IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අලූත් අවුරුද්ද අස්සේ ගානක් කපන ගේමක් ගහලා

තණමල්විල - සූජීව ජයවික‍්‍රම

අවුරුදු සිරිත් විරිත් අනුව නිවෙස අලෙවි කිරීමද එක් චාරිත‍්‍රයකි. එහෙත් එය අවුරුදු නැකතට එක් පුද්ගලයෙකු එක් වරක් පමණක් කරන දෙයකි. එහෙත් අතේ මිටේ මුදල් ගැවසෙන මිතුරන් කීප දෙනෙකුට කියා අනිකාට නොදැනෙන සේ දවස තිස්සේම නිවස අලෙවි කරවා ගන්නා පුද්ගලයකු පිළිබඳව ඌව පළාතේ නිවෙසකින් අසන්නට ලැබුණි.

නිවෙස අලෙවි කිරීමෙන් පසුව ඔහු අතින් නිවෙසේ සියලූ දෙනාටම බුලත් කොළයක තබා මුදල් දීම සිදු කෙරේ. මේ නිවෙසේ හිමියා මෙය ඉලක්ක කරගෙන කීප දෙනෙකුටම කියන්නේ එමගින් වැඩි මුදලක් සොයා ගැනීමටය. ඔහුගේ නිවෙසට යන හිතවතකුට තවත් හිතවතෙක් අතරමඟදී මුණ ගැසුණි.

‘මම ගියා අහවලාගෙ නිවෙස අලෙවි කරන්න’ ‘ආ මමත් යන්නෙ ඒකටම තමයි’ ‘එතකොට අපි දෙන්නටම ඒක කියල ද’ දෙදෙනාම පුදුම වූහ. කෙසේ වෙතත් ඔහුද අදාළ මිතුරාගේ නිවසට ගොස් සංග‍්‍රහ භුක්ති විඳීමෙන් පසුව ගෙහිමි මිතුරා බුලත් කොළ කිහිපයක් මිතුරාට දී ‘දැන් ඉතින් අත අලෙවි කරගන්නත් ඕනෑ ඔහේටම කියලා. එන්න නෝනා... එන්න පුතා.. එන්න දුව... මේ මාමගෙන් ගනුදෙනුවක් කරල අත අලෙවි කර ගන්න’.

මිතුරාට සිනහ පහළ විය ‘තව කී දෙනෙක් මේ ගේ අලෙවි කරන්න එන්න ඉන්නවද?’ විහිලූවට මෙන් එසේ කියා මුදල් නෝට්ටුව බැගින් ඔවුන් අත තබා සිනහසෙමින්ම නිවසෙන් පිටවී යද්දී ඔහුට හීං දාඩිය දැම්මේය. ‘හත්තිලව්වයි.... එහෙනං වැඬේ මාට්ටුවෙලා’ ගෙහිමියා සිය බිරිඳ සමග කීවේය.



අදහස් (1)

අලූත් අවුරුද්ද අස්සේ ගානක් කපන ගේමක් ගහලා

himal Tuesday, 17 April 2018 08:59 AM

අලෙවි කරනවා නෙවෙයි, අලෙවි කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 827 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 641 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 556 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 336 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 351 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා
2024 අප්‍රේල් මස 20 639 0

අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site