IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අසනීප අම්මා මියෙන තුරුම අයියාත් නංගීත් වාද කරගෙන

 රෝගීව රෝහලේ ප‍්‍රතිකාර ලබන අම්මා ආපසු කැඳවාගෙන යාම පුතා හා දියණිය ප‍්‍රතික්‍ෂේප කරමින් එකිනෙකා වාද කරමින් සිටින අතරදී අම්මා මියගිය බව දැන ගැනීමෙන් පසුවද එම වාදය දුරදිග යාමේ පුවතක් සියනෑවේ පොලිසියකින් පසුගියදා අසන්නට ලැබිණි.

 මේ මවට දරුවෝ  දෙදෙනෙකි. ඒ පුතා හා දුවය. අම්මා සිටියේ පුතා හා ලේලිය සමගය. අසනීප වූ අම්මා රෝහල්ගත කෙරිණි. ඇගේ තත්ත්වය අසාධ්‍ය විය. ප‍්‍රතිකාරවලින් පලක් නැති නිසා මව ගෙදර යාම සුදුසු බව වෛද්‍ය නිර්දේශය විය.

 අම්මා යළි ගෙදර කැඳවාගෙන එනවාට ලේලිය විරුද්ධත්වය පෑවාය. අයියා කීවේ නංගීගේ ගෙදර අම්මා කැඳවාගෙන  යන ලෙසය. ඇයට ඒ සඳහා පහසුකම් නැති බව ඇය කීවාය. මේ වාදය පොලීසිය දක්වා  ගියේය. දෙදෙනා අතර වාද විවාද ඇතිවිය. බිරියගේ විරෝධය නිසා පුතා පසුබා සිටියදී දියණිය කරකියා ගත හැකි දෙයක් නැතිව කල්ගත කළාය. ඒ තමන්ට අම්මා කැඳවාගෙන ගොස් රැුකබලා ගන්නට තරම් පහසුකම් හෝ රැකියාවක් හෝ නැති බැවිනි.

 පොලීසිය මේ ආරවුල සමථයකට පත් කරන්නට උත්සාහ ගත්තත් පුතා බිරියගේ බහට පිටින් වැඩ කරන්නට සූදානම් වූයේම නැත. මේ අතර පොලීසියට පණිවිඩයක් ලැබිණි. ඒ අම්මා රෝහලේදීම මියගිය පුවතයි.

 පොලිස් නිලධාරීහු දැඩිව කතා කළහ. වාදය අවසන් කරන ලෙස දැන්වීය. නැගණියගේ සහාය ඇතිව මවගේ අවසන් කටයුතු කරන ලෙස පුතුට අවවාද කළේ බිරියට පෙර තමන්ට අම්මා ලැබුණු බව සිහිපත් කර දෙමිනි.
 



අදහස් (0)

අසනීප අම්මා මියෙන තුරුම අයියාත් නංගීත් වාද කරගෙන

පද්මේ Monday, 24 February 2014 02:25 PM

ඊයේ මගේ නෝනා පොඩි පුතාට කතාවක් කියල දෙනවා මම අහගෙන.එක කැලයක ඉන්නවලු වයසක වලස් අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි වලස් පුතයි පුතාගේ නෝනයි.වලස් ලේලි කියනවලු වලස් පුතාට ඔයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි හරි කරදරේ දෙන්නව මහලු නිවාසයකට ගිහින් දාන්න කියලා.පහුවෙනිදා පුතා අම්මවයි තාත්තවයි අරගෙන යනවලු නිවාසයකට දාන්න.යනකොට අම්මයි තාත්තයි ළඟ තිබ්බ කොටයක මහන්සියට ඉඳ ගත්තාලු.පුතා ඇහුවලු මොකද කියලා.අම්ම කිව්වලු පුතා පොඩි කාලේ ඉස්කෝලේ යනකොට කකුල් රිදෙනවා කියල මෙතනින් වාඩි වුණහම තාත්ත මෙතන ඉඳන් පුතාව වඩාගෙන ඉස්කොලෙටම ගෙනිච්ච හැටි මතක් වුණා කියලා.ඊට පස්සේ මහලු නිවාසෙට බාරදීල එනකොට අම්මගේ ඇස්වල කඳුළු පිරිළලු.පුතා ඇහුවලු ඇයි අඬන්නේ කියල.නැහැ පුතා පලවෙනි දවසේ ඉස්කෝලෙට යනකොට පුතාට ඉන්න බැහැ කියල කිව්වම මමයි තාත්තයි පුතාව ගෙදර අරන් ගිය හැටි මතක්වුනා කිව්වලු.පුතා කිව්වලු ඔය දෙන්න මට කොච්චර දේවල් කරලා තියෙනවද.කවුරු කිව්වත් මම ඔය දෙන්නව තනි කරන්නේ නැහැ කියල ආදරයෙන් ගෙදර අරන් ගියාලු.සරල කතාවක් වුනාට ඉගෙන ගන්න හුඟක් දේ මේකේ තියෙනවා.මම හිතන විදිහට මේක ලියල තියෙන්නේ ජානකි කුරුකුලසූරිය මහත්මිය. (ස)

:       0       0

හේරත් බන්දා Tuesday, 25 February 2014 10:09 AM

දැන් ඉතින් ලොකුවට අවමගුල ගනී (දී)

:       0       0

මාල Tuesday, 25 February 2014 10:13 AM

දරුවෙක් ලෙඩ උනහම අම්මලා කවදාවත් මෙහෙමකරනවද?(දී)

:       0       0

මධු Monday, 24 February 2014 02:38 PM

ඔය වගේ අයට ඕව ගානක් නෑ. නැවත අම්මව මතක් වෙන එකකුත් නැ. මේ වගේ උන් තමයි ලබන ආත්මේ අනථ මඩම් වල ජිවත් වෙන්නේ. දරුවෝ දෙමාපියන්ට සලකන්නැත්නම් නීතියක් ගේන්න ඕනේ. දඩුවම් දෙන්න ඕනේ. මේ ගැන රටේ වගකිව යුතු උදවිය හිතන්න ඕනේ. (ස)

:       0       0

රාජා Monday, 24 February 2014 03:37 PM

කොන්දක් නැති පුත්තු හදාගත්තම දෙමාපියන්ට ඔහොම වෙනවා.(නදී)

:       0       0

චමී Tuesday, 25 February 2014 10:46 AM

මුලින් ආව කණට වඩා පසුව ආපු අඟ ලොකු වෙනවා කියන්නේ ඕකට තමා.(දිල්)

:       0       0

රවි Tuesday, 25 February 2014 11:24 AM

සත්‍යා ඔයා හරි (දිල්)

:       0       0

සනත් Monday, 24 February 2014 04:06 PM

ඔය වගේ අයට මඩු වලිගෙන් ගහන්න ඕනා.(නදී)

:       0       0

චන්දි Tuesday, 25 February 2014 12:37 PM

මොන වැරදි තිබුණත් තමන් වදාපු., ලේ කිරි කරලා පොවපු අම්මව බාර ගන්න බැරි දරුවෝ ඉන්නවද...සමන්ති කියනවා වගේ ලේලිගේ අම්ම මැරුණම මොකද කරන්නේ..? මේ පුතා නැන්දම්මාගේ මිනිය බාර ගනීවිද...? පිරිමි කමටත් ලජ්ජා වැඩ මේවා (දිල්)

:       0       0

ගුණවර්ධන Tuesday, 25 February 2014 11:55 PM

මාතු පාදන් නමාමී මාතු පාදන් නමාමී අම්මාගෙන් විවරණය ගත් බුදුන් වහන්සේ , දේශනා කළ බව මේ අය දන්නේ නැද්ද ?(දිල්)

:       0       0

අසෝකා Monday, 24 February 2014 04:56 PM

ලොවේ උතුම් මව් පදවිය උරුම ළද!...තවත් ලදක් වෙනුවෙන් නැති සෙනෙහෙ කද! ...මව් උරුමයට හිමිවුණේ මේ පාපයද? ...මේ ආදුරුසේ නුබටත් මතු නොවේවිද?(නදී)

:       0       0

සිල්වා Monday, 24 February 2014 05:06 PM

අම්මා රවට්ටවා ඇගේ අත්සන අරගෙන තම හිතවත් නීතිඥ යෙකු මාර්ගයෙන් හොර ඔප්පු හදාගෙන අම්මාට අයිතිව තිබුන ඉඩම් කැල්ල තම නමට හරවාගෙන ඒ වයසක අම්මාව මහලු මඩමට දමපු සල්ලි කාර පුතෙක් අදත් ඉන්නවා හැදල. මේවා දෙවියොම බලත්වා.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 26 February 2014 05:00 AM

මටනම් මේලෝකේ දෙමාපියන් තරම් වටිනා වස්තුවක් තවත් නෑ.(අ)

:       0       0

සමන් Wednesday, 26 February 2014 06:57 AM

නිලූ හරි, අම්මා වුනත් හොඳ ගුණ ගරුක ජීවතයක් ගතේ කලේ නැත්නම් දරුවන්ට එපා වෙනවා (අ)

:       0       0

ආනන්ද ආර් Tuesday, 25 February 2014 02:13 PM

දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරලුනි කිරට අම්මද බිරින්දද වැඩියෙන් ලොකු නුඹට ......(දී)

:       0       0

ගයන් Monday, 24 February 2014 08:49 PM

ගෑනිවත් ඒ ළඟම වලකට දල දාන්න (අ)

:       0       0

ජනතා Thursday, 27 February 2014 09:54 AM

සමහරුන්ට දෙමාපියන් තරම් වස්තුවක් නැහැ කියල රට ගිහිල්ල ආදරේ තැපැල් කරලා යවනවලු .(නදී)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Monday, 24 February 2014 11:58 PM

පුතාට කොන්දක් නැතිද? (අ)

:       0       0

ජානකි Wednesday, 26 February 2014 11:27 AM

මෙහෙමත් දරුවෝ , පව් ඒ අම්මා නිවන් සුව ලැබේවා.(දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 25 February 2014 04:37 PM

තම මව ලෙඩ උනාම වාද කරන්නේ ඇයි.දෙමාපියන් ආදරෙන් බලා ගන්න ඕනේ මෙවෙලාවේදී නේද.සාරදර්ම දැන් අපේ රටේ මනුස්සයන් ලග නැති නිසානේ මහලු මඩම් දවස ගානේ පිරෙන්නේ.පිරිමියෙක් විදිහට අඩුම ගානේ තම මව ගැනවත් තීරණයක් ගන්න බැරිනම් ඒ පිරිමි කම කුමටද.(දී)

:       0       0

සමන්ති Tuesday, 25 February 2014 01:54 AM

ලේලියගේ අම්ම මැරුණොත් කරන වැඩකොටස ගැන වාදය දැන්ම පටන්ගමු (අ).

:       0       0

දිසානායක Tuesday, 25 February 2014 05:24 PM

අනේ චන්දි මේ නිකන් බන කියන්න එපා (අ)

:       0       0

සත්‍යයා Tuesday, 25 February 2014 03:48 AM

සාර ධර්ම හොදා පාළුවකට ලක්වූ සිරි ලංකාව වැනි රටකින් මීට වඩා යහපත් දෙයක් අහන්න ලැබුනොත් පුදුමයි. (අ)

:       0       0

සේන Monday, 24 February 2014 10:33 AM

මෙහෙමත් පුත්තු මේ රටේ ඉන්නවනේ කොහොම නමුත් මේ පුතාටත් ලේලිටත් මෙවැනි උවදුරක් නොවේව! (අ)

:       0       0

හේරත් Monday, 24 February 2014 10:36 AM

දෙමව්පියන්ගේ අගය දන්නේනැති අමනුස්සයෝ (අ)

:       0       0

නැනි Wednesday, 26 February 2014 03:28 PM

සාරධර්ම පිරිහිලා (දිල්)

:       0       0

චන්දිමාල් ජීවන්ත Monday, 24 February 2014 10:46 AM

මෙවැනි අපරාද කරන දරුවන්ට ස්වාභාව ධර්මය දඩුවම් නියම කරාවි (දිල්)

:       0       0

ආරියසේන Monday, 24 February 2014 11:01 AM

පුතා හා දියණියට එයින් වත් සහනයක් ලැබෙයි ද ? තමන්ගේ දරුවොත් වයසට ගිය විට ඔය ටිකම කරයි. ඔය පාපය කවදා හෝ තමන් වෙත කැරකි එයි.ගැලවීමක් නැත.(දිල්)

:       0       0

නිලූ විතානගේ, සෞදි අරාබිය Tuesday, 25 February 2014 06:04 AM

ඔය අම්මාට ඔය තරම් අකමැති වෙන්න මොන මොන හරි හේතු තියෙන්න ඇති (අ)

:       0       0

කුමාරි Monday, 24 February 2014 11:48 AM

දැන් ඉතින් අයියටයි නංගිටයි ජිවත් වෙන්න වෙන්නේ මැරී මැරී.(දිල්)

:       0       0

දේවිකා Tuesday, 25 February 2014 07:15 PM

නිලූ ,අම්මට අකමැති වෙන්න හේතුව නම් ,දසමසක් කුසේ තියාගන හදල වඩල ,උස මහත් කරලා ,ඇස්දෙක පාදල, කසාදය බන්දපුවම පස්සේ ,ගෑනිගේ පදේට නටන කොට,දෙමව්පියන් දිහා ඇස්දෙක ඇරලා බලන්නේ නැතිවෙනකොට වැරැද්ද කාගේද කියල අර අම්මට තේරෙනවා .එතන තමා වැරැද්ද නිලූ .ඔයත් ඒවගේ ලෙලි කෙනෙක් කියල ඔයාගේ අදහස් වලින් මට හිතුන , දුවෙක් දෙමව්පියන්ට පිටුපනවා අඩුයි . දෙමව්පියන්ගේ මොන දේ තිබුනත් දරුවන් සලකන එක පිනක් (අ)

:       0       0

දුම්මලසුරිය Tuesday, 25 February 2014 07:30 PM

වැරදි කරුවා කවුද කියා අපිට තීරණය කරන්න අපහසුයි......නමුත් ....අම්මා කෙනෙකුට සලකන්න අකමැතිව වාද කරන මේ දරුවන්ගේ අනාගතය කොහොම වෙයිද? (අ)

:       0       0

කමල් Monday, 24 February 2014 12:57 PM

කුමාරි, ඔබ වැරදි. දෙදෙනාම සුවසේ ජීවත් වෙයි. නමුත් පොලියත් සමග අපයේදී ඔවුන්ට ලබෙයි අකෘතඥතාවයට. (අ)

:       0       0

පොනිල් Tuesday, 25 February 2014 07:44 PM

සාරධර්ම ගිලිහී යන සමාජයක මෙයත් ලොකු දෙයක් නොවේ (අ)

:       0       0

මලක Monday, 24 February 2014 01:14 PM

අයියට වියදම දරලා නංගිට ශ්‍රමය යොදා අම්මව බලා ගන්න තිබුනා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 262 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 73 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 966 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 786 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 659 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 395 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site