IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


එකට නින්දට ගිය මිතුරා ? බලද්දී බිරිඳගේ ඇඳේ

(මත්තේගොඩ ශාන්ත ප‍්‍රදීප් කුමාර කුලරත්න)
තමා සමග නින්දට ගිය මිතුරා පිළිබඳව මැදියම් රැුයේ අවදි වී විපරම් කිරීමේදී ඔහු බිරිඳ සමග නිදා සිටීමේ සිද්ධියක් අසුවීම නිසා කෝපවූ සැමියා දික්කසාදය ඉල්ලා පැමිණිලි කිරීමේ පුවතක් පොලීසියෙන් වාර්තා වේ.


සිද්ධිය සැකවින් මෙසේය.


විසිඅට හැවිරිදි පුද්ගලයකු සහ විසි හය හැවිරිදි කාන්තාවක විවාහ වී එක් දරුවකු සමග පදිංචිව සිටී.


කම්කරුවකු ලෙස සේවය කරන නිවාසයේ හිමියා, වැඩපලට දුරින් පැමිණි අයකු සමග මිතුරු වී කල්ගත කළේය. දිනක්, සේවය නිමවීමෙන් පසු සවස දෙදෙනාම නිවසට පැමිණ අල්ලාප සල්ලාපයේ යෙදී සිට ඇත. කෙමෙන් රාති‍්‍රය උදාවිය. රාතී‍්‍ර කෑමද කා බී, නිවස හිමියාට මිතුරා මෙසේ යෝජනාවක් කළේය. ‘‘මචං බෝඩිමට යන්න මට කම්මැලියි. අද මෙහේ මමත් නිදා ගන්නම්. දෙන්නා එක්ක හෙට උදේට වැඩට යං.’’


මෙදින නිවස හිමි තරුණයාගේ මව වෙනත් ඥාති නිවසකට ගොස් සිටි නිසා මවගේ කාමරයේ ඉඩ ඇති නිසාත් යාළුවාගේ ඉල්ලීමට කැමති විය.


ඒ අනුව රාතී‍්‍ර 9ට පමණ යාළුවා සහ නිවස හිමි තරුණයා මවගේ කාමරයේ නිඳාගැනීමට ගිය අතර බිරිඳ සහ දරුවා අනෙක් කාමරයේ නින්දට ගියහ.


එහෙත් රාතී‍්‍ර 12ට පමණ හදිසියේ අවදි වූ තරුණයා තමා ළඟ නිදා සිටි යාළුවා නොමැති වීමෙන් තරු විසි වී සොයන්නට විය. මුලින්ම කළේ බිරිඳගේ කාමරය පරීක්‍ෂා කිරීමය. එහි විදුලි බල්බය දල්වා ඇඳ දෙස විපරම් කිරීමේදී දරුවා පමණක් නිදා සිටිනවා දැක නිවසේ තරුණයාට එළොව පොල් පෙනුණි. වෙනදා  ඔළුවේ සිට රෙදිපොරවාගෙන නිදාගන්නා බිරිඳගේ පොරවන රෙද්ද ඇඳේ පැත්තකය. මදුරු දැලද ඇඳේ පැත්තකින් විවෘත කළ ලෙසින්ම තිබුණි.
 ඒ සමගම ඇඳ යට කකුලක් දැක ඇද යටට එබී බැලීමේදි යාළුවා සහ බිරිඳ සිටිනු දැක යක්‍ෂයා ආරූඪ වුණු නිවස හිමි තරුණයා දෙදෙනාම එළියට ගෙන හොඳ හැටි සළකා පොලීසියට පැමිණ පැමිණිල්ලක් දැමීය.


එහි සටහන් වූයේ විශ්වාසයට සහ ආදරයට එරෙහිව වුණු තම බිරිඳ දික්කසාද කිරීමට නඩු පවරන ලෙසයි. 


කළණ මිතුරකු ලෙස නිවසට පැමිණ පස මිතුරුකු වී තම බිරිඳ සහේට ගැනීමට තරම් අකාරුණික වූ මේ පුවත, යහළුවන් නිවසට කැඳවා ගන එන, මධුවිත තොල ගාන, ? නිදි කරවා ගන්නා යහළුවන්ට නම් කදිම ආදර්ශයක් බව එය ඇසූ කවුරුත් මුමුණන්නට වූහ.



අදහස් (0)

එකට නින්දට ගිය මිතුරා ? බලද්දී බිරිඳගේ ඇඳේ

ටිරෝන් Tuesday, 07 June 2016 10:00 AM

යාළුවා අදුර ගන්නේ කොහොමද බිරිඳවත් අඳුරගන්න බැරිකොට අයියෝ සල්ලි (හේ)

:       0       0

සුජීව Saturday, 04 June 2016 09:30 PM

ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන... (නි)

:       0       0

සංජීව Tuesday, 07 June 2016 10:15 AM

සැමියා සහ බිරිඳ දෙදෙනාම වැරදියි. (ර)

:       0       0

මහින්ද Monday, 06 June 2016 07:47 PM

ඍෂිවරයන් කියන පරිදි, ස්ත්‍රියක් පතිවත රකින්නේ තමා කැමැති පුරුෂයාත්, සුදුසු තැනකුත්, වෙලාවකුත් ලැබෙන තෙක් පමණි. (නි)

:       0       0

සිසිර Monday, 06 June 2016 08:53 AM

මෙතැනදී අරක්කු වලට දොස් කියන එක වැරදියි. මිනිස්සුනේ වැරදි කරලා තියෙන්නේ. අරක්කු අහිංසකයි. (නි)

:       0       0

ප්‍රබෝද Monday, 06 June 2016 04:17 AM

බැන්ඳට පස්සේ යාලුවෝ එක්ක වුණත් ගනුදෙනු පරිස්සමෙන්. මම දන්නා යාලුවෙක්ගෙ කසාදෙ අවසන් වුණා එයා බැන්ඳට පස්සෙත් පිරිමි යාලුවෝ එක්ක චැට් කරන්න ගිහින්. (නි)

:       0       0

බණ්ඩාර Monday, 06 June 2016 09:13 PM

යාලුවත් එක්ක පවුල් දෙක මාරු කරගන්නයි දැන් ඉතින් තියෙන්නේ (නි)

:       0       0

සුදේශ් Monday, 06 June 2016 04:50 AM

අනේ මෙහෙමත් යාළුවෝ? (නි)

:       0       0

සුමනසේන Sunday, 05 June 2016 12:12 PM

ලංකාවේ නියම බෞද්ධයෝ නැහැ. එ්කයි මෙහෙම ක්‍රියා සිදු වෙන්නේ. එනිසා අනේ මගේ හාමුදුරුවනේ, ලංකාවට ආයෙමත් බුද්ධාගම ගෙනඑන්න ක්‍රියා කරන්න (නි)

:       0       0

පද්මිණි Sunday, 05 June 2016 04:28 AM

ලංකාවේ අපේ ගෙවල් වල කාමර වල දොර වහන්නේ නැහැ. බොහෝවිට දොරක් නැහැ. නිකම් දොර රෙද්දකින් විතරයි ආවරණය. ඕනෑම අපරාධයක් කරලා යන්න පුළුවන්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 04 June 2016 04:11 AM

මිතුරෝ ආශ්‍රය කරද්දි නම් පරිස්සමට කරන එක හොඳයි. හැබැයි මිතුරා මොන සන්නියෙන් ආවත් බිරිඳ යහපත් නම්, ගුණවත් නම්, පති පතිනියක් නම් ළඟට කිට්ටු කරනවා බොරු. කණගාටුවට කරුණ නම් අද එහෙම පතිපතිනියන් හොයාගන්න එක තමයි අමාරු. (නි)

:       0       0

ධම්ම Sunday, 05 June 2016 04:45 AM

ගැහැණු පොඩි බුරුලක් දුන්නොත් පිරිමි උපරිම ප්‍රයෝජන ගන්නවා.(නි)

:       0       0

ටෙශාන් Sunday, 05 June 2016 05:01 AM

මේ කතාවේ කියවෙන ගැහැණියත්, ආගන්තුක මනුස්සයාත් දෙන්නම කලින් ඉඳලාම යහපත් හැසිරීමක් තිබුණ අය නොවෙන්න ඇති. ඒ නිසා තමා හම්බවෙලා බොහොම කෙටි කලකින්ම, කොටින්ම ස්වාමි පුරුෂයා ගෙදර ඉඳිද්දිම අනාචාරයේ හැසිරුණේ. (නි)

:       0       0

පියුමාල් Sunday, 05 June 2016 05:25 AM

මේ ප්‍රශ්නයේදී ගෙදර සැමියාත් වැරදියි (නි)

:       0       0

සිසිර Sunday, 05 June 2016 06:30 AM

මෙතන ගෙදර මිනිහගේත් වැරැද්දක් තියෙනවා. බිරිඳයි දරුවොයි එක්ක තමන්ගේ කාමරේ නිදාගත්තා නම් ඉවරයිනේ. එතකොට වෙන කාටවත් ඒ කාමරේට එන්න බැහැනේ. (නි)

:       0       0

ජයන්ත Saturday, 04 June 2016 06:34 AM

අධික විශ්වාසය, නොදන්නා අය පමණට වඩා ආශ්‍රය කරන්න යාම සහ අසීමාන්තික රාගය වගේ කරුණු නිසා අවසානයේ අත්වන්නේ විනාශය පමණි. මේ සිද්ධියට සම්බන්ධ චරිත තුනේම අඩුපාඩු හින්දා තමා මේ අකරතැබ්බය සිදු වුණේ. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 08 June 2016 09:20 AM

තම සැමියාගේ කලන මිතුරාට ඇය අතින් සිදුවිය යුතු සැලකිල්ල මේ විදියට විය යුතුයි කියල හිතල දෙන්ට ඇති.(ම)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 07 June 2016 12:23 PM

දැන් අපේ අය කියන විදියට ගෙදර නෝනට අවස්ථාවන් වහලා දම්මම වරදේ බැඳෙන්නේ නැද්ද .(හේ)

:       0       0

මනෝරි Saturday, 04 June 2016 08:56 AM

හැමෝම එක මිම්මෙන් මනින්න එපා. එහෙම හැම යහළුවෙක්ම අවිනීතව හැසිරෙන්නේ නැහැ. මේ කාන්තාව කලින් මෙයා එක්කම හෝ වෙනත් අය සමඟ සම්බන්ධතා පුරුදු කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

තරුෂි Sunday, 05 June 2016 08:14 AM

බිරිඳට වැඩිය යාළුවො ලොකු කරගත්තහම ඔහොම තමයි වෙන්නේ. ලංකාවේ ගොඩක් පිරිමින්ට අරක්කු සහ යාළුවො දැක්කහම බිරිඳව අමතක වෙනවා. නමුත් යාළුවො ඔවුන්ගේ බිරින්ඳෑවරුන් ගැන හොඳට මතක තියාගෙන ඉන්නවා. (නි)

:       0       0

අජිත් Saturday, 04 June 2016 09:13 AM

යහළුවකු ගෙදර නිදාගන්න ඉල්ලනවා කියන්නේ මර උගුලක්ම තමයි. (නි)

:       0       0

සරසි Saturday, 04 June 2016 09:29 AM

තමන්ගේ නෝනාගේ සහෝදරයෙක් නොවන කිසිම කෙනෙකු ගෙදර සාලයෙන් එහාට ගන්න හොඳ නැහැ. දකින දකින පිරිමි ගෙදර එක්කගෙන ඇවිල්ලා නවාතැන්දෙන මේ ස්වාමි පුරුෂයාගේ මොළය හොඳ නැහැ. අනෙක එයා මොකටද වෙනත් කාමරයක නිදාගන්න ගියේ? ගෙදර ආගන්තුක පිරිමියෙකුත් ඉන්දැද්දී. (නි)

:       0       0

අබය Saturday, 04 June 2016 09:44 AM

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති... බල්ලන් කැනහිලුන් මෙන් ඇඳ යට නොයතී... (නි)

:       0       0

කනිෂ්ක Monday, 06 June 2016 06:04 AM

කසාද බැන්දට පස්සෙ යාළුවො ගෙදර ගෙනත් මත්පැන් සාජ්ජ දාන එක නම් බොහොම හොඳ නැති දෙයක්. (ම)

:       0       0

රත්නේ Sunday, 05 June 2016 09:26 AM

විවාහ උනාට පස්සෙ නිවසෙන් මත්පැන් සහ මිතුරන් කියන දෙවර්ගය ඈත් කරන්න ඕන. බොහෝ වෙලාවට මත්පැන්, මිතුරන් සහ නිවස කියන කාරණා තුන් දිගින් දිගටම ඇදිලා ගියොත් කෙලවර වන්නේ විනාශයකින්. අපි දන්න තැනක මෙවැනිම අවාසනාවන්තම දෙයක් සිදු වුනා. මිතුරන් දෙදෙනෙක් මත්පැන් පානය කරන්න නිතරම එක් මිතුරෙකුගේ නිවසේ හම්බ වෙනවා. ටික කාලයක් යද්දී නිවස හිමි මිතුරාගේ බිරිඳ සහ අනෙක් මිතුරා අනියම් සම්බන්ධතාවක් හොර රහසේම ගොඩ නගා ගන්නවා. නිවස හිමි මිතුරාට සිහි මද වෙන තෙක් මත්පැන් පොවලා, අනෙක් මිතුරා සහ බිරිඳ එකතු වෙනවා. මාස ගණනාවක් ගිහින් අවසානයේ බිරිඳ මිතුරා සමග පැන යන තෙක්ම ස්වාමියා දැන ගෙන හිටියේ නෑ සිදු වූ අන්දරය කුමක්ද කියලා. (හේ)

:       0       0

සරෝජා Thursday, 09 June 2016 06:08 AM

දැන් කාලේ ගැහැණුත් එකයි, පිරිමිත් එකයි. සතුන්ට එහා. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 09 June 2016 06:36 AM

අඹ යහළුවෝ කියන්නේ මේ වගේ අයට (නි)

:       0       0

චතුරි Saturday, 04 June 2016 02:31 PM

මේ කතාවේ ඉන්නේ වයසින් මුහුකුරාගිය යාලුවෝ දෙන්නෙක්. මෙතන වැරදිකරු ගෙදර ස්වාමියා ලෙසයි මම දකින්නේ (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 07 June 2016 09:28 AM

මටත් ඔය ටික වෙන්නට ගිහින් බේරුනේ පුදුම වාසනාවට ,දැන් නම් යහළුවන් ගෙදර ආවට නිදා ගන්න දෙන්නෙත් නැහැ, බොන්න දෙන්නෙත් නැහැ. (ර)

:       0       0

අසෝකා Sunday, 05 June 2016 08:25 PM

මේක තනිකරම බීමට ඇබ්බැහි වුණ මිනිහගේ වරද. (නි)

:       0       0

රොෂාන් Sunday, 05 June 2016 08:50 PM

ආගන්තුක සත්කාර කිරීම යුතුකමක් කියලා හිතන්න ඇති (නි)

:       0       0

දීපාල් Monday, 13 June 2016 07:38 AM

කලින් තිබුන සම්බන්ධයක් වෙන්නැති. අනේ පව් අහිංසකයා. යාලුවට බෝන්න දිලා වෙච්ච දෙයක්. (ර)

:       0       0

ලුම්බිණි Monday, 06 June 2016 12:59 AM

මෙම බිරිඳ සහ මිතුරා අතර සම්බන්ධයක් කලින් තිබෙන්න ඇති. නැත්නම් තම සැමියත් ඉන්න වෙලාවේම එකපාරටම අඳුරන්නේ නැති මිනිහෙක් එක්ක නිදාගන්න යන ගැහැණිය කවුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 745 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 577 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 501 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 314 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 327 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා
2024 අප්‍රේල් මස 20 465 0

අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1625 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site