හිතවතෙකුගෙන් ලද උපදෙස් මත අස්වැන්න වැඩිකර ගන්නට පොල් ගස් වටේට ගිණි තැබූ කාන්තාවකට තම ගෙවත්තේ ඵල දරමින් තිබූ පොල් ගස් හත අටක් අහිමි කර ගන්නට සිදුවීමේ පුවතක් ලංකාදීපයට වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඇය රජයේ ආයතනයක සුළු රැකියාවක නිරතවූ තැනැත්තියකි. තම ගෙවත්තේ වූ පොල් ගස්වලින් සරු අස්වැන්නක් නොලැබීම නිසා පසුවූයේ දැඩි කනස්සල්ලෙනි.
පසුගිය දිනෙක ඇගේ ආයතනයේ වැඩිහිටියෙක් පොල් අස්වැන්න වැඩි කරගන්නට අපූරු උපදෙසක් දුන්නේය. පොල් ගස වටේට කොළ රොඩු ටිකක් දමා දුම් ගස්සවන්නැයි උපදෙසින් කියවිණි. නිවාඩු දිනයක් බලා ඇය වැඩිහිටියාගේ උපදෙස් අකුරටම ක්‍රියාවට නැංවූයේ සිය සැමියාගේ විරෝධතාවද මායිම් නොකරමිනි. වත්ත පුරා තිබූ කොළ රොඩු පමණක් නොව දර කොට කීපයක්ද පොල් ගස්වටා ගොඩ ගැසූ ඇය ඒවාට ගිනි තබා සතුටින් බලා සිටියේ එළඹෙන කන්නයේ පොල් අස්වැන්න පිළිබඳ හීන දකිමිනි. දින කිහිපයක් ගතවෙද්දී ඇගේ වත්තේ පොල් ගස් හත අටකම කරටි කඩා වැටී ඉහළ සිට පහළට මැරීගෙන එන්නට පටන්ගෙන ඇත්තේ ඇගේ හීන බොඳ කරමිනි. කෙසේ වෙතත් දැන් සිද්ධිය ආයතනයේ පිරිසක්ද දැනගෙන ඇති අතර උපදෙස් දුන් වැඩිහිටියාට ලුණු ඇඹුල් ඇතිව ඇයගෙන් ප්‍රසංසාවක් ලැබුණු බවද එහි සෙසු සේවක සේවිකාවෝ පවසති.
(වියලුව වාර්තාකරු)
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අස්වැන්න වැඩිකර ගන්න පොල් ගස් වටේට ගිනි තියලා
මලික් Friday, 23 December 2016 05:20 PM
අනේ මෙහෙමත් සාමාන්‍ය දැනීමක් නැති මිනිස්සු! (නි)
රාධා Friday, 23 December 2016 11:48 PM
පොල්ගස්වල අතු මුල ඇති කොටස (බු මටුළු) ගිනිතබා පිළිස්සීමෙන් පලදාව වැඩිවේ. මෝඩකමට ගහමුල ගිනිතබා ඇතිබවයි පෙනෙන්නේ. (නි)
ජනහිත Saturday, 24 December 2016 02:10 AM
දැන් තියෙන්නේ ඒ උපදෙස් දුන් කෙනාගේ වත්තෙන් පොල් ලබාගන්න එකයි. මේවායෙන් අපි ප්‍රවේශම් වියයුතුයි. මේ වගේ උපදෙස් ගැන තවත් දෙන්නෙකුගෙන්වත් විමසා බැලීම හොඳයි. තමාගේ ස්වාමියා කියන දේවත් අහන්නේ නැති ගැහැණු පිට එකෙක් කියන දේ අහලා නැති කරගන්න දේවල් නිමක් නැහැ. එ්ත් හැමෝම නොවෙයි. (නි)
බමුණු ආරච්චි Saturday, 24 December 2016 02:40 AM
දැන් කරන්න තිබෙන්නේ මාතර පැත්තෙන් කට්ටඩියෙක් ගෙනල්ලා හොඳ තොවිලයක් නටන එකයි. හැබැයි ඔය තැනැත්තී මේ අදහස කියෙවොත් එ්කත් කරාවි. එහෙව් රටක් මේක (නි)