IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


අවු. 22 පෙම්වතා 15 පෙම්වතිය රැගෙනගොස් මවට බාරදීලා

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
තම ප්‍රේම සම්බන්ධයට මාපියන්ගෙන් සිදුවන බැණවැදීම් ඉවසා ගැනීමට නොහැකි වූ බාලවයස්කාර තරුණියක් ඒ බව තම පෙම්වතාට පැවැසීමෙන් පසුව පෙම්වතිය රැගෙන ගොස් තම මවට භාරදුන් පෙම්වතකු පිළිබඳ පුවතක් කොට්ටාව පොලිසියෙන් වාර්තා විය.


පෙම්වතිය අවුරුදු පහළොවක සිසුවියක් වන අතර පෙම්වතා අවුරුදු විසි දෙකක තරුණයෙකි.


පාසල් වයසේ පසුවන තම දියණිය පවත්වාගෙන යන ආදර සම්බන්ධයට මාපියන් නිතර නිතර විරුද්ධත්වය පළකර ඇත. පසුගිය දිනක දියණියගේ මව ඉතා තදින් ඊට විරුද්ධ වී බැණවැදී ඇත. මේ බව පෙම්වතාට පැවසීමෙන් පසුව පෙම්වතා අපූරු පිළියමක් යෙදුවේය.


පෙම්වතියට තමා හමුවීමට එන්නැයි ආරාධනා කොට, චාරිත්‍ර වාරිත්‍ර අමතක කොට පෙම්වතිය තම නිවසට කැඳවාගෙන ගොස් තතු පවසා තම මවට භාර දී ඇත.


ඉන්පසුව මේ බව දියණියගේ පාර්ශ්වයෙන් පොලිසියට පැමිණිල්ලක් කොට ඇත. ඒ අනුව දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කොට දියණිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට ලද වාර්තාව අනුව දැරියට කිසිදු අනතුරක් නොවූ බව පැවසීමෙන් පසුව දැරිය ඇගේ මවට භාර දී නීතියට අනුව ගැටලුව විසඳූ බව සඳහන්ය.



අදහස් (0)

අවු. 22 පෙම්වතා 15 පෙම්වතිය රැගෙනගොස් මවට බාරදීලා

බුද්ධි Sunday, 05 June 2016 11:10 AM

අජිත් නම් කියාවි. ඒත් කසාදයක් කරගන්න බැරුව ලතවෙනකොට තේරෙයි. (නි)

:       0       0

භද්‍රානි Friday, 03 June 2016 08:05 AM

පුදුමේ කියන්නේ, අපේ බොහෝ වැඩිහිටියන්ට ඔවුන්ගේ ළමා කාලය හා සුන්දර තරුණ විය ඉතා ඉක්මනින්ම අමතක වීමයි. (බ)

:       0       0

චින්තක Friday, 03 June 2016 08:08 AM

අවුරුදු 15 කියන්නේ ජීවිතේ යමක් තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් වයසක් නොවේ. මේ ළමයට පස්සේ වයසකදී තේරේවි දෙමුපියන්ට අකීකරු වෙලා එදා කරපු දෙය. පිරිමි දරුවා කරලා තියෙන්නේ යහපත් දෙයක්. (බ)

:       0       0

චම්පික Tuesday, 07 June 2016 01:45 AM

බොහොම හොඳ අාදර්ශවත් වැඩක්නේ කරලා තියෙන්නේ (නි)

:       0       0

ඉන්දු Thursday, 02 June 2016 10:20 PM

සැබෑ පෙම්වතෙක්. මම මේ ගැහැණු ළමයාගේ අම්මා වුණා නම් කලවයස ආවහම මේ පිරිමි දරුවාටම දුවව බාරදෙනවා. (නි)

:       0       0

සමන්ති Friday, 03 June 2016 12:22 AM

අම්මලාද දරුවන් ගැන ආදරයෙන් සිටිය යුතුයි (නි)

:       0       0

මනෝරි Friday, 03 June 2016 10:14 AM

මෙතන නීතිමය වශයෙන් වැරැද්දක් තියෙනවා. නමුත් පිරිමි ළමයා කරලා තියෙන්නේ තමන්ගේ දැනුමේ හැටියට කරන්න පුළුවන් හොදම දේ. ප්‍රශ්නය ලංකාවේ ළමයෙකුට මෙවැනි අවස්ථාවක වෙනත් පිහිටක්, උපදේශන සේවාවක් නෑ. (බ)

:       0       0

යසෝධරා Friday, 03 June 2016 02:16 AM

මෙන්න නියම ආදරවන්තයෝ! (නි)

:       0       0

අජිත් Saturday, 04 June 2016 09:09 AM

ෂා!! අද කාලේ හොයාගන්න බැරි හොඳ කොල්ලෙක්. එ්ත් ඉතින් ගැහැණු ළමයා කරපු දේ නම් අනුමත කරන්න බැහැ. පළමුව අධ්‍යාපන කටයුතු කරගන්න ළමයිනේ. දෙවනුව පුළුවන් ඔය ඕනෑම දෙයක් කරගන්න. (නි)

:       0       0

හර්ෂ Monday, 06 June 2016 12:57 PM

අවුරුදු 15 ක් මේ දරුවා හදන්න දෙමාපියෝ කොච්චර මහන්සි වෙන්න ඇද්ද? (නි)

:       0       0

කෞශල්‍යා Friday, 03 June 2016 05:00 PM

සැබෑ ආදරවන්තයෙක්. අද කාලෙ නරුමයො ඉන්නෙ. ඒත් මේ කෙනා රටට ආදර්ශයක්. වැරදි සිදුවුණත් කාන්තාවකගෙ ගෞරවය ආරක්ෂා කිරීම උතුම් දෙයක් (නි)

:       0       0

පිටිගල Friday, 03 June 2016 06:35 AM

මේ දෙන්නට දෙපැත්තෙන්ම ආශීර්වාද කොට කල වයස උදා වූ පසු විවාහය සිදු කර දෙන්න.හොඳ ආදර වන්තයෝ දෙන්නෙක්. (ම)

:       0       0

සාගර Sunday, 05 June 2016 10:35 AM

ලංකාවේ මිනිස්සුන්ගේ මනස හදන්න වැඩ පිළිවෙලවල් සකස් විය යුතුයි. දැන් ලංකාව කියන්නේ පන්සිල් පද 5 රැකගන්න බැරි බෞද්ධයෝ ඉන්න මහා දුෂණය වෙච්ච රටක්. නමට බෞද්ධ රටක් උනාට, දැන් ලංකාව කියන්නේ නියම බෞද්ධ දර්ශනය අල්ප මාත්‍රයක්වත් හරියට ක්‍රියාත්මක නොවන වල වැදිච්ච රටක්. ඒ නිසා සියලුම ආගමික නායකයන්ගේ විශේෂ අවධානය හැකි ඉක්මනින් මේ සඳහා යොමු විය යුතුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 433 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1083 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1456 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 997 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 834 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


ඇප වෙලා අලි අමාරුවක වැටිලා
2024 අප්‍රේල් මස 05 1241 0

හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය. මෙහිදී මියගිය අයගේ වැඩිමහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1429 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site