IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අසල්වැසි කතගේ රහසින් අඹුසැමි සමඟිය දෙදරලා

සුනිල් සහ සුමනා අලූත විවාහ වූ අඹුසැමි යුවළකි. සතුටින් සමගියෙන් හා සමාදානයෙන් කුරුළු ජෝඩුවක් මෙන් කල් යැවූ මේ දෙදෙනාට ගමේ කොයි කවුරුත් හොඳහිත පෑවද එක් වැඩිහිටි කාන්තාවකට මේ නව යුවළගේ එක්වීම දැහේ කටු අනින්නාක් මෙන් විය.
ඇයගේ දියණිය සුනිල්ට කරකාර බැඳ දීමට ඇය බලාපොරොත්තු වුවද සුනිල් ඊට එකහෙලාම තම අකමැත්ත පළකළෙන් ”හොඳයි මම උඹලාට හොඳ පාඩමක් උගන්වන්නම්කෝ” යයි හිත හදාගත් කාන්තාව මේ දෙපොළ භේදභින්න කිරීමට වෙලාවක් එනතුරු බලා සිටියාය.
මේ අතර දිනක් මේ දෙදෙනා කවට බස් දොඩමින් සිනාසෙමින් ප‍්‍රීතිප‍්‍රමෝදයෙන් දෑත් පටලවා දුරබහැරක ගමනක් යනු දුටු කාන්තාව තම ගෙමිදුලේ සිට සුමනා අමතා ”ඔයාට පොඩි බඞ්ඩක් කියන්න තියෙනවා! පොඞ්ඩක් මෙහාට ඇවිදින් යන්නකෝ! යයි ආදරයෙන් පැවසුවාය. ගමන නතරකර සුමනා ඇය අසලට පැමිණි වහාම තම මුව ඇයගේ කණට ළංකර ”වී ඇටයක ඇත්තේ හාල් ඇටයලූ” රහසින් කීවාය.
” ඕකත් කියන්න දෙයක්දැයි” පැවසු සුමනා ගමන පිටත් වුවද තම එදිරිකාරිය බිරියට පැවැසූ  ‘‘රහස’’ දැනගන්නාතෙක් සුනිල්ට ඉස්පාසුවක් නැතිවිය.
සුනිල් ඇයගෙන් රහස ගැන විමසුවද ඇය සහසුද්දෙන්ම පැවුසවේ කාන්තාව පැවසුවේ ”වී ඇටයක ඇත්තේ හාල් ඇටයක්” බවය.
”පිස්සුද? ඔයාට මට නොකියන රහසක් ඔයාට කියන්න ඇති. මට ඇත්ත කියන්න” සුනිල් වේගවත්ව පැවසුවෙන් කාන්තාව කීවේ එයම බව සුමනා දස අතේ දිව්රමින් හඬ හඬා පැවැසුවාය.
කෙසේ කීවත් තමා ඒ පිළිනොගන්නා බව පැවසූ සුනිල් කාන්තාව තම බිරියට පැවසූ ‘‘රහස’’ නිසා මේ දෙදෙනාගේ සමගිය දිනෙන් දින දෙදරා යන්නට විය.



අදහස් (0)

අසල්වැසි කතගේ රහසින් අඹුසැමි සමඟිය දෙදරලා

කටුවන Tuesday, 19 March 2013 10:26 AM

ලිව්ඡවී රජ කථාවක්නේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 19 March 2013 10:35 AM

අනේ ඇත්තද? (නි)

:       0       0

මධුසංඛ Friday, 22 March 2013 08:03 AM

ඒක හොදයි. (නි)

:       0       0

මධු Friday, 22 March 2013 07:58 AM

නියමයි. (නි)

:       0       0

සරත් Tuesday, 19 March 2013 11:23 AM

මම ඒ සැමියාගේ පැත්තේ (දී)

:       0       0

ඉසුරන්ගි Wednesday, 20 March 2013 10:34 AM

ජාති ජාතිත් පලදෙන කරුමයක් ඒ කාන්තාව කරගෙන තියෙන්නේ (දී)

:       0       0

ධම්ම Tuesday, 19 March 2013 04:07 PM

පසුව සුනිල් සුමනා අත්හැර ඒ කාන්තාවගේ දියණිය බැන්ඳලූ. බලන්න ගැහැනු ගැට! (නි)

:       0       0

කරුණා Tuesday, 19 March 2013 04:33 PM

පාලිත එහෙම කියන්න එපා (දී)

:       0       0

පාලිත Tuesday, 19 March 2013 04:33 PM

ඒ පිරිමියාට කාන්තාව විශ්වාස නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ (දී)

:       0       0

පුෂපා Wednesday, 20 March 2013 11:15 AM

මේක නම් හරිම අපූරුයි. (නි)

:       0       0

බුද්ධි Thursday, 21 March 2013 12:45 AM

මිනිස්සු කරන මෝඩක්ම වලට ආගම පටලවාගන්න එපා තේරුණාද? හැම රටකම, හැම ජාතියකම, හැම ආගමකම ඉන්නවා අනවශ්‍ය කලබල ඇතිකරගන්න මිනිස්සු. කියන්න බලන්න බෞද්ධ නොවන පවුලක සැකය මත අර්බුධ ඇති නොකරගත් අය ඉන්නවද කියලා. (නි)

:       0       0

සන්ද්‍යා Thursday, 21 March 2013 01:12 PM

කොහොමද ගැහැණු මොලේ (දී)

:       0       0

හරින් Wednesday, 20 March 2013 11:38 AM

ඔන්න ඉතින් කතා වැඩ. ඕකට කියන්නේ ඉරිසියාව (දී)

:       0       0

නිල්මිණි Tuesday, 19 March 2013 05:24 PM

ඔය වගේ පොඩි දේකටත් අමනාප වෙනවා නම් දැන්ම දික්කසාද වුණාට කමක් නැහැ. (නි)

:       0       0

හේවාවිතාර Saturday, 23 March 2013 02:39 AM

වී ඇට වලින් හාල් ඇට නැතුව මෑ ඇට තියෙනවද ? (ස)

:       0       0

මංජුල Thursday, 21 March 2013 02:21 PM

නඩු දාන්න තිබ්බේ (දී)

:       0       0

අසෝක Tuesday, 19 March 2013 06:01 PM

මොන පවක්ද ඒ කර ගත්තේ (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 19 March 2013 06:50 AM

පරණ කතාවක්නේ (අ)

:       0       0

තාරක Wednesday, 20 March 2013 08:41 AM

පරන කතාවක් මොඩි කරල වගේ.. (ස)

:       0       0

සංජේ Tuesday, 19 March 2013 08:37 PM

දැන් ලංකාවේ බෞද්ධකම නමට පමණයි. (නි)

:       0       0

සරත් Tuesday, 19 March 2013 09:07 AM

අසල්වැසි කාන්තාවන් සමග හොදින් ඉන්න තරමට ප්‍රශ්න අඩුයි. (නි)

:       0       0

හේරත් Tuesday, 19 March 2013 09:40 AM

මෙවන් වැඩ කරන්න එපා

:       0       0

තනුජා Monday, 25 March 2013 09:58 AM

බොරු කථා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 845 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 905 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1115 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1037 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1288 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1632 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1445 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site