IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උත්සවයට ආ පොලිස් නිලධාරීන්ට දිවා ආහාර නොදී මඟ හැරලා

උත්සව භූමියක රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිසකට දිවා ආහාරයට ඇරියුම් කොට ඔවුන් එහි ගිය පසු කෑම සූදානම් කර තිබූ කාමරය වසා දමා ආයතන ප‍්‍රධානීන් මගහැර යෑමේ සිද්ධියක් සියනෑවේ කෙළවරක ගම්මානයකින් වාර්තාවේ.
නවීන ආකාරයේ නිෂ්පාදන ආයතනයක් පසුගියදා දෙස් විදෙස් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. මෙහි අවට ආරක්ෂාව සැලසීම සඳහා පොලිස් පිරිසක් යෙදවූයේ විශේෂිත ආරාධිත ප‍්‍රභූන් රැසක්ම මෙයට සහභාගි වන බව දන්වා තිබූ බැවිනි.
උත්සවය අවසාන වූයේ දිවා ආහාරයද සමගිනි. සියලූ ආරාධිතයෝ පිටත්ව ගියහ. ආයතනයේ නිලධාරියෙක් පොලිස් පිරිස සොයා ආවේය. සියලූ දෙනාට දිවා ආහාරයට ඇරියුම් කෙරිණි. මහ වැස්සේ තෙමෙමින් රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිසට මේ ආරාධනාව මහත් අස්වැසිල්ලක් විය.
ඔවුහු එහි ගියේ කුසගින්නෙන් පෙළෙමින් සිටි නිසාමය. ඔවුන් සමග ඔවුන්ට ආරාධනා කල අයද වූයේය. මේ පිරිස ආහාරය සූදානම් කර තිබූ ස්ථානයට යද්දී එහි සිටි සේවක පිරිස කාමරය වසා දමා යන්නට ගියේ මොකට මෙහෙ ආවාදැයි පොලිස් පිරිසගෙන් ප‍්‍රශ්න කරමිනි. පොලිසියට ආරාධනා කළ අයද අසීරුවට පත් වෙද්දී පොලිස් පිරිස ආපසු හැරුණේය. පසුදා උදේ තිහ හතළිහකට තරම් කෑම තොගයක් වළ දැමීමට මේ පාලකයන් කටයුතු කළ බවද දැනගන්නට ලැබිණි.



අදහස් (0)

උත්සවයට ආ පොලිස් නිලධාරීන්ට දිවා ආහාර නොදී මඟ හැරලා

කුමාරි Tuesday, 28 May 2013 08:13 AM

මම පොලිස් කාරයන්ව සත පහකටවත් ගනන් ගන්නේ නැ. ඊයෙත් වරදක් නොකර මට මහරගමදී දඩ කොලයක් කැඩුවා. එත් මොන ප්‍රශ්න තිබුනත් තරහ කාරයට උනත් කන්න දෙන්න ඕනා. උනුත් අමනුස්ස වැඩ කරත් මනුස්සයොනේ.(නදී)

:       0       0

ඊසාම් Friday, 24 May 2013 04:59 PM

කවුරු කරත් වැඩේ වැරදියි. පොලිසියෙත් ඉන්කේ කන බොන මිනිස්සු (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 25 May 2013 12:59 AM

ආරාධනා කළා නම් එය ඉෂ්ට කළ යුතුයි. වැඩේ වැරදියි. නමුත් අපේ රටේ බහුතර පොලිස් නිලධාරීන්ට හරක් මස් කඩේ පටන් හැම කඩයකින්ම සහනාධාර ලැබෙනවාමයි. වියදමක් නැති එකම රස්සාවනේ. මුළු වැටුපම ඉතිරියි. (නි)

:       0       0

ජෙෆ් Friday, 24 May 2013 05:24 PM

රුවන්, නිමල්, ඔබලා හරි. මෙය පාලකින්ගේ වරදක් නොවෙයි. මා දකින ලෙස හිටපු කාර්ය මණ්ඩලයේ වරදක්. එසේම කන්න උයපු අය අරක්කැමියෝ (කෝකියෝ) නොවෙයි. එහෙම අය කවදාකවත් අහාර විසි කරන්නේ නැහැ. නියම කෝකියන් හොදට කෑවම සතුටු වනවා. (නි)

:       0       0

අනුර Sunday, 26 May 2013 02:03 PM

ඒ අයටත් බඩගිනි වෙනවා නේද? කරපු වැඩේ නම් කැතයි (නි)

:       0       0

අමිල කටුනායක Friday, 24 May 2013 06:07 PM

චී චී කැතයි හොදේ (නි)

:       0       0

හේරත් Saturday, 25 May 2013 09:20 PM

හෙට අනිද්දට උත්සව සංවිදායක කමිටු සාමාජිකයන්ටයි කැන්ටිමේ මුදලලිටයි පොලොසියෙන් කෑම කුඩුවෙන් නොලැබුනොත් මෙන්න මගේ කන.(නදී)

:       0       0

කුමාරිහාමි Sunday, 26 May 2013 11:20 PM

මීරිගම පළතුරු බීම කම්හලද? (නදී)

:       0       0

සිල්වා ප Friday, 24 May 2013 02:24 PM

පාලකයින්ට බුදු සරනයි, සේවකයින්ට දෙවි පිහිටයි (නි)

:       0       0

කමල් Saturday, 25 May 2013 06:23 AM

කට්ටිය හිතන්න ඇති පොලිසියේ අය ජරාව විතරයි කන්නේ කියලා (නි)

:       0       0

ඩිලාන් Sunday, 26 May 2013 09:03 AM

මිනිස්සුන්ට දැන් පොලිසිය එපා වෙලා තියෙන්නෙ. මුළු ලෝකෙම ඉන්න පොලිසි මෙහෙමද දන්නේ නැහැ. එකයි මිනිස්සු මෙහෙම සලකන්නේ.(නදී)

:       0       0

ඩිලාන් Sunday, 26 May 2013 09:07 AM

මිනිස්සුන්ට දැන් පොලිසිය එපා වෙලා තියෙන්නෙ. මුළු ලෝකෙම ඉන්න පොලිසි මෙහෙමද දන්නේ නැහැ. එකයි මිනිස්සු මෙහෙම සලකන්නේ.(නදී)

:       0       0

සෙලනිකස් Friday, 24 May 2013 02:31 PM

පැමිණිල්ලක පිටපතක් ගන්න, රියදුරු බලපත්‍රයක් ආපහු ගන්න පොලිසිවල මිනිස්සු රස්තියාදු වෙන හැටියට මේක සුළු දෙයක්. (නි)

:       0       0

මර්සි ලංකා Sunday, 26 May 2013 03:25 PM

දිවා ආහාරයට ඇරයුම් කර නුදුන්න එක විශාල වරදක්. පොලිස් නිලදාරීන් නරක මෙන්ම බොහෝ මිනිස් ගති ගුණ ඇති අයද එමටය. හොඳ නරක හැම තැනම(නදී)

:       0       0

පහන් Friday, 24 May 2013 09:28 AM

දුන්දේ සුවදයි කෑදේ ගදයි .සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා! බුදුසසුන බැබලේවා! (නි)

:       0       0

රුවන් Friday, 24 May 2013 09:53 AM

මම දන්නාතරමට පොලිස් නිලදාරින්ට රාජකාරී වෙලාව තුල පිටතින් කිසිම දෙයක් ලබාගන්න බැහැ [සියලු පහසුකම් පොලිසියම සපයා ගත යුතුයි]නමුත් කෑම විසිකරපු එක ලොකු අපරාදයක්. (නි)

:       0       0

සම්පත් Tuesday, 28 May 2013 12:26 PM

කෑම විසි කරපු එකනම් මහා අපරාදයක්. අනෙක මෙහෙම උත්සව තියෙනකොට කෑම වෙලක් දීම සාමාන්‍ය දෙයක්. පොලිසිය ගැන මිනිස්සු ඉන්නේ කලකිරීමෙන්.(නදී)

:       0       0

නිමල් Friday, 24 May 2013 10:18 AM

රාජකාරියේදී පුද්ගලික සත්කාර බලාපොරොත්තු වෙන්න හොද නැහැ. එහෙත් කන්න අඩගහලා කන්න දුන්නෙ නැහැ කියන්නේ පහත් වැඩක් (නි)

:       0       0

කෙවින් Saturday, 25 May 2013 10:03 AM

ජරාව එකතු වෙලා තියෙන්න නැතුව ඇති ඔවුන් එන විට. (නි)

:       0       0

දිසානායක Saturday, 25 May 2013 05:16 PM

කොහොම උනත් මේ පුවත දකින විට තරහක් ආවා. බඩගින්නත් සමග පෞද්ගලික තරහ සහ වෛර පිරි මහන්න නරකයි. පොලිසියේ ප්‍රශ්න තියනවා ඒ ගැන අපි වෙනම කතා කරමු. මෙතන තියෙන්නේ කෑම ප්‍රශ්නයක්.(නදී)

:       0       0

දම්මි Monday, 27 May 2013 07:17 AM

පොලිසියේ අය අනුන්ගෙන් කන්නමයි බලා ඉන්නෙ (නි)

:       0       0

චතුර Friday, 24 May 2013 10:57 AM

අනේ මෙහෙම දේවලුත් අපිට අහන්න දකින්න ලැබෙනවනේ.. (නි)

:       0       0

වරුණ Monday, 27 May 2013 07:55 AM

ඕකෙන් පෙනෙන්නේ මොකක්ද මිනිස්සු ඒ තරමට පොලිසියට කැමතියි කියන එකද?(නදී)

:       0       0

රංජනී Saturday, 25 May 2013 10:45 AM

නම්බුකාර පොලිස්කාරයෝ, ජරාව කන අයනම් දොර කඩාගෙන ගිහින් හරි කාල දමාවි.කැමට අරධනා කරලා එහෙමත් කරනවද? (ස)

:       0       0

සමන් Tuesday, 28 May 2013 01:32 PM

ආගමක්,ජාතියක් නැති අය... (නි)

:       0       0

කුමාරසිරි Saturday, 25 May 2013 10:51 AM

කමල් හරි . සමහරු කරන වැඩනිසා මුලු පොලිස් සේවාවම බල්ලට ගිහින් තියන්නේ .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 705 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 838 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1074 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1017 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1281 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1623 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site