(ගල්ගමුව නිහාල් ජයවීර)
පන්සල් වත්තට ගෙනැවිත් දමා තිබූ පූස් පැටවුන්ගේ අනන්‍යතාව උපාසක අම්මාගේ හැඳුනුම්පතකින් අනාවරණය කර ගැනීමට හැකි වීමේ පුවතක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබිණි.
ආගමට දහමට දනට පිනට ලැදි සතර පෝයටම සිල් ගන්නා උපාසක මාතාවක් එගම වෙසෙයි. මේ උපාසක අම්මාගේ ආදරය, කරුණාව ලබමින් ඒ නිවසේ විසූ බැළලිය පැටවුන් තිදෙනකු පූස්‍රත කළාය. කල්යත්ම පැටවුන් ගේ පුරා දුව පැන යාමටත් ඇඳන් පුටුවල නිදා ගැනීමටත් පටන් ගෙන තිබේ. පැටවුන් කෙරෙහි උපාසකම්මාගේ සිෙත් නුරුස්සනා බවක් ලියලන්නට විය.
උපාසකම්මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියාය.
මේ අතර ඇයට සුළු අසනීප තත්ත්වයක් හටගෙන තිබේ. ගම ආසන්නයේ වූ ග්‍රාමීය රෝහලෙන් බේත් ටිකක් ගැනීමට ඇය ලක ලෑස්ති වූවාය. කොතනට ගියත් රැගෙන යන ගමන් මල්ල ගැනීමට ඇය ඇඳ ළඟට යන විට දුටුවේ එකට ගුලිවී සැපට නිදන බළල් පැටවුන් තිදෙනාය.
උපාසකම්මාට ගණ දෙවි නුවණ පහළ වූවාය. පැටවුන් ගමන් මල්ලට ඔබා ගත්තාය. ඉස්පිරිතාලයට කෙටිම මග වැටී ඇත්තේ පන්සල් වත්ත හරහාය. පන්සල් වත්තට පැමිණි වහාම ඇය මල්ල බිමට හරවා ආවාස ගේ ළඟින් පන්සල් ඉඩම හරහා තාර පාරට ගියාය.
ඊට සතියකට පමණ පසු උපාසකම්මා පන්සල් වත්ත හරහා යද්දී ඇයට ආවාසගේ පිටුපස සිටි විහාරාධිපති හිමි දැක ගැනීමට ලැබී තිබේ. වහා උන්වහන්සේ වෙතට ඇදුණූ උපාසකම්මා පසඟ පිහිටුවා නමස්කාර කළාය.
හිමි පාමුළ අසල වූ භාජනයකින් පිටිකිරි බොන පූස් පැටවුන් තිදෙනා උපාසකම්මා දුටුවාය.
අපේ හාමුදුරුවනේ පූස් පැටව් උපාසකම්මාට කියැවිණි.
ඒකනේ උපාසකම්මේ කිරි වරලත් නැති පැටව්නේ මේ පන්සලට පූජා කරලා තියෙන්නේ හිමියෝ කීහ.
සහතික ඇත්ත හාමුදුරුවනේ බල්ලෝ බළල්ලු ඇති කරන්න බැරි නම් ඇති නොකර ඉන්න ඕනෑ. දැන් පැටවු ගැහුවාම පන්සලටයි. පාරටයි දාන එක සහගහන පවක්. නේද අපේ හාමුදුරුවනේ. උපාසකම්මා බලවත් කම්පාවකින් කීවාය.
මට අදහා ගන්ඩ බැරි මේ හතර පෝයට ම සිල් ගන්න උදවියත් මෙහෙම වැඩ කරන එකනේ හිමියන් පවසන විට උපාසක අම්මා මඳක් තැති ගත්තාය. අපේ හාමුදුරුවනේ මට සුනංගු වෙනවා එහෙනම් අවසරයි. කී උපාසකම්මා ස්වාමීන් වහන්සේට නමස්කාර කිරීමට සූදානම් වෙද්දී උන්වහන්සේ පවසා ඇත්තේ එදා මේ පූස් පැටව් පන්සල් වත්තේ හිටපු තැන උපාසකම්මාගේ අයිඩින්ටියත් තිබ්බා. ආන් ඒක මං පරිස්සම් කරලා තියෙනවා. ඒකත් අරන්ම යන්න කියාය.
සතර පෝයට සිල් ගත් උපාසකම්මා ටික කාලයක සිට සිල් සමාදන් වීමට නොපැමිණි හේතු විමසුවිට ඇයට හිතවත් උපාසිකාවකටත් විහාරාධිපති හිමි දායකයන්ටත් දුන් පිළිතුරු නිසා මේ පුවත ගමේ ප්‍රචලිත වන්නට විය.
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උපාසක අම්මාගේ අයිඩින්ටියෙන් පූස්පැටවුන්ගේ වත ගොත හෙළිවෙලා
Pradeep Saturday, 16 May 2020 04:07 PM
දැන් ඉන්න ගොඩක් උපාසක අම්මලා ඔය වගේ තමයි. කරන කලට පව් මිහිරිය මි සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..
ලසන්තWednesday, 20 May 2020 01:22 AM
තමාගේ නිවසේ සුරතලයට ඇතිකරන බල්ලන්, බළළුන් පැටවුන් බිහි කළාම පන්සල් පල්ලි ළඟටත් සමහර නිවාස ළගටත් ගෙනවිත් දැමීම දැන් පුරුද්දක් වෙලා.පසුගිය දිනක එක් රජයේ නිළධාරියෙක් ඔහුගේ නිවසේ ඇතිකළ බැල්ලියට පැටවු ලැබුනාම අල්ලපු වසමේ පාරක් අයිනේ දමාගොස් තිබුනා. මෙය කළ කෙනා කවුදැයි කවුරුත් දන්නවා. නමුත් ඔහුටත් මතු ආත්මයක මෙසේම හිසට සෙවණක්, කුසට අහරක් නැතිව මෙසේම දඬවම් ලැබේයැයි සිතා එම සතුන්ට එම මාර්ගයේ සිටින කෙනෙකු ආහාර දෙමින් සෙවණ දෙමින් කටයුතු කරනවා.