මල්වරන දිනේ අතීතයේ සුවඳ සොයා කිසි බඹරෙකු හැඬුවේ නෑ" මනෝජ්, එතකොට මේක... (නි)

:       0       0

විජිත් Saturday, 09 January 2016 08:59 AM

.." මලකින් මලකට, ගොස් පැණි බොන්නද - මට හිමි බඹරියේ ...නුඹ සැරසෙන්නේ..." ( සමාවන්න,ගීතය පොඩ්ඩක් වෙනස්කළාට ) (නි)

:       0       0

මනෝ Friday, 08 January 2016 06:46 AM

දෙන්නම එකතු වෙලා කෙල්ලට ගහන්න තිබුනේ. විහිලුවටයි කිව්වේ. එකෙකුට හෝ වැඩි දෙනෙකුට ආලය කිරීම එයාගේ කැමැත්තනේ. (ර)

:       0       0

සරසි Friday, 08 January 2016 08:06 AM

මේ වගේ තරුණියන්ව අනාගතයේ සදහටම නීතියෙන් භාර ගන්න කෙනා ගෙදර සී සී ටී වී කැමරාවක් සවි කර ගන්න එක හොඳයි. මේවගේ බවලතුන්ව පැය භාගයකටවත් ගෙදර තනියම තියලා යන්න විශ්වාස කටයුතු නැහැ . (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 08 January 2016 08:25 AM

පොඩිකමට මෙහෙමනම් ලොකු මහත් වෙලා කරලියට ආවම දහයකින් දොළහකින් මෙහා නවතින එකක් නැහැ ! (ම)

:       0       0

ටෙරන්ස් Friday, 08 January 2016 11:07 PM

අනේ මෙහෙමත් චපල පෙම්වතියෝ?? (නි)

:       0       0

අබය Friday, 08 January 2016 11:24 PM

ඒ දෙන්නට තිබුනේ " පලංචියේ ලී ඉරුවේ අපි එකට " කියලා සතුටින් රොන් අරගෙන යන්න. (නි)

:       0       0

සරත් Friday, 08 January 2016 11:38 PM

"දුර කඳුයාය මටයි, නිල්ල නෙළන්නේ නුඹටයි, මේ මුළු ලොවම මටයි, මගේ ආදරේ නුඹටයි..." (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 January 2016 05:28 AM

අනේ පනාගොඩ, වයසේ හැටියටද කතාව? දැන් පනස්පහත් පැනලා නේද? (නි)

:       0       0

මනෝජ් Sunday, 10 January 2016 06:13 AM

සරත්, ඔය සින්දුව කිව්වේ ඉඩම් හිමි ගොවියෙක් තමන්ගේ හරකට තණකොළ කපන්න ගිය වෙලාවෙලු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 181 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 703 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 817 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1220 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1548 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1018 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1389 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site