IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අවේලාවේ නිවෙසට ආ අනියම් පෙම්වතා අසල්වැසියන් පොලිසියට කොටුකරදීලා

සැමියා විදේශ රැකියාවට ගොස් සිටින අතරේ පෙම්වතකු ගෙන්වා ගත් කාන්තාවකට අමතක නොවන සිදුවීමක් දකුණේ ගමකදී සිදුවිය.
තනිකම නිසා පෙම්වතාට නිවසට පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් දුන් ඇය වේලාසනම නිවෙසේ වැඩ අවසන් කර සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියාය. එහෙත් පොරොන්දු වේලාවට පෙම්වතා පැමිණියේ නැත. බැරිම තැන ඇය නින්දට ගියාය.
හිටි හැටියේ පිටුපස දොර සොලවන හඬක් ඇසී ඇය නින්දෙන් අවදි විය. කලබලයෙන් ජංගම දුරකථනය අතට ගත් ඇය 119 අංකයට දුරකථන ඇමතුමක් දී තම නිවෙසට සොරුන් පැමිණ ඇති බව දැන්වීය. ඉන් නොනැවතුණු ඇය අසල් වාසීන්ගෙන් උදව් ඉල්ලා කෑ ගැසුවාය.
ගමේ දහදොළොස් දෙනෙක් ක්‍ෂණයකින් නිවෙසට පැමිණ වට පිටාව සෝදිසි කළහ. අසල කුරුඳු ඉඩමක කාණුවක සැඟවී සිටි ගමේම පුද්ගලයකු ඔවුන් අල්ලා ගත්තේය.
නිවසේ කාන්තාවගේ විරෝධතාව ද නොතකා අසල් වාසීන් අල්ලාගත් පුද්ගලයා පොලිසියට රැගෙන ගියේ ප‍්‍රදේශයේ නිතර ගෙවල් බිඳීම් සිදු වන බැවිනි.
පොලිස් නිලධාරියා ප‍්‍රශ්න කරන විට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ තමාට එම කාන්තාව 9.30ට නිවෙසට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් දුන් බවයි.
කාන්තාව දෙස බැලූ පොලිස් නිලධාරියා ඔහු කියන්නේ ඇත්තදැයි විමැසීය. ඊට ඇයගෙන් පිළිතුරක් නොලැබුණු අතර කාන්තාව බිම බලා ගත්තාය.
සිදු වී ඇති දෙය තේරුම් ගත් පොලිස් නිලධාරියා එම පුද්ගලයා දෙස බලා ‘‘බලනව පොරොන්දු වූ වෙලාවට පැය දෙකක් පරක්කු වෙලා ගිහින් කරගත් දෙයක්. මීටපස්සෙවත් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙනවා’’ යනුවෙන් පැවසුවේ පැමිණ සිටි පිරිස ද සිනා ගන්වමිනි.



අදහස් (0)

අවේලාවේ නිවෙසට ආ අනියම් පෙම්වතා අසල්වැසියන් පොලිසියට කොටුකරදීලා

උපාලි Tuesday, 04 June 2013 02:56 AM

මදැයි මං පිට රට යන්න කලින් නෝනට සෙල් ෆෝන් එකක් අරන් දුන්නා, ඕනෑ වුනොත් තනියට කවුරු හරි කතා කරලා ගෙන්න ගන්න කියලා. ඒ මනුස්සයා පරක්කු වෙනකොට අහන්න එපායැ ඇයි කියලා. මෝඩ වැඩමයි කරන්නේ. (නි)

:       0       0

අමිළ Wednesday, 05 June 2013 08:18 AM

මහත්තයා රට එන්න ගෙට.(නදී)

:       0       0

සුනිල් Wednesday, 05 June 2013 12:54 PM

අමාරු තමයි එත් මොලේ පාවිච්චි කරලා විදවාගෙන ඉන්න වෙනවා ආර්ථිකය හදාගෙන ඉස්සරහට යනවද කාමය හදාගෙන වැනසෙනවද කියලා.(නදී)

:       0       0

චන්දා Wednesday, 05 June 2013 08:37 AM

හොදට නරකට දෙකටම දකුණය.(නදී)

:       0       0

ප්‍රියංකර Monday, 10 June 2013 10:28 PM

ඕවා කරන්න වටිනවද? මිනිස්සු දුක් විඳිනවා ගැහැණු කැත වැඩ කරනවා. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 04 June 2013 07:57 PM

තරුණ වයසේ ඉන්න බිරින්දන් තනිවම ගෙවල් වල දාලා රට යන අපේ සහෝදරයින්ට මේවා හොඳ පාඩම්. සමහර ගැහැනුන්ට සල්ලි විතරක් තිබිල මදි. ආදරයත් ඕනෑ. අනිත් අනිත් අවශ්‍යතාවලුත් තියෙනවා නේ. හොඳම වැඩය නම් තමන්ගේ බිරින්දන් දෙමාපියන්ගේ රැකවරණය යටතේ තියලා යන එකයි. (නි)

:       0       0

මංජු Tuesday, 04 June 2013 08:04 PM

මිදි කොහොමත් තිත්තයි (නි)

:       0       0

නාලක Tuesday, 04 June 2013 01:37 PM

9.30 ට කොහේ එන්නද සර්? මනුස්සයා නයිට් ඩියුටි කරන වෙන ගෙදරක ඇපොයින්ට්මන්ට් එකක් තිබ්බනේ 9 00 ට.. එතන රාජකාරි ඉවරවෙලා 11.30 ට තමයි මෙතනට ආවේ. බලන්නකෝ,වෙච්ච දෙයක්? ඔයින් ගියා ඇති.. (නි)

:       0       0

ශාන්ති Thursday, 06 June 2013 02:09 AM

මට නම් හරි දුකයි (නි)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 07:50 AM

සද දිය උතුරා අපතේ යයි ගිලී නාන්න එන්න ප්‍රියේ... ගේ කිට්ටුවට ඇවිල්ලා කෝල් එකක් දෙන්නේ නැතුව මොන එහෙකට දොරවල් ගලවන්න ගියාද?ලේ දුන්නට මොලේ දෙන්න බැහැ කියන්නේ ඕකට තමා (නි)

:       0       0

රිස්වාන් Tuesday, 04 June 2013 01:50 PM

අයියෝ කතාව අහනකොටම මට හිතුනා ඕකා ඔය පැත්තේ එකෙක් වෙන්න ඇති කියලා (නි)

:       0       0

සජිත් Saturday, 08 June 2013 06:01 PM

මෙයට හේතුව මිනිස්සුන් තුල හොඳ ආත්මීය මග පෙන්වීමක් නොමැති වීමයි. බුදුදහම තුල එය තිබුනත් එය විකෘති වීම හේතු කොටගෙන මේ වගේ දේවල් වැඩි වශයෙන් අපේ ගම්වල වෙනවා. (නි)

:       0       0

රෝ Friday, 07 June 2013 02:07 AM

දැන් ඉන්න මහා නරක ගැහැනු. තමන්ගේ මනුස්සයා රට දුක් විදලා සල්ලි හම්බ කරනවා. ගැහැනු ඉදගෙන මගුල් නටනවා. එයාලා හිතන්න නැහැ මනුස්සයා දුක් විදලා රටට වෙලා සල්ලි හොයන්නේ අපි වෙනුවන් නේද කියලා.මේ වගේ ගැහැනුන්ට පව් සිද්ද වෙනවා ,අපා ගත වෙනවා (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 09 June 2013 12:11 PM

වියදමක් නැතුව ලාබෙට ආදරය කරන්න ගියාම ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ. ගෑනු සමාජය ඇසුරු කරනකොට ඒගොල්ල හිතන විදිය වෙනස් නිසා පිරිමි ඊට එහා හිතල වැඩ කරන්න ඕනේ.(නදී)

:       0       0

අමීන් Tuesday, 04 June 2013 08:09 AM

උපාලි අයියේ, අනේ මටත් දෙන්නකෝ නම්බර් එක ඔයාගේ ගෙදර. (නි)

:       0       0

කසුන් Tuesday, 04 June 2013 09:00 PM

සංජීවගේ කතාව හරියට හරි. අද ගොඩක් අනියම් සම්බන්දතා වලට මුලින්ම පැනල කැමති වෙන ගැහැණු තමයි ගොඩ දෙනෙක් ඉන්නේ. පිරිමි හොදයි කියනවා නෙවෙයි. නමුත් කාන්තාවකගේ අනුබල නැතුව පිරිමියෙක් ඔයවැනි දේට පෙලබෙනවා අඩුයි. (නදී)

:       0       0

ජානකී Thursday, 06 June 2013 06:01 PM

අපි වෙලාවට වැඩකරමු. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

විමල් Thursday, 06 June 2013 03:48 AM

මදැයි කොලා (නි)

:       0       0

සරණපාල Tuesday, 04 June 2013 09:33 PM

මහත්තය රට ඉන්න කොට ඔක තමයි වෙන්නේ. පයිප්පෙන් වතුර එනවා වගේ සල්ලි එන්නේ නැහැ දවස් 30 කට වරක් ගෙවන්නේ. ගොඩක් මහන්සි වෙන්න ඕනා. ඕක ගෙදර ගෑනුන්ට තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

මනොජ් පිරිස් Tuesday, 18 June 2013 11:04 AM

ලැජ්ජාවයි බයයි නැත්තේ වැඩියෙන්ම කොහොම ගැහැණු අයටද කියලා දන්නවනේ (නි)

:       0       0

සංජීව Tuesday, 04 June 2013 08:41 AM

අද ගොඩක් තැන්වල සිදුවන දෙයක් මේක. මනුස්සයා පිටරට යන්නේ සැප ගන්න නොව මෙයාලා වෙනුවෙන් දහ දුක් විඳලා හම්බකරගෙන එන්න කියලා තේරෙන්නේ නැහැ. කවදා හරි විනාසෙට මුල්වෙන්නේ මෙයාලගේ ඉවසගන්න බැරි කාමාශාව කියල තේරෙනකොට පරක්කු වැඩියි (නි)

:       0       0

සරත් ඩු Tuesday, 04 June 2013 09:36 PM

ඔය වගේ සිදුවීම් ගෙදර මිනිහා හිටියත් වෙනකොට මිනිහා නැති කොට මොන කතාද? (නි)

:       0       0

සිල්වා Tuesday, 04 June 2013 08:47 AM

රට ඉන්න මහත්මය හීනෙන් පෙනිලා කියනන ඇති 'ඔන්න හොරෙක් අල්ලපියවු' කියලා (නි)

:       0       0

ශාන්ති Thursday, 06 June 2013 06:16 PM

අනේ පව් එහෙම් කියන්න එපා. කවුරුත් වැරදි කරනවා (නි)

:       0       0

රුකා Wednesday, 05 June 2013 06:03 PM

වෙලාවට ගිය නම් වැඩේ හරිනේ (නි)

:       0       0

දම් Friday, 07 June 2013 05:32 AM

මගේ සැප ඔබේ සතුටයි (නි)

:       0       0

තිසල් Thursday, 06 June 2013 06:26 PM

ගෑනි ගෙදර තියා පිට රට මං ගියා මං එනතුරු මගේ යාලුවෝ උන්දැ බලාගයි නිරතුරු ...........// (නි)

:       0       0

හේරත් Wednesday, 05 June 2013 06:13 PM

සෙල් වලින් ලව් කළාට මතක නැති වුනාද ගේට්ටුවෙයි දොරෙයි යතුරු ඉල්ලා ගන්න. ඉ...ඉස්සර අපි වාගේ උදවියටයි රජ කුමරියෝ ආලේ කොලේ. දැන් කාලේ හොර නොකරයි මට යතුරුත් දීලයි ගියේ// (නි)

:       0       0

සුජාන් Wednesday, 05 June 2013 02:06 PM

අනියම් ඈසුරට ගියාම වම දකුණ මාරු වෙනවා, ඉවසිල්ලක් නැතිකමට. ගැහැණු සොර සැමියන් ආශ්‍රය කරන්නෙත් හැඳිමිටේ නුවන නිසා. ඉන් ලැබෙන පල විපාක වල අමිහිරිකම දන්නවනම් ඔය වගේ මෝඩ විදියට හැසිරෙන්නේ නැහැ. (නි)

:       0       0

චන්දි Tuesday, 04 June 2013 09:40 AM

මගේ යෙහෙලියන් කිහිප දෙනෙකුට මේ සිද්දියේ අනෙක් පැත්ත සිදු වුනා (ස)

:       0       0

සිසිර Sunday, 09 June 2013 01:40 PM

මිනිස්සු මොකද මේ තරම් නොහොබිනා වැඩ කරන්නේ (දී)

:       0       0

උපාලි Friday, 07 June 2013 01:02 PM

හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී.(නදී)

:       0       0

කුමාරසිරි Tuesday, 04 June 2013 03:25 PM

බලන්න, නිතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලදාරියා කියන කතාව "ඇයි පරක්කු වුනේ" ....! ගමක නැති බැරිකමට පොල්ගෙඩියක් කඩලා අහු වුනොත් ඉල ඇට කුඩු වෙන්න ඇනලා,බලු කුඩුවේත් තියලා,තුන් මාසයකට හිරත් ඇරලයි, නවතින්නේ . (නි)

:       0       0

සුමනසිරි විරකෝන් Tuesday, 04 June 2013 10:18 AM

ගෑණු දන්නේ නැහැ කාන්තාරයේ සල්ලි හොයන්න මොනතරම් කැපකිරීමක් කරන්න ඕන ද කියලා. මේවා කියන සමහරුන්ටනම් විහිළු. (ස)

:       0       0

සජිත් Sunday, 09 June 2013 02:32 PM

චාල්ස්, මේ වගේ අදහස් එන ගැහැණු අය හොද ආගමක් හරියට අදහන්න ඕනේ.(නදී)

:       0       0

සජිත් Tuesday, 04 June 2013 10:26 AM

ලජ්ජා නැද්ද මනුස්සයෝ

:       0       0

චාල්ස් Friday, 07 June 2013 08:55 AM

ගැනී රට ගියොත් මිනිහා යනවා.. මිනිහා රට ගියොත් ගැනී යනවා.. ඕකයි හැබෑ තත්වය. (නි)

:       0       0

නිසාර් Wednesday, 05 June 2013 07:47 PM

ගැහැණු තනි වුනාම වරදේ බැදෙති කියමන බොරු නොවේ. ගැහැනියකුට මාස හතරකට විතරයා ඇයගේ හැගීම් පාලනය කළහැක්කේ. (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 05 June 2013 11:08 AM

පව් අනේ.(ස)

:       0       0

නිරෝෂන් Wednesday, 05 June 2013 11:07 AM

පව් ඒකිගේ ඇත්ත මිනිහා.(ස)

:       0       0

දම්මික Tuesday, 04 June 2013 04:01 PM

නොහොබිනා වැඩක් නේ කරන්න ගිහිල්ලා තියෙන්නේ (දී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 04 June 2013 04:06 PM

අවේලාවේ වීථි සංචාරය වගේම,අවේලාවේ ගමේ සංචාරය ද පිරිහීමේ ලකුණක්!! හැබැයි ගොයියෝ අසවලා රට ඉඳන් එන්න මත්තෙන් ඩුබායි රටකට බැරිනම් ස්ලේව් අයිලන්ඩ් ,ක්‍රොව් අයිලන්ඩ් දිහාට මාරුවීම නම් නුවණට හුරුයි !! (නි)

:       0       0

හේමන්ත Tuesday, 04 June 2013 04:09 PM

ගෑනිට විතරක් දෙස් තියලා හරියනවද? පිරිමිත් වැරදි නිසා නේද මෙහෙම වෙන්නේ. හැදිච්ච පිරිමි කරන වැඩද මේවා? (නි)

:       0       0

වන්නිනායක Tuesday, 04 June 2013 10:47 AM

ඒ කියන්නේ අනියම් පෙම්වතාට එන්න නියමිත වෙලාවක් තියෙනවාද (දී)

:       0       0

ලීල් ගුණවර්ධන Wednesday, 05 June 2013 01:03 AM

උපාලි, මට නෝනා මගදී හම්බුවුනා. මම ඇහුවා මොනවද මේ කරන වැඩ කියලා. එයා පරක්කු වෙනකොට ඇයි කෝල් එකක් දුන්නේ නැත්තේ කියලා. එයා මට කිව්වා අනේ මල්ලි මගේ ෆෝන් එක නිහඬ වුණා කියලා. මම කියන්න ඕනෑ එක කියලා ආවා (නි)

:       0       0

චන්දි Tuesday, 04 June 2013 04:24 PM

සුමනසිරි වීරකෝන්, ඔයාගේ නෝනා නොදන්නවා වුනාට අපි නම් දන්නවා මෙහෙ විදින දුක. හැබැයි ඉතින් සමහර පිරිමි දන්නෙත් නැහැ වැලි කතරේ විදින දුක.(නදී)

:       0       0

රකිත් Wednesday, 05 June 2013 11:16 AM

මම දීපන්කරේ ලතැවුලෙන් මෙසේ, නුඹ මුහුදුකරේ ජොලියෙන්...(ස)

:       0       0

හිල්මී Thursday, 06 June 2013 09:18 AM

නිරෝෂන් බණ්ඩා අනේ පව් කව්ද ?(නදී)

:       0       0

දිල්කා Tuesday, 11 June 2013 01:47 PM

තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අවංක විය යුතුයි.....එවිට එය දරුවන්ටද ආශිර්වාදයකි...(ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 04 June 2013 10:53 AM

නියමයිනේ, දශක ගානකට පස්සේ දෙයියෝ සාක්කි දකුණු පළාතෙන් (නි)

:       0       0

ලලිත්-එස්.එල් Wednesday, 05 June 2013 08:45 PM

රට ඉන්න මහත්තයා නොදන්නවා උනාට දැන් ගමම, අන්තර් ජාලයෙන් ලෝකෙම දන්නවනේ. ඒ නිසා මහත්තයා එනතුරු ගෙදරම පදිංචි වෙන්න පුලුවන්.(නදී)

:       0       0

සෑම් Tuesday, 04 June 2013 04:53 PM

සුමනසිරි ඇයි ඔච්චර කේන්ති ඔය ඔයාගේ නෝනගේ කතාවට.(නදී)

:       0       0

සරත් Tuesday, 04 June 2013 05:09 PM

වෙලාවට වැඩ නොකරන, ජංගම දුරකථන වලින් නියම ප්‍රයෝජන නොගන්නා අයට දෙවරක් හිතන්න කාලය ඇවිත්. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 05 June 2013 02:55 AM

මේකෙන් උගතයුතු පාඩම වෙලාවට වැඩකිරීමයි. වෙලාවට වැඩ නොකිරීමෙන් සිදුවන විපාකයි. (නි)

:       0       0

මංජු Sunday, 09 June 2013 04:08 PM

පොලිසිය නියම උත්තරය දීලා තියෙනවා. (නදී)

:       0       0

රම්‍යා Wednesday, 05 June 2013 04:17 AM

අතරමගදී වෙන කාටවත් තනි රකින්න ගියාද මන්දා, ඔච්චර පරක්කු වුනේ? (නි)

:       0       0

තුෂාර Tuesday, 04 June 2013 11:37 AM

මේ හැමදෙයකින්ම පෙනෙන්නේ මිනිසුන්ගේ පිරිහීම නේද? (නි)

:       0       0

සරත් Tuesday, 04 June 2013 11:37 AM

සිද්ධිය කොයි පැත්තට බර කලත්,මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයේම වරදකි. සමහර අය එකම ඉදලත් වරදේ බැදෙනවා! වැරදි නොකරන ගැහැණු හෝ පිරිමි වේවා කොහේ හිටියත් හොදට ඉන්නවා. (නි)

:       0       0

චන්දා Wednesday, 05 June 2013 05:22 AM

බාල ටෙලි නාට්‍ය මේවාට ගොඩක් බලපාලා (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 04 June 2013 11:56 AM

දිවා රෑ දෙකේදීම මම කරගත්ත ගොන්කම කියලා මේ කාන්තාව සන්තාපයෙන් දුක්වෙනවා ලතවෙනවා ඇති.(නදී)

:       0       0

සංජය Wednesday, 05 June 2013 12:18 PM

අනේ මට නම් පිස්සු වගේ.(ස)

:       0       0

සංක Tuesday, 04 June 2013 12:02 PM

මිනිස්සුන්ට තියෙන ආතතිය තමයි ඔය පෙන්නන්නේ (දී)

:       0       0

හේරත් Tuesday, 04 June 2013 06:24 PM

එතකොට මමද ගුටි කෑවේ. මට ගානක්වත් මතකයේ නැති එක නෙව පුදුමේ? (නි)

:       0       0

බණ්ඩා Tuesday, 04 June 2013 06:35 PM

පවු අනේ! (නි)

:       0       0

බණ්ඩා Tuesday, 04 June 2013 06:42 PM

පව් අනේ ! (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 04 June 2013 02:14 AM

මටනම් හිනාත් යනවා

:       0       0

සරත් Tuesday, 04 June 2013 06:50 PM

චන්දි, ඔයාගේ යෙහෙළියන්ට උන මෙම සිද්ධියේ අනිත් පැත්ත මොකක්ද? එයාල කොල්ලන්ට ඇමතුම් දීලා එන්නම් කියලා පරක්කුවෙලා ගිහින් දොරවල් හොල්ලලද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 530 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 885 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 933 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1245 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1579 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1025 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site